Monday, March 5, 2018

කන්ද උඩින් අටවක සඳහිනාවෙනවා

කන්ද උඩින් අටවක සඳහිනාවෙනවා
මෝදු   වෙන්ඩ
?න් පිටින් බට්ටිත්තන් පියාඹනවා
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ....

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර
හිමින් නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත  පැලේ


පද රචනය - සුනිල්  ආරියරත්න මයතාx
ගායනය - විශාරද නන්දා මාලනී මහත්මියx


ආශ්චර්යමත් වූ පේ‍්‍රමය හමුවේ නොයෙක් දන සියලූ සම්පත් ඉසුරු වස්තු හැර දමන්නේ පේ‍්‍රමය නම් සිතු පැතු සියලූ සම්පත් ලබාදෙන  ”චින්තා මාණික්‍යයක්” වන බැවින් යයි ඔහු පවසයි. මේ අසිරිමත් වූ පේ‍්‍රමය පිලිබඳ සියවස් ගණනාවක් තිස්සේ ලොව පුරා ජීවත් වූ නෙක කලාකරුවන්, සාහිත්‍යකරුවන් කවි කිවිඳියන්, නාට්‍යකරුවන්, සිනමාකරුවන්, ගායක ගායිකාවන් විසින් නිමවන ලද අමරණීය පේ‍්‍රමාන්විත නිර්මාණ රසය නොවිඳි කවරකු හෝ වේ යයි සිතීම උගහට ය. පේ‍්‍රමය නමින් භාරතයේ ඉදිවී ඇති ටජ් මහල් සිහිවටනය ලොව පුදුම අතරට එක වන්නේත්, ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් පේ‍්‍රම කතාව දහසය වන ශත වර්ෂයේ සිට අද දක්වාම ලොව පුරා සුවහසක් රසික ජනයා විසින් වැළඳ ගනු ලබන්නේත් පේ‍්‍රමයෙහි වන මේ ආශ්චර්යම නිසා නොවේ යයි පවසන්නට කවරෙකුට හැකිවේද?

ඉදින් මේ පේ‍්‍රමය විෂය කොට ගෙන එහි නෙක පැතිකඩ තෝරාගෙන රචනා කොට ඇති සිංහල පේ‍්‍රම ගීතාවලිය තුල සුනිල් ආරියරත්නයන් විසින් පබඳන ලද නන්ද මාලිනිගේ මධුර ස්වරයෙන් ගැයුණු පේ‍්‍රම ගීත රාශියක් සමග අරුතින් පමණක් නොව ප‍්‍රමාණාත්මක බවින් ද තරඟ කල හැකි අන් කවර හෝ ගීතාවලියක් වේ යයි සිතීම අපහසුය. පේ‍්‍රමයේ විප‍්‍රයෝගය, සම්ප‍්‍රයෝගය හෝ වෙනස් චමත්කාරජනක සුන්දර හැගීම් සමුදායක් යේහසිත සැළ මුතු පේ‍්‍රමයෙහි මිහිර විඳින පෙම්වතුන් පෙම්වතියන් ස්වාමි භාර්යා කුටුම්භය තුළ එකිනෙකා අතර හටගන්නා රොස් පරොස් කටුක වදන් ඇවතුම් ආශ්චර්යමත් හමුවීම් ආදී මෙකී නොකී පේ‍්‍රමයේ සුන්දර අසුන්දර මිහිරි හා කටුක බව දැවටුණු ගී රැුසක් තිබේx

මේ ගීතය දෙස මතුපිටින් බැලීමේදි ඉතා ලස්සන භෞතික වස්තු ගොන්නක් ඔබට පෙනේ. සැන්දෑවක්. කුරුල්ලන්. වසු පැටවුන්. ගේ පැලක්x කාන්තාවක් ආදී වශයෙන් පරිසර වස්තු සමූහයක් මේ ගීය පුරාවටම සමබරව විසිරි තිබේ.

විවාහපත් වූ යුවළක් අතර සිදුවන ලිංගික එක්වීමක් සදහා මුල්වන්නේ ඔවුනොවුන් අතර වන පේ‍්‍රමාන්විත හැගීම් සමුදායක් බව රහසක් නොවේ. එසේම එවන් ලිංගික එක්වීමක් අස්වාභාවික සමාජ සංසිද්ධියක් ද නොවේ. එහෙත් එවන් ක‍්‍රියාකාරකමක් තම නිර්මාණයට විෂය කරගන්නා කලාකරුවකු වෙත තිබිය යුතු සංයමය ඔහුගේ නිර්මාණය පුරා විහිදී පැතිරී තිබෙනු පාඨකයාට හෝ ශ‍්‍රාවකයාට ඒත්තු යා යුතු වේ. සුනිල් ආරියරත්න සූරීන් විසින් රචනා කරනු ලදුව, විශාරද නන්දා මාලනි මහත්මිය විසින් ගයනු ලබන මේ ගීතයෙහි අර්ථය මෙන්ම  විශාරද නන්දා මාලනියන්ගේ  ගායනාව ද මොහොතකට සිහියට නැඟිය හැකිය.


