Tuesday, July 31, 2018

රිදවමින් හඬවමින්...





ජීවිතයට සුවඳ දුන් නුඹේ අහිමි පෙම
ජීවිතය හැඩ කල ඇගේ හිමි පෙම
වහං කරනු බැරි වූ මා නුඹට බැඳි පෙම
හිමි පෙම් යදමින් බැඳී සිරකර
විඳිමි ඇගේ පෙම
විඳවමින් ඔබේ පෙම
අයා දෑස් අනාගතයට
සිටිමි දෙලොවක් අතර තනිවෙලා මම

නිසල රැයට සිහින ගෙනෙනා නුඹේ පෙම
සිහින බිඳිමින් වදන් තෙපලනා ඇගේ පෙම
සිතට නිවනක් නොදෙන මගේ පෙම
සොයයි ආදරයේ වැරදුන අපේ මග
රිදවමින් හඬවමින් මගේ හදවත

අහිමි වුව නුඹේ පෙම මට
හිමි වුව ඇගේ පෙම මට
මගේ හදවත කොනක රැඳුනු නුඹ
ලබයි මගේ පෙම සදාකල් සිත තුල

නුබෙන් දාව දරුවෙක්...


මටත් ඕනි... 
නුබෙන් දාව දරුවෙක්...
නුඹ නැති උනත් මං ගාව... 
පියාගේ නම හිස් උණත්...
මට ඕනේ නුඹේ ඔය...
පලිඟු වගේ දිලිසෙන...
ඇස් තියෙන දරුවෙක්...

නුඹ විවාහකයි...
මන් අවිවාහකයි...
නුඹ අයිතිත් නෑ මට...
නුඹ නැතුවත් බෑ...
නුඹේ ගෑණිව නුඹෙන්...
දුරස් කරන්නත් බෑ...
මන් ඒ තරම් නින්දිත නෑ...

හන්වඩු ගහයි සමාජයෙන්...
කියයි මං නරක ගැණියෙක්...
කමක් නෑ මට නුඹෙන්...
දුරස් උනත් ජීවත් වෙන්න...
හේතුවක් වෙන්න...

                                                                                                                      උපුටා ගන්නා ලදි....

Monday, July 30, 2018

මැරෙන්න හිතෙන ඔළුවේ ලෙඩේ...


පුද්ගලයකුගේ පෞරුෂය ගොඩනගනුයේ ජාන සහ පරිසරය යන දෙකම එකතු වීමෙනි. පාරිසරික උත්තේජ නිසා දරුවාට සිදුවන හානීන් අති විශාලයි. හැඟීම් පාලනයට අපහසු, සැක සහිත, සම්බන්ධතා පැවැත්වීමට නොහැකි පහසුවෙන් ජීවිතය එපා වන වැනි ලක්ෂණ පෞරුෂය තුළට ඇතුළු වේ.
අපි කතා කරන්නේ තමාටත් නොදැනෙන, අනිත් අයත් ලෙඩක් කියලා හිතන්නේ නැති ලෙඩක් පිළිබඳවයි. ඒ රෝගයට කියන නම තමයි පෞරුෂ භින්නතාව හෙවත් Borderline Personality Disorder. අපි ළඟට පැමිණි නිල්මිණීට තිබුණෙත් මේ කියන පෞරුෂ භින්නතාවයි. අපි බලමු ඇගේ කතාව මොකද්ද කියලා. නිල්මිණීගේ වයස අවු. 19යි. සුන්දර පෙනුමක් තියෙන නිල්මිණී පවුලේ එකම දරුවා කියලා එයාගේ අම්මා කිව්වා. ඇය අපි ළඟට ආවේ කරුණු 2ක් හේතුවෙන්. 
ඉතා කුඩා දෙයකින් පවා කෝපයට පත්වීම.
ඒ නිසා බ්ලේඩ් එකකින් අත කපා ගැනීම.
නිල්මිණී එයාගේ ප්‍රශ්නය අප සමඟ පැවසුවා. මට මගේ ජීවිතේ ගැන පුදුම හිස්බවක් දැනෙනවා. මට ප්‍රේම සබඳතාවයක් දිගටම පවත්වාගෙන යන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි. වෙනත් සබඳතාවන් පවා මට ඉක්මණින් එපා වෙනවා. ඉතා පොඩි සිදුවීමක් පවා මට දැනෙන්නේ මහා ලොකු දෙයක් විදිහටයි. උදාහරණයක් කියනවා නම් මම දවසක් මගේ Boy Friend එක්ක ගමනක් යන්න දාගත්තා. එයා ආවේ 8.45ට. මට පුදුම විදිහට තරහා ගියා. මම එයාට හොඳටම බැන්නා. ආයේ මාව බලන්න එන්න එපා කිව්වා. මට මම ගැන කිසිම අභිමානයක් නෑ. කණ්ණාඩියෙන් බලද්දී මට හිතෙන්නේ මම ලස්සන නෑ කියලා.
ඒ තමයි නිල්මිණීගේ කතාව. ඇයට වැළඳිලා තියෙන මේ පෞරුෂ භින්නතාව (Borderline Personality Disorder) කියන රෝගයයි. මෙහි රෝග ලක්ෂණ පිළිබඳව සවිස්තරව කතා කරමු.
ජීවිතයේ මහා හිස් බවක් දැනීම.
ජීවිතයේ කිසිම අර්ථයක් නෑ කියා සිතීම.
බුද්ධියට වඩා හැඟීම්වලට වැඩි තැනක් ලබා දීම, හැඟීම් පාලනය කිරීමට නොහැකි වීම. මේ නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අනතුරුදායක ලෙස රිය පැදවීම, අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම වගේ දේවල් ඔවුන් විසින් සිදු කරනවා.
කුඩා දේකින් පවා සැලෙනවා.
කිසිම සබඳතාවයක් නිසියාකාරව පැවැත්වීමට නොහැකියි.
තමා කෙරෙහිම වෛරයක් ඇතිකර ගැනීම, මේ හේතුව නිසා තමාට හානිකර ගැනීම, උදාහරණයක් ලෙස අත්, පා කපාගැනීම සිදුකරගන්න පුළුවන්.
ජීවත්වෙලා වැඩක් නෑ කියලා සිතීම හා ජීවිතය නැතිකර ගැනීමට තැත් කිරීම.
පෞරුෂ භින්නතාවයට පත්වීම සඳහා ප්‍රධාන වශනයෙන් බලපාන මනෝ විද්‍යාත්මක හේතූන්.
වයස අවුරුදු 2 – 3 පමණ කාලයේදී මවු සෙනෙහස හරියාකාරව නොලැබීම, මවට දරුවාට හරියාකාරව හසුරුවා ගැනීමට නොහැකි වීම, දරුවාගේ හැඟීම් ගැන නිසි අවධානයක් මවට නැතිවීම.
දරුවා කුඩා අවධියේ දී මවගෙන් ඈත් වීම, මේ සඳහා මව රට යෑම, වෙනත් විවාහයක් කරගැනීම වගේ හේතූන් බලපෑ හැකියි.
දරුවා කුඩා අවධියේදී ලිංගික අතවරවලට ලක්වීම.
දරුවාගේ හැඟීම්වලට වටිනාකමක් නොදෙන, නොලැබෙන පරිසරයක දරුවා ජීවත්වීම.
ඇතැම් අවස්ථාවලදී ජානමය හේතූන් ද බලපානවා. උදාහරණයක් ගත්තොත් නිවුන් දරුවන්ගෙන් අයකුට මේ රෝගය වැළඳුණහොත් අනෙක් දරුවාට ද එය වැළඳීමේ ප්‍රවණතාවය 69%යි.
මොළයේ නිෂ්පාදනය වන සොරොටිනීන් නම් රසායනික ද්‍රව්‍යයේ ඇතිවන වෙනස්වීම.
කෙනකුගේ තාරුණ්‍යයේදී වැළඳෙන මෙම පෞරුෂ හින්නතාවට වැඩිපුරම ගොදුරුවන්නේ කාන්තාවන්ය. මේ නිසා ඔවුන් සිය අධ්‍යාපනය, පවුල් සබඳතාව වගේ හැමදේම අවුල් කරගන්නවා. ඒ වගේම ඔවුන් මානසික අවපීඩනය කියන තත්ත්වයට ඉක්මණින් ළඟා වෙනවා.
පෞරුෂ භින්නතාව හෙවත් Borderline Personality Disorder වැළඳුණු රෝගියෙක් අප වෙත යොමු වුවහොත් ඔහුට හෝ ඇයට මානසික අවපීඩනය පවතීදැයි මුලින්ම සොයා බලනවා. ඒ සඳහා ඖෂධ නොමැති බව අප කිවයුතුයි. එහෙත් හැඟීම් පාලනය කරගැනීමට, අසාමාන්‍ය තරහව පාලනය, වගේ රෝග ලක්ෂණවලට ඖෂධ තියෙනවා. මෙවැනි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර, හැසීරීම් සහ බුද්ධිය ආශ්‍රිත මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Dialectical behavior therapy) ලබාගැනීම සඳහා පුහුණුව ලැබූ උපදේශකවරයකුගේ උපදේශනය ලබාගැනීමට රෝගියාව යොමු කිරීම හරිම වැදගත්.


