Saturday, February 11, 2017

මගෙ සිතත් වල දැම්මා මන්….



ජිවිතයේ ඉදිරි ගමන
නුබත් එක්ක පියමනින්න
හීන කන්ද වැඩිකරගෙන
පෙරුම් පිරුවා මන්….
ආදරයෙන් ලගට වෙලා
නුබේ උණුහුමේ සුව විදින්න
පෙම් කරමින් හැමදාමත්
පැතුම් පැතුවා මන්….
එක වහලක් යටට වෙලා
පුංචි පැටව් වට කරගෙන
නුබයි මමයි ඉන්නා හැටි
හීන බැලුවා මන්….
මගේ හීන , හීනම බව
නුබ මා හට පැවසුවාම
සාගරයට නොදෙවෙනි ලෙස
කදුළු හැලුවා මන්….
මගේ කදුළු නොපෙනුන ලෙස
නුබ ඈතක ගිය හින්දම
මගේ හීන අළු කෙරුවා
සිත අස්සෙම මන්…..
නුබත් එක්ක බලපු හීන
නුබත් එක්ක පතපු දිවිය
බැහැ තවකෙකු හා ගෙවන්න
ඒ හින්දා මගෙ සිතත්
වල දැම්මා මන්….

                                                  -උපුටා ගන්නා ලදී.-

Sunday, February 5, 2017

නොදන්නා එකෙක්......

නොදන්නා එකෙක්......

මට ලැබුණු ආදරේ දැන් අයිති ඌට නම්
මතු දිනක උඹෙ නමින් ඌත් කවි ලියයි බං
පුර හඳට පසු දිනක අමාවක ලබයි නම්
හඬා වැල පෙනු කුමට යලිත් නුඹ නොයේ නම්…
උඹ නැතිව හිතට මගෙ දුකක් නැත්තෙත් නැතී
මතකයිද හිටි විදිය වෙලා උඹ මගෙ එකී
ඉඳ හිට දකිනවා උඹේ නමින් මම ලියපු කවි වැකී
යලි දිනක හමු වෙමුද ලෙසින් අපි හිතවතී…
රිදුණ හිත හදන්නට කාලයක් ගත වෙලා
හෙමි හෙමින් තව හිතක් මටත් දැන් ලං වෙලා
උගේ පොකුරේ එක මලක් ලෙසින්උඹ තනි වෙලා
සුවඳ නොබැලූ කුසුම ඇයිද අද ගැබ්බර වෙලා…
ඌ කිව්වා පොන්නයෙක් වගෙලු මං
රංඩු සරුවල් මොකට නිහඩවම හිටිය මං
ආදරේ උඹේ නමට තාම නොතිබුණා නම්
කියලා දෙනවා ඌට උඹේ මම ඉඹපු තැන්..
ඌ වගේ මමත් උඹ ඇඳේ සැතපුවා නම්
හිතට කාවැදුණු පෙම උඹට නොතිබුණා නම්
එදා මගේ ගාය උඹෙන් හොඳ කලා නම්
මෙදා දරුවො හත අටකගෙම තාත්තෙක් වෙලා මං

                                                                                උපුටා ගැනීමකි.                amalianuruddika1992@gmail.com 

Wednesday, February 1, 2017

භාෂාව හා මිනිස් ජන වහර.

භාෂාව හා මිනිස් ජන වහර.







