Friday, July 13, 2018

Blog එකක් හදන හැටි සහ වැඩ කෑලි...

කට්ටියට කොහොමද ඉතිං, කාලෙකිං මේ පැත්තෙ ආවෙ පෝස්ට් එකක් ලියන්න. ආගන්තුකයා එහෙනං යුනිවසිටි එකේ අන්තිම අවුරුද්දත් ඉවර කරා කියමු කො. (විභාග ඉවරයි තව අසයින්මන්ට් වගයක් ඉතුරු වෙලා තියනවා ඉතිං.) කොහොමිං කොහොම හරි දැං වෙනදා වගේ නෙමෙයි ටිකක් කල් තියනවා මොනවා හරි ලියන්න කියන්න එහෙම. ඒ කාලෙ කවි කතන්දර එහෙම ලියවුනාට අනේ මන්දා දැන් නං එවුවා ගැන අදහසක්වත් එන්නෙ නෑ නෙව. හරි ඒක පැත්තකිං තියමුකො. හාහාපුරා කියලා එහෙනං අපි දන්න කියන දෙයක් ගැනම පොඩ්ඩක් ඉගනගමු කො.

මගේ නම් බ්ලොග් එක කියවන අය ගොඩක් දෙනෙක් බ්ලොග් ලියන අය. ඒ නිසා මේ පෝස්ට් එකේ මුල් ටික නං වැඩිය වැදගත් වෙන එකක් නෑ මයෙ හිතේ. හැබැයි ඉතිං අන්තිමට කියන්නං 

* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

මේ පෝස්ට් එක ලියන්නෙ කවි කතන්දර එහෙම ලියන්න පුලුවන්, ඒත් ඒවා එක තැනක තමන්ට සහ අනිත් අයට තියාගන්න හරිහමන් විදිහක් දන්නෙ නැති අයට. හරි කතා ඇති, වැඩට බහිමු.


බ්ලොග් එකක් හදන්න නම් ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදන්න තැනක් හොයාගන්න ඕන. සාමාන්‍යෙයන් wordpress, blogger කියන්නෙ වැඩියෙන් පාවිච්චි වෙන සේවා දෙකක්. හැමෝටම ගූගල් අකවුන්ට් තියන නිසා සහ පහසුවෙන් හදාගන්න පුලුවන් නිසා අපි බලමු කොහොමද blogger එකෙන් blog එකක් හදන්නෙ කියලා. පියවර විදිහට කියන්නං කො ලේසි වෙන්නත් එක්ක.

පියවර 1

www.blogger.com එකට ගිහින් gmail ගිණුමෙන් log වෙන්න.

පියවර 2

ඉස්සෙල්ලාම පළවෙන් පින්තූරෙ තියන බොත්තම ඔබලා, ඔන්න ඕකෙ දෙවනි පින්තූරෙ 1 කියන තැනට තමන් කැමති නමක් දෙන්න. 2 කියන තැනට කැමති url එකක් දෙන්න. හැබැයි ඉතිං ඒ url එක කලිං පාවිච්චි වෙලා තියන එකක් නම් වෙනස්කමක් කරලා අර නිල් පාට හරි ළකුණ එනකං වෙනස් එවුවා දීලා බලන්න. සුදුසු නමක්, යූ ආර් ඇල් එකක් එහෙම තෝරගත්තාට පස්සේ..

පියවර 3





පළවෙනි පින්තූරෙ තියන බොත්තම ඔබලා, දෙවනි පින්තූරෙ තියන මෙවුවා එකට යන්න (පින්තූරෙ ඔබන්න ලොකු කරන්න නං). ඒකෙ ඔය සුදුපාට ලොකු හිස් ඉඩේ තමයි පෝස්ට් එක ලියන්නෙ. උඩ තියන එවුවා නිකං වර්ඩ් එකේ වගේ. වෙනස් කර කර හොද විදිහකට හදාගන්නයි තියෙන්නෙ. දකුණු පැත්තෙ උඩ කෙළවරේ පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න, සේවු කරලා තියාගන්න වගේම පබ්ලිශ් කරන්න කලිං කොහොමද කියලා බලාගන්න කෑලි ටිකක් තියනවා. ඔක්කොම දැම්මාට පස්සෙ පෝස්ට් එක මේ වගේ පේන්නෙ.

මේවා ඉතිං සාමාන්‍යෙයං කට්ටිය දන්න දේවල් නේ! අපි පොඩ්ඩක් බලමු ටිකක් වැඩි වැඩ. ලියනවා ට වඩා කියන එක ලේසියි. ඒ නිසා මං වීඩියෝ එකක් දාන්නං. මටත් ලේසියි ඉතිං.
වීඩියෝ එකේ අන්තර්ගත දේවල්
* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

කවුරු හරි කෙනෙක්ට පෝස්ට් එක වැදගත් උනා නම් සතුටුයි. මොනවා හරි අහන්න එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. දන්න කියන විදිහට කියලා දෙන්නම්.




අන්තර්ජාලය ඇසුරින් උපුටා ගන්නා ලද ලිපියකි.

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...