Wednesday, June 28, 2017

ආදර පැටලිල්ල...


පිරිමි හිත්...
නිදහස හොයනවා...
අලුත් දේ හොයනවා...
වෙනසක් හොයනවා...
වටින දේවල් අමිහි කර ගන්නවා....
පසු තැවෙනවා...

ගැහැණු හිත්...
දරා ගන්නවා...
විඳ ගන්නවා...
ඉවසනවා...
රැඳෙන්න උත්සාහ කරනවා...
අවසානයේ ඔවුන් හැර යනවා...
පසු නොබලාම...


                                                   සෙල්ලක්කාරී.


Monday, June 19, 2017

මනමාලි...

හැඩකාරි කටකාරි හරි වැඩ කාරි මනලෝලි පෙම පේලි ඈ මනමාලි සුදු දෝණි අහිංසකි මල්සර දෝණි අද දීගෙන කැනදන් යයි කුමරෙක් දෝණි.... සුදු මූනේ සිනා සේල හංගන්න එපා තුරු හිස ලග තනියෙන්නම් තනිවෙන්න එපා පෙම් මදහස වෙන සිතකට යලි පුදන්නපා කවදාවත් මනමාලිය දුරට යන්න එපා








  උපුටා ගැනීමකි.

Friday, June 16, 2017

සෙල්ලක්කාරී.


තරිනිගේ අදෝනාව....


දිව එන්න තුරුළට 
මගෙ මැණික සැනසෙන්න
හිස තියාන ලය මතට
පෙම් ගීයක් මුමුනන්න...
මුසා බස් කොඳුරයි
සොඳුර මා රවටයි
යළි නොයෙන්නම යයි...
දඟලන්න නුඹේ යහනේ
හිනහෙන්න නුඹේ තුරුලේ 
හීන මැවු නුඹේ  මැණිකේ 
සැතපුවා පොඩි මැණිකේ...
සිහිනෙන් දිව එන්නේ 
ආත්මය සැරිසරන්නේ 
දැක මහඳ පැලෙන්නේ 
විලාපය නැතිද ඇසෙන්නේ....
                           
                                                      -සෙල්ලක්කාරී-

නාඹර හිත.



ඔබෙ අත
මගෙ අත
දැන් ඇත
දන් නැත....
මගෙ වත
ඔබෙ වත
කැත නැත
රිසි ඇත....
හඳ වත නලවන
මුව මත දඟලන
ඇඟ හිරි වට්ටන
ආලෙන් මත් වන...
ආදර හැඟුමකි
හිත තුල මෝරන
නාඹර තරුණෙකි
මගෙ සිත පිනවන... 
                                                        - ස්පර්ශ-

Thursday, June 15, 2017

වීදි කොනේ සැඟවුණු දරුවෝ....


වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.





මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන ලද  මතකයට නඟන්නේ විදීයේ සිටින අසරණ දරු පැටවුන්ය.  එක්සත් ජතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. නමුත් අප වීදි දරුවන් ලෙස හඳුනා ගන්නේ 'තම දෛනික අවශ්‍යතාවන් සහ තම දිවි පෙවෙත සඳහා මාවත නිවහන කර ගත් ළමුන්ය'. අව්ව,වැස්ස, වැනි සෑම දේශගුණික තත්වයකටම ඉතා දුෂ්කර ලෙස මුහුණ දෙන මොවුන්ට හිසට සෙවණක් දීමට හෝ පෞද්ගලිකව තම කටයුතු කර ගැනීමට නිවහනක් නැත. එසේම ඔවුන් ජීවත් වන වටපිටාව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හා ආරක්ෂාව කෙරෙහි දරුණු ලෙස බලපායි.වීදි දරුවන් පිළිබඳ වග කිව යුතු ආයතන සැළකිලිමත් නොවීම තුළ මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා සමාජ ප්‍රශ්නයක් බවට පරිණාමය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පවා සිදු කෙරී ඇත. මෙම සමහර පර්යේෂණවල අරමුණ සත්‍ය වශයෙන්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වුවත් සමහර රාජ්‍ය නොවන සංවිධානවලින් සිදු කරන සමීක්ෂණවල සත්‍ය අරමුණ වනුයේ මේ ප්‍රශ්නය විදේශයන්ට පෙන්වා තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමයි. වර්තමානය වන විට කොළඹ පමණක් නොව දුරබැහැර ප්‍රදේශවල පවා මෙම ප්‍රශ්නය ව්‍යාප්ත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන් මෙම තත්වයට ගොදුරු වන බව හාමේ අතර සිටින දරුවන් බහුතරයක් වයස අවරුදු 10-16 අතර වයස් පරාසයට අයත් බවයි. මෙම තත්වය වඩාත් සංකීර්ණ හා බිහිසුණු වන්නේ මේ වයස් පරාසයට අයත් දරුවන් වඩාත් බාහිර තත්වයන්ට සංවේදී නව යොවූන් වියේ හා නව යොවුන් වියට ආසන්න වයස්වල පසුවන්නන්වීමයි. මොවුන් විවිධ අපචාර හා අපරාධයන්ට ගොදුරු විය හැකි, නතු කර ගත හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. මේ දරුවන් බොහෝ දෙනෙකු මත් පැන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම, සොරකම් කිරීම, සම ලිංගික චර්යාවන්, ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී කටයුතු සම්බන්ධ කවර හෝ අත්දැකීමක් සහිතවුවන් බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා දුෂ්කර වූ තත්ත්වයක් තුළ ඉතාම සුළු ප්‍රතිලාභයක් වෙනුවෙන් පවා බරපතල සමාජ විරෝධී ක්‍රියාවන්ට ඉත්තන් ලෙස මෙම දරුවන් යොදා ගත හැක. මත් පැන් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම, පිට් පොකැට් ගැසීම හා ඔත්තු බැලීම යනාදිය ද මේ අතර වේ. පොලීසිය පවා මෙම දරුවන් සැක නොකිරීම ජාවාරම්කරුවන්ට මනා පිටුවහලක් වී තිබේ. මෙම දරුවන් ඉතාමත් සංවේදී වන අතර ඔවුන්ට නිසි හවුහරණක් හෝ නිසි අධ්‍යාපනයක් හිමි නොවේ. සුළු මුදලකට හෝ බත් පැකට් එකකට මොවුන් ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර ගත හැක. මෙම දරුවන් සියලුම අපචාර ක්‍රියා හා අපරාධ වීදියේදී අත්දකින අතර මේ පිරිස රටේ පාතාල ලෝකය සඳහා වන යටිතලය වේ. දැඩි පීඩනයට, දුෂ්කරතාවන්ට ඔරොත්තු දෙන, සැඟවීමට හැකි උපක්‍රම ඔවුන් සොයා ගන්නේ වීදියෙන්මය. විශේෂයෙන් මොවුන්ගේ නිවහන වීදියම වීම තුළ මෙම තත්ත්වය තවත් වැඩිවේ.මෙම දරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය, මත්පැන් සමලිංගිකත්වය, හා වීදියේ සිදුවන ලිංගික කටයුතුවලට ගොදුරු වී තිබෙන අතර මොවුන් බොහෝ දුරට ළමා වියේ අත්දැකීම්වලට වඩා වැඩිහිටි වියේ අත්දැකීම් අත් විඳ තිබේ.මේ බොහෝ දරුවන්ගේ යැපීම් මාර්ගය වී ඇත්තේ සිඟමන් යැදීමය. වැඩිහිටියන් සිඟමන් යදිනවාට වඩා දරුවන් සිඟමන් යැදීම තුළ අනුකම්පාව ඔවුන් වෙත යොමු වීමේ ප්‍රවණතාව වැඩි නිසා වීදිය තුළ යාචක වෘත්තිය සඳහා දරුවා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෙම දරුවන් සිය සමාජානුයෝජන අත්දැකීම් ලබන්නේ වීදිය ආශ්‍රයෙන්ම නිසා එබඳු දරුවන් වීදියේම රැඳෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එනිසා විවිධ සමාජ විරෝධී කටයුතු සඳහා සාමාජිකයන් පුහුණු කරන පුහුණු පාසලක් බවට නගරාශ්‍රිත වීදි පත්ව තිබෙන අතර එහිදී මෙම දරුවන් සමාජ විරෝධී කටයුතු සඳහා අත්පොත තබති. ඔවුන් සමාජානුයෝජනය ලබන්නේ වීදියෙන්ම නිසා මෙම තත්ත්වය කිසිසේත්ම සමාජයට හිතකර නොවන අතර ඇතැම් විට අනාගත පාතාල කණ්ඩායමක ක්‍රියාකාරිකයෙකුගේ සුහුඹුල් අවධිය ගෙවෙන්නේ වීදි දරුවෙකු ලෙසය.
විශේෂයෙන් මෙවැනි දරුවන්ට දීර්ඝ කාලීන පුනරුත්ථාපනයක් අත්‍යවශ්‍යය වේ. එනිසා පුනරුත්ථාපන කඳවුරුවල තිබෙන අකටයුතු හා අකාර්යක්ෂමතා මග හරවා එම ආයතන ක්‍රියාකාරී සංවිධාන බවට පත් කළ යුතුය. එසේම රජය වැනි වගකිවයුතු පාර්ශව ඒකාබද්ධ වී මෙම ප්‍රශ්නයට අප්‍රමාදව විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම වඩා වැදගත් කාරණය වන්නේ සමාජයේ ආකල්පවල සිදු විය යුතු වෙනස්කම්ය.'මගේ දරුවාය' යන ආකල්පය ඉක්මවා 'අපේ දරුවාය' යනුවෙන් ආකල්පයක් සමාජීයව ගොඩ නැගිය යුතුව තිබේ. එසේම ළමුන් සම්බන්ධව කටයුතු කරන ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු අතර සමස්තයක් ලෙස මෙම දරුවන් අපේම දරුවන් නිසා අපේ වගකීම වන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එසේ නොවුවහොත් සිදු වන්නේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය අනාගතය තුළ අර්බුදයකට ලක් වීමයි.   

Wednesday, June 14, 2017

පොර වෙන්නට ගොස් පර වීම.




