මානව වර්ගයා අන්‍ය සත්වයන්ගෙන් වෙනස්වන ප‍්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නා භාෂාවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එනම් අන්‍ය සත්වයන්ට නොමැති තරම් දියුණු සන්නිවේදන ක‍්‍රමයක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. මනුෂ්‍යයාගේ භාෂාව කොටස් 02 ක් ලෙස හදුන්වාදිය හැකිය. ඒ අතර ශබ්ද මගින් ඉදිරිපත් වන භාෂණය හා අක්ෂර මඟින් ඉදිරිපත් කෙරෙන ලේඛනය යන දෙකයි.
කිසියම් භාෂා සමාජයක් පිළිබඳ කරනු ලබන අධ්‍යයනයකදි භාෂණය වැදගත් බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි. භාෂණ මාධ්‍යය ලේඛන මාධ්‍යයට වඩා පැරණි වීම මීට හේතුවක් විය හැකිය. මානව ශිෂ්ටාචාරයේ ලේඛනය පහළ වී ඇත්තේ මිනිසා විසින් කතා බහේදි පිට කරනු ලබන ශබ්ද සංකේත මඟින් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මානව ශිෂ්ටචාරයේ වර්ධනයත් සමඟ මිනිසාට ස්වකීය අදහස් උදහස් තමන්ගේ ලඟා ඉන්නා අයගෙන් දැන ගැනීම සඳහා ඇති අවශ්‍යතාව සපුරා ලනු වස් ලේඛනය බිහි විය.
භාෂණ මාධ්‍යයෙහිලා භාවිත කරන භාෂා ස්වරූපය හසුරුවනු ලබන්නේ විධිමත් අධ්‍යාපනයකින් නොවේ. නුතනයේදී ජනමාධ්‍යයේ සීඝ‍්‍ර දියුණුවත් වර්ධනයත් නිසාම භාෂාවේ වැදගත්කම පෙරටත් වඩා ඉස්මතු වෙමින් පවති. ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය වැනි මෙවලම් හේතුවෙන් සන්නිවේදන කාර්්‍යයෙහිලා භාෂාවේ වැදගත්කම පිළිබඳ නූතන වාග් විද්‍යාඥයින්ගේ මතයයි.
භාෂණය ලේඛනය තරම් විධිමත් නොවුවද බස හසුරුවන කිසියම් නීති රිති පද්ධතියක් හෙවත් ව්‍යාකරණයක්ද එහි දැකිය හැකිය. ග‍්‍රන්ථාරූඪ භාෂාව මෙන්ම පොදු ජනතාව අතර ප‍්‍රචලිත බොහෝ ප‍්‍රදේශික ව්‍යවහාර කිසියම් රටා සමුදායකට අනුව ගොඩ නැගුණු අර්ථයෙන් යුත් වහරක් බව ප‍්‍රාදේශිය ව්‍යවහාර අධ්‍යනයේදී සනාථ වේ. ලේඛන ව්‍යවහාරයේදී සම්මත භාෂා රීති මඟින් හසුරුවන ලබන අතර භාෂණය හෙවත් කටවහර අවස්ථානුකූලව පරිසරය අනුව වෙනස් වනු දැකිය හැකි වේ. මේ හේතුව නිසා ජනවහර අධ්‍යයනයේදී හුදෙක් භාෂණය පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොව ප‍්‍රාදේශිය විවිධතා සමාජ ස්ථර ආර්ථික සංස්කෘතික රාමුවට ප‍්‍රදේශයට සීමා වු ව්‍යවහාර ප‍්‍රභේද උත්පාදනය වී තිබේ.
ජනවහර ලෙස සැලකෙන්නෙ විධිමත් ව්‍යාකරණ නීති රිති මඟින් මෙහෙයවන විධිමත් අධ්‍යාපනයක් නොලැබු පොදු ජනතාව අතර නිරායාසයෙන් භාවිත වන භාෂාවයි. එහිදි විධිමත්් අධ්‍යාපනයක් නොලත් යනු නූගත් පිරිසක් නොව ඔවුන් තමන් ලද අත්දැකීම් තුළින් පරිණත බුද්ධියකින් හෙබි පිරිසක් වේ.
