අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.
කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.
මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.
අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.
ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.

උපුටා ගන්නා ලදි.
No comments:
Post a Comment