Saturday, March 31, 2018

ප්‍රථම රැය....

දිනයේ මංගල
ගෙවනා ප්‍රථම රාත්‍රිය
එලා සුදු පිරුවට
සොයනා රත් පැහැය ...
ඔබ...
පෙර දිනක සතපවා...
යහන මත සිරකලා
නැති කලා ඔබ එදා
පතිනියක කෙලෙසා සමා...
නසන්නා පතිවත...
සොයන් ආ  හිතවත...
ඉල්ලනා මගේ ගත... 
කිම්ද මට නුඹ සිත...
                                            සෙල්ලක්කාරී

Monday, March 5, 2018

ඇත්තටම ඇත්තේ ආරම්භය.

ඇත්තටම ඇත්තේ ආරම්භය.

ලංකාදීප, ලේක්හවුස් පුවත්පත්වල එකධිකාරයටත්, එක්සත් ජාතික පක්ෂයටත් එරෙහිව විකල්ප පුවත්පත් ආරම්භ කිරීමේදී කොමියුනිස්ට් පක්ෂය පෙරමුණ කරගත් අතර තම දේශපාලන මතධාරී මාධ්‍යවේදීන් හා පක්ෂ ක‍්‍රියාකාරීන්ගේ දායකත්වය ඇතිව 1964 දෙසැම්බර් 14 දින ඇත්ත අරම හය කරනු ලැබිය. එවකට පවතී සභාග ආණ්ඩුවේ සියලූ දේශපාලන පක්ෂවල සහය ඇතිව ආරම්භ වූ ඇත්ත පුවත්පත ධනපති බලවේගවලට ප‍්‍රබල පිළිතුරක් විය.

”ඇත්ත පුවත්පත බිහි වූයේ පනස් හයේ දේශපාලන පෙරලිය උදි යටිකුරු කරන්නට එවකට ධනපති බලවේගය මඟින් පරායත්ත දැරුණු මොහොතක, ප‍්‍රගතිශීලි බලවේග ඊට එරෙහිව බලමුළු ගන්විමෙහිලා පෙරමුණ ගත සෙන්පතියෙකු ලෙසිනි. (සිල්වා,2006,පි.08* වාමාංශික නායකයෙකු වූ පීටර් කෙනමන් රැුලියකදී සඳහන් කලේ ”දැනට ඇති ධනපති පත්තර සියල්ල පච පත්තර බවත් අප විසින් ඊට පිළිතුරු ලෙස පුවත්පතක් අරඹන බවත් එහි නම ”ඇත්ත” බවත්ය.

ඇත්තේ ආරම්භක ලේඛකයන් වූයේ ලේක්හවුස්, ටයිම්ස්, දවස, දවස ආයතන වල සේවය කල එ.ජා.ප. විරෝධී මාධ්‍යවේදීන්ය. ඔවුන් වඩාත් ආකර්ශනීය ලෙසත් ප‍්‍රගතිශීලි මතවාද සහිතවත් ”ඇත්ත” එලි දක්වනු ලැබිය. මුලින් දවස කර්තෘ මණ්ඩලයේ සේවය කොට ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් සේවය කල සිරිලාල් කොඩිකාර පවසන්නේ එලෙසින් ඇරඹු ඇත්ත මුල්පිටපත නිකුත් වූයේ සගින්නකින් පෙළුණු ඡුන්දදායක පාඨක සංඛ්‍යාවට පැල්පතකින් සැපයුණු වුනු බතක් ලෙසට බවයි. (කොඩිකාර,1977,පි.335*