උපුටා ගන්නා ලදි...

වැදි පරපුරේ වෙදැදුරෝ....

feature-top
දඬුබැඳි රුප්ප වසර දහස් ගනණක් තිස්සේ පැවැත එන මානව ජනාවාසයකි. වර්තමායේ එය විශාල ගොවිජනපදයකි. වළගම්බා රජුට සැඟව සිටිය දී ආරක්ෂාව සැපැයූ මහාකන්දා වැදි නායකයා පසු කාලීන රජුගෙන් ගෞරව නාම ලැබී ය.

මහාකන්දා වෙදපරම්පරාවෙන් පැවැත එන පවුල් අතර එරමුදු ගහ ගෙදර, මැද ගෙදර, ඉහළ ගෙදර, පහළ ගෙදර වශයෙන් පවුල් හතරකි. ඉන් එරමුදු ගහ ගෙදර වෙද පරම්පරාව ප්‍රධාන ය. ඒ පවුලේ බණ්ඩිරාළ, අප්පුහාමි, පුංචිරාල, ගුරුහාමි, හා උක්කුරාළ නමින් වු දරුවන්විය. අතරින් උක්කුරාළ වෙද මහතාගෙන් පැවැත වෙදකම ඉදිරියට ගෙන ආවේ සරත් කුමාර එරමුදු ගහගෙදර වෙද මහතා විසිනි. හෙතෙම යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ද ජ්‍යෝතිෂ විෂයෙහිද මනා කුසලතා ඇත්තෙකි. රාවණ පරපුරෙන් පැවැත එන වෙදකම අතැඹුලක්සේ දැන දස සහස් ගණක් රෝගීන් සුවපත් කළ සරත් කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා සර්වාංග වෙද කමෙහි නියැලෙයි. ඔහුගේ පුත් වජිරජිත් සරත් කුමාර ද වෙදකමෙහි හසළ දැනුමැති වෙදැදුරෙකි.

"අපි ළඟ තියෙන්නේ අපේ පරම්පරාවට ආවේණික වට්ටෝරු, අපි ඒවා කාටවත් දීලත් නෑ. දෙන්නෙත් නෑ. දේශිය වෙදකමේ හසළ දැනුමක් ඇත්තා ලෙස තමයි රාවණ හඳුන්වන්නේ අපි ළඟ තියෙන්නෙ එතුමාගෙන් පැවැත එන ඖෂධ සංස්කරණ ක්‍රම. ඒ වට්ටෝරු බෙහෙත් අපි සංස්කරණය කරලා අපවෙත එන රෝගීන් සඳහා භාවිත කරනවා. අපේ බෙහෙත් වෙළෙඳ පොෙළ් අලෙවියට තබන්නේ නැහැ. රස වෙදකම අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානයි. ශාක ඖෂධවලට රස ඖෂධ එක්වූ විට රෝග නිවාරණය වේගවත් වෙනවා. සාමාන්‍ය යෙන් අප ගන්නා ඖෂධ හෝ ආහාර ශරීරයේ ජීර්ණවීමට දින විසි අටක් ගතවෙනවා. එත් රස ඖෂධ ගත් විට ජීර්ණයට ගත වන්නේ දින හතක්පමණයි. එවිට ඉක්මනින් ඖෂධ පත්තියම් වී රෝග නිවාරණය වෙනවා" සරත්කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා අප සමග පැවැසීය.

"රස ඖෂධ භාවිතයේ දී පරෙස්සම් විය යුතුයි. නියම මාත්‍රාවට ගන්න ඕන. නිෂ්පාදනයේදී ඉතා පරෙස්සමින් විෂ මරා ඖෂධ සංස්කරණය කළ යුතුයි. ඖෂධ විෂ මැරීමේ හා

සංස්කරණයේ අපට ආවේණික පාරම්පරික ක්‍රමවේද අප සතුයි. දේශීය වෙදකම යනු එක් එක් පරපුරට ආවේණික වෛද්‍ය ක්‍රමයක්. ඒ වෙදකම පවුලෙන් පවුලටත් වෙනස්, බටහිර වෙද කමේ එක්ස් කිරණ, රුධිර පර්යේෂණ ආදිය නැති කාලේ අපි ඒ පිළිබඳ දැනගත්තේ නාඩි පරීක්ෂාවෙන්, එහෙම නැත්නම් නිමිති ශාස්ත්‍රයෙන් හෝ ජ්‍යෝතිෂය ශාස්ත්‍රය මගින් වේලාපත්කඩය බැලීමෙන් හෝ තත්කාලය විමසීමෙන් ඒ ක්‍රම මගින් අපි නිවැරදි ප්‍රතිඵල ලැබුණා. ඒ වගේම එම ක්‍රමවේද මගින් රෝග හඳුනා ගැනීමට ද හැකියාව ලැබුණා. වෛද්‍ය ක්‍රමයේ දී වැදගත් වන්නේ රෝග විනිශ්චයයි. රෝගය නිවැරදිව හඳුනා ගත් විට නිවැරදි ඖෂධ සංයෝජන යෙදීමෙන් රෝගය පහසුවෙන් සුව කළ හැකිවෙනවා".

"රෝගියාගේ මානසික සෞඛ්‍ය යහපත් කරන්න වගේම ඔහුගේ පුර්ව කර්ම යටපත් කිරීමට හෝ ග්‍රහ දොස් , පවත්නා භුතදෝස, එසේත් නැත්නම් මළගිය ප්‍රානීන්ගෙන් වන බලපෑම් පාලනයට කේන්ද්‍ර පරීක්ෂාවෙන් පසු අපි පිදවිලි, යාතුකර්ම, පූජා පවත්වනු ලබනවා. වර්තමානයේ ආර්ථික සමාජතත්වය අනුව එම චාරිත්‍ර සීමා වෙලා.

ජය ශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේට පූජා පැවැත්වීම හා රෝගියා බැතිමත් දෙවිවරුන්ට පූජා පැවැත්වීම අපි සිදුකරනවා. අපි ප්‍රධාන වශයෙන් සමන්දෙවි හාමුදුරුවන්, මහාගෝස (මහා ගෝස කියන්නේ රාවණගේ දෙවෙනි ආත්මය ලෙසයි සැලැකෙන්නේ.) හෙවත් කතරගම දෙවි හාමුදුරුවන්, සූනියම් දේවතාවා ලෙස පිදුම් ලබන මණිඅක්ඛිත නාරජු හා ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවන් රකින ජීවහත්ථ හෙවත් කළුකුමාර බණ්ඩාර දේවතාවන් අතුළු සෝවාන් වු දෙවිවරු හතර දෙනකුට පූජා පවත්වනවා. අපි ළඟට වර්තමානයේ එන්නේ විවිධ ස්ථාන වලට ගිහින් ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පීඩාවට පත්වු මිනිස්සු. එවන් රෝගීන්ගේ මානසික තත්වය නිරවුල් විම රෝග සුවවීම ඉක්මන් කිරිමට හේතු. වෛද්‍යවරයාගේ විශ්වසනීයත්වය හා කාරුණික භාවය ඔවුන්ට අවශ්‍යයි. ‍"

සරත්කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා පවසයි.

මිනිස්සු නීරෝගීව ඉන්න නම් හොඳ ආහාර පුරුදු, (සරල ස්වාභාවික ආහාර පාන භාවිතය) ව්‍යායාම, හැසිරීම්,හා ඇවතුම් පැවතුම් ඇතිව මානසික ප්‍රබෝධයෙන් ජීවත්විය යුතුයි. අධ්‍යාත්මික දියුණුව ළඟාකර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එහෙම නැත්නම් ඉතිං සීනී පෝලිමකට, ආතරයිටීස් පෝලිමකට හරි, හෟද රෝග පෝලිමකට හරි එකතුවෙලා බෙහෙත් පෙතියි ගිල ගිල ඉන්න තමයි සිදුවෙන්නේ. ඔබතුමාලා බෙහෙත් කරන්නේ මේවායෙන් කුමන රෝගී තත්ත්වයන්ට ද? අප විමසුවා.

“සර්වාංග රෝගයන්ට ප්‍රතිකාර කරනවා. ගෙඩි වණ පිළිකා යටතේ ගැනෙන රෝග තත්වයන්නට, අංශභාගයට, දියවැඩියාව, ආතරයිටිස්, ඇදුම ආදි වශයෙන් ගැනෙන රෝග බොහෝමයක් සඳහා විශේෂයෙන් සැකැසූ ඖෂධ සංස්කරන අපි භාවිත කරනවා.“ සරත් කුමාර මහතා පවසයි. 

