Monday, March 5, 2018

ඇත්තටම ඇත්තේ ආරම්භය.

ඇත්තටම ඇත්තේ ආරම්භය.

ලංකාදීප, ලේක්හවුස් පුවත්පත්වල එකධිකාරයටත්, එක්සත් ජාතික පක්ෂයටත් එරෙහිව විකල්ප පුවත්පත් ආරම්භ කිරීමේදී කොමියුනිස්ට් පක්ෂය පෙරමුණ කරගත් අතර තම දේශපාලන මතධාරී මාධ්‍යවේදීන් හා පක්ෂ ක‍්‍රියාකාරීන්ගේ දායකත්වය ඇතිව 1964 දෙසැම්බර් 14 දින ඇත්ත අරම හය කරනු ලැබිය. එවකට පවතී සභාග ආණ්ඩුවේ සියලූ දේශපාලන පක්ෂවල සහය ඇතිව ආරම්භ වූ ඇත්ත පුවත්පත ධනපති බලවේගවලට ප‍්‍රබල පිළිතුරක් විය.

”ඇත්ත පුවත්පත බිහි වූයේ පනස් හයේ දේශපාලන පෙරලිය උදි යටිකුරු කරන්නට එවකට ධනපති බලවේගය මඟින් පරායත්ත දැරුණු මොහොතක, ප‍්‍රගතිශීලි බලවේග ඊට එරෙහිව බලමුළු ගන්විමෙහිලා පෙරමුණ ගත සෙන්පතියෙකු ලෙසිනි. (සිල්වා,2006,පි.08* වාමාංශික නායකයෙකු වූ පීටර් කෙනමන් රැුලියකදී සඳහන් කලේ ”දැනට ඇති ධනපති පත්තර සියල්ල පච පත්තර බවත් අප විසින් ඊට පිළිතුරු ලෙස පුවත්පතක් අරඹන බවත් එහි නම ”ඇත්ත” බවත්ය.

ඇත්තේ ආරම්භක ලේඛකයන් වූයේ ලේක්හවුස්, ටයිම්ස්, දවස, දවස ආයතන වල සේවය කල එ.ජා.ප. විරෝධී මාධ්‍යවේදීන්ය. ඔවුන් වඩාත් ආකර්ශනීය ලෙසත් ප‍්‍රගතිශීලි මතවාද සහිතවත් ”ඇත්ත” එලි දක්වනු ලැබිය. මුලින් දවස කර්තෘ මණ්ඩලයේ සේවය කොට ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් සේවය කල සිරිලාල් කොඩිකාර පවසන්නේ එලෙසින් ඇරඹු ඇත්ත මුල්පිටපත නිකුත් වූයේ සගින්නකින් පෙළුණු ඡුන්දදායක පාඨක සංඛ්‍යාවට පැල්පතකින් සැපයුණු වුනු බතක් ලෙසට බවයි. (කොඩිකාර,1977,පි.335*

”ඇත්තේ” ආරම්භක කතුවරයා වූයේ හික්කඩුව ගලප්පත්තිගේ සුගතපාල (එච්.ජි.ඇස්* රත්නවිරය. ඔහු ප‍්‍රබල කොමියුනිස්ට් පක්ෂ ක‍්‍රියාකාරිකයෙක් විය. කොමියුනිස්ට් පක්ෂ පත්තර සන්ගරාකරණයේ යෙදුනෙකි. කාලින දේශපාලනික පසුබිමත්, සමාජ අවශ්‍යතාවයත් මත හදිස්සියේ මෙන් ආරම්භ වූ ඇත්ත පුවත්පතට හොඳ ගොඩනැගිලි පහසුකම් හෝ යන්ත‍්‍ර  සුත‍්‍ර නොතිබිණි.  එය බිහි වූයේ පැල්පතක් වැනි තැනකිනි. ”1965 මැතිවරණයේදී යූ.එන්. ජි. විරෝධී පිල වෙනුවෙන් මහා  පත්තර ආයතන තුනේ ප‍්‍රචාරක සන්ධානයට මුහුණදුන් සැටියෙන් ”ඇත්ත” පත්තරය පැල්පතක් වැනි තැනකින් නිකුත් වන්නෙකි ස්ථානය නුදුටු යට සිතන්නට අවකාශ තිබුනේ නැත” (එහිම පි.357* කෙසේ වුවද මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක ප‍්‍රමුඛ එජාපය පිහිටවූ ආණ්ඩුවට ඇත්ත පුවත්පතේ ප‍්‍රහාරවලින් වැළකීමට අවස්ථාවක් නොවිය. ආණ්ඩුව පුවත්පත මුද්‍රා තැබීමට තීන්දු කල අතර ඒ සඳහා මුද්‍රාව හා ලාකඩ රැුගෙන පැමිණි නිලධාරීන් විශ්මයට පත් වූයේ ”ඇත්ත” කන්තෝරුවේ ස්වභාවය දැකීමෙනි”

