Saturday, June 16, 2018

පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ......






පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව,ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ. 



උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි. 

ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ
. 
...උඹේ අප්පච්චී...

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ






සමාජ ජලා මධ්‍යයේ වසංගතය.


අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග ඉතාම මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆෙස් බුක්  හෙවත් මුහුණු පොත හැඳින්විය හැකිය. ෆේස්බුක් හැරුණු විට එවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් ම ෆේස් බුක් නිර්මාණයෙන් පසුව බිහි විය. ෆේස්බුක් තරමටම ජනප‍්‍රිය සමාජ ජාල වෙබ්අඩවි ලෙෂ එඅසඑඑැර  සැලකේ. ඇතැම් සමාජජාල වෙබ් අඩවි වෘත්තිකයන් විසින් ද බහුලව භාවිත කෙරේ. නිදසුන් ලෙසීඨ්එැ’ සහ ඛසබනැාසබ පෙන්වා දිය හැකිය. ශ‍්‍රී ලාංකික සමාජ සංදර්භය වෙතින් ඉතාම මෑතක පැනනැගුණු සිදුවීම් ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම පිළිබඳ කතිකාවක් නිර්මාණයවී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය’  විසින් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලීඡුැාස්එරසජි නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප‍්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප‍්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප‍්‍රවේශය පහසුවී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පරම්පරාව නවීන තාක්ෂණයෙන් යුක්ත දුරකථන සහ වෙනත් විද්‍යුත් උපාංග භාවිතයට නැඹුරුවී ඇත. එබැවින් දිනකට සමාජ ජාල වෙබ් අඩවිවලට ප‍්‍රවේශ වන නව යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉහත දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇත. මෙම ප‍්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ඇත. සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡුුා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. විශේෂයෙන්ම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හඳුනා ගැනීම හරහා සංස්කෘතික සම්පර්කයක් ගොඩ නගා ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.
එහෙත් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතයෙහි නිශේධනීය පැත්තක් ද දක්නට ඇත. මන්ද මීට කලකට ඉහත, වෙල් ඉපනැල්ලේ, වැව් තාවල්ලේ සහ ගේ ළඟ පිටියේ කෙළිදෙලෙන් සිටින සිය දු දරුවන්ගේ මිතුරු මිතුරියන් මව්පියන් ද හොඳින් දන්නා හඳුනන පිරිස්ය. එහෙත් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හමුවෙන මිතුරු මිතුරියන් ඇතැම් විට මව්පියන් තබා එකී දරුවන්ද නිසි ලෙස නොහඳුනන කණ්ඩායම්ය. ඇතැම් විට නියම නම්, ගම්, ස්ත‍්‍රී, පුරුෂභාවය ආදිය වසන් කරන අවස්ථා දැකිය හැකිය. මෙවන් පසුබිමක සිය දරුවන්ගේ යහලූ මිත‍්‍රාදීන් පිළිබඳව නිසි සොයා බැලීමක් කිරීමට මව්පියන් ඇතුළු වැඩිහිටියන්ට අසීරුය. විවිධ සමාජ හා වෙළෙඳ සංවිධාන, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍‍්‍රීඩකයන්, ග‍්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විද්වතුන් ද ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඉතාම අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවුඩය හෝ වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම විශාල ග‍්‍රාහකයන් පිරිසක් අතරට රැුගෙන යාම පහසු කර වන බැවින් ඔවුහු සමාජ ජාල වෙබ් අඩවි වෙත වැඩි වැඩියෙන් නැඹුරුවී ඇත. මේ අනුව බලන විට ෆේස් බුක් යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝු වන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජයට කරන බලපෑම උග‍්‍ර කර ඇත.
