Friday, June 2, 2017

පර්යේෂණ යෝජනාවලිය.

01 .  පර්යේෂණ මාතෘකාව

      “  වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම "

02.  පර්යේෂණ ගැටලුව

          වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේද?


03  පර්යේෂණ හැදින්වීම

                              වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජමය වටිනාකමකින් යුතු කාලීන මාතෘකාවක් ලෙස ලිංගික සබදතා පිළිබද තරුණ ප්‍රජාව තුල පවත්නා අධ්‍යාපනික දැනුම ,අවබෝධය හදුන්වාදිය හැකිය.ලිංගික සබදතා යන කාරණය අද සමාජය තුල බොහෝ දෙනෙකු හුදෙක් වැරදි වූ ආකල්ප මත පිහිටා අවබෝධ කරගෙන තිබේ.එසේ වීමෙන් ඔවුන් සමාජය තුල නොයෙකුත් ආකාරයේ කායික මානසික පීඩාවන්ට ගොදුරු වෙති.එහෙයින්ලිංගික සබදතාවය පිළිබද අධ්‍යාපනික දැනුමක් වර්තමාන තරුණ ප්‍රජාවට අත්‍යවශ්‍යමය.
                                            එකී සමාජමය හා මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම රටේ බුද්ධිමත් පිරිසක් වන විශ්ව විද්‍යාල සිසුන් තුල කුමන ආකාරයේ ස්වභාවයකින් ගොඩනැගී තිබේද යන කාරණාවට පිළිතුරු සොයා ගැනීම උක්ත පර්යේෂණයේ අවසන් පරමාර්ථය බවට පත් විය.ඒ අනුව ප්‍රමාණාත්මක හා ගුණාත්මක නියැදියක් භාවිතා කරමින් නිසි පර්යේෂණ ක්‍රමවේදයක් අනුව යමින් විශ්ව විද්‍යාල සිසුන් තුල පවත්නා ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධව  අවබෝධයක් ලබා ගැනීමට උක්ත පර්යේෂණයෙන් බලාපොරොත්තු වෙමි .


04  පර්යේෂණ අරමුණු

ප්‍රධාන අරමුණ
                  වර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් තුල ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ දැ යි අවබෝධ කරගැනීම .

උප අරමුණු

විශ්ව විද්‍යාල සිසුන් ලිංගික සබදතා පිලිබදව අධ්‍යාපනික දැනුම ලබාගන්නා ආකාර සහ එසේ ලබාගන්නා දැනුම නිවැරදිද යන්න අධ්‍යනය කිරීම.
විශ්ව විද්‍යාල සිසුන් කුමන ආකාරයේ ලිංගික සබදතා සදහා යොමු වී තිබේද යන කාරණය සහ එහි අරමුණ කවර ස්වරූපයක් දරයි ද යන්න විමසා බැලීම.


05   නියැදිය
               මෙම අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි .වර්තමානයේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් යනුවෙන් ගත් කළ එය විශාල ශේෂ්ත්‍රයක් නියෝජනය කරනු ලබයි. නමුත් මෙම පර්යේෂණය සිදු කිරීමේදී එම විශාල ශේෂ්ත්‍රයම නියෝයනය කිරීමට හැකියාවක් නොමැති හෙයින් නියැදියක් භාවිතා කළ යුතුව ඇත . මෙහිදී යොදා ගන්නාවූ නියැදිය මගින් උක්ත ශේෂ්ත්‍රයම නියෝජනය කරවයි.
                    මෙම  අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වෙත ළගා වීමට ලාංකීය විශ්ව විද්‍යාලිය සිසුන් මගින් ලිංගික සබදතා සම්බන්ධයෙන්  ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම  පිලිබද තොරතුරු ලබාගත යුතුය .මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින සිසුන් ඇසුරිනි .මෙහිදී නියැදිය ලෙස භාවිතා කරනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින දෙවන තෙවන හා සිව් වන සිසුන් අතරින් අහඹු ලෙස තෝරාගත් සිසුන් 30 දෙනෙකුගෙන් යුතු නියැදියකි .