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

අංගම්පොර සටන් කලාව...


අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.

කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.

මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.

ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.

කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.

මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.

ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.


උපුටා ගන්නා ලදි.

ලියවුනි කුමටදෝ....???

හිතට ඇතිවන රිදුම්..
දැනෙන්නට​...
පූදිනා පැතුම්....
දකින්නට​...
දවෙනා මසිත සනසන්නට​...
හැකිදෝ කාට හෝ...
ගිනිගෙන දැවෙනා ...
පපුතුරේ...
සිසිල ගෙනෙනා....
දිය පොදේ...
එකට එක් වෙනා...
නිමේශය​...
කොහිදැයි සොයයි...

ඉහත පද පෙලේ....
කිනම් අරුතක්....
ඇත්දෝ නැත්දෝ....
ලියවුනි කුමටදෝ....???

Saturday, July 21, 2018

ලෝකයේ අහසට පොළවමෙන් පිළිගන්නා මාතෘකාව...




වර්තමානය වනවිට සමලිංගිකත්වය ලොව පුරා විවිධ රටවල අහසට පොළවමෙන් පිළිගන්නා මාතෘකාවකි.සමහර රටවල සමලිංගිකත්වය මරණ දඬුවමක් හෝ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් හෝ දීමට තරම් සාපරාධී ක්‍රියාවක් වෙද්දී සමහර රටවල එය විවාහයක් කිරීමට තරම් ප්‍රබල වූ ආදරණිය බැඳීමක් ලෙස පිළිගෙන ඇත. ලෝකය පුරා මෙවන් වූ විවිධත්වයක් ඇතිවීමට කාලයත් සමඟ ඒ ඒ රටවල පවත්නා වූ විවිධ ආගම් හා බැඳුනු විවිධ සංස්කෘතීන් වල වෙනස්වීම බලපා ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලිවම පෙනී යන කරුණකි. අතීත ශිෂ්ටාචාරවල පටන්ම සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් ලෙස සැලකිණි. සමලිංගිකත්වය කෙරෙහි කිසිදු ආකාරයක අප්‍රසාදයක් හෝ තහනමක් දක්නට නොලැබුණි.සමලිංගික, විෂමලිංගික ලෙස මිනිසුන් බෙදා කොන්කිරීමක් දක්නට නොවීය. ග්‍රීක මිථ්‍යා කතාවල එන සියුස් සහ ගැනිමීඩ් අතර ප්‍රේමයද සමරිසි එකකි. පුරාතන ග්‍රීසියේ පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමය සියලු ප්‍රේමයන්ගෙන් උසස් ගණයේ ලා සැළකිණි. ඉපැරණි ග්‍රීසියේ සහ රෝමයේ වැඩිහිටි පිරිමින්ට නව යොවුන් දැරියන් විවාහ කරගන්නාක් මෙන් අවශ්‍යනම් නව යොවුන් පිරිමි දරුවන්ද දිගුකාලීන ඇසුරකට ලබාගැනීමේ හැකියාව තිබිණ.වැඩිහිටි පිරිමින් අතරද සමලිංගික ආදර සබඳතා පැවතිණි.

අකිලීස් සහ පැට්‍රොක්ලස්(Achilles and Patroclus), හාමොඩියස් සහ ඇරිස්ටොගිටන්( Harmodius and Aristogiton), පොලොපිඩස් සහ එපමිනොන්ඩස්(Pelopidas and Epaminondas), ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්(Alexander and Hephaestion) ප්‍රසිද්ධ ග්‍රීක සමරිසි යුවල වේ. ඇරිස්ටෝටල් විසින් මියයන තුරුම එකම වහලක් යට ආදරයෙන් ජීවත් වුණු පිලෝලස් සහ ඩයොක්ලීස්(Philolaus and Dioclese)නම් සමරිසි යුවලක් ගැන වර්ණනා කර ඇත. හමුදාවක් වූ සමරිසි යුවල 150කින් සැදුම්ලත් තිබීසයේ පූජනීය කණ්ඩායම (Sacred Band of Thebes) එකල ග්‍රීසියේ සමලිංගිකත්වය පිළිගැනුණු බවට හොඳම සාක්ෂියකි. පසුකාලීනව ගොඩනැගුණු ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක අධිරාජ්‍යය තුළ සමලිංගිකත්වය පිළිබඳ ධනාත්මක ආකල්පයක් තිබුණු අතර එය ආසියාවටද පැතිරගියේය. පුරාණ රෝමයේ සිදුකල සමලිංගික විවාහයක් බොහෝ දෙනෙකු සිතන්නේ සමලිංගික විවාහ යනු නව සංකල්පයක් බවයි. එහෙත් පුරාතන චීනයේ සහ රෝමයේ සමලිංගික විවාහ පවා සිදුවී ඇති බව සඳහන්වේ. නීරෝ(Nero) සහ එලගැබලෝස්(Elagabalus) සමලිංගික විවාහ සිදුකරගත් රෝම අධිරාජ්‍යයන් දෙදෙනෙකි. තවත් රෝම අධිරාජ්‍යයකු වූ හේඩ්‍රියන්(Hadrian) සහ ඔහුගේ පෙම්වතා වූ ඇන්ටිනුවස්(Antinous) අතර ප්‍රේමයද ඓතිහාසික එකකි. දකුණු චීනයේ මිං රාජසමයේ ඇතැම් කාන්තාවන් සහ පිරිමින් උත්සව හරහා සමලිංගික දිවියකට එළඹී ඇත. තම ආගමික නායකයා සමඟ ස්වදේශික ඇමරිකානුවන් අතීත දකුණු ඇමරිකාවේ ඇස්ටෙක්, මායා, ක්වේචුවා වැනි ශිෂ්ටාචාරවල සමලිංගිකයින් සමාජයේ විවෘතවම පෙනීසිටියහ.අප්‍රිකාවේ ලෙසෝතෝ සහ කොංගෝ යන රටවල්වල යටත්විජිත කරණය වීමට පෙර දිගු කාලීන සමලිංගික සබඳතා පැවති බවට සාක්ෂි ලැබී ඇති අතර පැපුවා නිව්ගිනියාවේ සහ පැසිෆික් දූපත්වල විෂමලිංගිකත්වය වෙනුවට සමලිංගිකත්වය සමරනු ලැබ ඇත. 

ස්වදේශික උතුරු ඇමරිකානුවන් විසින් සංක්‍රාන්තිලිංගිකයින්ව තම ආගමික නායකයින් බවට පත්කර ගරු බුහුමන් කර ඇත. අතීත රෝමයේ සහ පර්සියාවේ සමලිංගික ගණිකා මධ්‍යස්ථාන පවා පැවතුණු අතර ඒවාගෙන් බදු අයකරගෙන තිබේ. වැරන් බඳුන පැරණි ජපන්, චීන, රෝම, ඉන්දියානු සහ ග්‍රීක ශිෂ්ටාචාරවල විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද කලාවටද පදනම් කර ගැනුණි. ඒ අනුව චිත්‍ර, මූර්ති, කැටයම් සහ සාහිත්‍යය තුළද එය දක්නට ලැබේ.රෝමයේ වැරන් බඳුන එවන් ප්‍රසිද්ධ නිර්මාණයකි. විශේෂයෙන් ග්‍රීක, ජපන් සහ චීන සාහිත්‍යය තුළ ඊට වැඩි ඉඩක් ලැබී ඇත. හෙරඩෝටස්, ප්ලේටෝ, සිනෝපෝන් සහ ඇතේනියස් සමරිසි ප්‍රේමය ගැන පර්යේෂණ කරුණු ලියූහ.ක්‍රි.පූ 6වනසියවසේ ග්‍රීසියේ ලෙස්බෝස්(Lesbos) නම් දිවයිනේ සිටි සැපෝ(Sappho)නම් කිවිඳිය ගැහැණුන් අතර සමරිසි ප්‍රේමය වර්ණනා කරමින් කවි ලියුවාය. චීනයේ ක්විං රාජ සමයේ ආදරය කරන පිරිමින් දෙදෙනෙකු දැක්වෙන සිතුවමක් චීනයේ සූ(Zhou) රාජ සමයේ (ක්‍රි.පූ 1046-256) පිරිමි දෙදෙනෙකු අතර ඇතිවුණු සමරිසි ප්‍රේමකතාවක් චීන සාහිත්‍යයේ සඳහන් වේ. Pan Zhang නමැති කඩවසම් කතුවරයෙකු සහ ඔහුගෙන් ඉගෙනීමට පැමිණි පිරිමින්ගෙන් කෙනෙකු වූ Wang Zhongxian දුටු පළමු මොහොතේ පටන්ම ආදරයෙන් බැඳී අනතුරුව අඹු සැමියන්මෙන් එකම ඇඳ බෙදාගනිමින් එකිනෙකාට මහත් දයාවෙන් ජීවත්වුණු යුවලක් ගැන එහි සඳහන් වේ. මොවුන් දෙදෙන පසුව එකම කාලයක මිය ගොස් ඇති අතර ඉන් මහත් දුකට පත් ජනයා ඔවුන්ව Luofu නම් පූජනීය කන්දක වළදමා ඇත. 