විශේෂයෙන්ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවිය මඟින් සිදු වෙන නිශේධනීය බලපෑම වැඩිය. තමන් නොදන්නා අය සිය යහලූවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆෙස් බුක් හෝ වෙනත් සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.
කාර්යබහුල ජීවිත ගත කරමින් මුදල් සහ සමාජ තත්ත්ව පසුපස හඹා යන බහුතරයකින් සමන්විත වර්තමාන වැඩිහිටි පරම්පරාවකින් දරුවන්ට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සහ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුවුවත් දරුවන්ට අත්‍යාවශ්‍ය නිසි රැුුකවරණය සැපයෙන්නේ නැත. අනෙක් අතට දරුවන්ට පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම සිය සමාජ ජීවිතයේ ඒකායන පරමාර්ථය ලෙස සලකන දෙමව්පියෝ දහම් පාසල් අධ්‍යාපනය, පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ, යෞවන සමාජ කටයුතු සහ සර්වෝදය වැනි සමාජ අධ්‍යාපන ආයතන සහ වැඩසටහන් වෙත සිය දරුවන් යොමු කිරීමට මැලිකමක් දක්වති.
දරුවන් එවැනි ආයතන සහ වැඩසටහන් වෙත යොමු වන්නේ නම් එක් අතකින් ඔවුන්ට අවශ්‍ය කරන සමාජ ජාලය එකී වැඩසටහන්වලදී හමු වෙන සම වයස් මිතුරු මිතුරියන් ඇසුරින් ගොඩනගා ගැනීමට හැකි වනු ඇත. අනෙක් අතට සමාජය පිළිබඳ අත්දැකීම්, ක්‍‍්‍රමානුකූලව, වයසට ගැලපෙන ආකාරයට, හික්මීමක් ඇතුව ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.
මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් සිය දරුවන්ගේ හොඳම සහ ළඟම මිතුරන් වශයෙන් කටයුතු කළ යුතුය. එවිට දෙපාර්ශවයටම වැරදි චර්යාවන්හි නිරතවීමට ඉඩක් නොලැබේ. අන්‍යොන්‍ය වාරණයක් නිරායාසයෙන්ම ගොඩ නැගේ. දෙමව්පියන් සහ වැඩිහිටියන් මෙන්ම ගුරුවරු ද දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සිය ළමා හා තරුණ කාලය අමතක නොකළ යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ඇසින් සහ මනසින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. එහෙත් එකී තේරුම් ගැනීම වැඩිහිටි බුද්ධිය සහ අත්දැකීම් සමඟ ගලපමින් වර්තමානයට අදාළ කර ගනිමින් ළමා සහ තරුණ ක්‍‍්‍රියාකාරකම්වල සාධනීය සහ නිශේධනීය බලපෑම් පිළිබඳ විග‍්‍රහයක නිරතවීම අවශ්‍ය වේ. එසේ කිරීමෙන් ඇති වන අවබෝධය මිතුරු සහ ළෙංගතු ආකාරයට තරුණ සහ ළමා පුරපුරට තේරුම් කර දීමට තරම් වැඩිහිටියන් තුළ නම්‍යශීලීත්වයක් තිබිය යුතුය.
එහෙත් නවීන තාක්ෂණික උපාංග පිළිබඳ තරුණ පරම්පරාව සතු දැනුමට සාපේක්ෂව වැඩිහිටියන් සතු දැනුම අඩුය. මේ හේතුව නිසා ළමා සහ තරුණ පරම්පරාව තාක්ෂණික මෙවලම් ආශ‍්‍රිතව කරන කියන දෑ නිවැරදිව අධීක්ෂණයට බොහෝ වැඩිහිටියෝ අසමත්ය. පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳව දැනුම්වත් වීමට සාපේක්ෂව සිය දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව උදම්වීමට සහ ඒ පිළිබඳව උදම් ඇනීමට බොහෝ දෙමව්පියෝ පුරුදුවී සිටිති. නිදසුන් ලෙස කුඩා දරුවන් පරිගණක ක්‍‍්‍රීඩාවලට ඇබ්බැහිවී සිටීම ගැන ඇතැම් දෙමව්පියෝ සතුටු වෙති. තවත් නිදසුනක් ලෙස