”ඇත්තේ” ආරම්භක කතුවරයා වූයේ හික්කඩුව ගලප්පත්තිගේ සුගතපාල (එච්.ජි.ඇස්* රත්නවිරය. ඔහු ප‍්‍රබල කොමියුනිස්ට් පක්ෂ ක‍්‍රියාකාරිකයෙක් විය. කොමියුනිස්ට් පක්ෂ පත්තර සන්ගරාකරණයේ යෙදුනෙකි. කාලින දේශපාලනික පසුබිමත්, සමාජ අවශ්‍යතාවයත් මත හදිස්සියේ මෙන් ආරම්භ වූ ඇත්ත පුවත්පතට හොඳ ගොඩනැගිලි පහසුකම් හෝ යන්ත‍්‍ර  සුත‍්‍ර නොතිබිණි.  එය බිහි වූයේ පැල්පතක් වැනි තැනකිනි. ”1965 මැතිවරණයේදී යූ.එන්. ජි. විරෝධී පිල වෙනුවෙන් මහා  පත්තර ආයතන තුනේ ප‍්‍රචාරක සන්ධානයට මුහුණදුන් සැටියෙන් ”ඇත්ත” පත්තරය පැල්පතක් වැනි තැනකින් නිකුත් වන්නෙකි ස්ථානය නුදුටු යට සිතන්නට අවකාශ තිබුනේ නැත” (එහිම පි.357* කෙසේ වුවද මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක ප‍්‍රමුඛ එජාපය පිහිටවූ ආණ්ඩුවට ඇත්ත පුවත්පතේ ප‍්‍රහාරවලින් වැළකීමට අවස්ථාවක් නොවිය. ආණ්ඩුව පුවත්පත මුද්‍රා තැබීමට තීන්දු කල අතර ඒ සඳහා මුද්‍රාව හා ලාකඩ රැුගෙන පැමිණි නිලධාරීන් විශ්මයට පත් වූයේ ”ඇත්ත” කන්තෝරුවේ ස්වභාවය දැකීමෙනි”

”මහා මාධ්‍ය බලයක් පානා ඇත්ත ආයතනය මෙතන යැයි ඔවුන්ට විශ්වාස කල නොහැකි විය. තැන මෙතනම බව තිර කරගත් පසු ප‍්‍රශ්නය වූයේ මුද්‍රා තබන්නේ කොතනටද යන්නයි. කර්තෘ මණ්ඩලයේ දේපල ලෙස පාවිච්චි වුනු මේස පුටු තිබුනේ වහලක් යට වුවත් ඒ තුලට පිවිසෙන්නට තව කපොලූ තිබෙන බව පෙනෙන තැනකය. 
ඔවුව්හු ඒ කබල් දොර වසාඅ මුද්‍රා තබා ගියහ.”
මෙබනු අඩුලූහුඬුතා මධ්‍යයේ වුවද එච්.ජි.ඇස්. රත්නවීර, බමුණු ආරච්චිගේ සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, රිචර්ඞ් විජේසිරි, ජැක්සන් සේනාරත්න,මොටගෙදර වනිගරත්න,හෙම ද සිල්වා, ජිෆ්රි යුනුස්,මහින්ද අබේසුන්දර, අර්වින් වීරක්කොඩි, සුමනපාල අමරසේකර, බෙනට් රූපසිංහ, සිරි පළිහෙන ප‍්‍රමුඛ ඇත්ත කර්තෘ මණ්ඩල සාමාජිකයින්  එය රටේ ජනයාගේ හදවත් වෙත සමීප කරවුයේ ඉන් ප‍්‍රකට කළ ප‍්‍රගතිශීලි දේශපාලන දර්ශනයක් සජීවී භාෂා ව්‍යවහාරයත්, උපහාසාත්මක කාටුන් දියත් තුළිනි. 