  
                  මානව වර්ගයා අන්‍ය  සත්වයන්ගෙන් වෙනස්වන ප‍්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නා භාෂාවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එනම් අන්‍ය සත්වයන්ට නොමැති තරම් දියුණු සන්නිවේදන ක‍්‍රමයක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. මනුෂ්‍යයාගේ භාෂාව කොටස් 02 ක් ලෙස හදුන්වාදිය හැකිය. ඒ අතර ශබ්ද මගින් ඉදිරිපත් වන භාෂණය හා අක්ෂර මඟින් ඉදිරිපත් කෙරෙන ලේඛනය යන දෙකයි.
කිසියම් භාෂා සමාජයක් පිළිබඳ කරනු ලබන අධ්‍යයනයකදි භාෂණය වැදගත් බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි. භාෂණ මාධ්‍යය ලේඛන මාධ්‍යයට වඩා පැරණි වීම මීට හේතුවක් විය හැකිය. මානව ශිෂ්ටාචාරයේ ලේඛනය පහළ වී ඇත්තේ මිනිසා විසින් කතා බහේදි පිට කරනු ලබන ශබ්ද සංකේත මඟින් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මානව ශිෂ්ටචාරයේ වර්ධනයත් සමඟ මිනිසාට ස්වකීය අදහස් උදහස් තමන්ගේ ලඟා ඉන්නා අයගෙන් දැන ගැනීම සඳහා ඇති අවශ්‍යතාව සපුරා ලනු වස් ලේඛනය බිහි විය.
භාෂණ මාධ්‍යයෙහිලා භාවිත කරන භාෂා ස්වරූපය හසුරුවනු ලබන්නේ විධිමත් අධ්‍යාපනයකින් නොවේ. නුතනයේදී ජනමාධ්‍යයේ සීඝ‍්‍ර දියුණුවත් වර්ධනයත් නිසාම භාෂාවේ වැදගත්කම පෙරටත් වඩා ඉස්මතු වෙමින් පවති. ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය වැනි මෙවලම් හේතුවෙන් සන්නිවේදන කාර්්‍යයෙහිලා භාෂාවේ වැදගත්කම පිළිබඳ නූතන වාග් විද්‍යාඥයින්ගේ මතයයි.
භාෂණය ලේඛනය තරම් විධිමත් නොවුවද බස හසුරුවන කිසියම් නීති රිති පද්ධතියක් හෙවත් ව්‍යාකරණයක්ද එහි දැකිය හැකිය. ග‍්‍රන්ථාරූඪ භාෂාව මෙන්ම පොදු ජනතාව අතර ප‍්‍රචලිත බොහෝ ප‍්‍රදේශික ව්‍යවහාර කිසියම් රටා සමුදායකට අනුව ගොඩ නැගුණු අර්ථයෙන් යුත් වහරක් බව ප‍්‍රාදේශිය ව්‍යවහාර අධ්‍යනයේදී සනාථ වේ. ලේඛන ව්‍යවහාරයේදී සම්මත භාෂා රීති මඟින් හසුරුවන ලබන අතර භාෂණය හෙවත් කටවහර අවස්ථානුකූලව පරිසරය අනුව වෙනස් වනු දැකිය හැකි වේ. මේ හේතුව නිසා ජනවහර අධ්‍යයනයේදී හුදෙක් භාෂණය පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොව ප‍්‍රාදේශිය විවිධතා සමාජ ස්ථර ආර්ථික සංස්කෘතික රාමුවට ප‍්‍රදේශයට සීමා වු ව්‍යවහාර ප‍්‍රභේද උත්පාදනය වී තිබේ.
ජනවහර ලෙස සැලකෙන්නෙ   විධිමත් ව්‍යාකරණ නීති රිති මඟින් මෙහෙයවන විධිමත් අධ්‍යාපනයක් නොලැබු පොදු ජනතාව අතර නිරායාසයෙන් භාවිත වන භාෂාවයි. එහිදි විධිමත්් අධ්‍යාපනයක් නොලත් යනු නූගත් පිරිසක් නොව ඔවුන් තමන් ලද අත්දැකීම් තුළින් පරිණත බුද්ධියකින් හෙබි පිරිසක් වේ.
