Monday, July 30, 2018

වැදි පරපුරේ වෙදැදුරෝ....

feature-top
දඬුබැඳි රුප්ප වසර දහස් ගනණක් තිස්සේ පැවැත එන මානව ජනාවාසයකි. වර්තමායේ එය විශාල ගොවිජනපදයකි. වළගම්බා රජුට සැඟව සිටිය දී ආරක්ෂාව සැපැයූ මහාකන්දා වැදි නායකයා පසු කාලීන රජුගෙන් ගෞරව නාම ලැබී ය.

මහාකන්දා වෙදපරම්පරාවෙන් පැවැත එන පවුල් අතර එරමුදු ගහ ගෙදර, මැද ගෙදර, ඉහළ ගෙදර, පහළ ගෙදර වශයෙන් පවුල් හතරකි. ඉන් එරමුදු ගහ ගෙදර වෙද පරම්පරාව ප්‍රධාන ය. ඒ පවුලේ බණ්ඩිරාළ, අප්පුහාමි, පුංචිරාල, ගුරුහාමි, හා උක්කුරාළ නමින් වු දරුවන්විය. අතරින් උක්කුරාළ වෙද මහතාගෙන් පැවැත වෙදකම ඉදිරියට ගෙන ආවේ සරත් කුමාර එරමුදු ගහගෙදර වෙද මහතා විසිනි. හෙතෙම යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ද ජ්‍යෝතිෂ විෂයෙහිද මනා කුසලතා ඇත්තෙකි. රාවණ පරපුරෙන් පැවැත එන වෙදකම අතැඹුලක්සේ දැන දස සහස් ගණක් රෝගීන් සුවපත් කළ සරත් කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා සර්වාංග වෙද කමෙහි නියැලෙයි. ඔහුගේ පුත් වජිරජිත් සරත් කුමාර ද වෙදකමෙහි හසළ දැනුමැති වෙදැදුරෙකි.

"අපි ළඟ තියෙන්නේ අපේ පරම්පරාවට ආවේණික වට්ටෝරු, අපි ඒවා කාටවත් දීලත් නෑ. දෙන්නෙත් නෑ. දේශිය වෙදකමේ හසළ දැනුමක් ඇත්තා ලෙස තමයි රාවණ හඳුන්වන්නේ අපි ළඟ තියෙන්නෙ එතුමාගෙන් පැවැත එන ඖෂධ සංස්කරණ ක්‍රම. ඒ වට්ටෝරු බෙහෙත් අපි සංස්කරණය කරලා අපවෙත එන රෝගීන් සඳහා භාවිත කරනවා. අපේ බෙහෙත් වෙළෙඳ පොෙළ් අලෙවියට තබන්නේ නැහැ. රස වෙදකම අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානයි. ශාක ඖෂධවලට රස ඖෂධ එක්වූ විට රෝග නිවාරණය වේගවත් වෙනවා. සාමාන්‍ය යෙන් අප ගන්නා ඖෂධ හෝ ආහාර ශරීරයේ ජීර්ණවීමට දින විසි අටක් ගතවෙනවා. එත් රස ඖෂධ ගත් විට ජීර්ණයට ගත වන්නේ දින හතක්පමණයි. එවිට ඉක්මනින් ඖෂධ පත්තියම් වී රෝග නිවාරණය වෙනවා" සරත්කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා අප සමග පැවැසීය.

"රස ඖෂධ භාවිතයේ දී පරෙස්සම් විය යුතුයි. නියම මාත්‍රාවට ගන්න ඕන. නිෂ්පාදනයේදී ඉතා පරෙස්සමින් විෂ මරා ඖෂධ සංස්කරණය කළ යුතුයි. ඖෂධ විෂ මැරීමේ හා