මිනිස්සු කියන්නේ මහ අමුතුම ජාතියක්. කොයි වගේද කියලා හිතන්න පුළුවන්ද?  අපි හිතන් ඉන්න විදිය වැරදි කියලා කාලයා කියලා දෙනවා. ඇත්තටම මේ කතාව කොතනින්  පටන් ගන්න ඕනද කියලා හිතාගන්නත් අපහසුයි. මොකද පටන් ගන්න තැනින් නෙමෙයි අවසන් කරන්න වෙන්නේ. කෙහොමහරි මේ කතාව සරලවම කිව යුත්තක්. 
බලන්න අපි වැඩක් කරන්න ගියාම කොයිතරම් පණ්ඩිතයෝ ඉන්නවද කියලා. උපදෙස් දෙන්න මඟ පෙන්නන්න යම් පුදුගලයෙක් සිටිය යුතුයි. ඒ පුදුගලයා වැඩේ දිහා බලන්න ඉන්නේ නෑ. පිස්සෙක් වගේ ඒ වැඩේ පස්සෙන් දුවනවා.අනිත් අයගෙන් උදව් ඇතිව ඔහුත් ඒ වැඩේට සම්බන්ධ වෙනවා. . හැබැයි උපදෙස් දි දී මහත්තයෙක් වගේ ඉන්න පොරක්  ඔබ අතරෙත් ඇති. ඔහු හෝ ඇය අණ කරන්නාගේ ස්වරූපයක් ගන්නවා. කවුරැත් ඉස්සරහ උජාරුවට වටපිට බල බල පොළවට වඩා අඟල් කිහිපයක් මත ගොඬ නගපු පාරක් දිගේ ඇවිදිනවා. කරන වැඩේ අඩුපාඩු කියමින් තමන් සියල්ල දන්නවා වාගේ කටයුතු කරනවා. ඔන්න ඕක තමා ඇත්ත. 
ඒ විතරක් නෙමෙයි තව පිරිසක් වැඩේ කරන පැත්ත පළාතකවත් නෑ. හැබැයි අවසාන මොහොතෙ ඇවිත් ලකුණු දා ගන්නවා. කොහොම වුණත් අපූරුවට ඒ හැකියාව පිහිටලා තියෙනවා. අනික් මිනස්සුන්ව කපලා කැපිලා පේන්න ගන්නේ පුදුම උත්සහයක්. ඒ උත්සහය හොඳ වැඩකට යෙදෙව්වනම් අද වෙනකොට දහසක් හොඳ වැඩ කරලා.
තව ජාතියක් ඉන්නවා. ඉපදේනේ දුෂ්කර ගමක.එහෙම නැත්තම් හැදෙන්නේ වැඩෙන්නේ සීමිත පහසුකම් එක්ක. මෙහෙම ආපු මනුස්සයා කොළඹ ඇවිත් මාසයක් දෙකක් යනකොට ගමකියන වචනෙවත් දන්නේ නැතිගානට වැඩ. ගමනබිමන කතාව විතරක් නෙමෙයි දැන් හිතන්නෙත් කොළඹ විදියට.මාරම පොශ්. පොලෙන් බඩු කන්න කැමතිම නෑ. සීතල ගුහාව ඒ කියන්නේ food city  නැත්තම් කන්න බෑ. සන්ලයිට් ගාලා සූණ හෝදපු උන්ට face wash නැතුව ජීවත් වෙන්න බෑ. මේකයි අද වෙලා තියෙන්නෙ. මෙහෙම කාලයක් යද්දි බලෙන් ඇඟට දා ගනිපු posh ගතිය ඉබේම නැතිවෙලා. 
කාට කියන්නද මේවා. වෙන දේ බලා ඉන්නවා මිස මොනවා කරන්නද. වෙලාවකට හිතෙනවා මේවා බලන් ඉන්න අපි මෝඩයෝ කියලා. හැබැයි වෙන දේ බලන් ඉන්න එක තමයි ඇඟට ගුණ. මොකද නැත්තම් ඔක්කොම කුණු බේරි වැවට කියලා කැරකිලා කැරකිලා නතර වෙන්නේ පාඩුවෙ ඉන්න එකෙක් ලඟ. මේ මිනිස්සු බොරුවෙන් රජ වෙන්න හදන්නේ. හැබැයි ටික කාලයයි ඒ හැමදේම. මෙහෙම කැපී පේන්න යන අය ඉබේටම කැපිලා යනවා. ඕකට තමයි කියන්නේ පොර වෙනින ගිහින් පර වෙනවා කියලා.
                                                                                                                                                          -සෙල්ලක්කාරී-

Tuesday, June 13, 2017

මාරයාට අත වනන්න එපා.




මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි. උසස් මනසක් අප සතු වුනත් අප කරන්නේ ඇතැම් විට එකී මනසට ඔබින දෙයක්දැයි යන්න ගැටළුවක්. මිනිස් ජීවිතය ගලන ගඟක් වැනිය. විටක සිනාසෙයි.විටෙක හඬයි. ගලන ගඟට එන බාධක සේ එකපිට එක ප්‍රශ්න ගලා එයි.  මේ අපේ ජීවිතයේ ස්වභාවයයි. මෙය ඇතමුන් නොදන්නා කරුණකි.
කෙසේ නමුත් වාසනාවට හෝ අවාසනාවට මිනිසුන්ට ජීවිතයෙන් සමුගන්නට හෝ සමු ගැනීමට සිදුවෙයි. මෑත කාලය තුළදී රට තුළ කතා බහට ලක් වූයේ යකඩ යකා සමඟ මාරයා සොයා යන ගමන්ය. ආදරය,විරහව,විනෝදය,කුතුහලය තුළ ජීවත් වන මිනිසා මෙකී කරැණු සොයා යාම තුළම ජීවිතයට තිත තබන්නට විය. පසුගිය  13 වනදා කොල්ලුපිටියේ සිදු වූ සිදු වීමද එවැන්නකි.
මව් රටින් එපිටට ගොස් වසර ගණණාවකින් තම මාතෘ භූමියට එන්නේ  කොතරම් බලාපොරොත්තු ගණනාවක් සිතෙ තබා ගෙනද? .මව් පියන්ගෙන්,සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව දහසක් බලාපොරොත්තු පොඳි බැඳගෙන නැවත එන්නේ  තමන්ටම කියලා දෙයක් ගොඬ  නඟා ගන්නට. කොළඹින් එපිට අනුරාධපුරයේ ජීවත් වන මොහු එදා කොළඹට එද්දී හිතන්නේ නැතුව ඇති මෙච්චර ඉක්මනින් හැම බලාපොරොත්තුවක්ම දාලා යන්නම වෙයි කියලා. කොළඹින් තම සහෝදරයා සමඟ අත් බැඳ ගත්තේ සහොදර ප්රේමය උතුරා ගියූ නිසා කොළඹ වටේ රවුමක් යන්නයි. විනෝද වෙන්න හිතා ගෙන ගිය ගමනෙදි ගොල්ෆේස් ගිහින් සතුටු වුණේ ලෙකු කතාවක් කියා දීලා. 
ජංගම දුරකථනය එක්ක බැඳුණු තුරුණු හිත ඒ මොහොතෙත් ඒ මේ අත සෙල්ලම් කලේ ඡායාරූප කිහිපයක් ගනිමින්. සෙල්ෆි ගැසීම පිස්සුවක් කරගත් කොල්ලෙක් රේල් පාරදිගේ ගියේ ඈතින්එන දුම්රියත් එක්කම සෙල්ෆියක් ගන්න. ගත්ත ඡායාරූපය පමණක් ඉතුරුවුණේ අයියවත් මාරයා ලඟට රැගෙනයි. තම සහෝදරයා බේරා ගන්නට ගිය තරුණයා ද එම මොහොතේම සුසුම් හෙලුවේ මෙලොවට බිහි කරපු දෙමව්පියන් ඉදිරියේ. 
මෙය එක් කතාවක් පමණයි. මෙවැනි සිදුවීම් බොහොයක්ම රටෙහි සිව් දෙසින්ම වාර්තා වූයේ හැමෝටම දහසක් කතා කියා දෙමින්. වචනයෙන් කියා ගත නොහැකි ලොකු කතාවක් මේ සිදුවීම් තුළින් කියාපාන්නට විය. 
මාරයා අත වනයි දිනක ඔබ හට. එපා ඔබ මාරයාට අත වනන්නට. මෙය ඔබ තරයේම මතක තබා ගන්න.
       
                                  _සෙල්ලක්කාරී_

කුහුඹුවා ....

සීනි බෝතලෙක
සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ
                                     -සෙල්ලක්කාරී-

Monday, June 12, 2017

තනිකම...


ඔය සුරතේ දැවටිලා 
පියමැන්නා මං දිගේ 
හිනැහුනා ඔබ එක්ක 
තුරුළු වී හුරතලෙන් 

වැව් තාවුල්ලේ හිද එදා
අපි හැදුව සිහින මල්
පරවෙලා ගිහින් අද
වැව් දියේ පිපි නෙලුම් මෙන්

වැහිලිහිණි ඉගිලිලා
වැව් දියබ කැලබිලා
ජිවන හබල ගිලිහිලා
තනිවෙලා මා තනිවෙලා

පියබන්න ආසයි මං
ආදරෙන් හිනැහිලා
පියාපත් සිඳ ඔයා
මා දිවිය අළු කළා....

                                                                  -සෙල්ලක්කාරී-

අතීතය..


ලාහිරු පින්නේ නිල්ල නෙලා
සීතල සුළඟ ඇවිත්
තරුමල් යායට සඳ දිය වැහලා
හැඩවූ වසන්තයත්
කෙතරම් මිහිරිද සොඳුරුද සොඳුරියෙ
පෙර අප දුටුව හැටිත්


සියොළඟ දරනා සෙනෙහස උතුරා
කුළුඳුල් සිත සියවර හැඬුවා
පෙම්බර ඔබ ගැන සිත්හි තබාගෙන
ඔබම පතා පියවර තැබුවා


තුන්සිත් පිවිතුරු විසිතුරු සිහිනෙකි
විෂකුරු මිනිසුන් නොම දුටුවා
ලස්සන ඒ ලොව සමුගෙන ඇති බව
අසරණ ඔබ මා සිත නැතුවා


                                  
                                                                                                       ⁣-සෙල්ලක්කාරී-

Friday, June 9, 2017

සිහිනයක්....

පිබිදුනා ආලයක්
විමසුවා සිහිනයක් 
මිමිනුවා පෙම් කවක්
බැඳුනා අපෙ දෙසිතක්...

කාලය ගෙවිණි
පස් වසරක් ගතවුණි
වෙන් වූ කල් මැකුණි
නමුත් දුෂ්ටියකට මැදිවිණි

ආවයි ගැටළු එකපිට
එක්වූවා අප එකිනෙකට
බිදළුවා ගැටළු එකිනෙක
⁣පින්කලා ගන්න⁣ට ඔය අත....

                                                        -
                                                                 
                                                                     සෙල්ලක්කාරී-

Sunday, June 4, 2017

පිණි බිඳුව...




අඳුරු රැය ගෙවෙනා තුරා
සොඳුරු සිතුවම් හද පුරා
තුරුළු කරගෙන - නුඹේ උරහිස
මා සුසුම් රැල් දැවටුණා 

තුෂර බිඳු තණ පියලි මත්තේ 
මුතු පබළු සේ දැවටුණා
හිරු කිරණ ඒ පබළු ඔස්සේ
සුසම් රැල් විහිදාලුවා...

