Saturday, March 4, 2017

පළමු පෙම.

 

පළමු පෙම.

ඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්

සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි

නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයි



                                                              -A.M-

Thursday, March 2, 2017

පවන් රොදක් සේ.


පවන් රොදක් සේ.

පවන් රොදක් සේ
ලඟටම ඇවිදින්
මගේ නලල සිඹ හොර රහසේ
වෙන්වී යනවද
මටවත් නොකියා
නැවතත් එනවද හෙට දවසේ
රාත්‍රිය දිගයි
හදවත පාරයි
නුඹ ලඟ නැතිනම් හැම දවසේ
මා ලඟ නුඹ සිටි
හැම තත්පරයම
පැයකට සමවෙයි රත්තරනේ
එදා පැමිණ ඔබ
මගේ නලල සිඹ
ගියත් වෙන්වෙලා හොර රහසේ
එදා ඉතිරි කර
දමා අතැර ගිය
ඔබේ සුවඳ මා ලඟ රැඳුනේ...

උපුටා ගැනීමැකී.


සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...