”ජනමතය සංවිධානය කිරීමේ අරමුණ වෙනුවෙන් යොදා ගැනීම අතින් ”ඇත්ත” සාර්ථක අත්දැකීමක් විය. ලෝකයේ ප‍්‍රධාන සමාජවාදී රාජ්‍යය ලෙස පවතී සෝවියට් දේශයේ ප‍්‍රධන පුවත්පත වූ ප‍්‍රවුදා මෙන් ඇත්ත පත‍්‍රයේ ද පළල් පිටු සහිතව ප‍්‍රධාන වශයෙන් පිටු 04ක් විය. 65 මැතිවරණය අභිමුවෙහි රටේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික පුවත්පත් එක් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියදී ඇත්ත පුවත්පත දිනපතා  පුවත්පතක් වශයෙන් ආරම්භ කිරීම දුෂ්කර කාර්යයක් විය. කෙසේ වුවත් මෙම අවදියේ ”ඇත්ත” ලබා ගැනීමට පාඨකයන් අතර තරඟයක් පැවති බව පෙනේ.”(පියදාස,1997,පිටු.290*

”ඇත්ත” බිහි වූ සමාජ පසුබිම ලංකා පුවත්පත් ඉතිහාසයේත් වැඳගත් සන්ධිස්ථානයක් බව මෙම කරුණුවලින් පැහැදිලි වේ. එසේම දශක 03 ට වැඩි කාලයක් පාඨකයා අතර ජනප‍්‍රියව පවතී ”ඇත්තේ” තීරණාත්මක සාධකය වූයේ බී.ඒ. සිරිවර්ධනයි. 

අන්තර් සංස්කෘතිය.

අන්තර් සංස්කෘතිය

ලෝකයේ කිසි`දු සංස්කෘතියක් උස් හෝ පහත් යැයි නිගමනය කල නොහැක. එසේම කිසි`දු සංස්කෘතියක් 100% තම සංස්කෘතියට අවේණික ලක්‍ෂණ වලින් පරිපූර්ණ වී නොමැත. සෑම සංස්කෘතියක්ම සමීප සංස්කෘති හා එක්ව ඒවායේ සංස්කෘතික අංග එක්කර ගනිමින් පෝෂණය වීමක් දැකගත හැක. මෙසේ එක් එක් සංස්කෘතීන් සමග අංග හුවමාරු කර ගැනීම අන්තර් සංස්කෘතික විසරණයයි.

  ඇමරිකා එක්සත් ජනපදය පිළිබ`දව අධ්‍යනයේදී එහි ඉතිහාසයේදී රතු ඉන්දියානුවන් සතු භූමිය මහා බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි වෙළ`දුන් පිරිසක් අත්පත්කර ගනිමින් නව රාජ්‍යක් ලෙස නව සංස්කෘතියක් නිර්මාණය කරයි. එහිදී ඔවුන් රතු ඉන්දියානුවන්ගේ සංස්කෘතික අංග එක්කර ගනිමින් ඉදිරියට ගමන් කරයි. පසුව කළු ජාතික වහලූන්ගේ සංස්කෘතිය, හිපි සංස්කෘතිය ආදී සංස්කෘතික අංග තම මහා සංස්කෘතියට එක්කර ගනී. එසේ සාදාගත් ඇමරිකානු සංස්කෘතිය ජනමාධ්‍ය ඔස්සේ ලෝකය පුරා ප‍්‍රචලිත වේ. ඇ`දුම් පැල`දුම්, ජීවන රටාව, යාන වාහන, නිවාස ආදී භෞතික හා අභෞතික සංස්කෘතික අංග ලෝකයේ දස දෙස පැතිර යාමට රූපවාහිනිය, සිනමාව, මුද්‍රිත මාධ්‍ය මූලික වේ.

  ඉන්දියානු සංස්කෘතික අංග ලක්‍ෂණ ලාංකික සංස්කෘතිය කෙරේ බලපෑම් එල්ල කරනු ලබන්නේ අතීතයේ සිටය. ආක‍්‍රමණ, සංක‍්‍රමණ, වෙළ`දාම හා සංචාරක සබ`දතා පදනම්කොට ඉන්දීය සංස්කෘතිය ලංකාව තුළ මුල්බැස ගනී. වර්තමානය වන විට ඉන්දීය ටෙලිනාට්‍ය, චිත‍්‍රපට, ගීත හා ස`ගරා ඔස්සේ ලාංකික සංස්කෘතිය වෙත බොහෝ විශ්වාස, ආකල්ප මෙන්ම භෞතික සංස්කෘතික උපකකරණ භාවිතය වෙනස් කිරීමට සමත් වී ඇත. ලාංකික ගෘහණියගේ ජීවන රටාව වෙනස්කොට ඇයගේ විලාසිතා, ආකල්ප, ප‍්‍රතිමාන නව මුහුණුවරකට ගොඩනැගීමට හැකිව ඇත.