”මහා මාධ්‍ය බලයක් පානා ඇත්ත ආයතනය මෙතන යැයි ඔවුන්ට විශ්වාස කල නොහැකි විය. තැන මෙතනම බව තිර කරගත් පසු ප‍්‍රශ්නය වූයේ මුද්‍රා තබන්නේ කොතනටද යන්නයි. කර්තෘ මණ්ඩලයේ දේපල ලෙස පාවිච්චි වුනු මේස පුටු තිබුනේ වහලක් යට වුවත් ඒ තුලට පිවිසෙන්නට තව කපොලූ තිබෙන බව පෙනෙන තැනකය. 
ඔවුව්හු ඒ කබල් දොර වසාඅ මුද්‍රා තබා ගියහ.”
මෙබනු අඩුලූහුඬුතා මධ්‍යයේ වුවද එච්.ජි.ඇස්. රත්නවීර, බමුණු ආරච්චිගේ සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, රිචර්ඞ් විජේසිරි, ජැක්සන් සේනාරත්න,මොටගෙදර වනිගරත්න,හෙම ද සිල්වා, ජිෆ්රි යුනුස්,මහින්ද අබේසුන්දර, අර්වින් වීරක්කොඩි, සුමනපාල අමරසේකර, බෙනට් රූපසිංහ, සිරි පළිහෙන ප‍්‍රමුඛ ඇත්ත කර්තෘ මණ්ඩල සාමාජිකයින්  එය රටේ ජනයාගේ හදවත් වෙත සමීප කරවුයේ ඉන් ප‍්‍රකට කළ ප‍්‍රගතිශීලි දේශපාලන දර්ශනයක් සජීවී භාෂා ව්‍යවහාරයත්, උපහාසාත්මක කාටුන් දියත් තුළිනි. 

”ජනමතය සංවිධානය කිරීමේ අරමුණ වෙනුවෙන් යොදා ගැනීම අතින් ”ඇත්ත” සාර්ථක අත්දැකීමක් විය. ලෝකයේ ප‍්‍රධාන සමාජවාදී රාජ්‍යය ලෙස පවතී සෝවියට් දේශයේ ප‍්‍රධන පුවත්පත වූ ප‍්‍රවුදා මෙන් ඇත්ත පත‍්‍රයේ ද පළල් පිටු සහිතව ප‍්‍රධාන වශයෙන් පිටු 04ක් විය. 65 මැතිවරණය අභිමුවෙහි රටේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික පුවත්පත් එක් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියදී ඇත්ත පුවත්පත දිනපතා  පුවත්පතක් වශයෙන් ආරම්භ කිරීම දුෂ්කර කාර්යයක් විය. කෙසේ වුවත් මෙම අවදියේ ”ඇත්ත” ලබා ගැනීමට පාඨකයන් අතර තරඟයක් පැවති බව පෙනේ.”(පියදාස,1997,පිටු.290*

”ඇත්ත” බිහි වූ සමාජ පසුබිම ලංකා පුවත්පත් ඉතිහාසයේත් වැඳගත් සන්ධිස්ථානයක් බව මෙම කරුණුවලින් පැහැදිලි වේ. එසේම දශක 03 ට වැඩි කාලයක් පාඨකයා අතර ජනප‍්‍රියව පවතී ”ඇත්තේ” තීරණාත්මක සාධකය වූයේ බී.ඒ. සිරිවර්ධනයි. 

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...