සංස්කරණයේ අපට ආවේණික පාරම්පරික ක්‍රමවේද අප සතුයි. දේශීය වෙදකම යනු එක් එක් පරපුරට ආවේණික වෛද්‍ය ක්‍රමයක්. ඒ වෙදකම පවුලෙන් පවුලටත් වෙනස්, බටහිර වෙද කමේ එක්ස් කිරණ, රුධිර පර්යේෂණ ආදිය නැති කාලේ අපි ඒ පිළිබඳ දැනගත්තේ නාඩි පරීක්ෂාවෙන්, එහෙම නැත්නම් නිමිති ශාස්ත්‍රයෙන් හෝ ජ්‍යෝතිෂය ශාස්ත්‍රය මගින් වේලාපත්කඩය බැලීමෙන් හෝ තත්කාලය විමසීමෙන් ඒ ක්‍රම මගින් අපි නිවැරදි ප්‍රතිඵල ලැබුණා. ඒ වගේම එම ක්‍රමවේද මගින් රෝග හඳුනා ගැනීමට ද හැකියාව ලැබුණා. වෛද්‍ය ක්‍රමයේ දී වැදගත් වන්නේ රෝග විනිශ්චයයි. රෝගය නිවැරදිව හඳුනා ගත් විට නිවැරදි ඖෂධ සංයෝජන යෙදීමෙන් රෝගය පහසුවෙන් සුව කළ හැකිවෙනවා".

"රෝගියාගේ මානසික සෞඛ්‍ය යහපත් කරන්න වගේම ඔහුගේ පුර්ව කර්ම යටපත් කිරීමට හෝ ග්‍රහ දොස් , පවත්නා භුතදෝස, එසේත් නැත්නම් මළගිය ප්‍රානීන්ගෙන් වන බලපෑම් පාලනයට කේන්ද්‍ර පරීක්ෂාවෙන් පසු අපි පිදවිලි, යාතුකර්ම, පූජා පවත්වනු ලබනවා. වර්තමානයේ ආර්ථික සමාජතත්වය අනුව එම චාරිත්‍ර සීමා වෙලා.

ජය ශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේට පූජා පැවැත්වීම හා රෝගියා බැතිමත් දෙවිවරුන්ට පූජා පැවැත්වීම අපි සිදුකරනවා. අපි ප්‍රධාන වශයෙන් සමන්දෙවි හාමුදුරුවන්, මහාගෝස (මහා ගෝස කියන්නේ රාවණගේ දෙවෙනි ආත්මය ලෙසයි සැලැකෙන්නේ.) හෙවත් කතරගම දෙවි හාමුදුරුවන්, සූනියම් දේවතාවා ලෙස පිදුම් ලබන මණිඅක්ඛිත නාරජු හා ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවන් රකින ජීවහත්ථ හෙවත් කළුකුමාර බණ්ඩාර දේවතාවන් අතුළු සෝවාන් වු දෙවිවරු හතර දෙනකුට පූජා පවත්වනවා. අපි ළඟට වර්තමානයේ එන්නේ විවිධ ස්ථාන වලට ගිහින් ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පීඩාවට පත්වු මිනිස්සු. එවන් රෝගීන්ගේ මානසික තත්වය නිරවුල් විම රෝග සුවවීම ඉක්මන් කිරිමට හේතු. වෛද්‍යවරයාගේ විශ්වසනීයත්වය හා කාරුණික භාවය ඔවුන්ට අවශ්‍යයි. ‍"

සරත්කුමාර එරමුදු ගහ ගෙදර වෙද මහතා පවසයි.

මිනිස්සු නීරෝගීව ඉන්න නම් හොඳ ආහාර පුරුදු, (සරල ස්වාභාවික ආහාර පාන භාවිතය) ව්‍යායාම, හැසිරීම්,හා ඇවතුම් පැවතුම් ඇතිව මානසික ප්‍රබෝධයෙන් ජීවත්විය යුතුයි. අධ්‍යාත්මික දියුණුව ළඟාකර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එහෙම නැත්නම් ඉතිං සීනී පෝලිමකට, ආතරයිටීස් පෝලිමකට හරි, හෟද රෝග පෝලිමකට හරි එකතුවෙලා බෙහෙත් පෙතියි ගිල ගිල ඉන්න තමයි සිදුවෙන්නේ. ඔබතුමාලා බෙහෙත් කරන්නේ මේවායෙන් කුමන රෝගී තත්ත්වයන්ට ද? අප විමසුවා.

“සර්වාංග රෝගයන්ට ප්‍රතිකාර කරනවා. ගෙඩි වණ පිළිකා යටතේ ගැනෙන රෝග තත්වයන්නට, අංශභාගයට, දියවැඩියාව, ආතරයිටිස්, ඇදුම ආදි වශයෙන් ගැනෙන රෝග බොහෝමයක් සඳහා විශේෂයෙන් සැකැසූ ඖෂධ සංස්කරන අපි භාවිත කරනවා.“ සරත් කුමාර මහතා පවසයි. 

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...