Friday, June 2, 2017

ජනමතය හා ජනමාධ්‍ය භූමිකාව.


ජනමතය හා සබැඳි ජනමාධ්‍ය භූමිකාව විග‍්‍රහයේ දී ජන මතය යනු කුමක්දැයි අර්ථකථනය කිරීම වැදගත්ය. ජනමතය පිළිබඳ ශාස්ත‍්‍රීය විග‍්‍රහයක් මුල්වරට ඉදිරිපත් කරනු ලැබුවේ වෝල්ටර් ලිප්මන් විසිනි. එ් 1922 වර්ෂයේ ඔහු විසින් රචිත ඡුමඉකසජ දචසබසදබ කෘතියෙනි.
වෝල්ටර් ලිප්මන් (1889-1974*ඇමරිකානු ජාතික පුවත්පත් කලාවේදියෙකි. හෙතෙම දේශපාලන දර්ශනවාදියෙකි. බොස්ටම් පුවත්පතේ සැමගේ සඟරාවේ ලේඛකයෙකු වූ හෙතෙම නව රිපබ්ලිකය  (බැඅ රුචමඉකජ* සඟරාවේ කතුවරයා ද විය. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු හිතවාදී ප‍්‍රචාරක ලිපි ලියූ ඔහු කපිතාන්වරයකු වශයෙන්ද සේවය කළ අයෙකි. නිවි යෝර්ක් වර්ල්ඞ් (භැඅශදරන උදරා* පුවත්පතට කතුවැකි 1300කට අධික ප‍්‍රමාණයක් ලියා ඇති ඔහු කොලොම් රචකයකු ලෙස ප‍්‍රසාදයට පත් වූවෙකි. තියඩෝර් රූස්වෙල්ට්, වුඞ්රෝ විල්සන්, ප‍්‍රෑන්ක් ලීන් ඞී රූස්වෙල්, ජෝන්කෙනඩි ඇතුළු ඇමරිකානු ජනාධිපතිවරු, දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ හෙතෙම ඔවුනට දේශපාලන උපදෙස් සැපයීමටද වාසනාවන්ත විය. අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ ලිප්මන්ගේ දැනුම මේ සඳහා හේතු වූ කරුණකි. මහජනයාගේ මතය හැසිරෙන ආකාරය, පාලකයන් විසින් ස්වකීය මතවාද ඔස්සේ ජනතාව හසුරුවන බව ප‍්‍රායෝගිකව නිරික්ෂණය කිරීමට ලිප්මන්ට හැකිවිය.
ඡුමඉකසජ ධචසබසදබ කෘතියෙන් ඔහු ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ තමාගේ දේශපාලන සහ සමාජ අත්දැකීම ආශ‍්‍රයකර ගනිමිනි. ”ජනමතය කියා දෙයක් නැත. ඇත්තේ හැ¥ මතයකි” යන්න ඔහු විසින් ඉදිරිපත් කර ඇති සංකල්පයයි. 1925 දී රචිත පැන්ටම් පබ්ලික ඔයැ චය්බඑදප චමඉකසජ කෘතිය මගින් ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන යයි. සංජානනය, දේශපාලන ප‍්‍රචාරණය, ජනමත නායකත්වය, පුවත්පත් කලාව ආශ‍්‍රය කර ගනිමින් ස්වකීය සංකල්පය සමාජ ගත කරයි.
ජනමතය, බලය, අධිකාරිත්වය හිමි පිරිසක් විසින් නිර්මාණය කොට ප‍්‍රචාරය කරනු ලබන්නකි. එය තම මතය ලෙස පිළිගත් ජනතාව නිසා ජනමතය ලෙස එය හැඳින්වීම සිදු කර තිබේ. ද පැන්ටම් පබ්ලික් කෘතියේ ලිප්මන් ප‍්‍රශ්න කරන්නේ දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ බුද්ධිමත් අදහස් ඇතිකර ගැනීමට බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාවක් ඇතැයි ජනතාව නොසිතන බවයි. ඔවුන් තමා වෙත ඉදිරිපත් කරඇති මත කෙරෙහි අනුගත වෙමින් එ්වාට අවනත වන බවයි. දේශපාලන දැනුම ලැබීමට කාලය හා ශ‍්‍රමය වැයකිරීම කෙරෙහි පොදු ජනතාව උදාසීන වනබවද සඳහන් කරන ලිප්මන් නිර්මාණය කරන ලද මත ජනගත කිරීමට දේශපාලන පදනම හේතු වන බව අර්ථ දක්වයි.
