Saturday, June 16, 2018

වැදි ජනයා.

වැදි ජනයා ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රම‌යෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය ‌වෙමින් පවතියි.
01. සම්භවය...
වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි. උගතුන් විසින් ‌පෙන්වා දෙන්නේ විජයාගමනයට ‌පෙරාතුව පැවති ඉපැරණි ‌ගෝත්‍ර වන යක්ෂ, ‌නේසද, මිලක, ශබර වැනි ජන ‌කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ‌ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරී‌මේ දී, ඔවුන් ‌ප්‍රෝ‌ටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන ‌වේ.

පරීක්‍ෂණයන් මගින් ‌පෙනි ‌ගොස් ඇත්තේ, ඔවුන් ලංකා‌වේ ආදිවැසියන් වූ බලං‌ගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුග‌යේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරී‌මේ ජන ජීවිතයකට හුරු වූ ජන ‌කොට්ටාශයකට අයත් බව පෙ‌න්.
සිංහල සාහිත්‍ය‌යේ වැද්දන් හැඳින්වීමට ‌යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ‌ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වද‌නෙකයි වි.ජ.මූ. ‌ලොකුබණ්ඩාරයන් පවසයි. ‌ගොවිතැන් ‌නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට ‌යොදනු ලැ‌බේ. සිංහල ජාතකකතා ‌පො‌‌තහි ද ‌මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන ‌යෙඳුම භාවිතා ‌කොට ඇත. එහෙත් ‌හෙන් ‌ගොවිතැන් ක‌ළ, දඩයම් ‌කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණ‌යේ ලා ‌නොසැලකුණි.
මහාවංශය අනුව සිංහල ජාති‌යේ ආරම්භ‌යේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කු‌වේනි නම් ‌හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ‌ලෙස ජනප්‍රවාද‌යේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කු‌වෙණිය‌ගේ දරුවන් ‌දෙ‌දෙනා සම‌නොල අඩවියට පලා ‌ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව ‌මොවුන් 'පුලින්ද'යන නාම‌යෙන් ව්‍යවහාර වූ බව ‌පෙ‌නේ.වංසත්තප්පකාසිනිය පවසනේ වැද්දන් පැවත එන්නේ කුවේනියගේ දූ පුතුන් දෙදෙනාගෙන් බවයි.
මහා වංශ‌යේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කු‌වේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියා‌වෙන් ‌ගෙ‌නෙන ලදි. එහි දී කු‌වේණිය නැවත ලංකාපුර‌යෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව ‌වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇය‌ගේ බාල ‌සො‌හොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සම‌නොළ කන්ද)ට ‌ගොස් ‌ නැගණී දෙටු ‌සොයුරා හා වාසය ‌කොට, මලයා රට හෙවත් කදුකර ප්‍ර‌දේශ‌යේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ‌ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් ‌මේ‌‌ලේජ්‍ය ‌ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. ‌‌කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ‌යේ සිට කදුකරය දක්වා ප්‍ර‌දේශය ‘සබරගමුව’ ‌ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ ‌මගින් ය. ‌උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩා‌වේ ‌දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්ත‌යේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශ‌යෙන් ඍජුව ම දක්වා ඇත.
ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකා‌වේ ආදිවැසි‌යෝ ‌නො‌වෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්‍ර‌යෙන් බිහිවූවක් ‌ලෙසින් ‌පෙ‌නෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. ‌කෙ‌සේ‌වෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාර‌යෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් ‌නොමැති බව ය.
02. හෙලයන් සමග සබඳතාව....
මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණ, බලි, තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ගෝත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රෝහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහාවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්‍රවාදයන්හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද හෙළයින් සහ වැද්දන් අතර ඇති ඥාතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චායනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.
වැදි සමාජ සංවිධානය

වැදිසමාජය තුළ කැපී ‌පෙ‌නෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. ‌බො‌හෝ විට වැදි රැළක් වැදිනායකයකු යට‌තේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාර‌යේ, ‌ගෝත්‍ර අතර ‌වෛරයක් ‌හෝ ‌ගෝත්‍ර සටන් දක්නට ‌නොමැත. එක ම ප්‍ර‌දේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදාන‌යෙන් ජීවත් වුව ද, ප්‍ර‌දේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිග‌යෝ ගඟක් ‌හෝ කැළැ ‌පෙ‌දෙසක් හරහා ‌වෙනත් ප්‍ර‌දේශයන් වලට සංක්‍රමණය වූ හ. ‌මෙ‌සේ ප්‍ර‌දේශ‌යෙන් ප්‍ර‌දේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය.
03. වර්ග ‌බෙදීම....
වැද්දන් අතර වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, එය කෙ‌සේ ආරම්භ වූයේ ද, එහි ප්‍ර‌යෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එ‌හෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනී‌මේ දී, මෙකී වරුග ‌බෙදීම 'පෙළපතක්' වශ‌යෙන් භාවිතා කරනු ‌පෙ‌නේ. ප්‍රධාන වශ‌යෙන් වරුග හයක් වැද්දන් අතර පවති: ‌මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ වශ‌යෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීත‌යෙන් ද වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, ඒවා ‌මෙහි ලා දක්වනු ලැ‌බේ:‌හේ‌නෙ-බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ යනාදිය ය. [2] සමහර අවස්‍ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, ගරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරු‌ගෙන් පිට විවහයන් කරත්, බහිර්-‌වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි.
සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග ‌බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ‌ගෝත්‍ර‌යෙන් පිට විවහා වීම ‌හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ ‌මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍ර‌යෙන් ‌ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).
භූවිෂමතා ලක්ෂණ ඇසුරු ‌කොට ද වැද්දන් ප්‍රධාන වශ‌යෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු ‌කොට ජීවත් වන වැද්දන් සහ නැ‌ගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍ර‌දේශ‌යේ ජීවත් ‌වෙති ‌මොවුන් 'වෙතර්'වශ‌යෙන් හඳුන්වනු ලැ‌බේ.
දිවි‌පෙ‌වෙමුල් කාල‌යේ දී, වැදි ජනප්‍රජාව ගල්ලෙන් ඇසුරු ‌කොට ජීවත් වූ අතර, පසුව පැල්පත් ආශ්‍රීත ගම්මාන කරා සංක්‍රමණය වන්නට ඇත.

ඒවා වැදි ‌කොරටු ‌ලෙසින් හැඳින් වූ අතර, වරින් වර, ආහාර ‌සොයා ගත හැකි පමණට කොරටු‌වෙන් ‌කොරටුවට වැදි ප්‍රජාව සංක්‍රමණය වී‌මේ සිරිතක් විය. පසුකාලීනව ඇති වූ ගම්වැද්දන් ප්‍රධාන වශ‌යෙන් හේන් ‌ගොවිතැන ඇසුරු ‌‌කොට ජීවත් වූ නමුදු, ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි ‌පෙ‌වෙත සම්පුර්ණ‌යෙන් ම අත් ‌නොහැරිය හ.
වැද්දන් ප්‍රධාන වශ‌යෙන් දඩයම් කිරී‌මෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ මුලීක ප්‍රවනතාවය වූ‌යේ ‌ගොනා දඩයම් කිරීම ය. ‌ගොනා ගිරි ආශ්‍රිත ව වාසය කළ නිසා වැද්දන් ද ගිරි‌ලෙන් ආශ්‍රිත දිවි ‌පෙ‌වෙතකට හුරු වන්නට ඇති බව ‌බො‌හෝ විද්‍යාර්ථයින් විශ්වාස තරති. ‌මෙයට අමතර ව, ඔවුන් ඵල-අල ආහාරයට ගනිමින් ද, වන මී රැස්වන කාලයට මී කැඩි‌මෙන් ද දිවි ‌පෙ‌‌වෙත සරි කර ගත් හ. වැද්දන් ආහාර පුළුස්සා ගැනීම කරන අතර, අලවර්ග ‌‌බො‌හෝවිට උණු අළුපල්ලේ ලා තම්බා ගැනීම කරනු ලැ‌බේ. දඩයම් කිරීම හා ආහාර අනුභවය කණ්ඩායමක් වශ‌යෙන් එකට ම කරනු ලැ‌බේ. වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හිඟ කාලයන් සඳහා කල් තබා ගැනීමට මස් වර්ග වියලීම (හෙවත් කරවල කිරීම), එල්ලා දුම්ගැස්ස වීම ‌හෝ මීපැනිවල බහා තැබීම වැනි ක්‍රියාවන් කළ හ.
04. රැ‌‌හේ නායකයා....
වැදි‌ගෝත්‍රය සංවිධානය වන්නේ 'නායකයෙකු' වටා ය. එ‌හෙයින් විවිධ වූ වැදිජනප්‍රජාවන් සඳහා නායක‌යෝ සිටිය හ. එ‌හෙත් පසුකාලින වශ‌යෙන් වැදි ජනතාව‌ගේ ප්‍රාමාණාත්මක අඩුවීම නිසා සහ ආණ්ඩුව විසින් ඔවුන් වසන ප්‍ර‌දේශ පාලනය නායකයන්ගේ පැවැත්ම ක්‍රමයෙන් නැති ව ගි‌යේ ය. වැදි ප්‍රජා‌වේ කැපී ‌පෙ‌නෙන නායක‌යෙක් ‌‌ලෙස මෑත යුග‌යේ සිටි‌යේ දඹා‌නේ මහාවන්නියලැත්‌‌තෝ ‌හෙවත් තිසාහාමිලැත්‌තෝ ය.
05. පවුල් දිවිය....
වැදි ජනයා අතර ඥාතීත්වය සහ ඔවුන්ට ආමන්ත්‍රණය සිංහල ජන ප්‍රජාව ‌මෙන් ‌‌වෙයි. අප්පිලැත්‌තෝ (පියා), අම්මිලැත්‌තෝ (මව), ආදි වශ‌යෙන් 'ලැත්‌තෝ' යන පාඨය ඥාතිතවයට පසුව ‌යෙදී‌මෙන් ඔවුහු ආමන්ත්‍රණය තනා ගනිති. බිරිද(කුඩ්‌පෙත්ත)ට ‌බො‌හෝ විට, 'නංගිලැත්‌තෝ' යන ‌යෙඳුම ‌යොදනු‌යේ, වැදිජනප්‍රජා‌වේ දක්නට ඇති බෑණා සහ නැනා (ඇවැස්ස හුරා-නෑනා) විවාහයන් නිසා‌වෙන් ය. සිංහල සමාජ‌යේ ‌මෙන් ම, විවාහ සහ ලිංගික සම්බන්ධතා සම්බන්ධ‌යෙන් විවිධ වූ තහංචි පැන වී තිබිණි. නිදසුනක් ‌ලෙස, මාමා සහ නෑනැ අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන් ම, මවු-පිය පාර්ෂව‌යේ ස‌හෝදරයන් ‌හෝ වියපත් ස‌හෝදර ස‌හෝදරියන් අතරත් විවාහයන් තහනම් විණ. එ‌හෙත් මරණයක දී, මළ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිය එකී පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිඳු විම නිසා, නැවතත් දරුවන් හට ආරක්ෂාවක් ලැබිණ.
06. පවුල් සම්බන්ධතා...
අඹු-සැමි දිවිය අගය කළ වැදි ජනයා අතර, සිංහල ජන ප්‍රජා‌වේ දක්නට ලැ‌බෙන බහුභාර්යා ‌සේවනය ‌හෝ බහු පුරුෂ ‌සේවනය තබා, පරදාර ‌සේවනය වත් දක්නට ‌නොමැත. විවාහ‌යේ දී, වැදි ජනයා ස්වකීය භාර්යාවන්ට මනා ‌සේ ඇළුම් කළ අතර, එකි‌නෙකාට විශ්වාසවන්ත ‌ලෙස ද ජීවත් විය. එ‌හෙයින් වි‌දේශිය මිශනාරිවරුන් විසින් ‌කෙවල විවහා කුමය ලංකාවට හඳුන්වා දීමට පෙර සිට ම, වැද්දන් අතර ‌කේවල විවාහ ක්‍රමය තිබූ බව ‌පෙ‌නේ. වැදි ප්‍රජාව අත‌රේ ගැහැණිය හට මනා ආරක්ෂාවක් ලැබුණු අතර, ඇය පවු‌ලේ පළමු ‌කොට, ආහාර‌යෙන් ‌කොටස භුක්ති වින්ද හ. ‌මෙයින් ‌පෙ‌නෙන්නේ කාන්තාව වැදි ප්‍රජාව අත‌‌රේ ‌ගෞවරවයට පාත්‍ර වූ බවකි.
07. විවාහ චාරිත්‍රයන්......
වැදි දරු‌වෝ කල් ‌නොයවා ස්වකීය නෑන-හුරා විවාහයන්ට ඇතුළු ‌වෙති. ඔවුන් අතර ස‌හෝදර ස‌හොදරි ව්‍යවාහයන් ‌හෝ විවාහයට ‌පෙර ලිංගිත සම්බන්ධතාවන් සිදු ‌නො‌වේ. විවාහ චාරිත්‍රයන් ‌බො‌හෝ ‌සේ ලුහුඩු ය; සරල ය. තරුණ වැදි ‌කොළු‌වෙකු හිතගිය තරුණි‌ය‌ගේ ‌පියාගේ ගෙට පැණි මුලක් හා මස් රැ‌ගෙන ‌ගොස් ‌යොජනාව පියාට පවසන අතර, පියා විසින් ඇයට නියඳ පට්ටාවලින් ඇඹරූ රෑනක් ‌ගෙන ඔහු‌ගේ ඉණ වටා බඳිනු ලැ‌බේ. එතැන් සිට ‌‌දෙ‌දෙනා අඹු-සැමි‌යෝ ‌වෙති. ඒ රෑණ දිරා ගිය කල්හි, අලුත් නියඳ රෑණක් අඹරා බැඳී‌මේ කාර්යය භාර්ය්‍යාව සතු ‌වෙයි.
වැදි කාන්තාවන් (මූලාශය.සී.ජී සෙලිග්මාන්ගේ ද වැද්දාස් කෘතිය.1911)