සඳුට පමණක් පෙනෙන සෙනෙහස
හිතේ කොනකට සිරවුණා 
හිරුට හිමි ලොව පිණි බිඳුව මම
බලා ඉමි රැය එන තුරා..

                                -සෙල්ලක්කාරී -

ඇය....

තොල් සායම් ගෑ දෙතොලඟ සිනා තවරනා 
වැළපෙන සිත සිනාවකින් ලොවෙන් සඟවනා
මග යන එන සැම වෙත නෙතු බැලුම් හෙලමිනා
කවුරුන් එනතුරු දෝ මේ දෑස වෙහෙසනා

වීදි කොණක අඩ අඳුරක ලොවම දකින්නී
හීන අහුරු එකතු කරන් ගෙල පලදින්නී
හීන වලින් පාට අරන් ලොව සරසන්නි
දුක විකුණා කාසි සොයන් පුතුන් රකින්නී

බෝ සෙවණක බවුන් වඩන අනග කිරිල්ලි
අතින් අතට මාරු වෙමින් යමින් ඉගිල්ලී
සිර ගෙයි දුක වළඳන හිමි නිසා නොසෙල්ලී
දරුවන් කුස පුරවයි ඇය දුකෙහි ගැලී ගැලී
 

   
                                                                              -සෙල්ලක්කාරී-

ඔබග සෙවනැල්ල ...






පායනා හිරු වාගෙ තිරවම
ඔබේ ළග මම ඉන්න හැටි
දන්නවා නම් මේ හිතේ ඉඩ
පුදුමයකි නොතේරෙන හැටි...

ඇතැර මිතුදම් මකා දා මා
ගියත් නොඑනා ගමන්
පුරුදු විදිහට දිව රැයේ මම
ඉන්නවා ඉස්සර තරම්.....

කොයිතරම් දරදඩුම වුවත්
ඔබගෙ සෙවනැල්ල ....
                                                                       -සෙල්ලක්කාරී-

Saturday, June 3, 2017

සන්නාලිය....

පාන්දර පහේ සිට රෑ දහය වෙනකම්ම
අසංවේදී මැසිම කරන ඔච්චම් නුඹට
නුලටම දශමෙටම ඇඳුමේ හැඩ තල ගත්ත
නමුදු ජීවිතේ නෑ හැඩ පේන ඉසව්වක

සන්නාලියක් වෙලා ජීවිතේ මහ ගන්න
මල්ලිටයි නංගිටයි පොතක් පෑණක් ගන්න
අප්පච්චි ලෙඩ ඇඳේ බෑ වැඩක් කරගන්න
හිත කීරී ගැහෙනවා පඩි දවස ලන්වෙත්දී

මහන එක සළුවකින් මාසෙකට පඩි දෙන්න
හැකි උනත් කපා ඇත නුඹේ සොච්චම් පඩිය
හිනාවෙන හුඟ දෙනෙක් නුඹෙන් විලි වහගත්තු
එපා නුඹ දුක් වෙන්න ඒ ඉන්නේ නිරුවත්තු ..

හැමදාම නියං නෑ එයිද වැහි වලාවක්
හිත හදා ගන්නවත් හිතාගෙන ලං වෙච්ච
පෙම්වතත් හැමදාම විමසන්නේ දැවැද්ද
දුක දැනෙන මෘදු හිතට මැසිම බර වැඩි නැද්ද

                                                       
                                                         -සෙල්ලක්කාරී-


Friday, June 2, 2017

පර්යේෂණ යෝජනාවලිය.

01 .  පර්යේෂණ මාතෘකාව

      “  වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම "

02.  පර්යේෂණ ගැටලුව

          වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේද?


03  පර්යේෂණ හැදින්වීම

                              වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජමය වටිනාකමකින් යුතු කාලීන මාතෘකාවක් ලෙස ලිංගික සබදතා පිළිබද තරුණ ප්‍රජාව තුල පවත්නා අධ්‍යාපනික දැනුම ,අවබෝධය හදුන්වාදිය හැකිය.ලිංගික සබදතා යන කාරණය අද සමාජය තුල බොහෝ දෙනෙකු හුදෙක් වැරදි වූ ආකල්ප මත පිහිටා අවබෝධ කරගෙන තිබේ.එසේ වීමෙන් ඔවුන් සමාජය තුල නොයෙකුත් ආකාරයේ කායික මානසික පීඩාවන්ට ගොදුරු වෙති.එහෙයින්ලිංගික සබදතාවය පිළිබද අධ්‍යාපනික දැනුමක් වර්තමාන තරුණ ප්‍රජාවට අත්‍යවශ්‍යමය.
                                            එකී සමාජමය හා මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම රටේ බුද්ධිමත් පිරිසක් වන විශ්ව විද්‍යාල සිසුන් තුල කුමන ආකාරයේ ස්වභාවයකින් ගොඩනැගී තිබේද යන කාරණාවට පිළිතුරු සොයා ගැනීම උක්ත පර්යේෂණයේ අවසන් පරමාර්ථය බවට පත් විය.ඒ අනුව ප්‍රමාණාත්මක හා ගුණාත්මක නියැදියක් භාවිතා කරමින් නිසි පර්යේෂණ ක්‍රමවේදයක් අනුව යමින් විශ්ව විද්‍යාල සිසුන් තුල පවත්නා ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධව  අවබෝධයක් ලබා ගැනීමට උක්ත පර්යේෂණයෙන් බලාපොරොත්තු වෙමි .


