Wednesday, January 11, 2017

හෙළ ජන ගී....

හෙළ ජන ගී...


ශ්‍රී ලංකාවේ ජන ගී හා ජන කවි පැවත එන්නේ දුරාතීතයේ පටන්ය. ඇරඹුනේ කවදාද..නිමැවුනේ කවුරුන් විසින්ද යන්න කොතැනක හෝ සටහන්ව නැතත් අප ආදි හෙළයන් තම වෙහෙස හා කාන්සිය නිවා ගන්නට ගැයූ කවි අද ජන කවි බවට පත්ව තිබේ.හෙළයාගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැනට සම්බන්ධ වූ ජන කවි රැසකි. පැළ නෙලුමට නෙළුම් කවි ගැයූ ඔවුහු කරල් කපන දා ගොයම් කවි ගැයූහ.හේන් ගොවිතැනේ දී කුරහන් කවිදපැලේ  රාත්‍රිය ගෙවූ පාලුව නසන්නට පැල් කවිද ගැයූහ.ගැල් පුරවාගෙන ගමින් ගමට යන ගමනේදී රාත්‍රිය ගෙවුනේ කරත්ත කවි ගයමිනි. දිය පහර දිගේ පාරුව පදිද්දී ඔවුනගේ මුවින් ගැයුනු කවි පද වැල් අද පාරු කවි ලෙස අපි ගයන්නෙමු.මිනිරන් පතලේ හෙළන සුසුම වේදනාව පිරුනු පතල් කවිය ඇසෙද්දී අදද අප දෑසට කදුලු බිදු මතු කරයි.මවකගේ මුවින් ගැයෙන දරු නැළවිලි ගීයක රිද්මය කුඩා පුතු නිදි ලොවට කැදවා යයි.මේ සියල්ල අපටම උරුම වූ අපේ ජන කවියේ අභිමානයයි.
ජනගී බිහිවූයේද,ගැයුනේදඅප ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික අංගයක් ලෙසිනි.එහි පදවැල් හා තනුව නිමැවීතිබුනේ හැගීම්බර වූ අයුරකිනි.අපේ පැරණි මුතුන් මිත්තෝ ඔවුනගේ වෙහෙසවේදනාවපාලුව අන් අය වෙත ගෙන හැර පෑවේ ජන ගීයක්ජන කවියක් ගයමිනි.
තවත් සම්ප්‍රදායික ජන ගී විශේෂයක් වූයේ විරිදු වයි. කුඩා අත් රබානක් වයමින්එහි රිද්මයට අනුව ගැයෙන විරිදුව කවියකට වඩා දික්වූ පණිවුඩයක් ,කතාන්දරයක් අන් අය වෙත සන්නිවේදනය කරන්නට සමත් විය. විටෙක විරිදු කරුවන් දෙදෙනෙකුගේ දස්කම් පෙන්වන විරිදු වාදනයක රස විදින්නට ද ගැමියාට අවස්ථාව ලැබින. එකිනෙකා පරයා තම මතය ජයගන්වන්නට විවිධ වාග් චාතූර්යයන් යොදමින් විරිදුකරු තරග වදිනු දැකිය හැකි විය. ඇරඹුනු දා පටන් පරපුරෙන් පරපුරට මුවින් මුව පැවතෙමින් ආ ජන ගී හා ජන කවිය අද කෙමෙන් කෙමෙන් භාවිතයෙන් ඈත්ව යන්නක් බවට පත්වී ඇත.

හෙළ කාන්තාවන්ටම පමණක් වෙන්වූ ඔන්චිලි වාරම් ඇසෙන්නේ සිංහල අළුත් අවුරුදු සමය උදාවත් සමගය. බොහෝවිට ජනගීජන කවි ගයද්දී වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගත්තදවාදන නොමැති ජන කවියක රසය විදින්නට හැකි වන්නේ ද සිංහල අවුරුදු උත්සවයක ජනගී තරග පැවැත්වෙන විටෙක වීම ද විශේෂත්වයකි. වසර 450 ක් පමණ විදේශ ජාතිකයන්ගේ යටත් වැසියන් ලෙස ජීවත් වන්නට සිදුවීම ද අප සංස්කෘතික උරුමයක් වූ ජන කවිය අප සමාජයෙන් ඈත් කරන්නට හේතුවක් විය. කෙසේ වෙතත් ජන කවිය හා ජන ගීය සමාජයෙන් ඈත්ව මියයමින් තිබෙන සංස්කෘතික අංගයක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි.

                                                                                                                           
                                                                                                                    අමාලි අනුරැද්දිකා

                                                                                                                      kln.ac.lk

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...