සාමාන්‍ය‌යෙන් මාමලැත්‌තෝ විසින් බඹර වද ඇති තැනක් පවරා දීමත්, දඩ බල්ලන් සහ දුනු ඊතල දීමත් කරන ලදි. සමහර අවස්ථාවලදි මනමාලයා විසින් මනමාලියට ‌රෙදිපිලි දීම පසුකාලින ව ඇති වූ සිරිකත් බව ‌පෙනේ. විවාහ‌යෙන් පසුව බෑනා මාමා‌ගේ රෑණට එකතුවී, දඩයමට සහයවීම සිඳු ‌වෙයි. එබැවින් වැදි ජනයා අත‌රේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරැවන් ‌කෙ‌රෙහි ඇල්මක් ඇත.
08. දරුදැරි‌යෝ....
විවාහ‌යෙන් පසු, දරු ගැබක් පහළ වූ පසු, වැදි ජනයා අතර ආරක්ෂාවන් සඳහා විවිධ අභිචාර විධී භාවිතා කරයි. පුරාණ‌යෙදී 'පට්ටා යකා' පූජාවක් කරමින් ගැබ් ආරක්ෂා කළ බව ප්‍රකට ය. ප්‍රසූතිය ගල්‌ලෙනක ‌හෝ පැ‌ලේදී සිඳු විණ. ප්‍රසූති‌යෙන් පසු ව විවිධ මස්-මාශ වර්ග අනුභවය නුසුදුසුයයි පිළි ගැනීමක් විණ. එ‌සේ ම කිරී එරීම සඳහා ම ‌යොග්‍යයයි පිළිගත් අලවර්ග ආහාරයට දීම කරන ලදි.
දරුවා හට මසක් තුළ නමක් දුන් අතර, යකුන්‌ගේ ‌දොස් වලින් ආරක්ෂා කර ගැනීමට දරුවා ‌බො‌හෝ විට හඳුන්වනු ලැබු‌වේ විවිධ වූ හුරතල් නම් වලිනි. ඔවුන්‌ගේ නියම නමින් හඳුවන්නට පටන් ගන්‌නේ දරුවා වැඩුණු පසු ය. දරුවන් ‌ගේ වයස අවුරුදු හත පමණ වනතුරැත් ඔවුන් නිර්වස්ත්‍රව සිටිති. වයස අවුරුදු දහය-දො‌ළොහ පමණ වය‌සේ දී දරුවන් විසින් ගල්දුනු භාවිත‌යෙන් කුරුල්ලන් සහ කුඩා සතුන් දඩයම් කරති.
දරුවන් වැඩිවියට පැමි‌ණෙත් ම විවිධ දඩයම් කරන ශිල්පයත්, බඹර කැඩී‌මේ ආකාරයත් ඔවුනට කියා ‌දෙනු ලැබේ. ‌මෙ‌සේ වැඩුණු පිරිමි දරුවන් දඩයම් සහ බඹර කැඩී‌මේ දී හවුල් කර ගන්‌නේ එකී කුසලතා වර්ධනය කිරීමට ය.
වැදි දැරිවිය මල්වර වූ විට, ඇය නුග ගසක් ‌වෙතට ‌‌ගොස් ගල් කැටවලින් එයට ගැසීමත්, එය කන වැකුණු මව වතුර කළයක් ‌ගෙන ‌ගොස් ඇය නහවා, හිසිට පසුපසින් එය බිමට වැටී බිඳී සියලු ‌දොස් දුරු කිරීම හැර ‌වෙනත් වි‌ශේෂිත ‌කොටහළු සිරිත් නැත. පසුකාලින වශ‌යෙන් සිංහල මල්වර සිරිත් වැද්දන් අතර ප්‍රචලිත වීම නිසා, මල්වර දැරිය කිළි පැලක වැඩිමහළු කාන්තාවක් හා තැබීම හා ඒ ආශ්‍රිත අභිචාර විධි කිරීම දැන් අපට අසන්නට දක්නිනට ඇත.
මරණය වැද්දන් ‌කෙ‌රෙහි භිය උපදවන අවස්ථාවකි. එවැන් විට ඔවුහු ගල්‌ලෙන් අතැර යති. එ‌සේ කරනු‌යේ, මළ පුද්ගලයන් ඔවුන් හඹා එනු ඇතයි බි‌යෙනි. වැද්දන් විශ්වාස කරන පරිදි, මරණ‌යෙන් පසු ස්වකිය ඥාතියා නෑ ය‌කෙකු කිරීමට, දින කිහිපයක් මළ පුද්ගලයා ‌වෙනු‌වෙන් පුද පූජා පවත්වති.
09. බාහිර සම්බන්ධතා...
එකල සිටි වැදි නායකයෙකු රොබට් නොක්ස් දුටු අයුරු
‌රොබට් ‌‌‌නොක්ස් පවසන පරිදි, ඔවුන් මුව දඩය‌මෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුළින් වියලා ගැනීම කරනු ලැ‌බේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් ‌වෙත පැමිණිය හ. රජු‌ගේ කෑම ‌මේසයට සඩමස් සැපයීම කාර්‌යේ ද නිරිත විය. ඒවාට අමතර ව, රජු හට ඇත්දළ සැපයීම ද, මී පැණි සහ මී ඉටි සැපයීම ද කරන ලදි. රජු ද ඔවුන්ට ප්‍රත්‍යුපකාර වශ‌යෙන් වැද්දන් හට ‌රෙදිපිළි සහ ඊතල ආදිය දුන්‌නේ ය. ‌රොබට් ‌නොක්ස්‌ගේ වාර්තාවට අනුව වැද්‌දෝ වරක් රජුට එ‌රෙහිව පැමිණි යුද්ධවලදී සටන් කළ හ. එ‌සේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍ර‌දේශ ආරක්ෂා කරමින් රජුට ද වක්‍රාකාර ව ආරක්ෂාව සපයන ලදී.
10. වැදි බස...
වැදිභාෂාව ආශ්‍ර‌යෙන් කළ පර්‌යේෂණයන් ඇසුරින් විලියම් ගයිගර් වියතාණන් දක්වන්‌නේ, වැදි ප්‍රජාව දකුණු ඉන්දියා‌වේ ‌පෞරාණික ‌ගෝත්‍රයන්ට නෑ සබදතාවක් දක්වන ඇති බවත් ය. ආරියන් සංක්‍රමණයන්ට ‌පෙර පටන් ඔවුහු ශ්‍රී ලංකා‌වේ විසූ ආදිවාසින් වූ අතර, අනාර්ය භාෂාවක් කතා කළ බවකි (Indian Historical Quartely, XI. pp. 515-516).
වැද්දන් විසින් වනාතර‌යේ දඩයමට යන අතර භාවිතා කළ රහස් බසක් වශ‌යෙන් ඔවුන්‌ගේ භාෂාව වර්ධනය වන්නට ඇත. අදදු දඩයක්කරුවන් අතර ‌මෙවැනි ‘කැළැ බසක්’ භාවිතා කරන්‌නේ යක්ෂ ‌හෝ දේව බලපැම්වලින් ස්වකීය දඩයම ආරක්ෂා කරගැනීමට ය. මූලීක වශ‌යෙන් ආදිවැසියන් ‌ලෙස වර්ධනය වූ වැද්දන්‌ගේ අනාර්ය බස ක්‍රම‌යෙන් ආර්යන්ගේ පැමිණිම හා සිංහල භාෂාව හා සම්මිශ්‍රණය වි‌මෙන් දැන් භාවිතා කරන ආකෘතියට පරිවර්තනය වන්නට ඇත. ඒ ‌‌සේම, විවිධ අවශ්‍යතාවන්‌ගේ වර්ධනය සමග නව වචන තනා ගැනීම‌ට ‌හෝ ණයට ගැන්නට සිදු විය. ‌මෙ‌සේ විවිධ වූ බලපෑම් නිසාත්, පාසල් අධ්‍යපනය ව්‍යප්ත වීම නිසාත් ක්‍රම‌යෙන් පුරාණ වැදිබස අභාවයට යමින් පවති.
ආගමික ලැදියාවන්

