Tuesday, June 13, 2017

මාරයාට අත වනන්න එපා.




මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි. උසස් මනසක් අප සතු වුනත් අප කරන්නේ ඇතැම් විට එකී මනසට ඔබින දෙයක්දැයි යන්න ගැටළුවක්. මිනිස් ජීවිතය ගලන ගඟක් වැනිය. විටක සිනාසෙයි.විටෙක හඬයි. ගලන ගඟට එන බාධක සේ එකපිට එක ප්‍රශ්න ගලා එයි.  මේ අපේ ජීවිතයේ ස්වභාවයයි. මෙය ඇතමුන් නොදන්නා කරුණකි.
කෙසේ නමුත් වාසනාවට හෝ අවාසනාවට මිනිසුන්ට ජීවිතයෙන් සමුගන්නට හෝ සමු ගැනීමට සිදුවෙයි. මෑත කාලය තුළදී රට තුළ කතා බහට ලක් වූයේ යකඩ යකා සමඟ මාරයා සොයා යන ගමන්ය. ආදරය,විරහව,විනෝදය,කුතුහලය තුළ ජීවත් වන මිනිසා මෙකී කරැණු සොයා යාම තුළම ජීවිතයට තිත තබන්නට විය. පසුගිය  13 වනදා කොල්ලුපිටියේ සිදු වූ සිදු වීමද එවැන්නකි.
මව් රටින් එපිටට ගොස් වසර ගණණාවකින් තම මාතෘ භූමියට එන්නේ  කොතරම් බලාපොරොත්තු ගණනාවක් සිතෙ තබා ගෙනද? .මව් පියන්ගෙන්,සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව දහසක් බලාපොරොත්තු පොඳි බැඳගෙන නැවත එන්නේ  තමන්ටම කියලා දෙයක් ගොඬ  නඟා ගන්නට. කොළඹින් එපිට අනුරාධපුරයේ ජීවත් වන මොහු එදා කොළඹට එද්දී හිතන්නේ නැතුව ඇති මෙච්චර ඉක්මනින් හැම බලාපොරොත්තුවක්ම දාලා යන්නම වෙයි කියලා. කොළඹින් තම සහෝදරයා සමඟ අත් බැඳ ගත්තේ සහොදර ප්රේමය උතුරා ගියූ නිසා කොළඹ වටේ රවුමක් යන්නයි. විනෝද වෙන්න හිතා ගෙන ගිය ගමනෙදි ගොල්ෆේස් ගිහින් සතුටු වුණේ ලෙකු කතාවක් කියා දීලා. 
ජංගම දුරකථනය එක්ක බැඳුණු තුරුණු හිත ඒ මොහොතෙත් ඒ මේ අත සෙල්ලම් කලේ ඡායාරූප කිහිපයක් ගනිමින්. සෙල්ෆි ගැසීම පිස්සුවක් කරගත් කොල්ලෙක් රේල් පාරදිගේ ගියේ ඈතින්එන දුම්රියත් එක්කම සෙල්ෆියක් ගන්න. ගත්ත ඡායාරූපය පමණක් ඉතුරුවුණේ අයියවත් මාරයා ලඟට රැගෙනයි. තම සහෝදරයා බේරා ගන්නට ගිය තරුණයා ද එම මොහොතේම සුසුම් හෙලුවේ මෙලොවට බිහි කරපු දෙමව්පියන් ඉදිරියේ. 
මෙය එක් කතාවක් පමණයි. මෙවැනි සිදුවීම් බොහොයක්ම රටෙහි සිව් දෙසින්ම වාර්තා වූයේ හැමෝටම දහසක් කතා කියා දෙමින්. වචනයෙන් කියා ගත නොහැකි ලොකු කතාවක් මේ සිදුවීම් තුළින් කියාපාන්නට විය. 
මාරයා අත වනයි දිනක ඔබ හට. එපා ඔබ මාරයාට අත වනන්නට. මෙය ඔබ තරයේම මතක තබා ගන්න.
       
                                  _සෙල්ලක්කාරී_

2 comments:

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...