ජනවහරේ වුවද විවිධ වෙනස්කම් දක්නට ලැබේ. නිදසුන් ලෙස ගතහොත් ප‍්‍රදේශයක ජනවහර තවත් ප‍්‍රදේශයක ජනවහරට වඩා සුළු හෝ සැළකිය හැකි වෙනස්කමකින් යුතු වේ. මෙබදු වෙනස්කම් පළාත් වහර නමින් හැඳින්විය හැකිය. වචන කෝෂය උච්ජාරණය ආදි වශයෙන් පළාත් වහරේ විශේෂතා හමු වේ. මෙබදු වචන හෝ යෙදුම් හෝ අවිධිමත් යැයි කිසිසේත් සැලකිය නොහැක. එම වචන වලින් ප‍්‍රකාශ කෙරෙන අර්ථ වලට සමීප වෙනත් වචන ගත් වහරෙහිද සොයා ගැනීම අපහසු නොවේ. ගැමියන් එම වචන භාවිතා කරනු ලබන්නේ ස්ථානයට අවස්ථාවට උචිත අන්දමිනි.
ඒ ඒ පළාත් වහරෙහි වදන් වල පමණක් නොව යෙදුම් වලද ගැමි ගතියක් දක්නට ලැබේ. එපමණක් නොව වාග් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබන වියරණ රිති සහ වාග් විද්‍යානුකූල ලක්ෂණ ජන වහරක් අධ්‍යයනය කිරීම තුල අපට හදුනා ගැනීමට හැකි වේ.
භාෂාව සංස්කෘතියේ වර්ධනයත් සමඟ වෙනස් වන්නකි. එවකට ගැමි ජනවහරෙහි භාවිතා වු ඇතැම් වදන් නිරායාසයෙන්ම අද වන විට අභාවයට ගොස් ඇත. නුතන ජනමාධ්‍ය ව්‍යාප්ත වීම ,ප‍්‍රවාහන කටයුතු දියුණු වීම, ග‍්‍රාමීය ආර්ථිකය සංකීර්ණ බවින් යුක්ත වීම ,නාගරීකරණය යන ලක්ෂණ හේතු කොට ගෙන භාවිත බසේද වෙනස්කම් ගණනාවක් හදුනාගැනීමට අද වන විට හැකි වී ඇත. ජන වහරක් වුවද නාගරික ජන වහර සමඟ සංකලනය වෙමින් වර්තමානයේදී සීඝ‍්‍ර වෙනස්කම් වලට ලක් වී ඇත එවිට ජනවහරට අළුත් වදන් එකතු වන අන්දමක් දක්නට ලැබේ.
සාමාන්‍ය කතා බහේදී පොදු ජනයා ව්‍යවහාර කරනු ලබන වදන් මාලාව ජන වහර නම් වෙයි. ගැමියන් සිය සාමාන්‍ය කතා බහේදී භාවිතා කරනු ලබන ඔවුන්ටම ආවේණික වු විශේෂ වදන් පෙළ ගැමි ජන වහර යනුවෙන් හදුන්වා දිය හැක. එසේ වුවත් වර්තමානයේදී පැහැදිලිව දැකගත හැකි වන්නේ විවිධ පළාත් බදව භාවිතා වන බස් වහරෙහි වෙනස්කම් විවිධතා රැුසක් ඉස්මතු වී ඇති බවයි.
සිංහල භාෂාව ජීව භාෂාවක් වන අතර පොදු ජනයා එදිනෙදා ජිවිතයේදී භාවිතා කරනු  ලබන බස් වහරක් වෙනම පවතින අතර එය ජීවි භාෂාවක් ලෙස හදුන්වා දිය හැකිවේ.
 ඕනෑම ජීවි භාෂාවක් අලූත් වචන හා යෙදුමි එක් වෙමින් පෝෂණය වී වර්ධනය වෙමින් පවති.
එසේම කාලයත් සමඟ ඇතැම් වචන කලක් ගත වන විට අභාවයට ගොස් ඇති අන්දමක් දක්නට ලැබේ. එනම් මුලින් තිබු අර්ථය වෙනස් වී අලූත් අර්ථයක් නිපදවීමට සමත් වීමයි මේ ලක්ෂණ ජීව භාෂාවක ලක්ෂණ ලෙස හදුනා ගත හැකි වේ.