06  පර්යේෂණ ක්‍රමවේදය

                            පර්යේෂණ දත්ත ලබා ගැනීමට භාවිතා කල හෙකි ක්‍රමවේද ගණනාවකි.එම ක්‍රමවේද එකක් හෝ කිහිපයක් භාවිතා කරන පර්යේෂකය ඉන් බලාපොරොත්තු වන්නේ පර්යේෂණයට අදාළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනීමටයි.පර්යේෂණයකදී දත්ත ලබා ගන්නා ආකාරය අනුව එය ප්‍රධාන ආකාර දෙකකි.
ප්‍රාථමික දත්ත
දත්ත ද්විතීක

ප්‍රථමික දත්ත.
                        මෙම පර්යේෂණයට අදාළ මුලික දත්ත ලබා ගැනීමට එනම් ප්‍රාථමික දත්ත ලබා ගැනීමට ප්‍රශ්න මාලා ක්‍රමය නම් ප්‍රාථමික දත්ත ක්‍රමවේදයයි .පර්යේෂණයෙන් ලබාගන්නට අපේක්ෂිත ප්‍රධාන අරමුණු සහ සෙසු අරමුණු නියෝජනය වන පරිදි සකසා ගන්නා ලද ප්‍රශ්න මාලාවක් අහඹු ලෙස තෝරාගන්නා ලද නියදියට ලබා දෙන ලදී.එහිදී මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කල අතර එමගින් අදාළ නිවැරදි දත්ත සපයා ගැනීමට කටයුතු කළෙමි.

ද්විතීක දත්ත .
                           අධ්‍යනයට අවශ්‍ය ද්විතීක දත්ත ලබා ගැනීම සදහා පර්යේෂණ මාතෘකාවට අදාළව රචිත කෘති ,සගරා පුවත්පත් වල පල වී ඇති ලිපි ලේඛන හා අන්තර්ජාල ලිපි මගින් තොරතුරු ලබා ගනිමින් ප්‍රධාන අරමුණ සහ සෙසු  අරමුණු වෙත ළගා වීමට උත්සාහ කළෙමි .

07  පර්යේෂණ වැදගත්කම

                          වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල්හි මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත කාලීන මාතෘකාවක් වන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධයෙන් මෙම පර්යේෂණය ක්‍රියාත්මක වීම සුවිශේෂි වැදගත් කමයි. වත්මන් සමාජයේ බොහෝ  තරුණ පිරිස් ලිංගික සබදතා යන සංකල්පනාව වැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන තිබේ.ඒ සම්බන්ධ අධ්‍යාපනික දැනුමක් බොහෝ විට ඔවුන් තුල නොමැත.සමාජය තුල ඇතැම් අවස්ථා වල ඔවුන් අසරණ තත්වයන්ටද මුහුණ පාති.එවැනි වූ සමාජයක් තුල  බුද්ධිමත් විශ්ව විද්‍යාලිය  ශිෂ්‍ය ප්‍රජාව ලිංගික සබදතා සම්බන්ධයෙන් කවරමතයක් දරයිද යන වග පිළිබද යම් නිගමනයකට ඒමට හැකියාවක් ඇත.


08  පර්යේෂණ සීමා

                       මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි.එහිදී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුන් පිලිබදව අධ්‍යනය කල යුතු වුවත් දත්ත ලබා ගැනීම සදහා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා කිරීමට සිදු විය. එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේද විශාල සිසුන් පිරිසක් සිටින නිසා අහඹු ලෙස තෝරාගත් සිසුන් 50 ක ටපමණක්  නියැදිය සීමා කරන්නට සිදු විය.
                                 පර්යේෂණය සදහා විශාල කාලයක් වැය කල යුතු අතර මෙම පර්යේෂණය සදහා ලැබී තිබූ  කාලය මාසයකටත් අඩු කාලයක් වන නිසා දත්ත රස් කිරීමේ කාරය ඉතා ඉක්මනින් සිදු කර පර්යේෂණ කටයුතු සති තුනකට පමණ සීමා කිරීමට සිදු විය.



                                   -සෙල්ලක්කාරී-



No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...