ගංඟාව සරුපරුෂ වී....
දෙගොඩ තලා, සැම සුනුවිසුනු කරමින්
සයුර වෙත ඇදුණේ යක්ෂාවේෂයෙනි..
එහෙත් ඈ එන මඟ දෙපස
සැමදා ගොඩ මඩ සරු කලේ
සරතැස නිවා දැමුවේ
ඉටු දෙවඟනක මෙනි...
ගං කොමලිය
නපුරු වූයේ, රුදුරු වූයේ
ඈ අප අතින් ම
අසංවේදීව අකාරුණික ලෙස
කෙලසුනු බැවිනි...
උපුටා ගැනීමකි.
No comments:
Post a Comment