වැදි ප්‍රජාව ප්‍රධාන වශ‌යෙන් ‌ලෝක‌යේ අ‌නෙකුත් ආදිවාසි ජන ප්‍රජාවන් ‌සේ, ප්‍රාණ වාදිහු ‌වෙති. වැද්දන්ගේ ඇදහිලි රටාව මළ ඥාති වන්දනාවකි (Obesekera, 'G. Sinhal religion.' In M. Eliade ed. The encylopedia of religion, Vol 13. New York: Macmillan, 1987.).
11. විශ්වාස....
වෑද්දන්‌ගේ විශ්වාසයන් සංකිර්ණ ය. ප්‍රධාන වශ‌යෙන් නෑ යකුන් ඇදහිම, විවිධ ‌වෙනත් යක්කු සහ ‌දෙවිවරුන් ඇදහම හා ‌බෞද්ධ පුදපූජාවන් ‌මේවාට ඇතුලත් ‌වෙති. ‌‌බොහෝවිට යාදිනි සහ කිරි‌කොරහ වැනි අබිචාරයන් මගින් සශ්‍රීකත්වය උ‌දෙසා කටයුතු කරයි. ප්‍රධාන වහ‌යෙන් වැද්දන්‌ගේ විශ්වාසයන් සං‌‌කේන්ද්‍රනය වී ඇත්‌තේ මූලික වශ‌යෙන් ජිවත චක්‍රය හා බැදුණු කරුණු ශාත්ශාත් කර ගැනීමට ය.
-අන්තර්ජාලයේ පල වූ ලිපියක් ඇසුරෙනි...-