පසුව එතැන ආශ්චර්යවත් ලෙස එකිනෙක බදාගනිමින් වැඩෙන අතු දෙකක් සහිතව ගසක් සෑදුණු බව කතාව අවසානයේ කියැවේ.එමෙන්ම 18වන සියවසේ ලියැවුණු චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතාවක් ලෙස සැලකෙන Dream of Red Chamberහි විෂමලිංගික ප්‍රේමය මෙන්ම සමරිසි ප්‍රේමය සහ සමරිසි සබඳතා ගැනද සඳහන් වේ. ප්‍රංශයේදී සමලිංගිකයින් පණපිටින් පිළිස්සීම කෙසේවෙතත් කිතු දහම යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමලිංගිකත්වය කෙරෙහි වූ ආකල්පය වෙනස්වන්නට විය. එට හේතුව සමලිංගිකත්වය පාපයක් බව බයිබලයේ දක්වා තිබීමයි. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙස් පිළිගැනීමත් සමඟම සමලිංගිකත්වයට එරෙහිව නීති ගෙන එනු ලැබිණ. ඒ අනුව ක්‍රි.ව. 342දී රෝමයේ දෙවන කොන්ස්ටන්ටියස්(Constantius II) අධිරාජ්‍යයා විසින් සමලිංගික විවාහය තහනම් කරන ලදී. අනතුරුව ක්‍රි.ව 390දී සමලිංගික ක්‍රියාවක යෙදීම සාපරාධී ක්‍රියාවක් ලෙස නම්කරනු ලැබූ අතර ඊට වරදකරුවන් වූවන් ප්‍රසිද්ධියේ පණ පිටින් පුළුස්සා මරාදමන ලදී. රෝම අධිරාජ්‍යයේ ඇතිවුණු දුර්භික්ෂ, භූමිකම්පා සහ වසංගත රෝගවලට සමලිංගිකයින් හේතුවන්නේ යැයි මිථ්‍යා මතයක්ද ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රකාශ කර ඇත.7වන සියවසේදී පල්ලියේ ප්‍රකාශ අනුව ස්පාඥඥයේදී සමලිංගික ක්‍රියාවලට දඬුවම් දෙනු ලැබුවේ කර ඇඹීම, පිටුවහල් කිරීම, හිස බූ ගෑම සහ කසපහර සියයක් ලබාදීම ආදියෙනි.මෙලෙස කලක් සමලිංගිකත්වයට යුරෝපයේ තිබූ තත්ත්වය හාත්පසින්ම වෙනස් අතකට යොමුවන්නට විය. සමලිංගිකත්වය පරදාර සේවනය තරම්ම පාපයක් සහ සොබාදහමට එරෙහිවූවක් ලෙස දිගින් දිගටම රෝමානු කතෝලික පල්ලිය විසින් හංවඩු ගසනු ලැබිණ.තෝමස් ඇක්වයිනාස්( Thomas Aquinas) නම් පූජකයා සමලිංගිකත්වය මිනීමැරීමට පමණක් දෙවෙනි වන පාපයක් බවට තර්ක කළේය.

14වන සියවස ලබනවිට යුරෝපය පුරාම කිතු දහම පැතිර ගොස් තිබුණු අතර ඒ අනුව පෝලන්තය ආදී ප්‍රදේශ කීපයක් හැරුණු කොට මුළු මහත් යුරෝපයම සමලිංගික ක්‍රියාවකට මරණ දඬුවම දෙන තත්ත්වයට පත්වී තිබුණි. මේ දඬුවම් මධ්‍යතන යුගය, පුනරුද යුගයේ සිට 18වන සියවස දක්වාම යුරෝපය තුළ පැවතුණි. Knight Richard von Hohenberg සහ ඔහුගේ පෙම්වතා පණපිටින් පුළුස්සා මරා දැමීම මෙම නීති දරුණුම අන්දමින් ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රංශයේ සහ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේය. ෆ්ලොරන්ස් නගරයේ සිටි ගියොවානි ඩි ගියොවානි(Giovanni di Giovanni)නම් තරුණයකු ප්‍රසිද්ධියේ කර අඹා ගිනියම් වූ යකඩයකින් කලවා සහ ගුද මාර්ගය පිළිස්සීම, 1482දී රිචඩ් වොන් හොහෙන්බර්ග්( Knight Richard von Hohenberg ) නම් නයිට්වරයෙකු ඔහුගේ පෙම්වතා සමඟ ජර්මනියේ සූරිච් නගරයේදී පණපිටින් පුළුස්සා මරාදමනු ලැබීම, වංශාධිපතියෙකුගේ පුතෙකු පොළඹවා ගැනීමට යාම නිසා ප්‍රංශ කතුවරයෙකු වූ ජැක් චෝසන්(Jacques Chausson 1618–1661) පණපිටින් පුළුස්සා මරා දැමීම එකල අමානුෂික අන්දමින් ලබාදුන් දඬුවම් කිහිපයකට උදාහරණ පමණි. ලියනාඩෝ ඩාවින්සි පවා 1476දී සමලිංගික චෝදනාවක් ලැබ ඉන් නිදොස් වූ බව එකල උසාවි වාර්තාවක තිබී හමුවී ඇත. ඉන්දියාවේ මෝගල් යුගයේ සිතුවමක් 7වන සියවසේදී අරාබියෙන් ඉස්ලාම් දහම් ව්‍යාප්තවීම ඇරඹුණු අතර අරාබීහු මොරොක්කෝවේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යක් ගොඩනැගීය. 

කුරාණයේ සඳහන්වන පරිදි සමලිංගිකත්වය දඬුවම් ලබා දිය යුතු පාපයක් බැවින් කාලිෆ් අල්-හයිඩි යටතේ ක්‍රි.ව. 785දී මුළු මහත් අරාබි අධිරාජ්‍යය පුරාම සමලිංගිකත්වයට මරණ දඬුවමක් දීම නීතිගත කෙරිණි. එවන් නීති සමහර මැදපෙරදිග රටවල්වල වර්තමානය වන තුරුම පවතියි. එහෙත් යුරෝපය සහ අරාබිකරය තුළ තත්ත්වය මෙසේ වුවත් ලොව අනෙක් ප්‍රදේශවල සමලිංගිකත්වය කෙරෙහි කිසිදු තහනමක් දක්නට නොලැබුණි. ස්පාඥ්ඥවරුන් විසින් දකුණු ඇමරිකාවේ කළ ඝාතන පසුව 15වන සියවසෙන් ඇරඹි දේශ ගවේෂණ යුගයේදී ස්පාඥ්ඥ, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයෝ ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් යටත් කරගන්නට පටන් ගත්හ. තම තමන්ගේ යටත්විජිතවල තම ආගම, සංස්කෘතිය සහ නීතිය ස්ථාපිත කිරීමට යුහුසුළු වූ යුරෝපීයයෝ ඒ අනුව සමලිංගිකත්වයට එරෙහිව එම යටත්විජිත වලද නීති ස්ථාපිත කළහ. ඒ අනුව ස්පාඥ්ඥයෝ ක්‍රි.ව. 1540 සහ 1700 අතර කාලයේ දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරවල සිටි සමලිංගිකයින් 1600කට අධික පිරිසක් බල්ලන් ලවා කැවීමෙන් සහ පිළිස්සීමෙන් මරාදමනු ලැබූහ. 1533දී එංගලන්තයේ අටවන හෙන්රි රජු විසින් පනවන ලද නීති පද්ධතිය යටතේ ඉංග්‍රීසින් විසින් තම අධිරාජ්‍යය තුළ පිරිමි සමලිංගිකයින්ව 1861 දක්වාම එල්ලා මරාදමනු ලැබිණි. කාන්තා සමලිංගිකත්වය සිදුවිය නොහැක්කක් ලෙස එංගලන්තයේ පිළිගෙන තිබූ නිසා එයට එරෙහිව නීති පැනවුණේ නැත. මෙලෙස මෙපමණකල් සාමාන්‍යකරණය වී තිබූ සමලිංගිකත්වය යුරෝපීයයන් නිසා සාපරාධීකරණය වීමක් ලොවපුරා සිදුවිය. කතෝලික සහ ඉස්ලාම් ආගම් වල බලපෑම නිසා චීනයේද එම ආකල්ප වෙනස් වන්නට විය. චීනයේ ක්විං(Qing) රජ සමයේදී(1644-1912) හා ජපානය 1873දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණ.නමුත් 1880දී ජපානය එම නීති ඉවත් කළේය.