විභාග සමත් වුවහොත් නොයෙකුත් ත්‍යාග පිරිනමන බව පවසමින් දරුවන් අධ්‍යාපනය සඳහා උනන්දු කරවීමට බොහෝ මව්පියෝ ක්‍‍්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. මීට කලකට ඉහත දී විභාගය හොඳින් සමත් වුවහොත් පාපැදියක් ගෙනත් දෙන බව පවසමින් මව්පියෝ දරුවන්ව පොළඹවන ලදහ. එහෙත් වර්තමානයේ දී ශිෂ්‍යත්ව විභාගයක් හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් කර දීමට නම් ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාට් දුරකතනයක් අවශ්‍ය බවට දරුවෝ මව්පියන්ට කියා සිටිති.
තමන්ට ළඟා වීමට නොහැකි වූ අධ්‍යාපන සහ උසස් සමාජ තලවලට ඇතුළු වීමට ඇති එකම මඟ අධ්‍යාපනයම බව විශ්වාස කරන ග‍්‍රාමීය සහ නාගරික පහළ මැද පන්තියේ මව්පියෝ සහ වැඩිහිටියෝ සිය දරුවන්ගේ මෙවැනි ඉල්ලීම් ඉටු කර දීමට දෙවරක් නොසිතාම එකඟ වෙති. ඉන්පසුව දරුවන් සිය ගුරුවරුන් සේ සලකා ඔවුන් කියන කියන දේ ඉටු කරයි. ඔවුන්ගේ කටයුතු පිළිබඳව නිසි අධීක්ෂණයක් නොකරති. දරුවන්ට සාපේක්ෂව තමන් වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ඥානවෘද්ධ ආදී වශයෙන් නොසලකති. නොදන්නා දැනුම ළඟා කර ගැනීමට උත්සාහ නොකරති. මෙවන් පසුබිමක් මත අන්තර්ජාලය ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වගේම සිය මල් කැකුළු වන් දරුවන්ට එදිනෙදා ජන ජීවිතයේ දී හමු වන පාපී පුද්ගලයන්ගෙන් නරක බලපෑම් ඇතිවීම වළක්වා ලිය නොහැකිය.
මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ඇති එකම මඟ සිය වයස පිළිබඳ පසුතැවිලි නොවී වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළගා කර ගැනීමට වැඩිහිටියන් ක්‍‍්‍රියා කිරීමය. වයස අවුරුදු අසූවේදී පරිගණක ඉගෙන ගත් සිංගප්පූරු නායක ලී ක්වාන් යූ වැඩිහිටියන් වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළඟා කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ කදිම නිදසුනක් සපයා ඇත.
ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු වන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර ක්‍හඉැරඉමකකහසබට පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්ත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදාගෙන වෙනත් තැනැත්තකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු දෙයක් බවට පත්වීම බව ඔයැ ඹබසඩැරිසඑහ දෙ ඡුසඑඑිඉමරටය ීජයදදක දෙ ඵැාසජසබැ හි වෛද්‍ය විද්‍යාව සහ ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්ය බ‍්‍රයන් ප‍්‍රිමැක්  විසින් පෙන්වා දී ඇත. පෙර සඳහන් කළ පරිදි අනෝමීය සමාජ අවකාශය තුළ ජීවත් වන සමාජ ආචාරධර්ම, සිරිත් විරිත් නොතකන ජන ප‍්‍රජාවක් වෙතින්ීක්‍හඉැරඉමකකහසබට’ නිරන්තරව සිදු විය හැකි අන්තර්ජාල වරදක් වනු ඇත.
සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරි සරන්නන් ෆේස් බුක් විෂාදය  නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය ග්වෙන්  පෙන්වා දී ඇත. මෙය ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. ගෝලීයකරණ ප‍්‍රවාහය අපට නවතාලිය නොහැකිය. එය නැවැත්විය යුතු ද නැත. එහෙත් එයට ශක්තිමත්ව මුහුණදීමට හැකි වන පරිදි අක් මුල් සහිත නැණවත්, ගුණවත් තරුණ පම්පරාවක් අපි බිහි කර ගත යුත්තෙමු. ඒ සඳහා අධ්‍යාපන ආයතනවලත්, ආගමික ආයතන ඇතුළු සමාජ ආයතනවලත්, තරුණයන් සඳහා වූ වැඩසටහන්වලත්, ආණ්ඩුවේත් සමස්තයක් ලෙස මුළු මහත් සමාජයෙත් අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වේ.