  අන්තර් සංස්කෘතික විසරණය මගින්ද යම් සංස්කෘතියක් තුළ ඇති සංස්කෘතිකාංග නව්‍යකරණය කරමින් එක් එක් සංස්කෘතීන් අතර ඒ ඒ අංග හුවමාරු කිරීම ස`දහා ජනමතය මූලික වී ඇත. අන්තර්ජාල මාධ්‍ය මගින් වේගවත් ලෙස සංස්කෘතිය විසරණය සිදුකරයි. පැරිස් නගරයේ එළිදක්වන නව විලාසිතා, ඇ`දුම් පැළ`දුම් ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ වෙළ`දසැල් මගින් මිලදී ගැනීමට හැකිව ඇත්තේ මේ නිසාය. ගෝලීය මට්ටමින් සිදුකරන මාධ්‍ය ප‍්‍රචාරණ තුළින් ගෝලීය වෙළ`දපල තුළ නව සංස්කෘතික භාණ්ඩ අලවිය අන්තර් සංස්කෘතික විසරණයට නිදසුනකි.

කන්ද උඩින් අටවක සඳහිනාවෙනවා

කන්ද උඩින් අටවක සඳහිනාවෙනවා
මෝදු   වෙන්ඩ
?න් පිටින් බට්ටිත්තන් පියාඹනවා
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ....

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර
හිමින් නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත  පැලේ


පද රචනය - සුනිල්  ආරියරත්න මයතාx
ගායනය - විශාරද නන්දා මාලනී මහත්මියx


ආශ්චර්යමත් වූ පේ‍්‍රමය හමුවේ නොයෙක් දන සියලූ සම්පත් ඉසුරු වස්තු හැර දමන්නේ පේ‍්‍රමය නම් සිතු පැතු සියලූ සම්පත් ලබාදෙන  ”චින්තා මාණික්‍යයක්” වන බැවින් යයි ඔහු පවසයි. මේ අසිරිමත් වූ පේ‍්‍රමය පිලිබඳ සියවස් ගණනාවක් තිස්සේ ලොව පුරා ජීවත් වූ නෙක කලාකරුවන්, සාහිත්‍යකරුවන් කවි කිවිඳියන්, නාට්‍යකරුවන්, සිනමාකරුවන්, ගායක ගායිකාවන් විසින් නිමවන ලද අමරණීය පේ‍්‍රමාන්විත නිර්මාණ රසය නොවිඳි කවරකු හෝ වේ යයි සිතීම උගහට ය. පේ‍්‍රමය නමින් භාරතයේ ඉදිවී ඇති ටජ් මහල් සිහිවටනය ලොව පුදුම අතරට එක වන්නේත්, ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් පේ‍්‍රම කතාව දහසය වන ශත වර්ෂයේ සිට අද දක්වාම ලොව පුරා සුවහසක් රසික ජනයා විසින් වැළඳ ගනු ලබන්නේත් පේ‍්‍රමයෙහි වන මේ ආශ්චර්යම නිසා නොවේ යයි පවසන්නට කවරෙකුට හැකිවේද?