Thursday, July 19, 2018

තිසුරි යුවනිකා යුග දිවියට...

රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට එළඹුනා.
ඒ ඇය කලක පටන් දැන හඳුනාගෙන සිටි සුරාජ් විජේසිංහ සමඟයි.
ඔවුන්ගේ මංගල උත්සවය කොළඹ ජනප්‍රිය හෝටලයක පැවති අතර එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ඔවුන්ගේ මිතමිතුරන් බොහෝ පිරිසක් එක්ව සිටියා...










පාඩම් මතක හිටින්නෙ නැද්ද? විභාගෙ කෙළවෙයි කියල බයද? එහෙනම් මේ උපදෙස් අනිවා ට්‍රයි කරන්න... කිව්වෙත් අනිවා

පාඩම් කරන්න කියල පොත අතට ගත්තට හිත පොතට යන්නෙ නැද්ද? පාඩම් කරන්න කම්මැලිද? නැත්නම් කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නෙ නැද්ද? විභාගේ ඇණගන්න වෙයි කියල බයයිද? මොකක්ද මේකට කරන්න ඕනෙ? ගුරුකමක්ද?
අපොයි නෑ. ඒකට තමයි අනිවා අපි ඉන්නෙ ඔයාලගෙ උදවුවට…
පහුගිය දවස් වල අපේ බ්‍රෝලා සිස්ලා කීප දෙනෙක්ගෙන්ම අපිට ඉල්ලීම් ඇවිත් තිබ්බා විභාගෙකට මතක හිටින විදිහට පාඩම් වැඩ කරගන්නේ කොහොමද කියල කියා දෙන්නය කියල. ඔන්න ඒ ඉල්ලීම ඉටුවෙන දවස තමයි අද (හුරේ!!! ජයවේවා!!!) අපි අද කියලා දෙන්න යන්නෙ විභාගෙකට යද්දි ෆුල් සූදානම් පිට සහ ෆුල් කන්ෆිඩන්ස් පිට ගිහින් ගේම ගොඩදාගන්නෙ කොහොමද කියලයි. එහෙනම් මේක කියවලා මීට පස්සෙ “විභාගේ තමයි අපේ අභාගේ” කිය කිය ඉන්නෙ නැතුව “බලාපොරොත්තුව දෝත දරා මග බලා ඉඳීමි ඔබ එන තුරා” කියල විභාගෙ ගැන සින්දු කියන්න ලෑස්ති වෙන්න.
මුලින්ම මේ දේ හොඳින් හිතට ගන්න නංගිලා මල්ලිලා
අපි එක එක්කෙනා පාඩම් කරන විදි, දේවල් මතක තියාගන්න යොදාගන්න උපක්‍රම එකිනෙකාට වෙනස්. උදාහරණයක් හැටියට කිවුවොත් කෙනෙක්ට පාඩම් කරන්න සම්පූර්ණ නිශ්ශබ්ද පරිසරයක් ඕනෙ වෙද්දි තවත් කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලාවට මියුසික් එකක් ප්ලේ වෙද්දි පාඩම් වැඩ වල නිරත වෙන්න. ඒ නිසා ඕගොල්ලො කරන්න ඕනෙ දේ තමයි අපි පහතින් කියල තියන එක එක සිස්ටම් ට්‍රයි කරල තමන්ට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද කියල තේරුම් ගන්න එකයි.
එහෙනම් පට්ටාන් ගමු…

1. මුලින්ම මන්තරයක් ජප කරල ඉමු
Learn Effectively
Source – playbuzz.com
“මට පුලුවන්. මම තමයි පොර!”
ඕනෙම විභාගයක් ගොඩ දාගන්න අත්‍යාවශ්‍යම මන්තරේ තමයි ඕක.  මේ මන්තරේ නිතර නිතර කියල හිතට ඒත්තු ගන්නවන්න ඕනෙ තමන්ට ඕනෙම බාධකයක් ජය ගන්න පුලුවන්ය කියන එක. තමන් ගැන විශ්වාසේ ඇති කරගන්නෙ නැතිව වෙන කිසිම දෙයක් කලාට ඒ දේවල් සාර්ථක වෙනව හොරයි නංගී මල්ලී. ඒ වගේම ඔයාල මතක තියාගන්න ඕනෙ තවත් වැදගත් දෙයක් තමයි අනිත් අය පාඩම් කරන ක්‍රම ගැන ඕනෑවට වඩා හිතන්න නොයන එක. ඔයා හිතන්න ඕනෙ ඔයාගෙ පන්තියේ පළවෙනියා පාඩම් කරන පැය ගාණවත් එයා රෑ කීය වෙනකම් පාඩම් කරනවද කියන එකවත් නෙමෙයි. ඔයාට වඩාත් සුදුසු පාඩම් රටාව මොකක්ද කියන එකයි. ඒ ගැන මේ ලිපියේ පසුවට කියවන්න ලැබෙයි.

2. කාල කළමනාකරණය
Learn Effectively
Source – prlog.org
විභාගෙ අත ළඟට ඇවිත් ෆුල් රශ් එකේ පාඩම් කරන අය අපි දැකලා තියනවා. සමහරුන්ට නම් විභාගේ අත ළඟට ආවාම පාඩම් කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබැයි හැමෝටම එහෙම අමාරුයි. අපේ අරමුණ වෙන්න ඕනෙ විභාගෙ ගොඩ දා ගැනීම විතරක් නෙමෙයි. අපි ඉගෙන ගන්න විෂයයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමකුත් ලබාගන්න එකයි. ඒ නිසා පාඩම් කරන එක අන්තිම මොහොත වෙනකම් කල් දාන්නෙ නැතිව පාඩම් සියල්ල කවර් කරගන්න යන දල කාල සීමාවක් ගැන අවබෝධයකට ඇවිත් කල් තියාම පාඩම පටන් ගන්න මතක තියාගන්න.