ශ‍්‍රි ලංකාව තුල වැඩි ජනගහනයක් තවමත් ජීවත් වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වලය. සිය මව්බස පමණක් වහරන වැඩි දෙනෙක් ගැමියෝ වෙති. තම අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුහු විවිධ උපක‍්‍රම යොදා ගනු ලැබේ. එමඟින් අලූත් වචන හා නව්‍ය බවකින් යුතු යෙදුම්ද නිපද වේ. සිංහල ගැමි වහරේ වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ ඉඟි වැකි හෙවත් රූඪි යැයි අප හදුනා ගන්නා ප‍්‍රභේද වෙති.
තම අදහස නිවැරදිව හා තියුණු ලෙස අර්ථවත්ව අසන්නාට වහා වටහාගැනීම නිරායාසයෙන්ම ගැමියෝ ඉඟි වැකි හෙවත් රූඪි උපමා යොදා ගන්නා ලදි එමඟින් බස සජීවි මෙන්ම රසවත් වී ඇති බව දක්නට ලැබේ මෙයට අමතරව ප‍්‍රස්ථා පිරුළු හා ආප්තෝපදේශද  භාවිතා කරනු ලැබේ.
වෙනත් බසකින් බිඳගත් වචන වුවද ගැමියා හසුරුවන්නේ තම කට වහරට උචිත වන පරිද්දෙනි. මෙතුලින් බසට අලූත් වචන එකතු වී බස පෝෂණය වීමක්ද සිදු වී ඇත. ඇතැම් වචන දෙමළ බසින් ද ඇතැම් වචන පෘතුගී‍්‍රසි ලන්දේසි බසින්ද පෝෂණය වී තිබේ. වර්තමානයේදී ඉංග‍්‍රිසි බසින්ද විශාල වචන සංඛ්‍යාවක් හෙළ ගැමිජන වහරට එක් වී සම්මිශ‍්‍රණය වී තිබේ.
ගැමි වහරෙහි තවත් ආවේණික ලක්ෂණයක් ලෙස පළාත්බද විෂමතාව අනුව ඇතැම් විට කුල පරම්පරාව අනුවද වචන හා යෙදුම් එකිනෙකට වෙනස් ස්වරූපයකින් දක්නට ලැබේ. එකම අදහසක් අර්ථයක් දැක්විම සඳහා එක් පලාතක ජන කොට්ඨාශයක් භාවිතා කරන වචන වලට වඩා වෙනස් වචන වෙකත් පලාතක හෝ ජන සමූහයක් අතර වෙනත් ස්වරූපයකින් භාවිත වේ. මෙය ස්වභාවික ලක්ෂණයක් ලෙස අපට හදුනා ගත හැකි වේ. ජන වහරට වෙනත් බසකින් ඈඳා ගනු ලබන වචන ඇතැම් අවස්ථාවන්හිදි පවතින බසේ ශිෂ්ට සම්පන්න බව හා අර්ථ විකෘති කිරීමේ හැකියාවක්ද පවතින බැවින් උචිතම වදන් පමණක් භාවිතයට ගන්නේ නම් පවතින බසේ ජීවි ගූණය රැුක ගනු හැකි වේ.
සිංහල භාෂා ව්‍යවහාරයේදී එකම පදය හෝ යෙදුම විවිධ අවස්ථා වලදී විවිධ අර්ථ දනවන සේ යොදනු ලැබේ. එසේම එක් ප‍්‍රදේශයකදී යම් කිසි අර්ථයක් දැක්වීම සඳහා යොදන වදනක් තවත් ප‍්‍රදේශයකදී වෙනත් අර්ථයකින් භාවිතා කරනුද දැකිය හැකිය. ප‍්‍රාදේශිය භාෂා ව්‍යවහාරයන් එකිනෙකට වෙනස් බවක් දක්වන එක් ප‍්‍රධාන කරුණක් ලෙස මෙය දැක්විය හැක.
ශි‍්‍ර ලංකාවේ තවමත් පවතින කුල ගෝත‍්‍ර නොහොත් පරම්පරා අනුවද භාවිතා කරන වදන් හා උච්චාරණ විධි එකිනෙකට වෙනස් බවක් අපට දැකගත හැකිය. වචනාර්ථ ප‍්‍රාදේශිය වශයෙන් වෙනස් වන්නා සේම උච්චාරණ විධියද විවිධ වේ. එක් එක් පළාතේ ගැමියන්  විසින් වචන හෝ වැකි හෝ උච්චාරණය කරනු ලබන පිළිවෙල අනුවද එකම අදහස විවිධාකාරයෙන් පැවසේ ප‍්‍රාදේශිය ව්‍යවහාරයන්හි පවත්නා මඳ විෂමතාව වුවද පැහැදිලිව පෙනේ්..
                                   