මේ ගීතය පුරා පෙම්වතිය, බිරිය තම ස්වාමිපුරුෂයාට පෙම්වතාට ඇරයුම් කොට සිටින්නේ ඈ හා එක්වී පේ‍්‍රමයේ මිහිරිතම ඵල නෙළා ගන්න ලෙසයි. ඇගේ ඉල්ලීම ඍජු ආව්‍යක්ත රාගික ඉල්ලීමක් නොවන්නේ යයි මතුපිටින් පෙනුන ද මේ ගීතයෙන් මතු කෙරෙන ව්‍යංගාර්ථ නගන්නේ එවැනි කායික එකතුවීමකට කෙරෙන ඇරයුමක් පිළිබඳවයි.

මේ කුමන වේලාවක්ද? මේ සුන්දර සැන්දෑවකි. හිරු අවරට ගොස් මද වෙලාවකට පසුවය. රාත‍්‍රියට ආසන්නය.  විහඟුන් කූඩු කරා යන මොහොතයි. උන් පියඹා යන්නේ කූඩු වන්නටයි. කූඩුවෙන් තම ප‍්‍රියයන් සමගයි. අටවක සඳ කන්ද උඩින් හෙමි හෙමින් මෝදු වන්නට සැරසෙයි.  එසේ සැරසෙන්නේ සිනාසෙමිනි. වසු පැටව් හඬන්නේ මවු තුරුළක උණුසුමට ගාල්වීමටය. මෙම කාන්තාවද තම ආදරවන්තයා තුරුලෙහි උණුසුම් වන්නට සූදානම් වන්නේ වසු පැටියෙකු මෙනිx සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්නට පිලට එන්නැයි ඈ ඇරයුම් කරන්නීය. මේ පරිසරය මැද තරුණියක් නැතිනම් කාන්තාවක් පිරිමියෙකු නිදි යහනට කැඳවයි. ඇගේ ඒ ඇරයුම සැබවින්ම ඇහැ ඩිංගක් පියා ගැනීමට දැයි අපට ඇතිවන්නේ කුතුහලයකිx සැබවින්ම මෙම ගීතය  ශෘංගාරාත්මක ගීයක්යx

”කන්ද උඩින් අටවක සඳ හිනාවෙනවා
මෝදු වෙන්ඩ
?න් පිටින් බට්ටිච්චන් පියාඹනවා
කූඩු වෙන්ඩ
අඩති ළමා වසු පැටියෝ
උනුහුමට ගාල්වෙන්ඩ
එන්ඩ පිලට සැනසිල්ලේ
ඇහැ ඩිංගක් පියාගන්ඩ”

       
පේ‍්‍රමයේ උත්තරීතර එක්වීමකට පසුබිම නිමැවී අවසන්ය. අටවක සඳ හීන් ය. මෙහිදී අටවක සඳ සමාන කරනුයේ ආආලයෙන් මත් ව සිටින පේ‍්‍රමවන්තයන්ගේ දෑසටයx එමෙන්ම අටවක සඳ  පුර හඳ මෙන් නොවේ. එහි රැුස් මාලා ඔවුන් දෙදෙනාගේ පැදුර පුරා ඇදී ගොසිනි. මඳ සුළඟට පහන් තිරය නිවෙන්නේ ඔවුන් විසින් එය නිවා දමන්නට පෙර ය. සඳ එළිය තීරුව පහන නිවී ගිය පසු කළුවර ගොපලූ නලා හඬ මේ සියල්ල ඔවුන් දෙදෙනාගේ සම්භෝගයට ආශිර්වාද කරන ඇරයුම් වැන්න. පරිසරයද ඔවුන්ගේ ආාදරයේ එක්වීමට සුභ පැතුම් එක් කරන්නා වැනියx


”පැදුර  පුරා රැුස් මාලා
අටවක ද හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර
 හෙමින් නිවෙයි පහන් තිරේ
ගොපලූන් පිඹින නලාවේ.......
සුමිහිරි සත්සර පාවේ....”