                                                           සෙල්ලක්කාරී..

ශ‍්‍රී ලාංකීය සංවර්ධන රටාව තුළ හෙළයේ කලාවට කුමක් වේද?


 කලාව යැයි මෙයයි කියා විවිධ නිර්වචන ඉදිරිපත් කළත් කලාව යනු කුමක්දැයි යන්න විග‍්‍රහ කිරීම නිර්වචනයකට සීමා කළ නොහැකිය. සංවේදී මනසකට කතා කළ හැකි හොඳම මාධ්‍යක් ලෙස කලාව ඇගයුම් කල හැකිය. මීට සියවසකට පෙර සිටම දියුණු වෙමින් පවතින රටක් ලෙස නම් කල ශ‍්‍රී ලංකාව 21 වන සියවස තුළද එනම් අදත් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසමය. තවමත් දියුණු වෙමින් පවතින අනාගතය තුළද දියුණු වෙමින් පවතින රටක් වන ශ‍්‍රී ලංකාව නම් කෘතීම මන්දිරය තුළ එදා මෙදා තුර තිබූ හෙළයේ කලාවට අත්වන්නේ කුමන ඉරණමක්ද යන්න සිතා ගත නොහැකිය. කලාව කෙලෙස පෝෂණය වෙයිද? කලාවට කුමක් වෙයිද? යන්නට පිළිතුරු සොයා ගැනීම අපහසුය.
එදා අපේ අතීත මුතුන් මිත්තන් මහ සමුදුර පරදවන වැව් ඉදි කරන්නට විය. අහස් තලය සිප ගන්නා දාගැබ් ගොඩ නැගුවේත්, ආලක මන්දාව පරදවන සීගිරිය වැනි උද්‍යාන බිහි කළේත් හෙළයේ කලාව ලෝකයට ගෙන එමිනි. ගුරුළු ගෝමීන්, වීදාගම මෛත‍්‍රී හිමි, අලෙගියවැන්න මුකවැටිතුමා පද්‍ය කලාවට දායක වෙද්දී නන්දා මාලනී, ඩබ්ලිව්.ඩි.අමරදේව, එච්.ආර්. ජෝතිපාල යන ප‍්‍රවීණයන් ගීතයට පන දෙන්නට විය. මාලනී ෆොන්සේකා, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම සුවසක් ලෝකයා අමන්දානන්දයට පත් කරන්නට හැකි වූයේ සිය රංගන ප‍්‍රතිභාවය නිසාවෙනි. මේ හැම කලා නිර්මාණයක්ම එදා ලෝකයට එක් වූයේ ලාංකීය කලාව එතරම්ම ප‍්‍රාණීය හා පෝෂණීය වූ නිසාවෙනි. නමුත් අද වන විට    ශ‍්‍රී ලාංකීය කලාව ලෝකයට නොව සෑම මොහොතකම ලෝක කලාව ශ‍්‍රී ලංකාවට එක් වනු දැක ගත හැකිය.  නමුත් ඒ එක් වන්නේද ලෝක කලාවේ සාරය නොව එම සාරයේ රොඞ්ඩ පමණි. යම් රටක සිටින ලෝකයේ ජනාදරය ලැබූ රංගන ශිල්ප ශිල්පීන් යම් රටකට කැඳවූ පමණින්ම කලාව පොෂණය වන්නේ නැත. ඇතැම් විට එලෙස සිදු වීමම රටක කලාව විනාශ වීමටද මුල් විය හැකිය.  