                                                               තරංග කුමාර

භාෂාව යනු කුමක්ද?



භාෂාව යනු කුමක්ද?

“අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රබලතම මාධ්‍ය භාෂාවයි”

භාෂාවේ ස්වභාවය කවරේ ද?

“භාෂාව මගින් මිනිසා අද්විතිය ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන තිබේ. චින්තනය, අධ්‍යාපනය, සන්නිවේදනය, විනෝදාස්වාදය අන්‍යොනය සබදකම්, සමාජ සංවාද ආදී මේ සෑම අංශයක් කෙරෙහි ම භාෂාව බලපාන්නේය. භාෂාව භාවිතා කරන සමාජය “භාෂක සමාජය” ලෙස හදුන්වයි. පොදු වාක්‍ය සංකේත පද්ධතියක් ඒ සදහා යොදා ගනී. මේ වාක්‍ය සංකේත පද්ධතිය හේතුවෙන් ජාතියක අනන්‍යතාව ද ආරක්ෂා වේ”

භාෂාවේ කාර්යභාරය කුමක්ද?

“සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍ය්‍යාන්‍යයන් වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම, කෙටියෙන් කියතොත් සමස්ත සමාජ ක්‍රියාවලිය ම සිදුවන්නේ භාෂාව පදනම් කර ගෙනය”

සන්නිවේදනය යනු මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට හැගීමක්, අදහසක්, ප්‍රකාශයක් තොරතුරක් හෝ අවශ්‍යතාවක් ප්‍රකාශ කිරිමයි. මනුෂ්‍ය සමාජය තුළ පමණක් නොව තිරිසන් සත්වයන් තුළ ද ඔවුන්ගේ හැගිමක් ප්‍රකාශ කිරිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් අනුගමනය කරනු දක්නට ලැබේ. එම සන්නිවේදන කාර්යයේදී ප්‍රබල මාධ්‍යයක් හැටියට යොදා ගන්නේ භාෂාවයි.

භෙතික හා බුද්ධිමය වශයෙන් මිනිසාගේ දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍ය දියුණු වු බව පෙනි යයි. ඒ සෑම මාධ්‍යයකකදී ප්‍රබලව අදහස් දැක්විමට යොදා ගනු ලබන්නේ භාෂාවයි. එවැනි ප්‍රබල මාධ්‍යයක් වන සිංහල භාෂාව භාවිතා කරනා හුදෙක් ජනයා වාග් කෝෂය භාවිතා කරන්නේ කිසිදු ආකල්පයක් හැගිමක් නොමැති පිරිසක් ලෙසය. එවැනි පුද්ගලයින් සමාජයේදී සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍යොන්‍ය වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම අතින් පහළ මට්ටමක සිටින බව භාෂා භාවිතා කරන ඇතැම් පුද්ගලයින්ගෙන් දැක ගත හැකිය. 

ව්‍යාංජනයකට ලුණු නොදෑ කළ එය රසවත් නැත. එලෙසම භාෂා භාවිතා කර කවි, කතාන්දර කිවාට භාෂාව භාවිතා කිරිමට අප නොදන්නේ නම්.. එම කවි කතා නීරසය, සැම විටම පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේඅන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිමත් සමගය, අප භාෂාව භාවිතා කර කුමන ආකාරයේ නිර්මාණ බිහි කලත්, එවැනි දෑ නිර්මාණය කිරිමට උත්සහ දැරුවත්, භාෂාව භාවිතා කිරිමට නොදන්නේ නම් එයින් කිසිදු පලක් නොමැත.
                                                       

දිනේෂ් සංජය



භාෂාව හා සංස්කෘතිය

භාෂාව හා සංස්කෘතිය.....................



                     භාෂාව හා සංස්කෘතිය

                                    













සංස්කෘතිය යන්න දිනෙන් දින වෙනස් වන්නකි.සංස්කෘතිය යනු ජනතාව සතු කලා ශිල්ප සමූහයයි ඇතැම් පුද්ගලයන් විග්‍රහ කරන අතර ඇතමුන්ගේ ප්‍රකාශය වන්නේ ජනතාව සතු සාරධර්ම,සාරාත් විරිත්,ආචාරධර්ම ආදිය සංස්කෘතිය බවයි.එක් ජන කොටසක් තුළට තවත් ජන කොටසක් එකතු වීමෙන් පෙර ජන කොටස තුළ යම් වෙනසක් නිතැතින්ම සිදුවේ.ඒ අනුව සංස්කෘතිය තුළ ඇති ලක්ෂණ ගතික ස්වභායවකින් යුක්තය.සංස්කෘතිය යනු කුමක් ද?යන්න පිළිබද පොදු ඒකමතිකයක් ගොඩනගා ගැනීම අපහසුයමේ සම්බන්ධව විවිධ විදිවතුන් විවිධ ලෙස නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතර වඩාත් කැපී පෙනෙන නිර්වචනය ලෙස එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.