ඉදින් මේ පේ‍්‍රමය විෂය කොට ගෙන එහි නෙක පැතිකඩ තෝරාගෙන රචනා කොට ඇති සිංහල පේ‍්‍රම ගීතාවලිය තුල සුනිල් ආරියරත්නයන් විසින් පබඳන ලද නන්ද මාලිනිගේ මධුර ස්වරයෙන් ගැයුණු පේ‍්‍රම ගීත රාශියක් සමග අරුතින් පමණක් නොව ප‍්‍රමාණාත්මක බවින් ද තරඟ කල හැකි අන් කවර හෝ ගීතාවලියක් වේ යයි සිතීම අපහසුය. පේ‍්‍රමයේ විප‍්‍රයෝගය, සම්ප‍්‍රයෝගය හෝ වෙනස් චමත්කාරජනක සුන්දර හැගීම් සමුදායක් යේහසිත සැළ මුතු පේ‍්‍රමයෙහි මිහිර විඳින පෙම්වතුන් පෙම්වතියන් ස්වාමි භාර්යා කුටුම්භය තුළ එකිනෙකා අතර හටගන්නා රොස් පරොස් කටුක වදන් ඇවතුම් ආශ්චර්යමත් හමුවීම් ආදී මෙකී නොකී පේ‍්‍රමයේ සුන්දර අසුන්දර මිහිරි හා කටුක බව දැවටුණු ගී රැුසක් තිබේx

මේ ගීතය දෙස මතුපිටින් බැලීමේදි ඉතා ලස්සන භෞතික වස්තු ගොන්නක් ඔබට පෙනේ. සැන්දෑවක්. කුරුල්ලන්. වසු පැටවුන්. ගේ පැලක්x කාන්තාවක් ආදී වශයෙන් පරිසර වස්තු සමූහයක් මේ ගීය පුරාවටම සමබරව විසිරි තිබේ.

විවාහපත් වූ යුවළක් අතර සිදුවන ලිංගික එක්වීමක් සදහා මුල්වන්නේ ඔවුනොවුන් අතර වන පේ‍්‍රමාන්විත හැගීම් සමුදායක් බව රහසක් නොවේ. එසේම එවන් ලිංගික එක්වීමක් අස්වාභාවික සමාජ සංසිද්ධියක් ද නොවේ. එහෙත් එවන් ක‍්‍රියාකාරකමක් තම නිර්මාණයට විෂය කරගන්නා කලාකරුවකු වෙත තිබිය යුතු සංයමය ඔහුගේ නිර්මාණය පුරා විහිදී පැතිරී තිබෙනු පාඨකයාට හෝ ශ‍්‍රාවකයාට ඒත්තු යා යුතු වේ. සුනිල් ආරියරත්න සූරීන් විසින් රචනා කරනු ලදුව, විශාරද නන්දා මාලනි මහත්මිය විසින් ගයනු ලබන මේ ගීතයෙහි අර්ථය මෙන්ම  විශාරද නන්දා මාලනියන්ගේ  ගායනාව ද මොහොතකට සිහියට නැඟිය හැකිය.


මේ ගීතය පුරා පෙම්වතිය, බිරිය තම ස්වාමිපුරුෂයාට පෙම්වතාට ඇරයුම් කොට සිටින්නේ ඈ හා එක්වී පේ‍්‍රමයේ මිහිරිතම ඵල නෙළා ගන්න ලෙසයි. ඇගේ ඉල්ලීම ඍජු ආව්‍යක්ත රාගික ඉල්ලීමක් නොවන්නේ යයි මතුපිටින් පෙනුන ද මේ ගීතයෙන් මතු කෙරෙන ව්‍යංගාර්ථ නගන්නේ එවැනි කායික එකතුවීමකට කෙරෙන ඇරයුමක් පිළිබඳවයි.