  කලාත්මක නිර්මාණ බිහි වන්නට ගතවන්නේ තත්පරයක් වැනි සුළු කාලයක් විය හැකිය. එම කලා නිර්මාණය  ඕනෑම මොහොතක නිර්මාණය විය හැකි සේම ඒ සඳහා තැනක් නොතැනක් නැත. නමුත් සාර්ථක කලා නිර්මාණයක් බිහි වන්නට නම් අවට පරිසරයේ පවතින නිස්කලන්ක බවද ඉතා වැදගත් වේ. කෘතීම බවක සිට නිර්මානය කරන කලා නිර්මාණයකට වඩා ස්වභාවික සුන්දරත්වය තිබෙන සැබෑ පරිසරය තුළ නිර්මාණයවන එකී කලා නිර්මාණය සමාජ යථාර්තය සැබෑවටම නිරූපණය කරන කලා රසයෙන් ඉහළ නිර්මාණයක් බවට පත් වේ. හරිත ලොවක් බිහි කරනවායි පුරසාරම් දොඩවමින් ඉදි කරන කොන්ක‍්‍රීට් ලෝකය ශ‍්‍රී ලංකාවේ කලාව මෙලෙස පිරීහී අගාදයට යාමට ප‍්‍රබල ලෙසම බලපෑම් කල හැකිය. රාජ්‍ය නායකයින් සියළු දෙනාම ලොව මවිත කරන්නට ගන්නා වූ වාසි දායක  සියළු උත්සායකදීම, ලබන සෑම පියවරකදීම  හෙළයේ කලාව පිරීහීමට ලක් වෙමින් පියවර කිහිපයක් පසුපසට යනු  දැක ගත හැකිය.
අශෝක හදගම, වසන්ත ඔබේසේකර, ප‍්‍රසන්න විතාණ වැනි සිනමාකරුවන් තමා නිර්මාණය කරන සෑම සිනමා නිර්මාණයක් තුළින්ම අපේක්ෂා කළේ සමාජ යථාර්ථය හෙළි කරමින් සෑම මොහොතකදීම සමාජයට යහපත් ආදර්ශයක් ලබා දෙමින් සිය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමයි. නමුත් අද වන විට ගෝලියකරණය හමුවේ ලොවම එක් විශ්ව ගම්මානයක් බවට පත් වනනේ සෑම පැතිකඩකටම තාක්ෂණය එක් වෙමිනි. මෙකී ගෝලියකරණය තුළදී මිනිස් සිිතුවිලි පවා ගෝලීයකරණයට හසු වී ඇති අතරම සෑම පුද්ගලයකුම මුදල් පසුපස හඹා යමින් තරඟකාරී ලෙස කටයුතු කරයි. කලාව සුරකින්නට කලා ලොවට පැමිණෙන කලාකරුවන් පවා මෙකී ගෝලීයකරණ ක‍්‍රියාවලියට හසු වෙමින් තරඟකාරී ලෙස කලා නිර්මාණ බිහි කරන්නේ කලාවට ඇති ආදරය නිසා නොව මුදලට ඇති කෑදරකම නිසා ය. 
අද වන විට සිනමාකරණය තුළ පවා සිදු කරන්නේ විදෙස් සිනමා කෘතියක් සිංහලට පරවර්ථනය කිරීමක් පමණි. එය කලාකරුටවකුගේ හැකියාව හෝ ඔහුගේ වගකීම නොව. අවසනාවක කරුණ නම් අද වන විට සිනමාව වාණිජකරණයට ලක් වී ඇත. සමාජ යථාර්ථය හෙළි කරනවාට වැඩිය වර්තමානය තුළ කලා නිර්මාණ තුළින් සිදු කරන්නේ සමාජය හා පුද්ගලයා මුලාවට ලක් කරන සුරංගනා ලොවක් මවා පෙන්වීම පමණි. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා මෙන් කලාවේ වාසනාවට සාර්ථක කලා නිර්මාණයක් කලාතුරකින් බිහි වනුද දැක ගත හැකිය  නමුත් කලාවේ අවාසනාව නම් එලෙස කලාතුරකින් බිහි වන සාර්ථක කලා නිර්මාණයක රසය මිහිර විදීමට හැකි ප්‍රේක්ෂක පිරිසක් වර්ථමානය තුළ නොමැති වීමයි.