3. පාඩම් කරන තැන හදාගැනීම
Learn Effectively
Source – wikimedia.org
මෙන්න මේක ඔයාගෙ පාඩම් වැඩ සාර්ථක කරගන්න බොහොම වැදගත් වන සාධකයක්. දැන් සමහරු ඉන්නවා ඇඳේ ඉඳලත් පාඩම් කරන අය. මේ වැඩේ නරකම නරකයි කියල අපි නොකිවුවත් මේ වැඩෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට වගේම විවේකෙටත් අනවශ්‍ය බාධා ඇති වෙන්න පුලුවන් කියල මතක තියාගත්තොත් හොඳයි. මොකද නිදන කාමරයේ ඇඳ කියන්නෙ අපිට විවේකය දනවන තැනක්. ඒ වගේ තැනක ඉඳන් පාඩම් වැඩ කරද්දි ඉබේම අපිට අලස ගතියක් දැනෙන්න ඉඩ තියනවා. ඒ වගේම තමයි පාඩම් වැඩ වලට ඇඳ යොදාගන්න එකෙන් ඔයාගෙ රාත්‍රී නින්දට බාධා ඇතිවෙන්නත් පුලුවන් කියලයි කියන්නෙ.
මේ නිසා හොඳම දේ තමයි පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන පොත් පත් වල වැඩ කරන එක. මේ තැන සෙට් කරගනිද්දි පුලුවන් තරම් බාධාවන් අවම තැනක සෙට් කරගන්න මතක තියාගන්න. ගෙදර උදවියගෙන්, ටීවී එකෙන්, පාරේ වාහන සද්ද බද්ද වලින් බාධා නොවෙන තැනක් වඩාත් සුදුසු වෙයි (සමහර අයට නම් මේ ශබ්ද ගාණක්වත් නෑ. එහෙම අයට මේක අදාල නෑ). පාඩම් මේසයට ලැබෙන ආලෝකය ගැනත් හොඳට කල්පනා කරල බලන්න. ආලෝකය මදි තැනක ඉඳන් පාඩම් කරන එක ඔයාගෙ පාඩම් වැඩ කටයුතු වගේම පෙනීමත් දුර්වල කරන්න බලපායි.
*පාඩම් කරන්න සුදුසු තැනක් තීරණේ කරන්න අමාරුනම් ඔයාට පුලුවන් නිවසේ තැන් කීපයක පාඩම් වැඩ වල නිරත වෙලා බලන්න (සාලය, කාමරය, මිදුල). ඒ තැන් අතරින් ඔයාගෙ වැඩේ වඩාත් සාර්ථකව කරන්න පුලුවන් තැනක් අඳුරගන්න ලැබුනොත් එතන ඔයාගෙ ස්ථිර පාඩම් කරන ස්ථානෙ කරගන්න පුලුවන්.
4. අවශ්‍ය දේ ළඟට, අනවශ්‍ය දේ ඈතට
Learn Effectively
Source – theodysseyonline.com
පාඩම් කරද්දි වැදගත්ම දේ වෙන්නෙ ගොඩක් වෙලා පාඩම් කරන එක නෙමෙයි. පාඩම් කරන ටික වෙලාව හරි හොඳ අවධානයෙන් යුතුව ගත කරන එකයි. ඒ නිසා පාඩම් කරන්න ඉඳගනිද්දි පාඩම් වැඩ වලට අවශ්‍ය දේවල් සියල්ලම තමන්ගෙ අත ළඟින් තියාගන්න මතක තියාගන්න. ඒ කිවුවෙ කවකටු පෙට්ටි, කැල්කියුලේටර්, හයිලයිට් පෙන් ආදී එකී මෙකී නොකී සියල්ලම. නැත්නම් සැරින් සැරේ මේවා හොයන්න නැගිට නැගිට යද්දි පාඩමට ඉබේම බාධා සිද්ධ වෙනවා. මේ උපකරණ වලට අමතරව වතුර බෝතලයක්, සැරින් සැරේ තේ කෝපි තිබහ එනවනම් ෆ්ලාස්ක් එකකට තේ කෝපි ටිකක්, හපන්න මොනා හරි වගේත් ළඟින් තියාගත්තට වරදක් නෑ. ශරීර කෘත්‍යය කිරීම වගේ අවශ්‍යතාවයකදි ඇරෙන්න පාඩම් කරන තැනින් සැරින් සැරේ නැගිටින වැඩ තියාගන්න එපා.
ඒ වගේම තමයි අන්තර් ජංජාලේ සම්බන්ධ වැඩ. දැන් අපි කිවුවනෙ පාඩම් කරන ටික වෙලාව හරි හොඳ කොලිටියෙන් යුතුව කරන්න කියල. මේකට බාධා කරන්න පුලුවන් දෙයක් තමයි අපේ සමාජ ජාලා ජීවිතේ. ෆෝන් එකේ කැල්කියුලේටරේ පාචිච්චි කරන ගමන් අපිට හිතෙන්න පුලුවන් පොඩ්ඩක් ෆේස්බුක් පැත්තෙත් රවුමක් දාලා එන්න. එහෙම නැත්නම් පාඩම් වැඩකට ඉන්ටනෙට් රිසර්ච් එකක් දාන ගමන් හිතෙන්න පුලුවන් ක්‍රික්ඉන්ෆෝ පැත්තෙ ගිහින් මැච් එකේ ලකුණු ටික චෙක් කරන්න. මේ වගේ වැඩ නිසා තමන්ට පාඩම් කරන්න යන කාලෙත් වැඩිවෙලා, අවධානෙත් බිඳෙනව කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේ දේවල් නොකර ඉන්න බැරි තරම් හිත පාලනේකින් තොරයිනම් තමන්ව නිතර යැවෙන සයිට් ටික බ්ලොක් කරන ප්‍රෝග්‍රෑම් එකක පිහිටක් ලබාගන්නවත් බලන්න.

5. පාන්දර ඇහැරෙනවද? නැත්නම් නිදි මරාගෙන පාඩම් කරනවද?
Learn Effectively
Source – readmeindia.com
සමහරු අතර ජනප්‍රිය මතයක් තියනවා උදේ පාන්දර නැගිටලා පාඩම් වැඩ කලාම මතක තියනවා වැඩියි කියලා. උදේ පාන්දර කියන්නෙ සද්ද බද්ද සහ කලබලකාරී බව අඩු වේලාවක් නිසා ඒ කතාවේ යම්කිසි ඇත්තක් තියෙන්න පුලුවන්. ඒත් ඒ කතන්දරේ හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහරුන්ට උදේ නැගිටිනවා කියන්නෙ මරණවා වගේ වැඩක්නෙ.එහෙම කෙනෙක් අමාරුවෙන් නැගිටලා නිදිකිරා වැටි වැටී පොතක් දිහා බලන් හිටියට කිසිම දෙයක් ඔලුවට යන එකක් නැහැ. එහෙම කෙනෙක් තමන්ට ප්‍රබෝධයෙන් සහ වැඩි අවධානයකින් යුතුව පාඩමේ යෙදෙන්න පුලුවන් වෙනත් වෙලාවක් හොයාගන්න එක තමයි සුදුසු. අපි කලින් කිවුවා වගේ පාන්දර ඇහැරෙන්නවත්, රෑ නිදි මරන්නවත්, දවස තිස්සේ පාඩම් කරන එකවත් නෙමෙයි වඩාත් වැදගත්. පාඩම් කරන්න පහසු කොයියම්ම මොහොතකදි හරි අවධානය බිඳ නොගෙන පාඩම් කරන එකයි.
*හැමදාම දවසේ එකම වෙලාවට එකම තැන ඉගෙන පාඩම් කරන එක පාඩම් මතක හිටින්න උදවුවක් වෙනවා කියලත් කියන අය ඉන්නවා. මේ ක්‍රමයත් අත්හදා බලන්න ඔයාලට පුලුවන්.

6. එක දිගට පාඩම් එපා
Learn Effectively
Source – 68.media.tumblr.com
පාඩම් කරද්දි පැය ගණන් එක දිගට පාඩමේ යෙදෙන්න එපා. සාමාන්‍යයෙන් පැය එකහමාරකට වඩා එකදිගට පාඩම් වැඩ වල නිරත වෙන්න එපා කියල තමයි පුරාණ පොත පතේ සඳහන් වෙලා තියෙන්නෙ. ඊට වඩා දිගු කාලයක් පාඩම් කරද්දි අවධානය බිඳීයන්නත් කියවන දේවල් මතකයේ නොරැඳී යන්නත් ඉඩ වැඩියිලු. හැබැයි අපි නම් රෙකමන්ඩ් කරන්නෙ මේ කාල සීමාව පැයකටත් අඩුවෙන් තියාගන්න කියලයි. විනාඩි 40 කට වරක් විනාඩි 10ක විවේකයක්, එහෙමත් නැත්නම් විනාඩි 50කට වරක් විනාඩි 10ක විවේකයක් වගේ ගත්තා නම් වඩාත් සුදුසු වෙයි. මේ විනාඩි 10 විවේකය ඇතුලතදී පුලුවන් තරම් මනස රිලැක්ස් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනෙ. පාඩම් වැඩ සහමුලින්ම අමතක කරල පොඩ්ඩක් ඇවිදින්න, ව්‍යායාම ටිකක යෙදෙන්න හරි ඇස් පියාගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න හරි මේ වෙලාව යොදාගන්න. එතකොට ඊළඟ පාඩම් වාරය එද්දි අලුත් ශක්තියකින් සහ වැඩි අවධානයකින් යුතුව වැඩ අරඹන්න පුලුවන්.
තවත් අනිවා මතක තියාගතයුතු කාරණයක් තමයි “හොඳ සුව නින්දක් ලබන එක“. වැඩිපුර රෑ වෙනකන් හරි පාන්දර නැගිටගෙන හරි පාඩම් කලාට කමක් නැහැ. හැබැයි තමන්ගේ සිරුරට අවශ්‍ය නින්ද ලබාගන්න එක නම් අඩු කරගන්න එපා. මොකද සුව නින්දක් කියන්නෙ ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වයට වගේම ශාරීරික ප්‍රබෝධයටත් අත්‍යාවශ්‍යම කාරණයක්.

