Thursday, May 25, 2017

වැටහීම හා පසුතැවීම ....




ඌ වීල්කාරයා...
කමකට නැති මෝඩයා...
ගමෙ සෙල්ලක්කාරයා...
කෙල්ලන්ගෙ මාරයා...

ආදරය කරන්නේ...
ආදරය බෙදන්නේ...
ආදරය විඳින්නේ...
මඟදි මඟහරින්නේ...

ආදරෙයි හැමදාම...
යන්නේ නෑ කවදාක...
පවසන්නේ දිවුරාලා...
දමා යන්නේ දුක දීලා...

තුන් වසරක් ගෙවීලා...
යලි එන්නේ  ⁣පෙරලා...
නමුත් සිත් බිඳිලා...
වෙන සිතක් හා බැඳිලා...

ළඟ සිටි කල අනාදරය...
දුර සිටි කල ආදරය ...
ලැබුණම මඟ හැරීම...
පසුව පසුතැවීම...

                                               -සෙල්ලක්කාරී-


No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...