මිනිස්සු කියන්නේ මහ අමුතුම ජාතියක්. කොයි වගේද කියලා හිතන්න පුළුවන්ද? අපි හිතන් ඉන්න විදිය වැරදි කියලා කාලයා කියලා දෙනවා. ඇත්තටම මේ කතාව කොතනින් පටන් ගන්න ඕනද කියලා හිතාගන්නත් අපහසුයි. මොකද පටන් ගන්න තැනින් නෙමෙයි අවසන් කරන්න වෙන්නේ. කෙහොමහරි මේ කතාව සරලවම කිව යුත්තක්.
බලන්න අපි වැඩක් කරන්න ගියාම කොයිතරම් පණ්ඩිතයෝ ඉන්නවද කියලා. උපදෙස් දෙන්න මඟ පෙන්නන්න යම් පුදුගලයෙක් සිටිය යුතුයි. ඒ පුදුගලයා වැඩේ දිහා බලන්න ඉන්නේ නෑ. පිස්සෙක් වගේ ඒ වැඩේ පස්සෙන් දුවනවා.අනිත් අයගෙන් උදව් ඇතිව ඔහුත් ඒ වැඩේට සම්බන්ධ වෙනවා. . හැබැයි උපදෙස් දි දී මහත්තයෙක් වගේ ඉන්න පොරක් ඔබ අතරෙත් ඇති. ඔහු හෝ ඇය අණ කරන්නාගේ ස්වරූපයක් ගන්නවා. කවුරැත් ඉස්සරහ උජාරුවට වටපිට බල බල පොළවට වඩා අඟල් කිහිපයක් මත ගොඬ නගපු පාරක් දිගේ ඇවිදිනවා. කරන වැඩේ අඩුපාඩු කියමින් තමන් සියල්ල දන්නවා වාගේ කටයුතු කරනවා. ඔන්න ඕක තමා ඇත්ත.
ඒ විතරක් නෙමෙයි තව පිරිසක් වැඩේ කරන පැත්ත පළාතකවත් නෑ. හැබැයි අවසාන මොහොතෙ ඇවිත් ලකුණු දා ගන්නවා. කොහොම වුණත් අපූරුවට ඒ හැකියාව පිහිටලා තියෙනවා. අනික් මිනස්සුන්ව කපලා කැපිලා පේන්න ගන්නේ පුදුම උත්සහයක්. ඒ උත්සහය හොඳ වැඩකට යෙදෙව්වනම් අද වෙනකොට දහසක් හොඳ වැඩ කරලා.
තව ජාතියක් ඉන්නවා. ඉපදේනේ දුෂ්කර ගමක.එහෙම නැත්තම් හැදෙන්නේ වැඩෙන්නේ සීමිත පහසුකම් එක්ක. මෙහෙම ආපු මනුස්සයා කොළඹ ඇවිත් මාසයක් දෙකක් යනකොට ගමකියන වචනෙවත් දන්නේ නැතිගානට වැඩ. ගමනබිමන කතාව විතරක් නෙමෙයි දැන් හිතන්නෙත් කොළඹ විදියට.මාරම පොශ්. පොලෙන් බඩු කන්න කැමතිම නෑ. සීතල ගුහාව ඒ කියන්නේ food city නැත්තම් කන්න බෑ. සන්ලයිට් ගාලා සූණ හෝදපු උන්ට face wash නැතුව ජීවත් වෙන්න බෑ. මේකයි අද වෙලා තියෙන්නෙ. මෙහෙම කාලයක් යද්දි බලෙන් ඇඟට දා ගනිපු posh ගතිය ඉබේම නැතිවෙලා.
කාට කියන්නද මේවා. වෙන දේ බලා ඉන්නවා මිස මොනවා කරන්නද. වෙලාවකට හිතෙනවා මේවා බලන් ඉන්න අපි මෝඩයෝ කියලා. හැබැයි වෙන දේ බලන් ඉන්න එක තමයි ඇඟට ගුණ. මොකද නැත්තම් ඔක්කොම කුණු බේරි වැවට කියලා කැරකිලා කැරකිලා නතර වෙන්නේ පාඩුවෙ ඉන්න එකෙක් ලඟ. මේ මිනිස්සු බොරුවෙන් රජ වෙන්න හදන්නේ. හැබැයි ටික කාලයයි ඒ හැමදේම. මෙහෙම කැපී පේන්න යන අය ඉබේටම කැපිලා යනවා. ඕකට තමයි කියන්නේ පොර වෙනින ගිහින් පර වෙනවා කියලා.
-සෙල්ලක්කාරී-
No comments:
Post a Comment