ජනවහරේ වුවද විවිධ වෙනස්කම් දක්නට ලැබේ. නිදසුන් ලෙස ගතහොත් ප‍්‍රදේශයක ජනවහර තවත් ප‍්‍රදේශයක ජනවහරට වඩා සුළු හෝ සැළකිය හැකි වෙනස්කමකින් යුතු වේ. මෙබදු වෙනස්කම් පළාත් වහර නමින් හැඳින්විය හැකිය. වචන කෝෂය උච්ජාරණය ආදි වශයෙන් පළාත් වහරේ විශේෂතා හමු වේ. මෙබදු වචන හෝ යෙදුම් හෝ අවිධිමත් යැයි කිසිසේත් සැලකිය නොහැක. එම වචන වලින් ප‍්‍රකාශ කෙරෙන අර්ථ වලට සමීප වෙනත් වචන ගත් වහරෙහිද සොයා ගැනීම අපහසු නොවේ. ගැමියන් එම වචන භාවිතා කරනු ලබන්නේ ස්ථානයට අවස්ථාවට උචිත අන්දමිනි.
ඒ ඒ පළාත් වහරෙහි වදන් වල පමණක් නොව යෙදුම් වලද ගැමි ගතියක් දක්නට ලැබේ. එපමණක් නොව වාග් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබන වියරණ රිති සහ වාග් විද්‍යානුකූල ලක්ෂණ ජන වහරක් අධ්‍යයනය කිරීම තුල අපට හදුනා ගැනීමට හැකි වේ.
භාෂාව සංස්කෘතියේ වර්ධනයත් සමඟ වෙනස් වන්නකි. එවකට ගැමි ජනවහරෙහි භාවිතා වු ඇතැම් වදන් නිරායාසයෙන්ම අද වන විට අභාවයට ගොස් ඇත. නුතන ජනමාධ්‍ය ව්‍යාප්ත වීම ,ප‍්‍රවාහන කටයුතු දියුණු වීම, ග‍්‍රාමීය ආර්ථිකය සංකීර්ණ බවින් යුක්ත වීම ,නාගරීකරණය යන ලක්ෂණ හේතු කොට ගෙන භාවිත බසේද වෙනස්කම් ගණනාවක් හදුනාගැනීමට අද වන විට හැකි වී ඇත. ජන වහරක් වුවද නාගරික ජන වහර සමඟ සංකලනය වෙමින් වර්තමානයේදී සීඝ‍්‍ර වෙනස්කම් වලට ලක් වී ඇත එවිට ජනවහරට අළුත් වදන් එකතු වන අන්දමක් දක්නට ලැබේ.
සාමාන්‍ය කතා බහේදී පොදු ජනයා ව්‍යවහාර කරනු ලබන වදන් මාලාව ජන වහර නම් වෙයි. ගැමියන් සිය සාමාන්‍ය කතා බහේදී භාවිතා කරනු ලබන ඔවුන්ටම ආවේණික වු විශේෂ වදන් පෙළ ගැමි ජන වහර යනුවෙන් හදුන්වා දිය හැක. එසේ වුවත් වර්තමානයේදී පැහැදිලිව දැකගත හැකි වන්නේ විවිධ පළාත් බදව භාවිතා වන බස් වහරෙහි වෙනස්කම් විවිධතා රැුසක් ඉස්මතු වී ඇති බවයි.
සිංහල භාෂාව ජීව භාෂාවක් වන අතර පොදු ජනයා එදිනෙදා ජිවිතයේදී භාවිතා කරනු ලබන බස් වහරක් වෙනම පවතින අතර එය ජීවි භාෂාවක් ලෙස හදුන්වා දිය හැකිවේ.
ඕනෑම ජීවි භාෂාවක් අලූත් වචන හා යෙදුමි එක් වෙමින් පෝෂණය වී වර්ධනය වෙමින් පවති.
එසේම කාලයත් සමඟ ඇතැම් වචන කලක් ගත වන විට අභාවයට ගොස් ඇති අන්දමක් දක්නට ලැබේ. එනම් මුලින් තිබු අර්ථය වෙනස් වී අලූත් අර්ථයක් නිපදවීමට සමත් වීමයි මේ ලක්ෂණ ජීව භාෂාවක ලක්ෂණ ලෙස හදුනා ගත හැකි වේ.
ශ‍්‍රි ලංකාව තුල වැඩි ජනගහනයක් තවමත් ජීවත් වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වලය. සිය මව්බස පමණක් වහරන වැඩි දෙනෙක් ගැමියෝ වෙති. තම අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුහු විවිධ උපක‍්‍රම යොදා ගනු ලැබේ. එමඟින් අලූත් වචන හා නව්‍ය බවකින් යුතු යෙදුම්ද නිපද වේ. සිංහල ගැමි වහරේ වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ ඉඟි වැකි හෙවත් රූඪි යැයි අප හදුනා ගන්නා ප‍්‍රභේද වෙති.