ජනමතය පිළිබඳ සංකල්පය පරිණාමය තුළ බහුතරයක් දරණ මතය ජනමතය ලෙසද සංකල්ප බිහි වී තිබේ. මෙහිදී ගොඩනැගෙන විකල්පීය තර්කය වන්නේ සුළුතරයක් දරන මතය ජනමතය නොවන්නේද යන්නයි. මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට ජනාධිපතිවරයා ලෙෂ පත්වන්නේ ප‍්‍රකාශිත ඡුන්දවලින් 62%ක ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙහිදී ඔහුට එරෙහිව ලැබෙන ඡුන්ද ප‍්‍රතිඵලය 38%කි. 62%ක බහුතර මතය ජනමතය වන්නේනම් 38%ක් වූ සුළුතරය මතයද ජනමතයකි. ප‍්‍රකාශ නොවූ නිහඬ ඡුන්දවලට ද මතයක් තිබේ. මේ අනුව ජනමතය යන්න නිශ්චිතවම අර්ථකථනය කිරීම අපහසු වන්නේය.
ජනමත විවරණ ක‍්‍රමවේද විමසීමේදී ඉදිරිපත් වන මත සැබෑ ජනමතද යන්න පිළිබඳව ගැටලූවකි. නිදසුනක් ලෙස ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්තියට හේතුව ජනතාවගේ නොදැනුවත්කමද නැතහොත් රජයේ නොසැලකීම ද යන මත ඉදිරිපත් වී තිබේ. මෙම මත විචාරය සඳහා තෝරා ගන්නා ආකාරය අනුව මහජන මතය ස්ථාපිත වන්නේය. මතයක් ස්ථාපිත වන්නේ විචාරයට තෝරා ගන්නා නිර්ණායක මත බව අවබෝධකර ගත හැකි සත්‍යයකි.
ජනමතය සමාජීය සාධක මත විපර්යාසයට ලක්වන විචල්‍යයකි. මෙය රටක පවතින සංස්කෘතික, දේශපාලන, ආර්ථික කරුණු සමග බැඳී පවතී. ජනමත හා ජනමාධ්‍ය අතර පවතින සබඳතාව වටහා ගැනීමේ දී මෙම පදනම වැදගත්ය. ජනමත නිර්මාණය කරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි. ජනමත නිර්මාණය ජනමාධ්‍යයේ මෙහෙවරකි.
ශ‍්‍රී ලංකාවේ උතුරේ යුද්ධය පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතර එකඟතාවක් නොවීය. රාජ්‍ය මාධ්‍ය යුද්ධයට පක්ෂ වාර්තාකරණයක නියැලූණ අතර බොහෝ පෞද්ගලික මාධ්‍ය විවේචනශීලී විය. එහෙත් මානුෂීය මෙහෙයුම යන එ්කමතික රාජ්‍ය මතවාදය ජනතාගත කිරීමට සමස්ත මාධ්‍ය පද්ධතියම කටයුතු කළේය. යුද හමුදාවේ මානුෂිය ක‍්‍රියාකාරකම් ඉදිරිපත් කරමින් මානුෂික මෙහෙයුම් පිළිබඳ සංකල්පය ජනමතයක් බවට පත්කරනු ලැබුවේ ජනමාධ්‍ය පලිහක් ලෙස යොදා ගනිමිනි. ද්‍රවිඩ ජාතික ජනතාව බේරා ගැනීමට ගත් උත්සාහයක් ලෙස අර්ථ ගැන්වූ මතය ජාත්‍යන්තර මතයක් බවට පත් විය.
එක් වරම විශාල ජන කොටසකට ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව, ක්‍ෂණික බව, සමාකාරව තොරතුරු ගලා යාම, කේන්ද්‍රයේ සිට පර්යන්තය ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව ජනමාධ්‍යයේ වාර්තා වන්නකි.
ජනමත නිර්මාණයට ජනමාධ්‍ය අත්‍යවශ්‍ය වේ. එහිදී මාධ්‍ය උපක‍්‍රමණශීලීව යොදා ගත්තකි. පුවත්පතේ දායකත්වය මෙහිදී සුවිශේෂී වන්නකි. ඡුායාරූප, ශීර්ෂ පාඨ, විවරණ, ලිපි විශේෂාංග, ප‍්‍රවෘත්ති ආකෘති මගින් ජනමත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත ගොඩනැගීමේ දී ඉදිරිපත් වී ඇති මතවලට පහර දීමටද ජනමාධ්‍ය කටයුතු කරයි. එයට හේතුව වන්නේ ජනමත ගොඩනැගීමේදී එයට සමානුපාතිකව මත බිඳ දැමීමට සිදුවන බැවිනි. මවුබිම පුවත්පතේ ආර්යා අතිරේකය උදාහරණ ලෙස දැක්විය හැකිය. රටක ජනප‍්‍රිය චරිත පිළිබඳව විවරණය කෙරෙන අන්තර්ගතයක් එහි පවතින අතර ජනප‍්‍රිය චරිත උපයෝගී කර ගනිමින් කරන විවරණ මගින් චරිත බිඳ දැමීමටද සියුම් ලෙස කටයුතු කරයි.
මාධ්‍ය භෞලීකරණය වීම නිසා ජනමතයක් ගොඩ නැගීමට මාධ්‍යයට ඇති අවකාශය වර්තමානය වනවිට අභියෝගයට ලක්ව තිබේ. මෙය පහත ආකෘතිය තුලින් පැහැදිලි කළ හැකිය.

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...