ගිනි ගෙන දැවෙන විට සැඩ හිරු රකුසු
වෙසින්
මහ මග හිදන් දැවෙමින්
සැඩ හිරුගේ රැසින්
රිය පෙළ හසුරනා කල විදුලියක
ලෙසින්
දුටුවෙමි රවනු ඔබ දෙස තෙත නොමැති ඇසින්
අව් වැසි නොතකමින් ඔබ කරනා සේවේ
නොදකින දෙනෝදාහක් ඇස් මග පාවේ
ගැරහුම් මිසක පැසසුම් නැතිවද ආවේ
කවුරුද කවදාද ඔබ ගැන හොඳ කීවේ
කාකි ඇඳුම තෙත
රැඳී හිත වසාගෙන
විමසුම් ඇසින් මුව සිනහා සගෝගෙන
තුන් තිස් පැයේ මහ මග නෙත් යොමාගෙන
දිනයක් ඒද කවදා නුඹ සිනාසෙන
-g.k-
No comments:
Post a Comment