04  පර්යේෂණ අරමුණු

ප්‍රධාන අරමුණ
                  වර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් තුල ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ දැ යි අවබෝධ කරගැනීම .

උප අරමුණු

විශ්ව විද්‍යාල සිසුන් ලිංගික සබදතා පිලිබදව අධ්‍යාපනික දැනුම ලබාගන්නා ආකාර සහ එසේ ලබාගන්නා දැනුම නිවැරදිද යන්න අධ්‍යනය කිරීම.
විශ්ව විද්‍යාල සිසුන් කුමන ආකාරයේ ලිංගික සබදතා සදහා යොමු වී තිබේද යන කාරණය සහ එහි අරමුණ කවර ස්වරූපයක් දරයි ද යන්න විමසා බැලීම.


05   නියැදිය
               මෙම අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි .වර්තමානයේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් යනුවෙන් ගත් කළ එය විශාල ශේෂ්ත්‍රයක් නියෝජනය කරනු ලබයි. නමුත් මෙම පර්යේෂණය සිදු කිරීමේදී එම විශාල ශේෂ්ත්‍රයම නියෝයනය කිරීමට හැකියාවක් නොමැති හෙයින් නියැදියක් භාවිතා කළ යුතුව ඇත . මෙහිදී යොදා ගන්නාවූ නියැදිය මගින් උක්ත ශේෂ්ත්‍රයම නියෝජනය කරවයි.
                    මෙම  අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වෙත ළගා වීමට ලාංකීය විශ්ව විද්‍යාලිය සිසුන් මගින් ලිංගික සබදතා සම්බන්ධයෙන්  ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම  පිලිබද තොරතුරු ලබාගත යුතුය .මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින සිසුන් ඇසුරිනි .මෙහිදී නියැදිය ලෙස භාවිතා කරනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින දෙවන තෙවන හා සිව් වන සිසුන් අතරින් අහඹු ලෙස තෝරාගත් සිසුන් 30 දෙනෙකුගෙන් යුතු නියැදියකි .


06  පර්යේෂණ ක්‍රමවේදය

                            පර්යේෂණ දත්ත ලබා ගැනීමට භාවිතා කල හෙකි ක්‍රමවේද ගණනාවකි.එම ක්‍රමවේද එකක් හෝ කිහිපයක් භාවිතා කරන පර්යේෂකය ඉන් බලාපොරොත්තු වන්නේ පර්යේෂණයට අදාළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනීමටයි.පර්යේෂණයකදී දත්ත ලබා ගන්නා ආකාරය අනුව එය ප්‍රධාන ආකාර දෙකකි.
ප්‍රාථමික දත්ත
දත්ත ද්විතීක

ප්‍රථමික දත්ත.
                        මෙම පර්යේෂණයට අදාළ මුලික දත්ත ලබා ගැනීමට එනම් ප්‍රාථමික දත්ත ලබා ගැනීමට ප්‍රශ්න මාලා ක්‍රමය නම් ප්‍රාථමික දත්ත ක්‍රමවේදයයි .පර්යේෂණයෙන් ලබාගන්නට අපේක්ෂිත ප්‍රධාන අරමුණු සහ සෙසු අරමුණු නියෝජනය වන පරිදි සකසා ගන්නා ලද ප්‍රශ්න මාලාවක් අහඹු ලෙස තෝරාගන්නා ලද නියදියට ලබා දෙන ලදී.එහිදී මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කල අතර එමගින් අදාළ නිවැරදි දත්ත සපයා ගැනීමට කටයුතු කළෙමි.

ද්විතීක දත්ත .
                           අධ්‍යනයට අවශ්‍ය ද්විතීක දත්ත ලබා ගැනීම සදහා පර්යේෂණ මාතෘකාවට අදාළව රචිත කෘති ,සගරා පුවත්පත් වල පල වී ඇති ලිපි ලේඛන හා අන්තර්ජාල ලිපි මගින් තොරතුරු ලබා ගනිමින් ප්‍රධාන අරමුණ සහ සෙසු  අරමුණු වෙත ළගා වීමට උත්සාහ කළෙමි .

07  පර්යේෂණ වැදගත්කම

                          වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල්හි මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත කාලීන මාතෘකාවක් වන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධයෙන් මෙම පර්යේෂණය ක්‍රියාත්මක වීම සුවිශේෂි වැදගත් කමයි. වත්මන් සමාජයේ බොහෝ  තරුණ පිරිස් ලිංගික සබදතා යන සංකල්පනාව වැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන තිබේ.ඒ සම්බන්ධ අධ්‍යාපනික දැනුමක් බොහෝ විට ඔවුන් තුල නොමැත.සමාජය තුල ඇතැම් අවස්ථා වල ඔවුන් අසරණ තත්වයන්ටද මුහුණ පාති.එවැනි වූ සමාජයක් තුල  බුද්ධිමත් විශ්ව විද්‍යාලිය  ශිෂ්‍ය ප්‍රජාව ලිංගික සබදතා සම්බන්ධයෙන් කවරමතයක් දරයිද යන වග පිළිබද යම් නිගමනයකට ඒමට හැකියාවක් ඇත.