7. කෙටි සටහන්, රූප සටහන් සහ ප්‍රශ්නෝත්තර
Learn Effectively
Source – medium.com
සමහරු කරන ලොකු වැරැද්දක් තමයි ඔන්න දැන් පාඩම් කරගෙන කරගෙන කරගෙන යනව. ඊට පස්සෙ පාඩම ඉවර කරපු ගමන් ඒකට අදාල ප්‍රශ්න වලට උත්තර දීගෙන දීගෙන යනව. මේක වැරදි වැඩක්. මොකක් හරි දෙයක් කියවපු විගස ඒක අපේ ඔලුවෙ රැඳිල තියෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පාඩම ඉවර කරපු ගමන් ප්‍රශ්න වලට උත්තර දීල වැඩේ ගොඩ කියල හිත හදාගන්න එක අසාර්ථක වැඩක් වෙන්න පුලුවන්. මේකට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි උදේ පාඩම් කරපු පාඩමක ප්‍රශ්න වලට හවස උත්තර දෙන එක. එහෙම නැත්නම් හවස පාඩම් කරපු එකකට පහුවදා උදේට උත්තර ලියන එක. එහෙම නැත්නම් පැය 24ක් වත් පහුවෙලා ප්‍රශ්න වලට උත්තර දෙන එක වඩා හොඳවෙයි. ඒ වගේම අපි පාඩම් කරපු පාඩමක් සම්බන්ධයෙන් අපිට මතක තියන දේවල් පිළිවෙලට කොලයක සටහන් කරගන්න එකත් සාර්ථක ක්‍රමවේදයක්. මේ සටහන් කිරීමෙන් පස්සෙ ආපහු පොතේ පාඩමත් එක්ක අපේ මතකය සන්සන්දනය කරල අපිට මගහැරිච්ච තැන් නැවත මතකයට නගාගන්නත් පුලුවන්.
රූපසටහන් කියන්නෙත් මේ වගේම පාඩම් මතක තියාගන්න තවත් වැදගත් වන දෙයක්. මොකක් හරි වීෂයකට සම්බන්ධ රූප සටහනක් හරි වගුවක් හරි මතකයෙන් සටහන් කරන්න උත්සාහ කරන්න. මේ රූප සටහන් 100%ක් නිවැරදිව මතකයෙන් සටහන් කරගන්න පුලුවන් වෙනකන් උත්සාහ කලත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට පුලුවන් ටිකක් අමාරුයි කියල හිතෙන ප්‍රස්ථාර සහ රූපසටහන් වගේ ඒව ඇඳල තමන්ට නිතර පෙනෙන, අවධානය යොමුවෙන තැනකින් ගහල තියන්න.
*පාඩම් මතක තියාගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි දේවල් දිහා නිර්මාණාත්මක ඇහැකින් බලන එක. අපිට මතක තියාගන්න ඕනෙ කරුණු ඇසුරින් කවියක් හදාගන්න, එහෙමත් නැත්නම් කතන්දරයක් ගොතාගන්න අපිට පුලුවන්. මතකනේ ඒකාලෙ දිශා පාඩම් කරගන්න “උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලල වරෙන්” කියපු හැටි.

8. මතක මන්දිර තනා – ලෝකී ටෙක්නික් එක
Learn Effectively
Source – interestingtechnology.net
දැන් අපි කලින් පොයින්ට් එකේ අන්තිමට කිවුවනෙ කතාවක් ඇසුරින් තමන්ගෙ පාඩම් වල කරුණු මතක තියාගන්න එකත් හොඳ ක්‍රමයක් කියල. අන්න ඒ විදිහට මතකය ශක්තිමත් කරගන්න උපයෝගී වන ඉතාම පැරණි ටෙක්නික් එකක් තියනවා ලෝකී මෙතඩ් එක (Loci method) කියල. මේකෙන් කරන්නෙ මතක මන්දිර, එහෙමත් නැත්නම් Memory palace හදාගන්න එකයි. මේ මතක මන්දිරය අපිට පුලුවන් අපි දන්න ඕනෑම ස්ථානයක් ඇසුරින් හදාගෙන අපිට පාඩම් කරන්න ඕනෙ කරුණු ඒකෙ තැන්පත් කරගන්න.
මෙහෙම කිවුවට තේරෙන එකක් නෑ නේද? අපි උදාහරණයකින්ම කියන්නම්.
අපි හිතමු ඔයාට විභාගෙකට ලංකාවෙ හිටපු ජනාධිපතිවරුන්ව පිළිවෙලින් මතක තියාගන්න වෙනවා කියල. ඔයාට පුලුවන් ඔයාගෙ නිවස ඇසුරින් මේ අයව පිළිවෙලට මතක තියාගන්න. ඒ මෙහෙමයි. ගෙදරට ඇතුලුවෙද්දි මුලින්ම ගොඩවෙන්නෙ ඉස්තෝප්පුවට කියල හිතමු. එතකොට ඔයා හිතින් මවාගන්න ඕනෙ අපේ පළවෙනි ජනාධිපතිතුමා වන ජේ. ආර් ජයවර්ධන මහතා ඉන්නෙ ඔයාගෙ ගෙදර ඉස්තෝප්පුවෙ කියල. ඊළඟට ඔයා පා තබන්නෙ සාලෙට නම් සාලෙන් ඉන්දවන්න අපේ දෙවැනි ජනාධිපති වෙච්ච ප්‍රේමදාස මහත්තයව, ඊළඟට ඩී.බී විජේතුංග මහතාව කාමරෙන්, චන්ද්‍රිකා මැතිණිව කුස්සියෙන් ආදී වශයෙන් ගෙදර ස්ථාන වල අනුපිලිවෙලට මේ අයව මතකයෙන් රඳවන් යන්න. මේ අය මේ ස්ථාන වල ඉඳන් කතා කරන හැටි, ඒ අයගෙ හැසිරීම් එහෙමත් හිතේ මවාගත්තොත් මේ මතකය වඩාත් රැඳී පවතියි. ඊට පස්සෙ විභාගෙට මේ අය ගැන ලියන්න ආවොත් හිතින් ඔයාගෙ ගෙදරට ගිහින්, ගෙදර රඳවපු මේ මතකය ටක් ගාල සිහිපත් කරගන්න තමයි තියෙන්නෙ.
මේ ලෝකී ක්‍රමය මීට වඩා බැරෑරුම් දේවල් මතකයේ රඳවගන්නත් භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේදයක්. හැබැයි මේක දවසින් දෙකෙන් නම් ප්‍රැක්ටිස් වෙන්න අමාරුයි. දේවල් මවාගන්න හොඳ ක්‍රියේටිව් මනසක් ඇතුව කාලයක් තිස්සේ උත්සාහ කලොත් තමයි මේ වැඩෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. අන්තර්ජාලය හරහා, යූටියුබ් වල එහෙම සෙවුමක් දැම්මොත් මේ ලෝකී මෙතඩ් එක ගැන තව ගොඩක් දේවල් ඔයාට ඉගෙනගන්න හම්බවේවි.

9. නැවත නැවත ආවර්ජනේ
Learn Effectively
Source – getcollegecredit.com
කොච්චර පාඩම් කලත්, මතකේ තියන් හිටියත් අපි මුලින් පාඩම් කරන ඒවා කල් යද්දි අපේ මතකෙන් ගිලිහිලා යන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා නිතර මේ දේවල් ආවර්ජනේ කරන්න මතක තියාගන්න. නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මේව ගැනම කල්පනා කරල එලෝ මෙලෝ නැතුව ඉන්න නෙමෙයි මේ කියන්නෙ. ඔය ශවර් එක යට හිටන් ඉන්න වෙලාවක, කෙල්ලගෙන් ඊළඟ එස්එම්එස් එක එනකන් උඩ බලන් ඉන්න වෙලාවක වගේ වෙලාවක විනාඩියක් දෙකක් අරන් මනසින් ආවර්ජනය කරල බලන්න කලින් දවසෙ දෙකෙ කරපු පාඩම් වල පිළිවෙල සහ අන්තර්ගත කරුණු ගැන එහෙම.
ඒ වගේම ගෙදර මල්ලි කෙනෙක් නංගි කෙනෙක් එහෙම ඉන්නවනම් ඔය චොකලට් පගාවක් එහෙම දීල තමන් පාඩම් කරපු පාඩම ඒ අයට උගන්නනකන් අහන් ඉන්න කියන එකත් හොඳ ට්‍රික් එකක්. මල්ලිට නංගිට මේ පාඩමින් කිසි වැඩක් නැති උනත් ඔයාගෙ මතකේ ආවර්ජනේ කරන්න හොඳ උපක්‍රමයක් මේක.
ඊළඟ තවත් කරන්න පුලුවන් දෙයක් තමයි ඔයා වගේම පාඩම් වැඩට උනන්දු යාලුවෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා පාඩම් ගැන පොඩි චැට් එකක් දාන එක. එක එක්කෙනාට පුලුවන් අනිත් අය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක් හදන් එන්න. ඊට පස්සෙ මේවා ගැන සාකච්ඡා කරන ගමන් තමන්ගෙ දැනුම තවත් ඔප මට්ටම් කරගන්න පුලුවන්.

10. දිගින් දිගටම අමාරු වැඩ එපා
Learn Effectively
Source – organizeandstudy.tumblr.com
අමාරු පාඩමක් ඉවර කරපු ගමන් තවත් අමාරු පාඩමක් පටන් ගන්න එපා. ගන්න පොඩි බ්රේක් එකක්. ඊට පස්සේ ටිකක් ලේසි විෂයක් හරි වෙනත් ලේසි පාඩමක් හරි දිග ඇරගෙන ඒක අධ්‍යයනය කරන්න පටන් ගන්න. නැත්නම් එක දිගට අමාරු දේවල් අධ්‍යයනය කරන් යද්දි පාඩම් කිරිල්ල ඔයාගෙ මනසට වදයක් වෙලා නිකම්ම ස්ට්‍රෙස් වෙන්න ඉඩ තියනවා.
මේ පාඩම් වැඩවලට තියන උනන්දුව තවත් වැඩි කරගන්න හොඳ ක්‍රමයක් තමයි ටාගට් තියාගෙන ඒවා සාර්ථක කරගන්නකොට තමන් තමන්ටම තෑග්ගක් දීගන්න එක. උදාහරණෙකට අමාරු ගණිත පාඩමක් ඉවර කරල සාර්ථකව ඒකෙ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔයාට පුලුවන් ඔයා කැමති කෑම වර්ගයක් හරි බීම වර්ගයක් හරි අරන් ඒක සමරන්න. හැබැයි මේ වැඩේදි තමන් තමන්ට අවංක වෙන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ.