බිලි පූජා




"සෑම මානව සමාජයකටම ආගමක්‌ තිබේ, මොන තරම් ප්‍රාථමික වුවත් ආගමික හෝ අභිචාර විධියක්‌ නැති ජනතාවක්‌ නොමැත. විද්‍යාත්මක ආකල්පයක්‌, විද්‍යාවක්‌ නැති ජනතාවක්‌ ද නැත. හැම ප්‍රාථමික ජනතාවක්‌ ම ශුද්ධ හා ලෞකික යන ක්‌ෂේත්‍ර දෙක වෙන් කර ගනිති. වෙන විධියකින් විස්‌තර කරන්නේ නම් මේ දෙක ආගම හා අභිචාර විධි බලපාන ක්‌ෂේත්‍රය හා විද්‍යාව බලපාන ක්‌ෂේත්‍රයයි. දේශීය ජනයා විසින් ශුද්ධ සේ සලකනු ලබන පාරම්පරික සංස්‌කාර හා පිළිවෙත් පිපිරීම් එක්‌ පැත්තක වෙයි. අනික්‌ පැත්තෙහි ස්‌වභාව ධර්මයෙහි ක්‍රියාදාමය දෙස පරීක්‌ෂාකාරී ලෙස කරනු ලබන නිරීක්‌ෂණ හා එහි අනුක්‍රමිකතාව පිළිබඳව ඇති තිරසාර විශ්වාසයෝ වෙති" (බ්‍රොනිස්‌ලාව් මලිනොව්ස්‌කි) (බෞද්ධ ශිෂ්ටාචාරය ( මූලධර්ම සහ වංශකථාව, මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර, ආචාර්ය එච්.එම්. මොරටුවගම, 1990, ගොඩගේ)
ලෝකයේ ආදිම ශිෂ්ටාචාරය වශයෙන් ගැනෙන සූමේරියන් ශිෂ්ටාචාරය ටයිග්‍රීස්‌ සහ යුප්‍රටීස්‌ යන ගංගා දෙකට මැදි වූ නිම්න භූමියේ පහළ දක්‌ෂිණ අර්ධයෙහි පහළ වූ බවත්, මේ කාල පරිච්ඡේදය ක්‍රිස්‌තු පූර්ව 3000 ටත් 4500 ටත් අතර කාලය ලෙසත්, එය අදින් වසර 5500 ට ක පමණ පූර්ව යුගයකට අප කැඳවන බවත්, පුරා හා මානව විද්‍යාඥයින් ගේ අධ්‍යයන වාර්තා තහවුරු කරයි. නයිල් මිටියාවතේ ඇති වූ මිසර ශිෂ්ටාචාරය ද ක්‍රිස්‌තු පූර්ව 2000 ටත් 4000 ටත් අතර කාලයකට උරුමකම් දක්‌වන බවද ඔවුන් හෙළි කර ඇති බව සඳහන් කළ යුතු අතර මේ වාසභූමීන්ට මැදිවූ යුදෙව් ජනයා ගේ ශිෂ්ටාචාරය මේ සමානම කාල නිර්ණයකට සබඳකම් දක්‌වන බව අනාවරණය වී ඇත. තවද, මෙයට පසු කාලීනව එන අරාබි, බැබිලෝනියානු ග්‍රීක හා පර්සියානු සංස්‌කෘතියේ බලපෑම පෙරදිගට ගලා ගිය බවත්, ඉතිහාස සටහන් මනාව ප්‍රකට කරයි. මාතෘකා ගත කරුණට අනුව සෘජුවම බලපාන්නා වූ හින්දු ආගම ඉන්දු නිම්න හෙවත් මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ සිට පැවත එන ඇදහිලි හා විශ්වාස ද කේන්ද්‍ර කරගෙන මෙම ලිපිය ඉදිරියට විකාශය කරමි.
ඕනෑම රටක ඉතිහාසය වනාහි ඒ රටෙහි සමාජ ආර්ථික දේශපාලනික ජීවිතය හෙවත් එහි ජීවත්වන ජනයා ගේ සංස්‌කෘතිය වෙනස්‌ වීමට හේතු වූ සමස්‌ථ කාරණාවන් වන්නේය. මාතෘකාගත කරුණ පිළිබඳ විමසීමේ දී විවිධ ශිෂ්ටාචාර අවධීන් සැකෙවින් විමසන්නට හේතු වූයේ මානව සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් හා ඔවුන් ගේ ඇදහිලි හා විශ්වාසාදිය පිළිබඳ සිය අත්දැකීම් පෙරට ඒමේ ස්‌වභාවය මද විමසුමකට ලක්‌ කිරීමේ අදහසින් බව කිවයුතුය.
භාරතීය හින්දු සංස්‌කෘතිය නිතැතින්ම අප එහි වේද යුගය කරා රැගෙන යන්නකි. ආර්ය සහ අනාර්ය වශයෙන් ඉන්දීය ජන ව්‍යාප්තිය විමසුවහොත් වේද සාහිත්‍යය තුළින් ප්‍රකට වන්නේ අනාර්ය ගෝත්‍රිකයන් ගෙන් වැද්දගත් විවිධ සංස්‌කෘතික ලක්‌ෂණ ගුප්ත දේවත්වයකින් ආවරණය කර ගෙන ඇති බවය. මෙම අනාර්ය ගෝත්‍ර විමසීමේ දී මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයාට විරුද්ධව නැගී සිටි රණකාමී ගෝත්‍රයක්‌ වූ මාලව වැනි යුදකාමී ගෝත්‍ර ඇතු`ඵව තක්‌ක, අභිරාජ, සාවරි, පහාඩි, විරාව, කුරු ආදී ගෝත්‍ර රාශියක්‌ පිළිබඳ තතු ඉතිහාස සටහන් හුවා දක්‌වයි. පංචාල ගෝත්‍රය පිළිබඳ ශතපථ බ්‍රාහ්මණයේ එන්නේ සෘග් වේද යුගයේ ත්‍රිවි ගෝත්‍රය මුල් කොට ගෙන එය ඇති වූ බවය. කුරු පංචාල ගෝත්‍ර සෘග් වෛදික යුගයේ පාලනයේ වැදගත් වූ බව සඳහන් වේ. ඔවුන් විජයග්‍රාහී කටයුතුවල යෙදුණ බවත් මේ රජුන් අශ්වමේධ යාගය පැවැත්වූ බවත් බ්‍රාහ්මණ ග්‍රන්ථ සඳහන් කරයි. ක්‍රි. ව. 320 380 කාලය ගුප්ත යුගයේ හා පශ්චාත් ගුප්ත යුගයේ ලියෑවුණ බවට විශ්වාසිත දශකුමාර චරිත, හර්ෂ චරිත හා කාදම්බරි ආදි කෘතීන්හි ද ස්‌වදේශික ජනයා ඉන්දු ආර්යයන් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කළ බව සඳහන්වන අතර පුලින්ද, සබර, කිරාත, මුතිබ වැනි ගෝත්‍රික ජන පිරිස්‌ වින්ධ්‍යා අඩවිය නිජබිම් කරගෙන සිටි බවත් වනගත කඳුකරය තුළ ජීවත්වූ ඔවුන් සිය භක්‌තිවන්ත දෙවිවරුන් උදෙසා මිනී මස්‌ පිදූ බවත් 'කාදම්බරි'ග්‍රන්ථ කර්තෘ සඳහන් කරයි.
දේව යනු බැබළීම ලෙස ගැනෙන අතර තේජසින් යුක්‌ත වීම වශයෙන් ද, පාලියෙහි දේව ශබ්දය 'දිවි' ධාතුවෙන් උපන් අතර දේවා යනු බැබළීම නැතහොත් ප්‍රීතියෙන් යුක්‌තවීම වශයෙන් විග්‍රහ කෙරෙයි. භාරතීය ඇදහිලි හා විශ්වාස ගැන කරුණු දක්‌වන මහාචාර්ය බෂාම් පවසන්නේ ආදිම කාලයේ ජනයා වාසුදේව නමින් දෙවිකෙනකු බටහිර ඉන්දියාවෙහි විශේෂයෙන් වන්දනා කළ බවත්, බෙස්‌නගර් කු`ඵණු ලිපිය අනුව ක්‍රිස්‌තු පූර්ව 2 වැනි ශත වර්ෂය වන විට රටේ පාලක පන්තිය පවා මෙම දෙවියන්ට ගරු බුහුමන් කළ බවත්ය. මේ සමග බටහිරින් පැමිණි ආක්‍රමණිකයින් ද මෙම දෙවියන් පිළිගත් බවත් විෂ්ණු නම් වෛදික දෙවියනුත් වාසුදේවත් එකම දේවත්වයක ලා සැලකීමට හුරු පුරුදු වූ බවත් වැඩිදුරටත් පෙන්වා දෙන අතර දෙවිවරු සංයෝග කිරීම මානව සමාජය වෙනස්‌ වීමත් සමග සිදුව ඇති ආකාරය මනාව ප්‍රකට කරයි. නිදසුනක්‌ ලෙස භාරතීයයන් අතර මුඛ පරම්පරාගත සංග්‍රාමික දෙවියකු වූ කෘෂ්ණ දෙවියන්, අවසානයේ විෂ්ණු දෙවියන් හා සමීප වූ බව ද පවසයි (බෂාම්) (අවලෝකිතේස්‌වර සහ නාථ දේව සංකල්පය ද ඊට නිදසුනකි).
බිලි පූජාව වැනි සංකල්ප ආදි අනාර්ය ජනයා තුළින් සමාජගතව ප්‍රකට වූ බවත් මෙම අභිචාරවිධි භාරතීය දේශ සීමාවෙන් ඔබ්බට ගිය ආකාරයත් විමසීමට කලින් බිහිවී වැඩී ගිය දේශයේ තතු විමසා බැලිය යුතු වෙයි. ක්‍රි. පූ. 1500 ට ආසන්නයේ ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නේ ගෝත්‍රික කණ්‌ඩායම් වශයෙනි. ඉන් භරත ගෝත්‍රය මුල්කර ගෙන භාරතය යන නාමය පටබැඳුණ බවත් ආර්යයන් ගේ ස්‌ථාවර සමාජ රටාව පිළිබඳ ඇගයීමකුත් ඒ සමග ඉතිහාසගතව ඇති බව සඳහන් කළ යුතුය. ආර්යයන් තම සෑම කටයුත්තක්‌ම උසස්‌ ආකාරයකටත් අනෙකුත් ජනයා පහත් ලෙස සැලකීමටත් පුරුදු විය. මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ය සමාජය තුළ වර්ණ බේදය මගින් බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර වශයෙන් වර්ගීකරණයට ලක්‌විය. සර්ව බලධාරී වූ සියල්ලටම අධිපති වූ මහා බ්‍රහ්මයා ගේ නියෝජිතයන් ලෙස භාරතීය සමාජයේ උසස්‌ම ස්‌ථානය හිමි වූයේ බමුණන්ටය. සෘග්, යජුර්, සාමන්, අථර්ව යන වේදයන් ගේ සමස්‌ත දැනුමින් සන්නද්ධව සිටි ඔවුන් වේදය ගුරු කොට ගෙන සමස්‌ත සමාජය මෙහෙයවන ලදී. ඒ අනුව උසස්‌ හිමිකම් තමුන් වෙත පවරා ගත් අතර යාග පැවැත්වීමේ බලය ද ඒ අතර වැදගත් ලෙස සැලකූහ. මනුස්‌මෘතියට අනුව වේදය ඉගෙනීම උතුම් ආගමික ඉගෙනීම බව සමාජගතව පැවැතුණි.
පැරණි භාරතීය සමාජයේ සෙසු කුලයන් වූ ක්‌ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර ජනයා ට බ්‍රාහ්මණයින් අඩු අයිතිවාසිකම් ලබා දුන් අතර අනුශාසකත්වය හා සංවිධානය මෙහෙයවීම ඇතිව යාග හෝම සමාජ ගත කළ ඔවුන් අශ්වමේධ යාගය, පුරුෂ මේධ යාගය, වාජ පේය හා නිරක්‌ගල ආදී වශයෙන් නාමකරණයෙන් යාගයන් අරුත් ගන්වා ශාන්ති කර්ම විශේෂයක්‌ ලෙස දෙවියන් උදෙසා පවත්වන ලදී. මෙම යාගයන් හි දී සිය දහස්‌ ගණන් තිරිසන් සතුන් ද මිනිසුන් ද මරා බිලි දුන් හ. චතුර් වර්ණ ගත මෙම සමාජයෙහි එකිනෙකාට සමාජයෙහි උසස්‌ , පහත් සහ පහත්ම (පංචම ජනයාට) වශයෙන් විවිධ ස්‌ථාන පැවතුණි. ඒ අනුව සැමට සමාන වරප්‍රසාද, හිමිකම් අයිතීන් හා යුතුකම් සමාජගත ව නොපැවති බව මනාව පැහැදිළි වෙයි.
උසස්‌ම ආකාරයෙනුත් චිත්ත පාරිශුද්ධියෙනුත් යුතුව වත් පිළිවෙත් පවත්වන හින්දූන් ගේ ආගම කාලයත් සමග දර්ශනය සමග වැඩී ගොස්‌ බ්‍රහ්ම විෂ්ණු, ශිව යන දේව ත්‍රිත්වය මත පදනම්ව විකාශනය විය. මේ ඔස්‌සේ සමාජගතවූ ක්‍රියාකාරකම් ජන සංස්‌කෘතිය හා බද්ධවී ඇතැම් කරුණු තුරන්වී නව ක්‍රම බද්ධ වී පැවත එන්නේ මස්‌ සිඳ ඇට මිදුළු දක්‌වා දිව ගොස්‌ සැඟව ඇති මූලික විශේෂයන් සමග බව ඇතැම් සංසිද්ධි අනුව පැහැදිලි වෙයි. පොළොවේ සිටින දෙවියන් බමුණන් බව පැවැසූ ඔවුන් 'භූ සූර' නාමයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්විය. භාරතීය යුග විකාශයත් සමග ගුප්ත යුගය වන විට බ්‍රාහ්මණ ආගම හින්දු ආගම බවට පරිවර්තනය විය. හින්දු කෝවිලක ආදිම ස්‌වරූපය පිළිමයක්‌ හෝ පූජාර්හ වස්‌තුවක්‌ සහිත මඩුවක්‌ වූ බව පවසන මහාචාර්ය බෂාම්, ගුප්ත යුගය වන විට දියුණු තත්ත්වයකින් පැවතුණ බව සඳහන් කරන අතර හින්දු පිළිවෙත් ගැන හෙතෙම මෙසේ පවසයි(