මේ කුමන වේලාවක්ද? මේ සුන්දර සැන්දෑවකි. හිරු අවරට ගොස් මද වෙලාවකට පසුවය. රාත‍්‍රියට ආසන්නය.  විහඟුන් කූඩු කරා යන මොහොතයි. උන් පියඹා යන්නේ කූඩු වන්නටයි. කූඩුවෙන් තම ප‍්‍රියයන් සමගයි. අටවක සඳ කන්ද උඩින් හෙමි හෙමින් මෝදු වන්නට සැරසෙයි.  එසේ සැරසෙන්නේ සිනාසෙමිනි. වසු පැටව් හඬන්නේ මවු තුරුළක උණුසුමට ගාල්වීමටය. මෙම කාන්තාවද තම ආදරවන්තයා තුරුලෙහි උණුසුම් වන්නට සූදානම් වන්නේ වසු පැටියෙකු මෙනිx සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්නට පිලට එන්නැයි ඈ ඇරයුම් කරන්නීය. මේ පරිසරය මැද තරුණියක් නැතිනම් කාන්තාවක් පිරිමියෙකු නිදි යහනට කැඳවයි. ඇගේ ඒ ඇරයුම සැබවින්ම ඇහැ ඩිංගක් පියා ගැනීමට දැයි අපට ඇතිවන්නේ කුතුහලයකිx සැබවින්ම මෙම ගීතය  ශෘංගාරාත්මක ගීයක්යx

”කන්ද උඩින් අටවක සඳ හිනාවෙනවා
මෝදු වෙන්ඩ
?න් පිටින් බට්ටිච්චන් පියාඹනවා
කූඩු වෙන්ඩ
අඩති ළමා වසු පැටියෝ
උනුහුමට ගාල්වෙන්ඩ
එන්ඩ පිලට සැනසිල්ලේ
ඇහැ ඩිංගක් පියාගන්ඩ”

       
පේ‍්‍රමයේ උත්තරීතර එක්වීමකට පසුබිම නිමැවී අවසන්ය. අටවක සඳ හීන් ය. මෙහිදී අටවක සඳ සමාන කරනුයේ ආආලයෙන් මත් ව සිටින පේ‍්‍රමවන්තයන්ගේ දෑසටයx එමෙන්ම අටවක සඳ  පුර හඳ මෙන් නොවේ. එහි රැුස් මාලා ඔවුන් දෙදෙනාගේ පැදුර පුරා ඇදී ගොසිනි. මඳ සුළඟට පහන් තිරය නිවෙන්නේ ඔවුන් විසින් එය නිවා දමන්නට පෙර ය. සඳ එළිය තීරුව පහන නිවී ගිය පසු කළුවර ගොපලූ නලා හඬ මේ සියල්ල ඔවුන් දෙදෙනාගේ සම්භෝගයට ආශිර්වාද කරන ඇරයුම් වැන්න. පරිසරයද ඔවුන්ගේ ආාදරයේ එක්වීමට සුභ පැතුම් එක් කරන්නා වැනියx


”පැදුර  පුරා රැුස් මාලා
අටවක ද හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර
 හෙමින් නිවෙයි පහන් තිරේ
ගොපලූන් පිඹින නලාවේ.......
සුමිහිරි සත්සර පාවේ....”

දැන් එළැබී ඇත්තේ, ඔවුන් දෙදෙනා ප‍්‍රාර්ථනා කළ ඒ අසිරිමත් එකතුව සදහා මොහොතයි. ආදරයෙන් එක් වන මොහොතක දී වෙහෙසක් තනිකමක් සැතෙහි නැතx මේ කාන්තාවට පිඳුරු පියසි අතරින් කලා මැදිරියන්ගේ එළිය පෙනේx එනම් එම මෙහොතේ එම කාන්තාව සිටින්නේ කෙසේදැයි යන්න පැහැදිලියx  ගේය පද රචකයා මෙහිදී එකදු ග‍්‍රාම්‍ය වදනක් හෝ තෝරා නොගනී. ඔහු විසින් උපයුක්ත කාවේ‍යා්ක්ති ඒ මොහොතට මොනවට චිත‍්‍රණය කරයි. එමෙන්ම මේ ආාදරවන්තයන් තුළ තිබූ දුක ශෝකය පහව ගොස්යx එය හරියට පයන් සිලක් නිවී යන්නා සේ යැයි පද රචකයා අදහස් කරයිx රාතී‍්‍රය සීතලයx හිමකැට මිදෙන්නට තරම් මේ රාතී‍්‍රය සීතල වුවත් එම සීතල ? පැලට දැනෙන්නේ නැතx