 සමාජිය සත්ත්වයෙක් ලෙස මිනිසා විසින් අත්පත් කර ගන්නා දැනුම ,විශ්වාස,ශිල්පක්‍රම,සදාචාර,නීතිය,චාරිත්‍ර හා වෙනත් ඔිනෑහැකියාවක් හා පුරැදු ඇතුළත් වන සංකීර්ණ සමස්ථය සංස්කෘතියයි.

ඔහුට අනුව සංස්කෘතිය යනු විශ්වයේ පවතින සියලුම අංගයන් ඇතුළත් වන බව සදහන් කර ඇත.සරලව සදහන් කරන්නේ නම් මානවයාගේ උපතේ පටන් අවසන් කටයුතු දක්වාම සිදු කරනු ලබන සියලුම මානව ක්‍රියාකාරකම් මේ තුළ අන්තර්ගත වී ඇත.
සංස්කෘතිය යන ප්‍රධාන කුලකයේ එක් උපකුලකයක් ලෙස භාෂාව සදහන් කළ හැකිය.මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ භාෂාව තුළින් සංස්කෘතිය නිරෑපනය වන්නේ කෙසේ ද? යන්න ගවේෂණය කිරීමය.
පුරාණ මානවයා සමාජගත වීම හෙවත් සංස්කෘතිගත වීම සදහා යොදාගත් ප්‍රබලම උපකරණය වුයේ භාෂාවයි.එවක පටන් වර්තමානය දක්වා මානව සංස්කෘතිය හා භාෂාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.එය ගසට පොත්තත්,පොත්තට ගසත් වැනි වූ එකිනෙකින් පෝෂණය වන්නා වූ සාධකයන් ද්විත්වයකි.භාෂාවයන්න සම්බන්ධව ද විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතරින් පහත නිර්වචන මේ සම්බන්ධව වැදගත් වේ.

භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටයමක් වැනිය.සංස්කෘතියක සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකියි.
                                               මහාචාර්ය ජේ.බී. දිසානායක

ජේ.බී. දිසානායකයන්ගේ නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ ඇදුම් ,පැළදුම් ,සාහිත්‍ය ,ආහාරපාන,නිර්මාණ,ආගමික වත් පිළිවෙත්,කලා ශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්ප ,ආචාරධර්ම ආදී සියලුම සංස්කෘතිකාංග සියල්ල පරපුරෙන් පරපුට ප්‍රදානය කරනු ලබන්නේ භාෂාව පදනම් කොට ගනිමිනි.
මිනිසා ජීවත් වන සමාජ හා සංස්කෘතික පරිසරය මෙන්ම ඔහු උරැම කරගත් හා ඔහුට අනිවාර්යෙන්ම මුහුණ පාන්නට සිදුවන ආර්ථික හා දේශපාලනමය සංසිද්ධීන්ද?විසින් ඔහු භාවිතා කරන භාෂා ව්‍යවහාරය හැඩගස්වනු ලැබේ.භාෂාවෙන් තොරව අපට ආගමික ,ආර්ථික,දේශපාලනික,හා සමාජෘයව සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිය.මානව විද්‍යාඥයින් හා වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම අනුව භාෂාව යනු මානව සංස්කෘතියෙහි ඉතාම වැදගත් අංශයකි.
සෑම භාෂාවක්ම එය භාවිත කරන්නන්ගේ චින්තන ක්‍රමය පිළිබිඹු කරන අතර,භාෂාවේ ඇති වචන කෝෂය එම භාෂාව භාවිත කරන්නන්ගේ සංස්කෘතිය පිළිබිඹු කරයි.නිදසුන් ලෙස පහත ඒවා දැක්විය හැකිය.
       
                             1.ශ්‍රී ලංකාවේ වැදි ජනයා
                                      ගම් පොජ්ජ  -  ගම
                                      ගල් රැක්කි   -   පොරව
                                      කෝනම් පොජ්ජ   -  රෙද්ද
                                       රැකං පොජ්ජ   -      ගස
          
                           එසේම එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධ වීම තුළින් භාෂා හුවමාරැව ඇති වීමක් ද දැකිය හැකිය.