තම අදහස නිවැරදිව හා තියුණු ලෙස අර්ථවත්ව අසන්නාට වහා වටහාගැනීම නිරායාසයෙන්ම ගැමියෝ ඉඟි වැකි හෙවත් රූඪි උපමා යොදා ගන්නා ලදි එමඟින් බස සජීවි මෙන්ම රසවත් වී ඇති බව දක්නට ලැබේ මෙයට අමතරව ප‍්‍රස්ථා පිරුළු හා ආප්තෝපදේශද භාවිතා කරනු ලැබේ.
වෙනත් බසකින් බිඳගත් වචන වුවද ගැමියා හසුරුවන්නේ තම කට වහරට උචිත වන පරිද්දෙනි. මෙතුලින් බසට අලූත් වචන එකතු වී බස පෝෂණය වීමක්ද සිදු වී ඇත. ඇතැම් වචන දෙමළ බසින් ද ඇතැම් වචන පෘතුගී‍්‍රසි ලන්දේසි බසින්ද පෝෂණය වී තිබේ. වර්තමානයේදී ඉංග‍්‍රිසි බසින්ද විශාල වචන සංඛ්‍යාවක් හෙළ ගැමිජන වහරට එක් වී සම්මිශ‍්‍රණය වී තිබේ.
ගැමි වහරෙහි තවත් ආවේණික ලක්ෂණයක් ලෙස පළාත්බද විෂමතාව අනුව ඇතැම් විට කුල පරම්පරාව අනුවද වචන හා යෙදුම් එකිනෙකට වෙනස් ස්වරූපයකින් දක්නට ලැබේ. එකම අදහසක් අර්ථයක් දැක්විම සඳහා එක් පලාතක ජන කොට්ඨාශයක් භාවිතා කරන වචන වලට වඩා වෙනස් වචන වෙකත් පලාතක හෝ ජන සමූහයක් අතර වෙනත් ස්වරූපයකින් භාවිත වේ. මෙය ස්වභාවික ලක්ෂණයක් ලෙස අපට හදුනා ගත හැකි වේ. ජන වහරට වෙනත් බසකින් ඈඳා ගනු ලබන වචන ඇතැම් අවස්ථාවන්හිදි පවතින බසේ ශිෂ්ට සම්පන්න බව හා අර්ථ විකෘති කිරීමේ හැකියාවක්ද පවතින බැවින් උචිතම වදන් පමණක් භාවිතයට ගන්නේ නම් පවතින බසේ ජීවි ගූණය රැුක ගනු හැකි වේ.
සිංහල භාෂා ව්‍යවහාරයේදී එකම පදය හෝ යෙදුම විවිධ අවස්ථා වලදී විවිධ අර්ථ දනවන සේ යොදනු ලැබේ. එසේම එක් ප‍්‍රදේශයකදී යම් කිසි අර්ථයක් දැක්වීම සඳහා යොදන වදනක් තවත් ප‍්‍රදේශයකදී වෙනත් අර්ථයකින් භාවිතා කරනුද දැකිය හැකිය. ප‍්‍රාදේශිය භාෂා ව්‍යවහාරයන් එකිනෙකට වෙනස් බවක් දක්වන එක් ප‍්‍රධාන කරුණක් ලෙස මෙය දැක්විය හැක.
ශි‍්‍ර ලංකාවේ තවමත් පවතින කුල ගෝත‍්‍ර නොහොත් පරම්පරා අනුවද භාවිතා කරන වදන් හා උච්චාරණ විධි එකිනෙකට වෙනස් බවක් අපට දැකගත හැකිය. වචනාර්ථ ප‍්‍රාදේශිය වශයෙන් වෙනස් වන්නා සේම උච්චාරණ විධියද විවිධ වේ. එක් එක් පළාතේ ගැමියන් විසින් වචන හෝ වැකි හෝ උච්චාරණය කරනු ලබන පිළිවෙල අනුවද එකම අදහස විවිධාකාරයෙන් පැවසේ ප‍්‍රාදේශිය ව්‍යවහාරයන්හි පවත්නා මඳ විෂමතාව වුවද පැහැදිලිව පෙනේ්..