පිදුරු පියස්සේ තැවරෙන
කලාමැදිරි කාන්තියේ
නිවී පහන් වී දුරු වෙයි
 සෝක තැවුල්  කාන්සියේ
හිම කැට මිදෙන හීතලේ
හීතල නොමැත ? පැලේ

           හිමකැට මිදෙන්නට තරම් සීතල වූ රැුයෙක මේ පැලේ හීතල නොමැත යයි පැවසීමෙන් ගම්‍ය වන්නේ මේ දෙදෙනා එකිනෙක උණුසුමින් වෙලී සිටිනා බවයිx

වචනෙන් වචනේ මේ ආකාරයට වෙන් කලවිට  පස්වන මණ්ඩලයේ සිනමා පටයක් වගේ යැයි සිතට නැෙඟයිx මහැදුරු සුනිල් ආරියරත්නයන් මේ ගීය රචනා කර තිබෙන්නේ පුංචි ළමයෙකුට උවද රසවිඳිය හැකි පරිදි  සංයමයකින් යුතුවයි. මෙම ගීතයේ අසභ්‍ය වචන ඇතුළත් නැතx තිබෙන්නෙ ස්වභාව ධර්මයෙන් ගන්නා ලද  ව්‍යංග්‍යර්ථ පමණයි. නමුත් මෙහි කියැවෙන කතාව සරල වූවක් නොව.


ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹූ දා පටන්ය. උල් කෝටුවකින් දඩයම කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇනවුම් කරන අද දවස දක්වා ඒ සබඳතාව අනේකවිවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යාවශය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටු කරයි. ආදම් හා ඒවායේ ඇරඹි සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුල්ෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, දම්මි-සුගත්, අභිෂේක්-ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.

ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙක වෙත බැෙක්‍ෂන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය මනෝ හා දේශපාලන සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැෙක්‍ෂන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම පේ‍්‍රමය පමණක් නොවේ. ලිංගිකාශය, සමාජයීය හේතු, හුදකලා වීමට ඇති නොකැමැත්ත, අයිතිවාසිකම්, සහයෝගය කෙරේ ඇති මූලිකාශය වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු එවැන්නක් තුළ දැකිය හැකිය.

ගීතයට යෙදී ඇති තනුව සහ සංගීතය විමුසමේදී එය ගීතයේ අරුතට මනාව බද්ධවුණු තනුවක් බව කාටත් පසක් වනු ඇත. හැඟීම මතුකළ හැකි අඩු ළයකින් වැයෙන ළයාන්විත තනුවක් එයට යෙදී ඇත. අන්තර්ගතයේ ශෘංගාරාත්මක හැඟීමට එය මනාව ගැලපී ඇත. නිර්මාණයේ පෙරදිග සංගීතයට වඩාත් නැඹුරු සංගීත භාණ්ඩයන්ය එයට යොදා ගෙන ඇත. එමෙන්ම බටහිර හෝ පෙරදිග යන බෙදුමට හසුනොවන සංගීත භාණ්ඩ වැයුමේදී පෙරදිග ඌරුවට ඒවා වාදනයවෙයි. මේ සංගීතය ගීතයෙහි හැඟීම තීව‍්‍රැ කරණු වස් වැයෙයි. ඉන් අදහස් කරනුයේ සංගීතයේ වැයුම තීව‍්‍රය යන්න නොවේ. හැඟිම තීව‍්‍ර කරණ බවයි. සංගීතය භාවාත්මකය. ගෝෂාවෙන් තොරය. හැඟීම් බරය.

ගීතය සඳහා නිර්මාණය කරන තනුව ගීතයේ මුඛ්‍යාර්ථය මැනවින් තීව‍්‍ර කරන භාව පූර්ණ ගායනයකට දිරි බල සපයන නිර්මාණයක් බව නිගමනය කළ හැකි වේ...


                                                                                                                සෙල්ලක්කාරී




සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...