Saturday, July 1, 2017

සැඟවුණු දුක...

දමා හැම සැප...
මෙමා තනිකර...
ගියා දම් මඟ...
ලබා බුදු බව...

⁣පියා නැති විට...දැනෙනා දුකට...
ඇසූ පැනයට...සිර වුනු මුවඟට...
නෙතඟ සඟවා...කඳුලු මුතුකැට...
සිනාසුනා මව්... රැගෙන තුරුළට...

මගෙ නෙත හැඬුවා...
හදවත ගිඟුම් දුන්නා...
බුදු ගුණ වැයුවා...
බුදු බව ලැබුනා...

අන් දරුවන් හට දැනෙනා
දුක මෙ මටත් දැනුනා
පිය සෙනෙහස අහිමි වුවා
දුක් කඳ ගුගුරා බිදුනා

සඟවා ගත් දුක ම සිතෙ
බුදු දහමයි සිත හැදුවේ
පිය සෙනෙහස සැමදාම පැතු
වෙමි මම රාහුල කුමරා...



                                                           - සෙල්ලක්කාරී-



No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...