08  පර්යේෂණ සීමා

                       මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි.එහිදී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුන් පිලිබදව අධ්‍යනය කල යුතු වුවත් දත්ත ලබා ගැනීම සදහා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා කිරීමට සිදු විය. එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේද විශාල සිසුන් පිරිසක් සිටින නිසා අහඹු ලෙස තෝරාගත් සිසුන් 50 ක ටපමණක්  නියැදිය සීමා කරන්නට සිදු විය.
                                 පර්යේෂණය සදහා විශාල කාලයක් වැය කල යුතු අතර මෙම පර්යේෂණය සදහා ලැබී තිබූ  කාලය මාසයකටත් අඩු කාලයක් වන නිසා දත්ත රස් කිරීමේ කාරය ඉතා ඉක්මනින් සිදු කර පර්යේෂණ කටයුතු සති තුනකට පමණ සීමා කිරීමට සිදු විය.



                                   -සෙල්ලක්කාරී-



ජනමතය හා ජනමාධ්‍ය භූමිකාව.


ජනමතය හා සබැඳි ජනමාධ්‍ය භූමිකාව විග‍්‍රහයේ දී ජන මතය යනු කුමක්දැයි අර්ථකථනය කිරීම වැදගත්ය. ජනමතය පිළිබඳ ශාස්ත‍්‍රීය විග‍්‍රහයක් මුල්වරට ඉදිරිපත් කරනු ලැබුවේ වෝල්ටර් ලිප්මන් විසිනි. එ් 1922 වර්ෂයේ ඔහු විසින් රචිත ඡුමඉකසජ දචසබසදබ කෘතියෙනි.
වෝල්ටර් ලිප්මන් (1889-1974*ඇමරිකානු ජාතික පුවත්පත් කලාවේදියෙකි. හෙතෙම දේශපාලන දර්ශනවාදියෙකි. බොස්ටම් පුවත්පතේ සැමගේ සඟරාවේ ලේඛකයෙකු වූ හෙතෙම නව රිපබ්ලිකය  (බැඅ රුචමඉකජ* සඟරාවේ කතුවරයා ද විය. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු හිතවාදී ප‍්‍රචාරක ලිපි ලියූ ඔහු කපිතාන්වරයකු වශයෙන්ද සේවය කළ අයෙකි. නිවි යෝර්ක් වර්ල්ඞ් (භැඅශදරන උදරා* පුවත්පතට කතුවැකි 1300කට අධික ප‍්‍රමාණයක් ලියා ඇති ඔහු කොලොම් රචකයකු ලෙස ප‍්‍රසාදයට පත් වූවෙකි. තියඩෝර් රූස්වෙල්ට්, වුඞ්රෝ විල්සන්, ප‍්‍රෑන්ක් ලීන් ඞී රූස්වෙල්, ජෝන්කෙනඩි ඇතුළු ඇමරිකානු ජනාධිපතිවරු, දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ හෙතෙම ඔවුනට දේශපාලන උපදෙස් සැපයීමටද වාසනාවන්ත විය. අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ ලිප්මන්ගේ දැනුම මේ සඳහා හේතු වූ කරුණකි. මහජනයාගේ මතය හැසිරෙන ආකාරය, පාලකයන් විසින් ස්වකීය මතවාද ඔස්සේ ජනතාව හසුරුවන බව ප‍්‍රායෝගිකව නිරික්ෂණය කිරීමට ලිප්මන්ට හැකිවිය.
ඡුමඉකසජ ධචසබසදබ කෘතියෙන් ඔහු ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ තමාගේ දේශපාලන සහ සමාජ අත්දැකීම ආශ‍්‍රයකර ගනිමිනි. ”ජනමතය කියා දෙයක් නැත. ඇත්තේ හැ¥ මතයකි” යන්න ඔහු විසින් ඉදිරිපත් කර ඇති සංකල්පයයි. 1925 දී රචිත පැන්ටම් පබ්ලික ඔයැ චය්බඑදප චමඉකසජ කෘතිය මගින් ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන යයි. සංජානනය, දේශපාලන ප‍්‍රචාරණය, ජනමත නායකත්වය, පුවත්පත් කලාව ආශ‍්‍රය කර ගනිමින් ස්වකීය සංකල්පය සමාජ ගත කරයි.
ජනමතය, බලය, අධිකාරිත්වය හිමි පිරිසක් විසින් නිර්මාණය කොට ප‍්‍රචාරය කරනු ලබන්නකි. එය තම මතය ලෙස පිළිගත් ජනතාව නිසා ජනමතය ලෙස එය හැඳින්වීම සිදු කර තිබේ. ද පැන්ටම් පබ්ලික් කෘතියේ ලිප්මන් ප‍්‍රශ්න කරන්නේ දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ බුද්ධිමත් අදහස් ඇතිකර ගැනීමට බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාවක් ඇතැයි ජනතාව නොසිතන බවයි. ඔවුන් තමා වෙත ඉදිරිපත් කරඇති මත කෙරෙහි අනුගත වෙමින් එ්වාට අවනත වන බවයි. දේශපාලන දැනුම ලැබීමට කාලය හා ශ‍්‍රමය වැයකිරීම කෙරෙහි පොදු ජනතාව උදාසීන වනබවද සඳහන් කරන ලිප්මන් නිර්මාණය කරන ලද මත ජනගත කිරීමට දේශපාලන පදනම හේතු වන බව අර්ථ දක්වයි.