‘‘ සාහිත්‍ය සංගිත කලා විභීන:
ශාක් ශාත් පසු:
පුච්ච විශාන හීන:
තෘණන්‍ය කාදන් නපි ජීව මාන:
තත්භාග දේයං පරං පශුනාම් ’’
 ( සාහිත්‍ය, සංගීත, කලාව යන විෂයන් නූගත් තැනැත්තා අං තට්ටුවක් හා වලිගයක් නැති ගොනෙකු මෙනි.ඔහු තණ කොළ නොකෑම සැබෑ ගොනොන්ගේ වාසනාවකි.)
 
ඉහත සඳහන් වන්නේ සංස්කෘත ශ්ලෝකයකි. මෙතුළින් පෙනී යන්නේ ද කලා රසය උගත් කලා කරුවන් මෙන්ම, කලා රසය නොදන්නා පුද්ගලයින්ද කලාවේ විනාශයට පිරිහීමට හේතු වන බවයි. කෙසේ හෝ මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ හෙළයේ කලාව දිනෙන් දින පිරිහීමට ලක් වන බවයි.
මෙතුළින් ප‍්‍රකාශයට පත් කරන්නේ රටක සංවර්ධනය නොවී තිබිය යුතුය කියා නොව. එකී සංවර්ධනය කරා යාමේදී අන් සියළු ක්ෂේත‍්‍රයන් තුළද යහපත් සංවර්ධනයක් ඇති කර ගත යුතුය. නමුත් සැබවින්ම සිදු වන්නේ අනාගතය තුළ සංවර්ධනය වන ශ‍්‍රී ලංකාව තුළ කලාව පිරීහීමට ලක් වන බවයි. මෙහිදී සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාළ සෑම මාධ්‍යක්ම මේ සඳහා දායක විය යුතුය. නැතහොත් අනාගතය තුළ ඉතුරු වන්නේ කොන්ක‍්‍රීට් වනාන්තරයක් පමණක් නොව. ලොවක් සමාජයක් ප‍්‍රාණවත් කරන කලාව නොමැති වියලී ගිය භූමි භාගයක් පමණි. 


 

                                                                                                                   සෙල්ලක්කාරී...





Sunday, May 20, 2018

අවසන් හෝරාව.....
















ඔබේ සුසිනිදූ දෑත උණුසුම් – ලොවම නිදිගත් සිසිරයේ
අමාවක රෑ කිමද සඳ අද – නැගී නුඹගේ මුදු වතේ
වෙන්ව යන්නට ඇවිත් කාලය – අතැර සෙනෙහස බැඳි  හදේ
වැළඳ ගමි හඬනා පුතුන් දූ – වේදනාවේ ගංතෙරේ

වැටී නැගෙමින් මෙතෙක් ආ මග – වාරුවී එකිනෙක ගතේ
ඉතින් දැන් නුඹ යා යුතුය මග – මගේ සවියත් ගෙන හදේ
වන රකුසු කැළ සැඟව ඇති මග – නුඹ නසන්නට පා සෙනේ
නොරැඳී නුපුරුදු අඳුරු වනපෙත – නගනු පියවර  එක සැනේ

නැගුනු තණ්හා  දැරූ ආශා – අඳුරෙ අතගෑ දිවි මගේ
කෙලෙස කියමිද පිරූ බව බොදු – දහම් පිළිවෙත් හැම පැයේ
බියක් නැත මට වෙන්ව යන්නට – නරකයට හෝ මොක්පුරේ
මහද සසලව බියෙන් වැළපෙයි – සිහිව නුඹගේ හෙට දිනේ 

කඳුළු බිඳුවට දැවී උණුසුම් – නැගී කැළැල් ඒ දෙකොපුලේ
සිපගනිමි නුඹ සැවොම අවසන්- වරට නෙතු පියවෙන පැයේ
අහිංසක දු පුතුන් සමගින් – තනිව ඔබ යන ගිරි මගේ
වෙසින් තරුවක් ඉහල අහසේ – වෙමි එලිය දෙන නුඹේ ලොවේ

මං මුලාව....???