                                     පැල් පොජ්ජ  -පැල
                                     පුලුං පොජ්ජ  -පුලුං
                                      ට්‍රැක්ටර් පොජ්ජ  -  ට්‍රැක්ටරය
   එපමණක් නොව ජේ.බී දිසානායකයන්ගේ සිංහල ජනවහර නම් කෘතියේ සංස්කෘතිය කෙරෙහි ජනවහර බලපාන ආකාරය පිළිබ්‍රදව කරැණු දක්වා ඇත.

 ජනකායේ සිතුම්,පැතුම් ,ඇදහිලි,විහ්වාස,පුදපුජා ආදීය ශවුන්ගේ බස් වහරින් වෙන් කොට ගත නොහෙන තරමට එකට මුසු වී තිබේ.සිංහලයා සිතන පතන හැටියට මිනිස් සිරැරේ ඇති වටිනාම අංගය ඇසයි.ඔවුන් දිවුරන විට ඇස්දෙක පල්ල කියා මුත් වෙන ශරීරාංගයක් ගැන සදහන් නොකරන්නේ ඒ හේතුවෙනි.ගේ දෙසට ඇදෙන නායෙකු දුටුවිට නායිහාමි යහපත් වෙන්ඩ  යයිබැගෑපත්ව කියන සිංහලයා,බල්ලකු හෝ සතකු දුටු කළ එසේ බැගෑපත් නොන්නේ ඇයි?නයා වූ කළී මළගිය ප්‍රාණකාරයෙකැයි යන ඇදහිල්ලක් සිංහලයන් අතර පවත්නා බැවිනි.බලි,තොවිල්,ගම්මඩු,කංකාරි ආදි පුද පූජාවල එක් වැදගත් අංගයක් වන්නේ ඒ හා සමග බැදෙන බස් වහරය.එබැවින් ජනතාවගේ සංස්කෘතික රටාව හදාරන මානව විද්‍යාඥයාට ජනවහරින් ගද හැක්කේ රැකුලකි.

සිංහලයන්ගේ සිරිත්,විරිත් ,සාරධර්ම ආදීය පිළිබද භාෂාව ඔස්සේ තවදුරටත් අධ්‍යයනය කළ හැකි වේ.මිනිසාගේ ජීවන ගමන තුළ විවිධ කඩඉම් දක්නට ලැබේ.එනම්, උපත,වැඩිවියට පැමිණීම,විවාහය හාමරණය ආදියයි.මේවා පදනම් කොටගෙන විවිධ ජාතීන් අතර ඔවුන්ටම ආවේණික වූ සිරිත්,විරිත්,චාරිත්‍ර,වාරිත්‍ර දක්නට ලැබේ.

අතීතයේ දරැවන් බිහි වූ ස්ථානයට තිඹිරි ගෙදර යන නමින් ජනවහරේ හදුන්වන්නට විය.දරැවකු ලැබුණ පුවත දැනගත් වහාම සරමක් ද,කබායක් දැයි ගැමියන් අසති.සරමක් නම් පුතකු බවත්,කබායක් නම් දුවකු බවත් මින් අර්ථවත් වේ.දරැවකු උපන් අලුත කිරිකට ගෑම රන් කිරි කට ගෑම ලෙස ජනවහරේ හදුන්වනු ලැබේ.
මීට අමතරව කුඹුර හා බැදී පවතින වෙනම සංස්කෘතියකක් ද දැකගත හැකිය.

           1.නිදසුන් ලෙස     කමත  -කොළ පාගන ස්ථානය
                                        බැත    -වී
                                         මැඩුවම්  -පිදුරැ
                                         අම්බරැවෝ   -   මී හරක්
                                        බෝල් අත්ත    -    කමත පිරිසිදු කිරීමට ගන්නා උපකරණය
                                          ඇඹුල        -      කුඹුරට ගෙන යන ආහාර වේල

ඉහත සියලු කරැණු අනුව එනම් විවිධ වචන,චාරිත්‍ර,සිරිත් විරිත් ආදීය පදනම් කොටගෙන භාෂාව මෙන්ම සංස්කෘතිය පිළබදව මනා වූ අවබෝධයක් ලබා ගත හැකිය.සංස්කෘතියකින් තොරව භාෂාවක් ගොඩනැගීමත් සිදුනොවේ.එබැවින් සංස්කෘතියත් ,භාෂාවත් එකම කාසියේ දෙපැත්ත මෙන් ය. 


                                                              මධුෂාණී කෝකිලා

  

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...