"හෝමය (යාගය) වෛදිකාගමේ ප්‍රධාන වතාවත වූ නමුත් හින්දු ආගමේ ප්‍රධාන වතාවත වූයේ පූජාවයි, දෙවියකුට සාමාන්‍යයෙන් වන්දනා කරනු ලබන්නේ විශේෂ වතාවත්වලින් පරිශුද්ධ වස්‌තුවක්‌ බවට පත් කරනු ලැබූ ප්‍රතිමාවක ස්‌වරූපයෙනි. ප්‍රතිමාව ශුද්ධ වස්‌තුවක්‌ වූ පසු දෙවියා කිසියම් ආකාරයකින් එහි වාසයට යන බව විශ්වාස වී ය. ප්‍රතිමාවට පසඟ පිහිටුවා වඳින භක්‌තිමතා බොහෝවිට නොයෙක්‌ වර ඉල්ලන නමුත්, පූජාව යාච්ඤාවක්‌ නොව ගරු බුහුමන් හා සැලකිලි දැක්‌වීමකි. සම්භාවනීය අමුත්තකුට මෙන්ම දෙවියන්ට ද පා සේදීමට පැන් වඩවා, මල් බුලත් ආදිය පුදනු ලැබේ. ගැයුම්, වැයුම් සහිතව ඝණ්‌ටා නාද කොට, සක්‌ පිඹ අලුයම දෙවියන් උත්සවාකාරයෙන් අවදි කරනු ලැබේ. ඉක්‌බිතිව උන්වහන්සේ දෝවනය කොට දිය පිස දමා, ස`ඵ වඩනු ලැබේ. ඊට පසු මල් මාලා, සුවඳ දුම් හා පැද්දෙන පහන් ආදියෙන් පුදා ගරු බුහුමන් දැක්‌වේ. ඊට පසු සාමාන්‍යයෙන් බත් හා පලතුරු සහිත භෝජනයකින් මේ වඩනු ලැබේ. ඒ ආහාරයේ රසය උරා ගත් දෙවියා තමන් වඳින්නන්ට හා දිළින්දන්ට දෙනු සඳහා එහි ද්‍රව්‍යමය කොටස ඉතිරි කරයි. බොහෝ දේවාලවල දී රාත්‍රියට ඔහු තම බිසව හෝ බිසොවුන් වසන සයනාගාරයට වැඩම කරවනු ලැබේ. විශාල කෝවිල් සිද්ධස්‌ථානවල දී පරිවාර ජනයා ඔහුට පවන් සලති. නාටිකාංගනාවෝ විනෝදය සපයති. මේ අතින් දෙවියකුට සැලකූයේ ඉන්දීය නරපතියකුට සැලකුව ආකාරයටය. උත්සව වලදී දෙවියා ද රථයක නැගී නගර සංචාරයෙහි යෙදෙයි. මේ රථය බොහෝවිට භක්‌තිමතුන් විසින් අදිනු ලැබේ. පෙරහැරේ පසු භාගයෙහි සිය රථවලට නැගී ගත් වෙන දෙවිවරු ද, ගැයුම් වැයුම් කරුවෝ ද, චාමර ඡත්‍ර හා විජිනි පත් දැරුවෝ ද, නැට්‌ටුවෝ ද ගමන් කරති. (අසිරිමත් ඉන්දියාව, බෂාම් )
හින්දු ත්‍රි මූර්තියෙහි ඇතුළත්, නිල් පැහැති දෙවියකු වශයෙන් ප්‍රකට විෂ්ණු දෙවියන් හක්‌ගෙඩිය, ජයකොන්තය, චක්‍රායුධය, නෝඵම්මල යන වස්‌තු සතර අතින් දරා කෞස්‌තුභ පාෂාණය ගෙල පැළඳ ගරුඬ වාහනය ද සහිතව සිය පතිනිය වශයෙන් ලක්‌ෂ්මී හෙවත් ශ්‍රියා කාන්තාව කැටුව වෙසෙන අතර භාරතයෙන් ලක්‌දිව වැඩම කරන්නේ සියලු සතුන් යහ මගට ගැනීමට බව විශ්වාසිතය. ඔහු විවිධාකාරයෙන් පෙනීසිටීම හෙවත් දස අවතාර වශයෙන්ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නරසිංහ, වාමන, පරශු රාම, කෘෂ්ණ, කල්කින් මෙන්ම බුදුන් වහන්සේට ද ඔවුන් එවැනි අරුතක්‌ සම්පාදනය කරති. සසුන රක්‌නා ලෙසින් මෙරට වඩින මෙම දෙවියන් බෞද්ධ විහාරය තුළ ලැගුම් ගැනීමට අවසරය ඉන් නිතැතින්ම ලබා ගත්තද, ත්‍රි මූර්තියෙහි ශිව ට ලැබී ඇත්තේ වෙනත් විධියේ අවසරයකි. එහෙත් මෙරට බෞද්ධයින් ගේ ද, ගෞරවයට පාත්‍රවී ඇති ශිව දෙවියන් ද ලක්‌දිව දේවාලයන්හි විරාජමාන වන්නේ භාරතීය සංස්‌කෘතිය විවිධ ආකාරයෙන් විසරණයවීමේ හේතුව නිසාය.
ප්‍රචණ්‌ඩත්වයෙන් ඈත්ව මිනිසා ශිෂ්ටාචාරගත වීමත් සමග දෙවියන්ද ශිෂ්ට සම්පන්න වූ බව සෑම ආගමක්‌ම සාක්‌ෂි සපයති. අශෝක අධිරාජයා සිය 1 වැනි සෙල් ලිපියෙන් මිනිසුන්ටත් සතුන්ටත් එකසේ දයාව, මෛත්‍රිය දැක්‌විය යුතු බව පවසන්නේ එකම පණ ඇති සතකු වත් නොමැරිය යුතු යෑයි ද, බිලි නොදිය යුතු යෑයි ද නියම කිරීමෙනි. එසේම සිය 5 වැනි ටැම් ලිපියෙන් අධිරාජ්‍යය පුරාම සියලු සතුන්ට අභය දානය දිය යුතු බවත්, රජවාසල බොජුන් සඳහා සත්ව ඝාතනය වහාම තහනම් කළ බවත්, සතුන් කර ඇඹීම හා හංවඩු ගැසීම ද තහනම් කර ලේඛන ගත කර තිබිණි. ඔහුගේ 7 වැනි ටැම් ලිපියෙන් පණ ඇති සතුන් සිටින ලෙලි පවා දැවිය යුතු නොවේය. යනුවෙනුත් ඔවුනට වධ හිංසා කිරීමට කැලෑ ගිනි නොතැබිය යුතු බව ද ගවයින්ට හා මිනිසුන්ට සෙවණ සැපයීමට මංමාවත්වල ගස්‌ සිටුවන ලෙසත් අණ කොට තිබුණ බව සඳහන් වෙයි.
වෛදික යුගයෙන් පසුව එන ගුප්ත යුගයේ භාරතීය සමාජය තුළ මානව හා සත්ව රූ සම්බන්ධකර තම දෙවියන් නිර්මාණය කර ගත් අතර තත් යුගය හමාර වෙත්දී දේවතාවියන් ද වන්දනයට පාත්‍ර වන්නට වූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නැගෙනහිර මලාවාහි වරාහ (සූකර) දේවතාවකුත් එඩේර ජනයා අතර එඩේර ලක්‌ෂණ ගත් දේවතාවකුත් පසුකාලයේ විෂ්ණු දෙවියන්ට සමීපවන කෘෂ්ණ දෙවියන්ට සංයෝගවන ආකාරයත් ඉතිහාසය විමසීමෙන් ප්‍රත්‍යක්‌ෂ වෙයි.
එමෙන්ම සශ්‍රීකත්වය පිළිබඳව එන දේවත්වයක්‌ හරප්පා සංස්‌කෘතියේ පටන් සමාජගතව පැවැති අතර වෛදික යුගයේ මෙම දෙවියා ශිව වශයෙනුත් මුලින් රුද්‍ර හා බැඳෙන මෙම දෙවියන් කඳ කුමරු මෙන්ම ඇත් හිසක්‌ හා බැඳෙන ගණ දෙවියන්ද ශිව දෙවියන් හා සබැඳෙන ආකාරය අනුව මෙම ස්‌වභාවය අවබෝධ කරවනු ඇත. ගුප්ත යුගයේ අවසානයේ දේවතාවියෝ වැදගත් තැනක්‌ උසුලන්නට වූ බවත් එසේම යන්ත්‍ර, මන්ත්‍ර ඇදහීම හා ආගම නමින් ලිංගික කටයුතුවල යෙදීම ද අමුතු ස්‌වරූපයේ සත්ව බිලි පූජා විධි ද මධ්‍යකාලීන ඉන්දීය සමාජය තුළ වැදගත් කමකින් යුතුව ඉදිරියට සපැමිණි බව මහාචාර්ය බෂාම් පෙන්වා දෙයි.
මේ අතර දකුණු ඉන්දීය ද්‍රවිඩ සමාජය වෙත බලපාන ආර්ය සමාජයේ පුරුෂාර්ථ විසින් ඔවුන් තුළ ප්‍රබල ශ්‍රද්ධාවක්‌ ජනිත කරන්නට හේතු විනැයි පවසන විද්වත්හු එම ඇදහිලි හා බලපෑම් විසින් විවිධ ඊශ්වර වාද පහළ කළ බවත් නිරීක්‌ෂණය කරති. මධ්‍ය යුගයේ භාරතීය සමාජය තුළ පහළ වූ සංචාරක ධර්ම දේශකයින් හා දේව ස්‌ත්‍රොaත්‍ර ගායනා කරන්නන් හේතු කොට ගෙන භාරතීය සමාජය තුළ ප්‍රකට වූ භක්‌තිවාදී හින්දු ආගම වත්මන් හින්දු ආගමේ උපතට හේතු වන්නට ඇතැයි බෂාම් වැඩිදුරටත් සඳහන් කරයි.
කුමන ජන සමූහයක්‌ අතර වුවද, වත් පිළිවෙත් ආරම්භ වී වෙනස්‌ වෙමින් ඉදිරියට පැමිණීමට හේතු වී ඇත්තේ අවශ්‍යතාවය ප්‍රමුඛ වීම මත බව පෙනේ, වෛදික යුගයේත්, ප්‍රාග් බෞද්ධ යුගයේත් බ්‍රහ්මවාදය ජනප්‍රියව පැවතුණි. ජන්මයෙන් හා අභ්‍යාස කිරීමෙන් තමුන්ට සෘද්ධි බලය ඇතැයි කී බමුණන් කවර නර පතියකුටත් වඩා ප්‍රබල යෑයි පවසමින්, ඔවුහු යාග හෝම සිදු කොට තම බලය තහවුරු කරගත්හ. යාග පූජා පැවැත්වීමේ ඥන ශක්‌තිය බ්‍රහ්ම ගෙන් ලැබුණ විශේෂ වරප්‍රසාදයක්‌ බව තහවුරුව පැවතුණි. යාග හෝම මගින් තමාට එරෙහි වන්නන් විනාශ කිරීමේ බලය ද ඔවුන් තුළ ඇතැයි යන අදහස තත්කාලීන සමාජය තුළ මැනවින් සමාජගතව පැවතීම යාග හෝම උත්සන්නව පැතිරයාමට තවත් හේතුවක්‌ විය.
ප්‍රාථමික මිනිසා ගස්‌ ගල් අඳුරු වනාන්තර ඇදහැලෙන දිය දහරා සුළඟ අකුණු වැනි සොබා දහමේ විවිධ තත්ත්වයන් කිසියම් භූත බලවේගයක්‌ ලෙස ඇදහූ බව පුරා හා මානව විද්‍යාඥයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ගේ ද විමසීම් තුළින් ලොවට හෙළි කර ඇත. වත් පිළිවෙත් පිළිබඳ අතීත මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන පුරාවිද්‍යාඥයින් හෙළි කර ඇති, විවිධ වර්ණ භාවිත මෙවලම් මෙන්ම වර්ණ ගැන්වූ මානව හා සත්ත්ව අවශේෂ ගැන සඳහන් වන අපූර්ව තොරතුරු ඊට ප්‍රබල සාක්‌ෂි වෙති.
සමාජගත විවිධ අභිචාරවිධි සමග බැඳී ඇති මානව ක්‍රියාකාරකම්හි ද මෙන්ම වාස්‌තු විද්‍යාවේදීත් චිත්‍ර කලාවේදීත් ඇගයීමට ලක්‌වන වර්ණ භාවිතය, බලි සහ බිලි පූජා වන්හි දී ද සැලකිල්ලට ගනී. (විෂ්ණු පුරාණයට අනුව) වෛදික දෙවියකු වූ කෘෂ්ණ නිරූපණය වන්නේ කාල වර්ණ හෙවත් ක`ඵ පැහැ අනාර්ය දෙවියකු ලෙසය. අඳුරත් නරකයත් ක`ඵ වර්ණයට භාර කරන අතර අනතුරු, නරක, උෂ්ණ, ආදී වශයෙන් විග්‍රහ කෙරෙන රතු සහ පවිත්‍රත්වයේ සංකේතය වශයෙන් සලකන සුදු පැහැය ද විශේෂත්වයක්‌ ගන්නා අතර යකුන් යක්‌ෂණියන් අමනුෂ්‍යයන් උදෙසා කෙරෙන ශාන්තිකර්මවලදී පංච වර්ණ ද ඒ සමග භාවිත වෙයි. ශාන්තිකර්මවලදී යකැදුරන්, බලි ඇදුරන් මෙන්ම කපුරාල ද සුදු පිරුවට භාවිත කරයි. ග්‍රහ අපල උදෙසා නවග්‍රහ මණ්‌ඩලයටම පුද පූජා පවත්වන අතර දෙවියන් යකුන් ප්‍රේතයින් මෙන්ම ඒ උදෙසා පවත්වන තොවිල් පවිල් වලදී නියමිත වර්ණ භාවිත කරමින් යකුන් ගේ රූ තැනීම සමාජගත පැරණි සම්ප්‍රදායකි. බලි යාගයන් හි දී පමණක්‌ රූප ඇඹීම සිදු කරනු ලබයි.
පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ ලක්‌දිව විසූ ජනයා ගැන කරුණු දක්‌වන විද්වත්හු එකල ලක්‌දිව ද ජගන්මාතා පිදීම වැනි තම අස්‌වනු වැඩි කර ගැනීම සඳහා පිදූ දුරාචාර පුද පූජා සහිත ආගමක්‌ පවතින්නට ඇතැයි විශ්වාස කරන අතර හියුංත්සාන් ගේ වාර්තාවක්‌ උපුටා දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ද පෙන්වා දෙන්නේ සිංහල රාජධානිය දුරාචාර පිදූ ආගමක පූර්වයේ ඇලී සිටියේය යන පුවත, මහාවංශයෙහි එන එකල ජනයා තම මියගිය ඥතීන් දේවත්වයට හා යක්‌ෂ ආත්මයන්ට පත්වන බවට පැවති විශ්වාසයන් අනුව පිළිගත හැකි බවය. බ්‍රාහ්මණ හා හින්දු ඇදහිලි හා විශ්වාස පිළිබඳ ලංකා ඉතිහාසය විමසීමේදී මහායාන බුදු සමයේ බලපෑම (ක්‍රි. ව. 5-10) ඊට ලබා දෙන අනුබලය අමතක කළ නොහැක. බෝධිසත්ත්ව හා දේව සංකල්ප තත්යුගයේ, මෙරට පැමිණිය ද ස්‌වරූපයන් හා ආචාර විධිවල මෙන්ම පැවතුම්වල වෙනසක්‌ සමග ථෙරවාදය හා සම්මිශ්‍රව ඉදිරියට පැමිණ විසංවාදයකින් තොරව ක්‍රමයෙන් මහායාන බලය පිරිහී ගිය බව ද පැහැදිලි කරුණකි. එහෙත් බුදුසමය පිටු දකින බටහිර ලෝකය තුළ අන්‍ය ආගමකට හෝ වෙනස්‌ ඇදහීමකට ඉඩක්‌ නොතිබුණි, එහි සිදු වන්නේ මීට වෙනස්‌ තත්ත්වයකි.
බටහිර ලෝකයේ කිතු දහම පැතිර යාමට ක්‍රි. ව. 312 දී පමණ කොන්ස්‌තන්තීනු කිතු දහම වැළඳ ගැනීම රුකුලක්‌ වී ඇතැයි පවසන ඒ.එල්. නිට්‌සූඡ් සඳහන් කරන්නේ යුරෝපයේ සහ මැද පෙරදිග කලාපය තුළ අන්‍යාගම් වැළඳගත් පොදු ජනයාට අනුකම්පා විරහිත සටන් මෙහෙයුවා පමණක්‌ නොව සිතිවිලි පාලනය කිරීමට ද කටයුතු කළ බවයි. තියොඩීසියස්‌ ගේ නීති ග්‍රන්ථයක්‌ උපුටා දක්‌වන හෙතෙම එහි ව්‍යවස්‌ථාවක සඳහනක්‌ තුළින් තත් යුගයේ කිතු දහම හැර අන්‍ය ඇදහීම් සමාජයෙන් තුරන් කරන්නට ගත් පියවරෙහි තරම පිළිබඳ සිතාගත හැකිය. "හැම නගර ග්‍රාම ආදී ස්‌ථානවල පිහිටි දේවස්‌ථාන වසා දමා ඒවාට ඇතු`ඵවීමට අවසර ඉල්ලු කල්හි සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව අපේ කැමැත්තයි. බිලි පූජා ආදිය පැවැත්වීමෙන් සියලු දෙනාම වැළකී සිටිය යුතු බව ද අපේ මතය වේ. යම් කිසි කෙනෙක්‌ මෙබඳු දෙයක්‌ කළොත් ඔහු ගේ ගෙල කඩු පහරින් සිඳනු ලැබේවා"
"බිලි පූජා පවත්වන හෝ පිළිම වඳින කවරකු නමුත් මරණීය දඬුවමට පත් කළ යුතු බවට අපි අණ දෙමු" (තියොඩීසියස්‌ ගේ නීති ග්‍රන්ථයේ සඳහන්, 356 හි අංක 6 දරන ආඥවයි)
එහෙත් බුදුසමය විසින් හික්‌මවු ජාතියක නරපතියන් මෙන්ම පොදු ජනකාය ද අන්‍ය ආගම් හා සංස්‌කෘතීන් දෙස විපරම් කළේ ඊට වෙනස්‌ ආකාරයෙනි. පොළොන්නරු ශිව දේවාලය අසල වූ නිශ්ශංකමල්ල රජතුමා සිය ග්‍රහ අපල දුරු කර ගැනීමට හිඳ ගත් ස්‌ථානය බවට විශ්වාසිත තැන පවතින ලිපිය එකල බලි යාග පැවති බවට සාක්‌ෂියක්‌ මෙන්ම මෙරට උඩරට පහත රට දෙරටේම සංගීතයටත් නැටුමටත් දෙකටම බලි යාගය බලපාන ලද බව ප්‍රකට සංගීතඥයෙකු වූ සී. ද එස්‌. කුලතිලක මහතා සිය අධ්‍යයනයන් තුළින් හෙළි කර ඇත.(සිරස පාද නැමැති යාග කවි ලංකාව් අදටත් ප්‍රකටය) හෙතෙම පවසන්නේ බලි පූජාව කෝට්‌ටේ යුගයේ ඇරඹි බවයි.
"බලි යනු පූජාව සඳහා වූ පදයකි. එහෙත් එම පූජා විශේෂය අනෙක්‌ පූජාවන්ට වඩා වෙනස්‌ වන්නේ එය කිසියම් රූපයක්‌ මගින් කරන පූජාවක්‌ හෙයිනි. බලි පූජා වර්ග 35 ක්‌ පැරණි පොත පතෙහි සඳහන් වේ. ග්‍රහ අපල දුරු කරවා ගැනීම සඳහා මැටි රූප අඹා කරන ලද පූජා විශේෂය කෝට්‌ටේ යුගයේ ආරම්භ වී යෑයි සිතේ." (ලංකාවේ සංගීත සම්භවය, සී ද එස්‌ කුලතිලක, 1974, ගොඩගේ).
බලි යාගයන් පිළිබඳ නවකේන්ද්‍ර බලි උපත උපුටා දක්‌වන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සඳහන් කරන්නේ, 'බලි රූපය කහ දියරෙන් අනාගත් මැටියෙන් අඹාගන්නා බවත් හිරු ගේ රූපය රන්වන් පැහැ (කහ) සහ සඳු, අඟහරු, සුදු සහ රතු පැහැයෙනුත් නිම කර ගන්නා බවයි (ජනශ්‍රැතිය හා පුරා කථාව, පිටු 73, 74,)
මිනිසා තමාට එරෙහිව ආ බොහෝ දේ නපුරු යක්‌ෂ හා භූතයින් ගේ බලපෑමකැයි විශ්වාස කළ නිසා බලි සහ බිලි දීමෙන් ඔවුන් සතුටු කර ප්‍රිය ජනක දිවියක්‌ ගත කිරීමත් භෞතික සැප සම්පත් ළඟා කර ගත හැකි බවත්, විවිධ ආකාරයන් ගෙන් ආදිම යුගයේ සිට සිතන්නට ඇතැයි ද විශ්වාසිත වන නමුදු වෛදික යුගයේ ප්‍රධාන දෙවිවරු අතර බ්‍රහ්ම, විෂ්ණු, අග්නි සූර්ය චන්ද්‍ර වායු මෙන්ම රුද්‍ර, ශිව ආදීන් හින්දු දේව මණ්‌ඩල ගත වීම සමග ද බලය ඒකරාශි වී ඇති ආකාරයත් දේව, යක්‌ෂ, අසුර යන විශ්වාසයනුත් බහුතරයක්‌ හින්දු ජනයා බිලි පූජාව අනුමත නොකරන බවත් බොහෝ පර්යේෂකයින් පෙන්වා දෙන කරුණකි.
ලක්‌දිව මුලින් පදිංචි වූ ආර්යයන් තම ඉන්දීය ඥතීන්ගෙන් මු`ඵමනින්ම වෙනස්‌ නොවූ බව පැහැදිලි කරුණක්‌ වෙයි. මේ පිළිබඳව සඳහනක්‌ කරන මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් පවසන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික හෝ ආගමික අතින් මහා දේශයෙහි හටගත් හැම විපර්යාසයක්‌ම ලාංකීය ජන ජීවිතය කෙරෙහි තරමක බලපෑමක්‌ ඇති කළ නමුදු භාරතය සිය දරුවෙකුට සළකන සෙනෙහෙබර මවක්‌ මෙන් ලංකාවට පිහිටට සිටි බවය (ලක්‌දිව බුදු සමයේ ඉතිහාසය, පිටු අංක 34, නව වැනි මුද්‍රණය, 2006, චතුර).
ලක්‌දිව පැරණි සන්දේශ සමයේ සමාජ තොරතුරු විමසීමේ දී විවිධ ශබ්ද පූජා පවත්වද්දී නානාවිධ සුවඳ දූපයන් මැද දමිළ ගීතිකා ගයන කෝවිල් පැවති බව තහවුරු කරයි.
කඵවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙ ළ
සුවිසල් විහිඟු සක්‌ සන් මිණි හඬ පත ළ
කරලොල් සතන් පවසන කියු ගී දෙම ළ
වනකල් ඉසුරු කෝවිල ලගිනේ ලක ළ (සැල 22)
සැලළිහිණියා පළමු දිනයේ ලැගිය යුත්තේ ඉසුරු කෝවිලේ ය. එහි දේව පූජාවට ක`ඵවැල් කපුරු පු`ඵස්‌සා දුම් ගස්‌වයි, දුම ඇතුලේ කොඩි ද ලෙළ දෙයි. දෙමළ බෙර හඬ, හක්‌ගෙඩි නාද, මිණි ගෙඩි නාද ද වෙයි. එහි ස්‌ත්‍රොත්‍ර සඳහා පැවසෙන්නේ දෙමළ ගීතිකාවෝය.
ලක්‌දිව කෝට්‌ටේ යුගයේ පැවති ද්‍රවිඩ ආභාසය මින් ප්‍රකටවන අතර කෝවිල යනුවෙන් ඇමතීමෙන්ම ද්‍රවිඩ දේවාලයක්‌ බව සනාථ කෙරෙන අතර තුති ගී ගයා තිබෙන්නේ දෙමළෙන් වන බැවින් රැස්‌ව ඇති පිරිස ද්‍රවිඩයෝ බව ද තහවුරු වෙයි. මේ දෙවොල දියවන්නා ඔයෙන් මෙගොඩ තිබෙන්නට ඇත. කෝවිල ළඟට කයිකාවිල සඳහන් වීමෙන් මෙය දුරින් පිහිටියක්‌ නොවන බව පෙන්වා දෙන අතර ඒ මුරපළ පසු කරන විට හමු වන්නේ 'වල්අම්බලම' බව පවසයි, මෙය ද පිහිටියේ කෝට්‌ටේ අසල වල්පොළය. මේ අනුව හංසයෙහි ද සඳහන් තොට වීදිය ආසන්නයේම ඉසුරු කෝවිල පැවති බව අදහස්‌ කෙරෙයි.
මයුර සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, කව්සි`ඵමිණෙහි එන සුරාපානෝත්සව, හංස සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, සැලළිහිණි අස්‌නෙහි දක්‌වන දේව භක්‌ති ප්‍රණාමය, ආදි වශයෙන් විවිධ සාහිත්‍ය කෘතීන් දක්‌වන ලක්‌දිව ඊශ්වර, ශිව වන්දනය පිළිබඳ අපමණ සාක්‌ෂි තුළින් භාරතීය සමාජ ආභාෂය හෙවත් සංස්‌කෘතිය විසරණය සිදුව ඇති ආකාරය මෙන්ම තත්කාලීන සමාජය අපූර්වත්වයකින් ප්‍රකට කරනු ලබයි. ලක්‌දිව සතුන් මරා බිලි දුන් දේවාලයක්‌ වශයෙන් හලාවත මුන්නේශ්වරමෙහි දේවාලය ප්‍රසිද්ධය. භාරතීය දුර්ගා දෙවඟන ගේ අවතාරයක්‌ ලෙස ද විශ්වාසිත වූ මෙම දෙවඟන වෙනුවෙන් විවිධ ප්‍රදේශයන්හි දේවාල පවත්වා ගෙන යන නමුදු ඒවායෙහි බිලි පූජා පවත්වන බවක්‌ වාර්තා වී නොමැත. සෙනසුරාදා සහ බදාදා දිනවල පූජාවන් පවත්වන අතර ඊට පු`ඵටු වර්ග 5ක්‌ එකතු කරමින් අතීත සම්ප්‍රදාය රකින බව විශ්වාස කළ හැක. දඩයම් හා මී කැඩීමට යන විට දී නෙලුන්ගොල්ලෑව, කුකුල්කොටුව ගම් වැසියන් මෙම දෙවඟන සිහිපත් කර මගට බසින අතර රඹෑව, හොරොව්පතාන වැසියන් වසංගත රෝග පිළිබඳව ඇති බිය නිසා මැය අදහන බවත් තලාව ප්‍රදේශයේ සශ්‍රීකත්වය පතා අදහන බවත් පැවසිය හැකිය. ඇතැමෙක්‌ කාලිමෑණියන් වශයෙනුත් ඇය යක්‌ෂණියක ලෙසත් විශ්වාස කරමින් අන වින සඳහා සරණ පතන බව ද නිරීක්‌ෂණය වූ අවස්‌ථා එමටය.කෙසේ වුවද, ලක්‌දිව දේව මණ්‌ඩලයේ ද ඇය නපුරට කැමති කෙනෙක්‌ වශයෙන් හැඳින්වෙයි. ඉතිහාසයේ එක්‌තරා යුගයක, වර්තමානයේ නපුරක්‌ වශයෙන් දකින බිලි පූජාව ශේෂවී ගොස්‌ ඇති ම්ලේච්ඡ ක්‍රියාවක්‌ වශයෙන් සඳහන් කරද්දී, ආගමික නිදහස යෑයි කෙනෙක්‌ නගන චෝදනාව වර්තමානයට කොතෙක්‌ ප්‍රඥගෝචර ද යන්න විමසිය යුතු කරුණකි.


