Friday, May 12, 2017

චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර ) -අස්න තුළින්-


චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර )

යථාර්ථය යනු අසම්පූර්ණ විශ්වයකි. යථාර්ථයේ ඇති සංඝටක අතර ඇත්තේ කවරාකාර සම්බන්ධයක් ,වෙනසක් ද යන්න පිළිබඳව අපට යම් නිශ්චිත අර්ථ ලෝකයක් ඇත. සිනමාව කරනුයේ අපගේ දෛනික යථාර්ථ ජීවිතයේ සංවිධානය වූ මෙම සංඝටක ඒවායේ පිළිවෙළගත අර්ථයන්ගෙන් ගලවා යළි සකසමින් අප වෙත සංජානනය කිරීමයි. ඒ අනුව යථාර්ථයේ සිටින අපගේ අර්ථ ලෝකය සිනමා තිරයෙන් දෙදරීමකට ලක් වන අතර එනයින් ම අපගේ දෛනික යථාර්ථය ප‍්‍රබන්ධයක් බව (මිනිස් ගොඩනැංවීමක් බව) ද සිනමා තිරය විසින් අපට උගන්වයි. ඒ යථාර්ථයට වඩා යථාර්ථයක් සිනමාත්මක ප‍්‍රබන්ධය විසින්අපට අභිමුඛ කරන බැවිනි. එබැවින් සිනමාව කලා කෘතියක් ලෙස අධ්‍යනය වැදගත් වෙයි¡

‘Gener’’යන පදය ප්‍රංශ භාෂාවෙන් පැමිණි වචනයකි.එහි අර්ථය වන්නේ  ඛාණ්ඩවලට වෙන් කළ හැකි එසේත් නැතිනම් ප්‍රවර්ග , ප්‍රභේද යන්නයි.මහා දාර්ශනික ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය තුළ නාට්‍ය වර්ග ප්‍රවර්ග කරයි.දුකාන්තය,සුඛාන්ත මෙන්ම වීර කාව්‍ය ලෙස වර්ග එම නිරමාණ ද ශෝනර ලෙස දැක්විය හැකිය. නමුත් ශෝනර යන්න නාට්‍යට හෝ චිත්‍රපටයට  සීමා නොවන්නකි. චිත්‍ර කලාව තුලද ශෝනර දක්නට ලැබෙයි.



සිනමා කලාව ගත් කල්හි එහිද ශෝනර ඛාණ්ඩ කර දැක්වෙයි.චිත්‍රපට නිර්මාණය, නිෂ්පාදනය ,ප්‍රදර්ශනය මෙන්ම බෙදා හැරීමද එක් ප්‍රධාන ප්‍රභේදයක අනුකොටස් ලෙස දැක්විය හැකිය.



ලෝක සිනමාවට විශේෂිත වූ ශෝනර හඳුන්වා දෙන ලද්දේ ඇමෙරිකාව විසිනි.ඔවුන්ගේ චිත්‍රපට සමාගම්වල බලපෑම හේතුවෙන් නිශ්චිත නිෂ්පාදනයන් සමඟ ශෝනර බිහි විය. මේ නිසා සිනමා නිෂ්පාදනය තුල යම් පහසුවක් ඇති විය.නිෂ්පාදනය යම් ක්‍රමවේදයකට අනුව එනිසා සිදු වූ බව කිව හැක.සමාගම්වලට අනුව සිනමාවේ හැඩය ,තාක්ෂණය,රංගනය ,ආදිය සමාන වට්ටෝරුවකින් ,සංකල්පයකින්,තේමවකින් සිදු වූ බව කිව හැකිය.

නිහඬ සිනමාවේ අවසානයේ කතානාද සිනමාව සමඟ මෙම ශෝනර ක්රමවේදය බිහි විය.මෙහිදී ශෝනර නිසා ප්‍රේක්ශකයාටත් සිනමාකරුවාටත් යම් පහසුවක් ඇති වූ බව කිව යුතුය. මෙය එක් අතකින් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ලෙස දැක්විය හැකිය.විචාරකයන්ට ද පහසුවකි.නමුත් චිත්‍රපටයක් ශෝනර ලෙස
එක හෙලා වෙන්කර දැක්වීම අපහසුය. මන්ද යත් එක් සිනමා කෘතියක ශෝනර කිහිපයක ලක්ෂණ දක්නට ලැබෙයි. 

නිදසුනක් ලෙස  - ටයිටැනික්, සිනමා කෘතිය romantic/ action/ sciencitific යන්නෙන් කුමකට අයත් ද යන්න වටහා ගැනීමට අපහසුය. 

පහතින් දැක්වෙන්න සිනමාව ශෝනර ලෙස වර්ගීකරණයට ලක් කල ආකාරයයි

music film(සංගීත චිත්‍රපට )
western (cow boy)

noir(අඳුරු සිනමාව )
commady(හාස්‍ය  චිත්‍රපට)
epics ( වීර කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වූ  චිත්‍රපට)
war( යුද සිනමාව)
adventure(වික්‍රමාන්විත  චිත්‍රපට)
action( නක්‍රියාදාම  චිත්‍රපට)
mello(කාන්තාවන් පිළිබඳව වූ / භාවාතිෂය   චිත්‍රපට)
romants(අරුමැසිවාදී  චිත්‍රපට)
ganstor( පාතාල චිත්‍රපට)
fantazy(සිහිනමය/මායාමය   චිත්‍රපට)
sciencefiction(විද්‍යාත්මක  චිත්‍රපට)
horro(හොල්මන්  චිත්‍රපට)
thriller(ත්‍රාසයෙන් උපරිම වූ  චිත්‍රපට)
martial arts(සටන්  චිත්‍රපට)
drama (නාට්‍යමය  චිත්‍රපට)
coming of age(අනාගතය පෙන්වන   චිත්‍රපට)

-තාරිකා තත්සරණි- අස්න-

2 comments:

  1. නිවැරදි වදන ශානර මිස ශෝනර නොවේ

    ReplyDelete

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...