Saturday, May 20, 2017

රුහුණේ පුංචි සීගිරිය.





                        දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. දකුණු පළාතේ හම්බන්තොට දිස්තරික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශරයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ. රි.පූ. 2වන සහ 1වන සියවස්වලදී මෙම පර්වතයේ පිහිටා ඇති ලෙන් තුලභාණක හිමිවරුන් වැඩසිටි බවට විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලාලේඛණ සාක්ෂී දරයි.  භාණක හිමිවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ බුදු රදුන් වදාළ උතුම් සද්ධර්මය සියළු බාධක අභිමුව කට පාඩමින් සුරැුකිව පවත්වාගෙන සැරියුත් මහරහතුන්වහන්සේගේ ශිෂ්යානු ශිෂ් පරම්පරාවටය. භාණක පරපුරේ මජ්ඣිම නිකාය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම හිමි මජ්ඣිම භාණක නම් වූ හිමිවරුන් මෙහි වැඩසිට ඇති බවට ශිලා ලේඛණය සාක්ෂි සපයයි. මෙය ඇතුළු වෙනත් සාධක රාශියක්ම පදනම් කරගනිමින් මෙම අසිරිමත් පුදබිමෙහි අතීතයේදී රහතුන්වහන්සේලා වැඩ හිඳි බව විද්වත් විශ්වාසයයි.

ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල එක්කර ඇත. අව්යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය.

ජනපරවාද සාධක අනුව සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137- 119) මෙකී රදේශයේ දඩයමේ යන විට විහාරයක් ඉදි කිරීමට යෝග් භූමියක් බව වැද්දෙකු විසින් පෙන්වා දුන් නිසාවෙන් මූ කිවු ගල වූ භූමිය මුල්කිරිගල නම් වූ බව කියැවේ. එමෙන් මෙම විහාරය හක්මණ උමංගල හා උමගකින් සම්බන්ධ බවත් නා රජෙකු විසින් නිර්මාණය කළ බවටත් ජනපරවාද වේ. හත්වන සියවසට අයත් මුල්කිරිගල ශිලා ලේඛන්යේ සාධක මත මෙම විහාරය කල සම්භාව් තත්ත්වයේ පැවති බව තහවුරු වේ. 12 වන සියවසට අයත් මානාභරණ රජුගේ කටගමුව ශිලා ලේඛන්යේ තලා මුහුද්ගිරි විහාරය වශයෙන් හඳුන්වන විහාරය මෙකී විහාරය බව පිළිගැනේ. රි.පූ. 2 වන සියවසේ දී කාවන්තිස්ස රජු කරවූ බවට වංශ කථාවේ සඳහන් සමුද්ගිරි විහාරය මෙය විය හැකි බවට අදහස් ඉදිරිපත් වී ඇත.
මුල්කිරිගල විහාරයේ ආරම්භය පිළිබඳව නිශ්චිත මත ඉදිරිපත් වී නැතත් අවට ලෙන් පද්ධතිය හා විහාරය ඉදි කිරීමට ගෙන ඇති පරිශරමය අනුව පැහැදිළි වන්නේ ඓතිහාසික යුගයේ සිට මහා රජ් අනුගරහයක් ලද භූමියක් බව . මහනුවර කීර්ති රී රාජසිංහ රාජ්යය සමයේ දී මෙකී විහාරයේ රතිසංස්කරණ කටයුතු සිදු කොට ලෙන් කිහිපයක් මහනුවර සම්පරදායේ පහතරට ශෛලියේ සිතුවමින් අලංකාර කර ඇත. ලන්දේසි අවධියේ මෙම විහාරය අඩම්ස් බර්ග් නමින් හැඳින් වූ බවට සාධක වේ. විහාරයේ පිහිටි ඉහල රජමහා විහාර මළුවෙහි වූ රි. . 10 වන සියවසට අයත් ශිලා ලේඛනයෙහි මෙම විහාරස්ථානය මුහුදුන්ගිරි ලෙස හඳුන්වා තිබේ. පර්වතයට එක් පසෙකින් මුහුද දිස්වීම මීට හේතු සාදක වී ඇති බව විශ්වාස කෙරේ.

බෝධිවංශයට අනූව මෙම විහාරය ගිරිබා විහාරය ලෙසත්, එසේම සමහර ස්ථානයන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසත්, යුරෝපීය වාර්ථාවන්හී දැක්වෙන අයුරින් මෙම විහාරය ඇඩැම්බර්ක් ලෙසත් හඳුන්වා තිබේ. මහනුවර යුගයේදී මෙම විහාරස්ථානය මූලගිරි විහාරය යනුවෙන් විස්තර කොට ඇත.එසේම සද්ධාතිස්ස රජ විසින් මෙම විහාරය වෙනුවෙන් සුදුසු භූමියක් සොයනා කාලයේ, වැද්දෙකු විසින් මෙම ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරු අනූව, රජු පිරිස සමග මූ කිවු ගල (වැද්දා කියූ ගල* බැලීමට පැමිණ සතුටු සිත් ඇතිව විහාරය කරවූ බව පැවසෙයි. එතැන් පටන් විහාරය මූ කිව් ගල විහාරය ලෙස හැඳින්වූ බව විස්තර වේ.


මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැුණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැුකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි. එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්පරදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. අතර වන බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය විහාර මැදුරු විචිතරවත් කරවයි. විහාරයේ පිහිටි ඉහල රජමහා විහාර මළුවෙහි වූ රි. . 10 වන සියවසට අයත් ශිලා ලේඛනයෙහි මෙම විහාරස්ථානය මුහුදුන්ගිරි ලෙස හඳුන්වා තිබේ. පර්වතයට එක් පසෙකින් මුහුද දිස්වීම මීට හේතු සාධක වී ඇති බව විශ්වාස කෙරේ.

ඊට අමතරව පර්වත විහාරයේ උඩහ මළුවේ පිහිටා ඇති බෝධිය දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් බව සනාථ වී හමාරය. බෝධි වංශයට අනුව එකළ මෙම විහාරය ගිරිබා විහාරය නමින් හඳුන්වන ලද බව පැහැදිලිය. මෙම රදේශයට ගිරුවාපත්තුව යන නම යෙදෙන්නට මෙම විහාරස්ථානය රධාන හේතු කාරණාවක් වූ බව රකට අදහසකි. මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහානාග, කාවන්තිස්ස, සද්ධාතිස්ස, වළගම්බා (වට්ටගාමිණී අභය*, දප්පුල යනාදී රජවරුන් මෙන්ම මහනුවර යුගයේදී රාජ්යත්වය දැරූ කීර්ති රී රාජසිංහ රජතුමාද වෙහෙස වී ඇති බැව් ඉතිහාසයේ සඳහන්ය.
මෙම විහාරස්ථානයේ සැබෑ නාමය මුල්කිරිගලද, මුල්ගිරිගලද යන්න සමහරුන් රශ්න කරති. ශාස්තරපති මැදගොඩ සිරිනිවාස ස්වාමීන්වහන්සේ අර්ථ දක්වන පරිදි මෙම විහාරස්ථානයේ නියම නාමය විය යුත්තේ මුල්කිරිගල යන්නයි. කෙසේ වෙතත් අතීතයේදී එය මූලගිරි විහාරය යන නමින්ද හඳුන්වා ඇත. බෝධිවංශයට අනූව මෙම විහාරය ගිරිබා විහාරය ලෙසත්, එසේම සමහර ස්ථානයන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසත්, යුරෝපීය වාර්ථාවන්හී දැක්වෙන අයුරින් මෙම විහාරය ඇඩැම්බර්ක් ලෙසත් හඳුන්වා තිබේ. මහනුවර යුගයේදී මෙම විහාරස්ථානය මූලගිරි විහාරය යනුවෙන් විස්තර කොට ඇත.

එසේම සද්ධාතිස්ස රජ විසින් මෙම විහාරය වෙනුවෙන් සුදුසු භූමියක් සොයනා කාලයේ, වැද්දෙකු විසින් මෙම ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරු අනූව, රජු පිරිස සමග මූ කිවු ගල (වැද්දා කියූ ගල* බැලීමට පැමිණ සතුටු සිත් ඇතිව විහාරය කරවූ බව පැවසෙයි. එතැන් පටන් විහාරය මූ කිව් ගල විහාරය ලෙස හැඳින්වූ බව විස්තර වේ. මුල්කිරිගල විහාර සිතුවම් පෙළ මහනුවර සම්පරදායට අයත් රුහුණු ආභාෂයේ කලා කෘතීන් වන අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගනී. බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද විශිෂ්ට ගණයේ සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේණික වූ මකර තොරණ, දොරටුපාල රූප මෙහි දක්නට හැකිය. දක්ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන මෙහි සිතුවම් රතිසංස්කරණයට දායක කරගෙන ඇති බව කලා විචාරකයන්ගේ මතයයි.

කාලයාගේ ඇවැමෙන් පරසතුරු උවදුරු හමුවේ ජරාජිර්ණව කාලයේ වල් වැදී  පැවති මේ පිං බිම පසු යළි සොයාගෙන රතිසංස්කරණය කර ඇත්තේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. මෙකී ඓතිහාසික වූත් අතිශය දනවන්නාවුත් මුල්ගිරි විහාරය සතු සංකීර්ණ ලක්ෂණයන් පෙර කීවාක් මෙන් මෙරට කිසිදු තැනක දක්නට නොලැබේ. එය සාක්ෂාත් කරන්නේ මුල්ගිරිගල විහාරය වැඳ පුදා ගන්නට එහි ඓතිහාසික බව අත් විඳින්නට පැමිණෙන දේශීය වන්දනාකරුවන්ටත් වඩා විදේශීය සංචාරකයන්ය. මුල්ගිරිගල විහාරයෙහි චිත එකී පිරිසගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ පවා අවධානයට යොමුව ඇත්තකි. මෙහි ආරම්භයේ සඳහන් කළාක් මෙන් මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත වන බෞද්ධ සිද්ධස්ථානයකි. දකුණේ රුහුණු පුරවරයේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් මුල්ගිරිගල රජ මහා විහාරය ආරක්ෂා කර ගැනීම  සතු වගකීමකිx
                                                               

                                                                                        -සෙල්ලක්කාරී -
 


No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...