උපුටා ගැනීමකි....
සුනිල් කුමාරසිංහ අතුකෝරල

පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ......






පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව,ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ. 



උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි. 

ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ
. 
...උඹේ අප්පච්චී...

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ






සමාජ ජලා මධ්‍යයේ වසංගතය.


අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග ඉතාම මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆෙස් බුක්  හෙවත් මුහුණු පොත හැඳින්විය හැකිය. ෆේස්බුක් හැරුණු විට එවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් ම ෆේස් බුක් නිර්මාණයෙන් පසුව බිහි විය. ෆේස්බුක් තරමටම ජනප‍්‍රිය සමාජ ජාල වෙබ්අඩවි ලෙෂ එඅසඑඑැර  සැලකේ. ඇතැම් සමාජජාල වෙබ් අඩවි වෘත්තිකයන් විසින් ද බහුලව භාවිත කෙරේ. නිදසුන් ලෙසීඨ්එැ’ සහ ඛසබනැාසබ පෙන්වා දිය හැකිය. ශ‍්‍රී ලාංකික සමාජ සංදර්භය වෙතින් ඉතාම මෑතක පැනනැගුණු සිදුවීම් ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම පිළිබඳ කතිකාවක් නිර්මාණයවී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය’  විසින් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලීඡුැාස්එරසජි නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප‍්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප‍්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප‍්‍රවේශය පහසුවී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පරම්පරාව නවීන තාක්ෂණයෙන් යුක්ත දුරකථන සහ වෙනත් විද්‍යුත් උපාංග භාවිතයට නැඹුරුවී ඇත. එබැවින් දිනකට සමාජ ජාල වෙබ් අඩවිවලට ප‍්‍රවේශ වන නව යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉහත දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇත. මෙම ප‍්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ඇත. සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡුුා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. විශේෂයෙන්ම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හඳුනා ගැනීම හරහා සංස්කෘතික සම්පර්කයක් ගොඩ නගා ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.
එහෙත් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතයෙහි නිශේධනීය පැත්තක් ද දක්නට ඇත. මන්ද මීට කලකට ඉහත, වෙල් ඉපනැල්ලේ, වැව් තාවල්ලේ සහ ගේ ළඟ පිටියේ කෙළිදෙලෙන් සිටින සිය දු දරුවන්ගේ මිතුරු මිතුරියන් මව්පියන් ද හොඳින් දන්නා හඳුනන පිරිස්ය. එහෙත් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හමුවෙන මිතුරු මිතුරියන් ඇතැම් විට මව්පියන් තබා එකී දරුවන්ද නිසි ලෙස නොහඳුනන කණ්ඩායම්ය. ඇතැම් විට නියම නම්, ගම්, ස්ත‍්‍රී, පුරුෂභාවය ආදිය වසන් කරන අවස්ථා දැකිය හැකිය. මෙවන් පසුබිමක සිය දරුවන්ගේ යහලූ මිත‍්‍රාදීන් පිළිබඳව නිසි සොයා බැලීමක් කිරීමට මව්පියන් ඇතුළු වැඩිහිටියන්ට අසීරුය. විවිධ සමාජ හා වෙළෙඳ සංවිධාන, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍‍්‍රීඩකයන්, ග‍්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විද්වතුන් ද ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඉතාම අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවුඩය හෝ වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම විශාල ග‍්‍රාහකයන් පිරිසක් අතරට රැුගෙන යාම පහසු කර වන බැවින් ඔවුහු සමාජ ජාල වෙබ් අඩවි වෙත වැඩි වැඩියෙන් නැඹුරුවී ඇත. මේ අනුව බලන විට ෆේස් බුක් යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝු වන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජයට කරන බලපෑම උග‍්‍ර කර ඇත.
විශේෂයෙන්ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවිය මඟින් සිදු වෙන නිශේධනීය බලපෑම වැඩිය. තමන් නොදන්නා අය සිය යහලූවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆෙස් බුක් හෝ වෙනත් සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.
කාර්යබහුල ජීවිත ගත කරමින් මුදල් සහ සමාජ තත්ත්ව පසුපස හඹා යන බහුතරයකින් සමන්විත වර්තමාන වැඩිහිටි පරම්පරාවකින් දරුවන්ට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සහ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුවුවත් දරුවන්ට අත්‍යාවශ්‍ය නිසි රැුුකවරණය සැපයෙන්නේ නැත. අනෙක් අතට දරුවන්ට පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම සිය සමාජ ජීවිතයේ ඒකායන පරමාර්ථය ලෙස සලකන දෙමව්පියෝ දහම් පාසල් අධ්‍යාපනය, පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ, යෞවන සමාජ කටයුතු සහ සර්වෝදය වැනි සමාජ අධ්‍යාපන ආයතන සහ වැඩසටහන් වෙත සිය දරුවන් යොමු කිරීමට මැලිකමක් දක්වති.
දරුවන් එවැනි ආයතන සහ වැඩසටහන් වෙත යොමු වන්නේ නම් එක් අතකින් ඔවුන්ට අවශ්‍ය කරන සමාජ ජාලය එකී වැඩසටහන්වලදී හමු වෙන සම වයස් මිතුරු මිතුරියන් ඇසුරින් ගොඩනගා ගැනීමට හැකි වනු ඇත. අනෙක් අතට සමාජය පිළිබඳ අත්දැකීම්, ක්‍‍්‍රමානුකූලව, වයසට ගැලපෙන ආකාරයට, හික්මීමක් ඇතුව ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.
මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් සිය දරුවන්ගේ හොඳම සහ ළඟම මිතුරන් වශයෙන් කටයුතු කළ යුතුය. එවිට දෙපාර්ශවයටම වැරදි චර්යාවන්හි නිරතවීමට ඉඩක් නොලැබේ. අන්‍යොන්‍ය වාරණයක් නිරායාසයෙන්ම ගොඩ නැගේ. දෙමව්පියන් සහ වැඩිහිටියන් මෙන්ම ගුරුවරු ද දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සිය ළමා හා තරුණ කාලය අමතක නොකළ යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ඇසින් සහ මනසින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. එහෙත් එකී තේරුම් ගැනීම වැඩිහිටි බුද්ධිය සහ අත්දැකීම් සමඟ ගලපමින් වර්තමානයට අදාළ කර ගනිමින් ළමා සහ තරුණ ක්‍‍්‍රියාකාරකම්වල සාධනීය සහ නිශේධනීය බලපෑම් පිළිබඳ විග‍්‍රහයක නිරතවීම අවශ්‍ය වේ. එසේ කිරීමෙන් ඇති වන අවබෝධය මිතුරු සහ ළෙංගතු ආකාරයට තරුණ සහ ළමා පුරපුරට තේරුම් කර දීමට තරම් වැඩිහිටියන් තුළ නම්‍යශීලීත්වයක් තිබිය යුතුය.
එහෙත් නවීන තාක්ෂණික උපාංග පිළිබඳ තරුණ පරම්පරාව සතු දැනුමට සාපේක්ෂව වැඩිහිටියන් සතු දැනුම අඩුය. මේ හේතුව නිසා ළමා සහ තරුණ පරම්පරාව තාක්ෂණික මෙවලම් ආශ‍්‍රිතව කරන කියන දෑ නිවැරදිව අධීක්ෂණයට බොහෝ වැඩිහිටියෝ අසමත්ය. පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳව දැනුම්වත් වීමට සාපේක්ෂව සිය දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව උදම්වීමට සහ ඒ පිළිබඳව උදම් ඇනීමට බොහෝ දෙමව්පියෝ පුරුදුවී සිටිති. නිදසුන් ලෙස කුඩා දරුවන් පරිගණක ක්‍‍්‍රීඩාවලට ඇබ්බැහිවී සිටීම ගැන ඇතැම් දෙමව්පියෝ සතුටු වෙති. තවත් නිදසුනක් ලෙස විභාග සමත් වුවහොත් නොයෙකුත් ත්‍යාග පිරිනමන බව පවසමින් දරුවන් අධ්‍යාපනය සඳහා උනන්දු කරවීමට බොහෝ මව්පියෝ ක්‍‍්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. මීට කලකට ඉහත දී විභාගය හොඳින් සමත් වුවහොත් පාපැදියක් ගෙනත් දෙන බව පවසමින් මව්පියෝ දරුවන්ව පොළඹවන ලදහ. එහෙත් වර්තමානයේ දී ශිෂ්‍යත්ව විභාගයක් හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් කර දීමට නම් ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාට් දුරකතනයක් අවශ්‍ය බවට දරුවෝ මව්පියන්ට කියා සිටිති.
තමන්ට ළඟා වීමට නොහැකි වූ අධ්‍යාපන සහ උසස් සමාජ තලවලට ඇතුළු වීමට ඇති එකම මඟ අධ්‍යාපනයම බව විශ්වාස කරන ග‍්‍රාමීය සහ නාගරික පහළ මැද පන්තියේ මව්පියෝ සහ වැඩිහිටියෝ සිය දරුවන්ගේ මෙවැනි ඉල්ලීම් ඉටු කර දීමට දෙවරක් නොසිතාම එකඟ වෙති. ඉන්පසුව දරුවන් සිය ගුරුවරුන් සේ සලකා ඔවුන් කියන කියන දේ ඉටු කරයි. ඔවුන්ගේ කටයුතු පිළිබඳව නිසි අධීක්ෂණයක් නොකරති. දරුවන්ට සාපේක්ෂව තමන් වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ඥානවෘද්ධ ආදී වශයෙන් නොසලකති. නොදන්නා දැනුම ළඟා කර ගැනීමට උත්සාහ නොකරති. මෙවන් පසුබිමක් මත අන්තර්ජාලය ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වගේම සිය මල් කැකුළු වන් දරුවන්ට එදිනෙදා ජන ජීවිතයේ දී හමු වන පාපී පුද්ගලයන්ගෙන් නරක බලපෑම් ඇතිවීම වළක්වා ලිය නොහැකිය.
මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ඇති එකම මඟ සිය වයස පිළිබඳ පසුතැවිලි නොවී වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළගා කර ගැනීමට වැඩිහිටියන් ක්‍‍්‍රියා කිරීමය. වයස අවුරුදු අසූවේදී පරිගණක ඉගෙන ගත් සිංගප්පූරු නායක ලී ක්වාන් යූ වැඩිහිටියන් වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළඟා කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ කදිම නිදසුනක් සපයා ඇත.
ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු වන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර ක්‍හඉැරඉමකකහසබට පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්ත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදාගෙන වෙනත් තැනැත්තකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු දෙයක් බවට පත්වීම බව ඔයැ ඹබසඩැරිසඑහ දෙ ඡුසඑඑිඉමරටය ීජයදදක දෙ ඵැාසජසබැ හි වෛද්‍ය විද්‍යාව සහ ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්ය බ‍්‍රයන් ප‍්‍රිමැක්  විසින් පෙන්වා දී ඇත. පෙර සඳහන් කළ පරිදි අනෝමීය සමාජ අවකාශය තුළ ජීවත් වන සමාජ ආචාරධර්ම, සිරිත් විරිත් නොතකන ජන ප‍්‍රජාවක් වෙතින්ීක්‍හඉැරඉමකකහසබට’ නිරන්තරව සිදු විය හැකි අන්තර්ජාල වරදක් වනු ඇත.
සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරි සරන්නන් ෆේස් බුක් විෂාදය  නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය ග්වෙන්  පෙන්වා දී ඇත. මෙය ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. ගෝලීයකරණ ප‍්‍රවාහය අපට නවතාලිය නොහැකිය. එය නැවැත්විය යුතු ද නැත. එහෙත් එයට ශක්තිමත්ව මුහුණදීමට හැකි වන පරිදි අක් මුල් සහිත නැණවත්, ගුණවත් තරුණ පම්පරාවක් අපි බිහි කර ගත යුත්තෙමු. ඒ සඳහා අධ්‍යාපන ආයතනවලත්, ආගමික ආයතන ඇතුළු සමාජ ආයතනවලත්, තරුණයන් සඳහා වූ වැඩසටහන්වලත්, ආණ්ඩුවේත් සමස්තයක් ලෙස මුළු මහත් සමාජයෙත් අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වේ.