11. සැන් පවුඩර් ගාලා චුයින්ගම් කකා යන්න
Learn Effectively
Source – youtube.com/Polo romance Sri Lanka
දැන් ඔය ආදර කවි ගීත වල එහෙමත් කියනවනෙ ඔයාගෙ සුවඳ දැනිලා අතීත මතක ඇවිස්සුණා වගේ ඒව. ඉතින් ඇයි අපිට ඒ වගේ දෙයක් පාඩම් වැඩකටත් උපයෝගී කරගන්න බැරි? මෙහෙමයි, සමහරු කියනවා තමන්ට නුපුරුදු විලවුන් වර්ගයක් ඇඟ තවරගෙන පාඩම් කරලා, විභාගෙ ලියන දවසටත් ඒ සුවඳ විළවුන් තවරගෙන ගියොත් අර සුවඳ ඔස්සේ අපේ මතකයන් ආවර්ජනය වෙලා කරුණු මතකෙට නගාගන්න එක ලේසි වෙනවා කියල. මේක ඉතින් කොයිතරම් සාර්ථකද කියන්න නම් අපිට සාධක නෑ. මේ ක්‍රමේ මුලින්ම ඔය ටර්ම් ටෙස්ට් එකක් වගේ පොඩි විභාගෙකදි අත්හදා බලල තීරණේ කරන්න පුලුවන් ඔයාලට.
මේ වැඩේට අපිට හුරු නැති අලුත් රසකින් යුතු චුයින්ගම් එකකුත් යොදා ගන්න පුලුවන් කියලයි කියන්නෙ. හැබැයි ඉතින් චුයින්ගම් හප හප පාඩම් කලාට මොකද චුයින්ගම් හප හප විභාගෙට ලියන්න ඉඩ දේවිද කවුද දන්නෙ?

12. ව්‍යායාම සහ ආහාර
Learn Effectively
Source – opentraining.edu.au
පාඩම් කරන්න කලින් විනාඩි 10ක් වත් ඇවිදලා පොඩි ව්‍යායාම පාරක් දාල ඇවිත්ම පාඩම පටන් ගන්න එකවඩාත් සාර්ථකයි කියලා මතයක් තියනවා. මේ වැඩේ උත්සාහ කරල බලන්න. ඒ වගේම තමයි පාඩම් වැඩ අතරතුර තමන්ට දෛනිකව අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය පානය කරන්නත් අමතක කරන්න එපා. පැණිබීම සහ ක්ෂණික ආහාර වෙනුවට ශරීරයට ශක්තිය සපයන සමබර ආහාර වේල් ගැනීම ගැනත් අවධානය යොමු කරන එක වටිනවා. ධාන්‍ය වර්ග, සැමන් වැනි ඔමෙගා 3 සහිත මාලු, රටකජු වැනි ඇට වර්ග, ඩාක් චොකලට් කෑල්ලක් එහෙම කෑමට එකතු කරගන්න එකෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට අමතර ශක්තියක් ලැබේවි.



අනිවා තුලින් උපුටා ගන්නා ලද්දකි.

Friday, July 13, 2018

මා නොවේ ඒ රාවණා...





මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...

හිත බින්ද දුණු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා
තාම නාඩා ඉන්නේ ඇයි මා...

මා නොවේ ඒ රාවණා...

ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
සයණයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬුමොණරේ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඩා ඉන්නේ ඇයි ඈ...

කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලක්කනින් දලුලා ගිණිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඩා ඉන්නේ ඇයි මා...

මා නොවෙයි ඵ් රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා..

Blog එකක් හදන හැටි සහ වැඩ කෑලි...

කට්ටියට කොහොමද ඉතිං, කාලෙකිං මේ පැත්තෙ ආවෙ පෝස්ට් එකක් ලියන්න. ආගන්තුකයා එහෙනං යුනිවසිටි එකේ අන්තිම අවුරුද්දත් ඉවර කරා කියමු කො. (විභාග ඉවරයි තව අසයින්මන්ට් වගයක් ඉතුරු වෙලා තියනවා ඉතිං.) කොහොමිං කොහොම හරි දැං වෙනදා වගේ නෙමෙයි ටිකක් කල් තියනවා මොනවා හරි ලියන්න කියන්න එහෙම. ඒ කාලෙ කවි කතන්දර එහෙම ලියවුනාට අනේ මන්දා දැන් නං එවුවා ගැන අදහසක්වත් එන්නෙ නෑ නෙව. හරි ඒක පැත්තකිං තියමුකො. හාහාපුරා කියලා එහෙනං අපි දන්න කියන දෙයක් ගැනම පොඩ්ඩක් ඉගනගමු කො.

මගේ නම් බ්ලොග් එක කියවන අය ගොඩක් දෙනෙක් බ්ලොග් ලියන අය. ඒ නිසා මේ පෝස්ට් එකේ මුල් ටික නං වැඩිය වැදගත් වෙන එකක් නෑ මයෙ හිතේ. හැබැයි ඉතිං අන්තිමට කියන්නං 

* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

මේ පෝස්ට් එක ලියන්නෙ කවි කතන්දර එහෙම ලියන්න පුලුවන්, ඒත් ඒවා එක තැනක තමන්ට සහ අනිත් අයට තියාගන්න හරිහමන් විදිහක් දන්නෙ නැති අයට. හරි කතා ඇති, වැඩට බහිමු.


බ්ලොග් එකක් හදන්න නම් ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදන්න තැනක් හොයාගන්න ඕන. සාමාන්‍යෙයන් wordpress, blogger කියන්නෙ වැඩියෙන් පාවිච්චි වෙන සේවා දෙකක්. හැමෝටම ගූගල් අකවුන්ට් තියන නිසා සහ පහසුවෙන් හදාගන්න පුලුවන් නිසා අපි බලමු කොහොමද blogger එකෙන් blog එකක් හදන්නෙ කියලා. පියවර විදිහට කියන්නං කො ලේසි වෙන්නත් එක්ක.

පියවර 1

www.blogger.com එකට ගිහින් gmail ගිණුමෙන් log වෙන්න.

පියවර 2

ඉස්සෙල්ලාම පළවෙන් පින්තූරෙ තියන බොත්තම ඔබලා, ඔන්න ඕකෙ දෙවනි පින්තූරෙ 1 කියන තැනට තමන් කැමති නමක් දෙන්න. 2 කියන තැනට කැමති url එකක් දෙන්න. හැබැයි ඉතිං ඒ url එක කලිං පාවිච්චි වෙලා තියන එකක් නම් වෙනස්කමක් කරලා අර නිල් පාට හරි ළකුණ එනකං වෙනස් එවුවා දීලා බලන්න. සුදුසු නමක්, යූ ආර් ඇල් එකක් එහෙම තෝරගත්තාට පස්සේ..

පියවර 3





පළවෙනි පින්තූරෙ තියන බොත්තම ඔබලා, දෙවනි පින්තූරෙ තියන මෙවුවා එකට යන්න (පින්තූරෙ ඔබන්න ලොකු කරන්න නං). ඒකෙ ඔය සුදුපාට ලොකු හිස් ඉඩේ තමයි පෝස්ට් එක ලියන්නෙ. උඩ තියන එවුවා නිකං වර්ඩ් එකේ වගේ. වෙනස් කර කර හොද විදිහකට හදාගන්නයි තියෙන්නෙ. දකුණු පැත්තෙ උඩ කෙළවරේ පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න, සේවු කරලා තියාගන්න වගේම පබ්ලිශ් කරන්න කලිං කොහොමද කියලා බලාගන්න කෑලි ටිකක් තියනවා. ඔක්කොම දැම්මාට පස්සෙ පෝස්ට් එක මේ වගේ පේන්නෙ.

මේවා ඉතිං සාමාන්‍යෙයං කට්ටිය දන්න දේවල් නේ! අපි පොඩ්ඩක් බලමු ටිකක් වැඩි වැඩ. ලියනවා ට වඩා කියන එක ලේසියි. ඒ නිසා මං වීඩියෝ එකක් දාන්නං. මටත් ලේසියි ඉතිං.
වීඩියෝ එකේ අන්තර්ගත දේවල්
* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

කවුරු හරි කෙනෙක්ට පෝස්ට් එක වැදගත් උනා නම් සතුටුයි. මොනවා හරි අහන්න එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. දන්න කියන විදිහට කියලා දෙන්නම්.




අන්තර්ජාලය ඇසුරින් උපුටා ගන්නා ලද ලිපියකි.

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...