මගේ සිත ගත් රුවැත්තී...
ආලය දුන් මගේ ආලවන්තී...
තනිකම මැකූ මගේ කිරිල්ලී...
යන්න ගියා දමා ඉගිල්ලී...
කෑ ගසා හඬලන්නට...
සවිය නෑ මගේ හිතට...
ලඟින් හිඳ සනසවන්නට...
මැණිකේ නෑ මගෙ ලඟට...
තුරුල් කර පපු තුරට...
පොඩි පුතු නලවන්නට...
සෙනෙහෙ පා රැකගන්ට...
අම්මා නෑ දැන් මගෙ පුතුට...
තුරුළට වෙලා ආදරෙන් තනි මැකුව...
මාත් එක්කම අහස පුරා ඉඟිලී ගියපු...
ජීවිතේ මාත් එක්කම රසවිඳපු....
දමා ගියා අද මගෙ මැණිකේ ....
කුසට අහරක් සොයා...
උදෑසනම පිබිදිලා...
මගෙ පුතුත් මාවත් දමා...
ගියේ කැදැල්ලෙන් ඉගිලිලා....
තාත්තේ මගේ අම්මා...
තවම ආවේ නැත්ද..
පුතුනි මම කියන්නෙ කුමද...
හඬනවා මිස ඉකිගසා....
තනිකම මට නොදැනේවා...
පුතුට පාලු නොදැනේවා...
මගේ මැණිකේ යලි ඒවා....
මතු මතුත් මගෙම වේවා....
No comments:
Post a Comment