භාෂාව යනු කුමක්ද?
“අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රබලතම මාධ්‍ය භාෂාවයි”
භාෂාවේ ස්වභාවය කවරේ ද?
“භාෂාව මගින් මිනිසා අද්විතිය ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන තිබේ. චින්තනය, අධ්‍යාපනය, සන්නිවේදනය, විනෝදාස්වාදය අන්‍යොනය සබදකම්, සමාජ සංවාද ආදී මේ සෑම අංශයක් කෙරෙහි ම භාෂාව බලපාන්නේය. භාෂාව භාවිතා කරන සමාජය “භාෂක සමාජය” ලෙස හදුන්වයි. පොදු වාක්‍ය සංකේත පද්ධතියක් ඒ සදහා යොදා ගනී. මේ වාක්‍ය සංකේත පද්ධතිය හේතුවෙන් ජාතියක අනන්‍යතාව ද ආරක්ෂා වේ”
භාෂාවේ කාර්යභාරය කුමක්ද?
“සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍ය්‍යාන්‍යයන් වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම, කෙටියෙන් කියතොත් සමස්ත සමාජ ක්‍රියාවලිය ම සිදුවන්නේ භාෂාව පදනම් කර ගෙනය”
සන්නිවේදනය යනු මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට හැගීමක්, අදහසක්, ප්‍රකාශයක් තොරතුරක් හෝ අවශ්‍යතාවක් ප්‍රකාශ කිරිමයි. මනුෂ්‍ය සමාජය තුළ පමණක් නොව තිරිසන් සත්වයන් තුළ ද ඔවුන්ගේ හැගිමක් ප්‍රකාශ කිරිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් අනුගමනය කරනු දක්නට ලැබේ. එම සන්නිවේදන කාර්යයේදී ප්‍රබල මාධ්‍යයක් හැටියට යොදා ගන්නේ භාෂාවයි.
භෙතික හා බුද්ධිමය වශයෙන් මිනිසාගේ දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍ය දියුණු වු බව පෙනි යයි. ඒ සෑම මාධ්‍යයකකදී ප්‍රබලව අදහස් දැක්විමට යොදා ගනු ලබන්නේ භාෂාවයි. එවැනි ප්‍රබල මාධ්‍යයක් වන සිංහල භාෂාව භාවිතා කරනා හුදෙක් ජනයා වාග් කෝෂය භාවිතා කරන්නේ කිසිදු ආකල්පයක් හැගිමක් නොමැති පිරිසක් ලෙසය. එවැනි පුද්ගලයින් සමාජයේදී සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍යොන්‍ය වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම අතින් පහළ මට්ටමක සිටින බව භාෂා භාවිතා කරන ඇතැම් පුද්ගලයින්ගෙන් දැක ගත හැකිය.
ව්‍යාංජනයකට ලුණු නොදෑ කළ එය රසවත් නැත. එලෙසම භාෂා භාවිතා කර කවි, කතාන්දර කිවාට භාෂාව භාවිතා කිරිමට අප නොදන්නේ නම්.. එම කවි කතා නීරසය, සැම විටම පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේඅන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිමත් සමගය, අප භාෂාව භාවිතා කර කුමන ආකාරයේ නිර්මාණ බිහි කලත්, එවැනි දෑ නිර්මාණය කිරිමට උත්සහ දැරුවත්, භාෂාව භාවිතා කිරිමට නොදන්නේ නම් එයින් කිසිදු පලක් නොමැත.
No comments:
Post a Comment