ජනමතය පිළිබඳ සංකල්පය පරිණාමය තුළ බහුතරයක් දරණ මතය ජනමතය ලෙසද සංකල්ප බිහි වී තිබේ. මෙහිදී ගොඩනැගෙන විකල්පීය තර්කය වන්නේ සුළුතරයක් දරන මතය ජනමතය නොවන්නේද යන්නයි. මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට ජනාධිපතිවරයා ලෙෂ පත්වන්නේ ප‍්‍රකාශිත ඡුන්දවලින් 62%ක ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙහිදී ඔහුට එරෙහිව ලැබෙන ඡුන්ද ප‍්‍රතිඵලය 38%කි. 62%ක බහුතර මතය ජනමතය වන්නේනම් 38%ක් වූ සුළුතරය මතයද ජනමතයකි. ප‍්‍රකාශ නොවූ නිහඬ ඡුන්දවලට ද මතයක් තිබේ. මේ අනුව ජනමතය යන්න නිශ්චිතවම අර්ථකථනය කිරීම අපහසු වන්නේය.
ජනමත විවරණ ක‍්‍රමවේද විමසීමේදී ඉදිරිපත් වන මත සැබෑ ජනමතද යන්න පිළිබඳව ගැටලූවකි. නිදසුනක් ලෙස ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්තියට හේතුව ජනතාවගේ නොදැනුවත්කමද නැතහොත් රජයේ නොසැලකීම ද යන මත ඉදිරිපත් වී තිබේ. මෙම මත විචාරය සඳහා තෝරා ගන්නා ආකාරය අනුව මහජන මතය ස්ථාපිත වන්නේය. මතයක් ස්ථාපිත වන්නේ විචාරයට තෝරා ගන්නා නිර්ණායක මත බව අවබෝධකර ගත හැකි සත්‍යයකි.
ජනමතය සමාජීය සාධක මත විපර්යාසයට ලක්වන විචල්‍යයකි. මෙය රටක පවතින සංස්කෘතික, දේශපාලන, ආර්ථික කරුණු සමග බැඳී පවතී. ජනමත හා ජනමාධ්‍ය අතර පවතින සබඳතාව වටහා ගැනීමේ දී මෙම පදනම වැදගත්ය. ජනමත නිර්මාණය කරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි. ජනමත නිර්මාණය ජනමාධ්‍යයේ මෙහෙවරකි.
ශ‍්‍රී ලංකාවේ උතුරේ යුද්ධය පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතර එකඟතාවක් නොවීය. රාජ්‍ය මාධ්‍ය යුද්ධයට පක්ෂ වාර්තාකරණයක නියැලූණ අතර බොහෝ පෞද්ගලික මාධ්‍ය විවේචනශීලී විය. එහෙත් මානුෂීය මෙහෙයුම යන එ්කමතික රාජ්‍ය මතවාදය ජනතාගත කිරීමට සමස්ත මාධ්‍ය පද්ධතියම කටයුතු කළේය. යුද හමුදාවේ මානුෂිය ක‍්‍රියාකාරකම් ඉදිරිපත් කරමින් මානුෂික මෙහෙයුම් පිළිබඳ සංකල්පය ජනමතයක් බවට පත්කරනු ලැබුවේ ජනමාධ්‍ය පලිහක් ලෙස යොදා ගනිමිනි. ද්‍රවිඩ ජාතික ජනතාව බේරා ගැනීමට ගත් උත්සාහයක් ලෙස අර්ථ ගැන්වූ මතය ජාත්‍යන්තර මතයක් බවට පත් විය.
එක් වරම විශාල ජන කොටසකට ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව, ක්‍ෂණික බව, සමාකාරව තොරතුරු ගලා යාම, කේන්ද්‍රයේ සිට පර්යන්තය ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව ජනමාධ්‍යයේ වාර්තා වන්නකි.
ජනමත නිර්මාණයට ජනමාධ්‍ය අත්‍යවශ්‍ය වේ. එහිදී මාධ්‍ය උපක‍්‍රමණශීලීව යොදා ගත්තකි. පුවත්පතේ දායකත්වය මෙහිදී සුවිශේෂී වන්නකි. ඡුායාරූප, ශීර්ෂ පාඨ, විවරණ, ලිපි විශේෂාංග, ප‍්‍රවෘත්ති ආකෘති මගින් ජනමත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත ගොඩනැගීමේ දී ඉදිරිපත් වී ඇති මතවලට පහර දීමටද ජනමාධ්‍ය කටයුතු කරයි. එයට හේතුව වන්නේ ජනමත ගොඩනැගීමේදී එයට සමානුපාතිකව මත බිඳ දැමීමට සිදුවන බැවිනි. මවුබිම පුවත්පතේ ආර්යා අතිරේකය උදාහරණ ලෙස දැක්විය හැකිය. රටක ජනප‍්‍රිය චරිත පිළිබඳව විවරණය කෙරෙන අන්තර්ගතයක් එහි පවතින අතර ජනප‍්‍රිය චරිත උපයෝගී කර ගනිමින් කරන විවරණ මගින් චරිත බිඳ දැමීමටද සියුම් ලෙස කටයුතු කරයි.
මාධ්‍ය භෞලීකරණය වීම නිසා ජනමතයක් ගොඩ නැගීමට මාධ්‍යයට ඇති අවකාශය වර්තමානය වනවිට අභියෝගයට ලක්ව තිබේ. මෙය පහත ආකෘතිය තුලින් පැහැදිලි කළ හැකිය.

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...