                                                           සෙල්ලක්කාරී..

ශ‍්‍රී ලාංකීය සංවර්ධන රටාව තුළ හෙළයේ කලාවට කුමක් වේද?


 කලාව යැයි මෙයයි කියා විවිධ නිර්වචන ඉදිරිපත් කළත් කලාව යනු කුමක්දැයි යන්න විග‍්‍රහ කිරීම නිර්වචනයකට සීමා කළ නොහැකිය. සංවේදී මනසකට කතා කළ හැකි හොඳම මාධ්‍යක් ලෙස කලාව ඇගයුම් කල හැකිය. මීට සියවසකට පෙර සිටම දියුණු වෙමින් පවතින රටක් ලෙස නම් කල ශ‍්‍රී ලංකාව 21 වන සියවස තුළද එනම් අදත් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසමය. තවමත් දියුණු වෙමින් පවතින අනාගතය තුළද දියුණු වෙමින් පවතින රටක් වන ශ‍්‍රී ලංකාව නම් කෘතීම මන්දිරය තුළ එදා මෙදා තුර තිබූ හෙළයේ කලාවට අත්වන්නේ කුමන ඉරණමක්ද යන්න සිතා ගත නොහැකිය. කලාව කෙලෙස පෝෂණය වෙයිද? කලාවට කුමක් වෙයිද? යන්නට පිළිතුරු සොයා ගැනීම අපහසුය.
එදා අපේ අතීත මුතුන් මිත්තන් මහ සමුදුර පරදවන වැව් ඉදි කරන්නට විය. අහස් තලය සිප ගන්නා දාගැබ් ගොඩ නැගුවේත්, ආලක මන්දාව පරදවන සීගිරිය වැනි උද්‍යාන බිහි කළේත් හෙළයේ කලාව ලෝකයට ගෙන එමිනි. ගුරුළු ගෝමීන්, වීදාගම මෛත‍්‍රී හිමි, අලෙගියවැන්න මුකවැටිතුමා පද්‍ය කලාවට දායක වෙද්දී නන්දා මාලනී, ඩබ්ලිව්.ඩි.අමරදේව, එච්.ආර්. ජෝතිපාල යන ප‍්‍රවීණයන් ගීතයට පන දෙන්නට විය. මාලනී ෆොන්සේකා, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම සුවසක් ලෝකයා අමන්දානන්දයට පත් කරන්නට හැකි වූයේ සිය රංගන ප‍්‍රතිභාවය නිසාවෙනි. මේ හැම කලා නිර්මාණයක්ම එදා ලෝකයට එක් වූයේ ලාංකීය කලාව එතරම්ම ප‍්‍රාණීය හා පෝෂණීය වූ නිසාවෙනි. නමුත් අද වන විට    ශ‍්‍රී ලාංකීය කලාව ලෝකයට නොව සෑම මොහොතකම ලෝක කලාව ශ‍්‍රී ලංකාවට එක් වනු දැක ගත හැකිය.  නමුත් ඒ එක් වන්නේද ලෝක කලාවේ සාරය නොව එම සාරයේ රොඞ්ඩ පමණි. යම් රටක සිටින ලෝකයේ ජනාදරය ලැබූ රංගන ශිල්ප ශිල්පීන් යම් රටකට කැඳවූ පමණින්ම කලාව පොෂණය වන්නේ නැත. ඇතැම් විට එලෙස සිදු වීමම රටක කලාව විනාශ වීමටද මුල් විය හැකිය.  
  කලාත්මක නිර්මාණ බිහි වන්නට ගතවන්නේ තත්පරයක් වැනි සුළු කාලයක් විය හැකිය. එම කලා නිර්මාණය  ඕනෑම මොහොතක නිර්මාණය විය හැකි සේම ඒ සඳහා තැනක් නොතැනක් නැත. නමුත් සාර්ථක කලා නිර්මාණයක් බිහි වන්නට නම් අවට පරිසරයේ පවතින නිස්කලන්ක බවද ඉතා වැදගත් වේ. කෘතීම බවක සිට නිර්මානය කරන කලා නිර්මාණයකට වඩා ස්වභාවික සුන්දරත්වය තිබෙන සැබෑ පරිසරය තුළ නිර්මාණයවන එකී කලා නිර්මාණය සමාජ යථාර්තය සැබෑවටම නිරූපණය කරන කලා රසයෙන් ඉහළ නිර්මාණයක් බවට පත් වේ. හරිත ලොවක් බිහි කරනවායි පුරසාරම් දොඩවමින් ඉදි කරන කොන්ක‍්‍රීට් ලෝකය ශ‍්‍රී ලංකාවේ කලාව මෙලෙස පිරීහී අගාදයට යාමට ප‍්‍රබල ලෙසම බලපෑම් කල හැකිය. රාජ්‍ය නායකයින් සියළු දෙනාම ලොව මවිත කරන්නට ගන්නා වූ වාසි දායක  සියළු උත්සායකදීම, ලබන සෑම පියවරකදීම  හෙළයේ කලාව පිරීහීමට ලක් වෙමින් පියවර කිහිපයක් පසුපසට යනු  දැක ගත හැකිය.
අශෝක හදගම, වසන්ත ඔබේසේකර, ප‍්‍රසන්න විතාණ වැනි සිනමාකරුවන් තමා නිර්මාණය කරන සෑම සිනමා නිර්මාණයක් තුළින්ම අපේක්ෂා කළේ සමාජ යථාර්ථය හෙළි කරමින් සෑම මොහොතකදීම සමාජයට යහපත් ආදර්ශයක් ලබා දෙමින් සිය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමයි. නමුත් අද වන විට ගෝලියකරණය හමුවේ ලොවම එක් විශ්ව ගම්මානයක් බවට පත් වනනේ සෑම පැතිකඩකටම තාක්ෂණය එක් වෙමිනි. මෙකී ගෝලියකරණය තුළදී මිනිස් සිිතුවිලි පවා ගෝලීයකරණයට හසු වී ඇති අතරම සෑම පුද්ගලයකුම මුදල් පසුපස හඹා යමින් තරඟකාරී ලෙස කටයුතු කරයි. කලාව සුරකින්නට කලා ලොවට පැමිණෙන කලාකරුවන් පවා මෙකී ගෝලීයකරණ ක‍්‍රියාවලියට හසු වෙමින් තරඟකාරී ලෙස කලා නිර්මාණ බිහි කරන්නේ කලාවට ඇති ආදරය නිසා නොව මුදලට ඇති කෑදරකම නිසා ය. 
අද වන විට සිනමාකරණය තුළ පවා සිදු කරන්නේ විදෙස් සිනමා කෘතියක් සිංහලට පරවර්ථනය කිරීමක් පමණි. එය කලාකරුටවකුගේ හැකියාව හෝ ඔහුගේ වගකීම නොව. අවසනාවක කරුණ නම් අද වන විට සිනමාව වාණිජකරණයට ලක් වී ඇත. සමාජ යථාර්ථය හෙළි කරනවාට වැඩිය වර්තමානය තුළ කලා නිර්මාණ තුළින් සිදු කරන්නේ සමාජය හා පුද්ගලයා මුලාවට ලක් කරන සුරංගනා ලොවක් මවා පෙන්වීම පමණි. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා මෙන් කලාවේ වාසනාවට සාර්ථක කලා නිර්මාණයක් කලාතුරකින් බිහි වනුද දැක ගත හැකිය  නමුත් කලාවේ අවාසනාව නම් එලෙස කලාතුරකින් බිහි වන සාර්ථක කලා නිර්මාණයක රසය මිහිර විදීමට හැකි ප්‍රේක්ෂක පිරිසක් වර්ථමානය තුළ නොමැති වීමයි.

‘‘ සාහිත්‍ය සංගිත කලා විභීන:
ශාක් ශාත් පසු:
පුච්ච විශාන හීන:
තෘණන්‍ය කාදන් නපි ජීව මාන:
තත්භාග දේයං පරං පශුනාම් ’’
 ( සාහිත්‍ය, සංගීත, කලාව යන විෂයන් නූගත් තැනැත්තා අං තට්ටුවක් හා වලිගයක් නැති ගොනෙකු මෙනි.ඔහු තණ කොළ නොකෑම සැබෑ ගොනොන්ගේ වාසනාවකි.)
 
ඉහත සඳහන් වන්නේ සංස්කෘත ශ්ලෝකයකි. මෙතුළින් පෙනී යන්නේ ද කලා රසය උගත් කලා කරුවන් මෙන්ම, කලා රසය නොදන්නා පුද්ගලයින්ද කලාවේ විනාශයට පිරිහීමට හේතු වන බවයි. කෙසේ හෝ මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ හෙළයේ කලාව දිනෙන් දින පිරිහීමට ලක් වන බවයි.
මෙතුළින් ප‍්‍රකාශයට පත් කරන්නේ රටක සංවර්ධනය නොවී තිබිය යුතුය කියා නොව. එකී සංවර්ධනය කරා යාමේදී අන් සියළු ක්ෂේත‍්‍රයන් තුළද යහපත් සංවර්ධනයක් ඇති කර ගත යුතුය. නමුත් සැබවින්ම සිදු වන්නේ අනාගතය තුළ සංවර්ධනය වන ශ‍්‍රී ලංකාව තුළ කලාව පිරීහීමට ලක් වන බවයි. මෙහිදී සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාළ සෑම මාධ්‍යක්ම මේ සඳහා දායක විය යුතුය. නැතහොත් අනාගතය තුළ ඉතුරු වන්නේ කොන්ක‍්‍රීට් වනාන්තරයක් පමණක් නොව. ලොවක් සමාජයක් ප‍්‍රාණවත් කරන කලාව නොමැති වියලී ගිය භූමි භාගයක් පමණි. 


 

                                                                                                                   සෙල්ලක්කාරී...





සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...