දැන් එළැබී ඇත්තේ, ඔවුන් දෙදෙනා ප‍්‍රාර්ථනා කළ ඒ අසිරිමත් එකතුව සදහා මොහොතයි. ආදරයෙන් එක් වන මොහොතක දී වෙහෙසක් තනිකමක් සැතෙහි නැතx මේ කාන්තාවට පිඳුරු පියසි අතරින් කලා මැදිරියන්ගේ එළිය පෙනේx එනම් එම මෙහොතේ එම කාන්තාව සිටින්නේ කෙසේදැයි යන්න පැහැදිලියx  ගේය පද රචකයා මෙහිදී එකදු ග‍්‍රාම්‍ය වදනක් හෝ තෝරා නොගනී. ඔහු විසින් උපයුක්ත කාවේ‍යා්ක්ති ඒ මොහොතට මොනවට චිත‍්‍රණය කරයි. එමෙන්ම මේ ආාදරවන්තයන් තුළ තිබූ දුක ශෝකය පහව ගොස්යx එය හරියට පයන් සිලක් නිවී යන්නා සේ යැයි පද රචකයා අදහස් කරයිx රාතී‍්‍රය සීතලයx හිමකැට මිදෙන්නට තරම් මේ රාතී‍්‍රය සීතල වුවත් එම සීතල ? පැලට දැනෙන්නේ නැතx

පිදුරු පියස්සේ තැවරෙන
කලාමැදිරි කාන්තියේ
නිවී පහන් වී දුරු වෙයි
 සෝක තැවුල්  කාන්සියේ
හිම කැට මිදෙන හීතලේ
හීතල නොමැත ? පැලේ

           හිමකැට මිදෙන්නට තරම් සීතල වූ රැුයෙක මේ පැලේ හීතල නොමැත යයි පැවසීමෙන් ගම්‍ය වන්නේ මේ දෙදෙනා එකිනෙක උණුසුමින් වෙලී සිටිනා බවයිx

වචනෙන් වචනේ මේ ආකාරයට වෙන් කලවිට  පස්වන මණ්ඩලයේ සිනමා පටයක් වගේ යැයි සිතට නැෙඟයිx මහැදුරු සුනිල් ආරියරත්නයන් මේ ගීය රචනා කර තිබෙන්නේ පුංචි ළමයෙකුට උවද රසවිඳිය හැකි පරිදි  සංයමයකින් යුතුවයි. මෙම ගීතයේ අසභ්‍ය වචන ඇතුළත් නැතx තිබෙන්නෙ ස්වභාව ධර්මයෙන් ගන්නා ලද  ව්‍යංග්‍යර්ථ පමණයි. නමුත් මෙහි කියැවෙන කතාව සරල වූවක් නොව.


ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹූ දා පටන්ය. උල් කෝටුවකින් දඩයම කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇනවුම් කරන අද දවස දක්වා ඒ සබඳතාව අනේකවිවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යාවශය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටු කරයි. ආදම් හා ඒවායේ ඇරඹි සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුල්ෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, දම්මි-සුගත්, අභිෂේක්-ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.

ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙක වෙත බැෙක්‍ෂන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය මනෝ හා දේශපාලන සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැෙක්‍ෂන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම පේ‍්‍රමය පමණක් නොවේ. ලිංගිකාශය, සමාජයීය හේතු, හුදකලා වීමට ඇති නොකැමැත්ත, අයිතිවාසිකම්, සහයෝගය කෙරේ ඇති මූලිකාශය වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු එවැන්නක් තුළ දැකිය හැකිය.

ගීතයට යෙදී ඇති තනුව සහ සංගීතය විමුසමේදී එය ගීතයේ අරුතට මනාව බද්ධවුණු තනුවක් බව කාටත් පසක් වනු ඇත. හැඟීම මතුකළ හැකි අඩු ළයකින් වැයෙන ළයාන්විත තනුවක් එයට යෙදී ඇත. අන්තර්ගතයේ ශෘංගාරාත්මක හැඟීමට එය මනාව ගැලපී ඇත. නිර්මාණයේ පෙරදිග සංගීතයට වඩාත් නැඹුරු සංගීත භාණ්ඩයන්ය එයට යොදා ගෙන ඇත. එමෙන්ම බටහිර හෝ පෙරදිග යන බෙදුමට හසුනොවන සංගීත භාණ්ඩ වැයුමේදී පෙරදිග ඌරුවට ඒවා වාදනයවෙයි. මේ සංගීතය ගීතයෙහි හැඟීම තීව‍්‍රැ කරණු වස් වැයෙයි. ඉන් අදහස් කරනුයේ සංගීතයේ වැයුම තීව‍්‍රය යන්න නොවේ. හැඟිම තීව‍්‍ර කරණ බවයි. සංගීතය භාවාත්මකය. ගෝෂාවෙන් තොරය. හැඟීම් බරය.

ගීතය සඳහා නිර්මාණය කරන තනුව ගීතයේ මුඛ්‍යාර්ථය මැනවින් තීව‍්‍ර කරන භාව පූර්ණ ගායනයකට දිරි බල සපයන නිර්මාණයක් බව නිගමනය කළ හැකි වේ...


                                                                                                                සෙල්ලක්කාරී




No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...