එකිනෙකා හඹා යන -දෙනෝදාහක් පා සිඹින
ධූලි කූටය අතර සැඟවී -දෑත කළ අයැදුමක කෙඳිරිය
අහුරුවයි මා පියනගන මග

කාම ශාපය පිරුණු හිස් ලැම
කෙසෙඟ සිරුරට වෙහෙසකර ගැබ
කෙලෙස සඟවනු දුහුළු රෙදිකඩ

දුනිමි ඇත රැඳී එකම රන්මිල
සොයා යන්නට කුසට අහරක්
කිමද අරුමය අවට සිටිවුන්
විසුළු දෙනෙතින් මදෙස බැලුවේ

පා පූවරුවේ එල්ලී- ධන වැද්දකු කෑගසමින්
පතුරයි අණසක බසයේ- වනයේ නීතියක අරුම !

හැඩිදැඩි උරතල අතරේ – මිරිකී ගිය දුබල මවක්
හිඳුවා මා හුන් අසුනේ – සිටගත් සඳ උන් අභියස
කීම අරුමය හිඳ සිටිවුන් – සිනාසුනේ මුව කොනකින්

කොතැනක හෝ වැරදී ඇත
මෙතෙක් දුරක් ආ ගිය මග
යා යුතු ඉම නොදනිමි මම
රුදු වනයේ අඳුර අතර

බලා සිටිමි දෙනෙත අයා – වැටෙනා තුරු සඳ එළියක්

බංගලාදේශ පාර්ලිමේන්තුව


බංගලාදේශ පාර්ලිමේන්තුව


1990 දී භාරකාර ආණ්ඩුවක් හඳුන්වා දුන් අතර, දේශපාලන සන්ධාන තුනක් ඒකාබද්ධව එය ඉල්ලා සිටියේය. ජෙනරාල් එර්ෂාඞ් බලයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, අග්රවිනිශ්චයකාර ෂහබ්බුඞ් අහමඞ් නම් ප්රධාන උපදේශකයා ලෙස නම් කරන ලද සන්ධාන තුනකි. ආරක්ෂක භාරකාරත්වය හැර රටේ ස්ථීර අගමැතිවරයා මෙන් ම බලයට පත්වන ප්රධාන උපදේශකයකු විසින් භාරතී ආන්ඩුවක ප්රධානියා වේ. උපදේශකවරුන් අමාත්යවරුන් ලෙස කටයුතු කරයි. 1996 සිට කැරටික් ආණ්ඩුව 1996, 2001 සහ 2008 මැතිවරණයන් පවත්වන ලදී. මුල්ම භාරකාර ආන්ඩුව ඒකාධිපතිවාදය වෙතින් ප්රජාතන්ත්රවාදය කරා මාරුවීමට අදහස් කරන නමුත් 1996 දී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ආධිපත්යය දරන ලද හයවන පාර්ලිමේන්තුව විසින් මෙම පද්ධතිය ස්ථාපිත කරන ලදී. විපක්ෂ පීඩනය වර්ජනය කිරීම.

බංග්ලාදේශයේ 1990 සිට 91 දක්වා කාලය තුළ දේශපාලන පක්ෂ පිළිබඳ අවබෝධයක් ඇතිව භාරකාර රජයේ (ක්‍ඔඨ* විය. පසුව, 1996, 2001 සහ 2006 දී ව්යවස්ථානුකූල රාමුව තුළ පිහිටුවන ලද සීටීඑච් ද පාර්ලිමේන්තුවේ සම්මත වූ 13 වන ව්යවස්ථා සංශෝධනයට පසුවය. ඊට අමතරව, 2007 ව්යවස්ථාදායකයේ මිලිටරි පිටුබලය ලබන සීටීඑච් ස්ථාපනය කරන ලද්දේ, බංග්ලාදේශය විසින් නීත්යානුකූල නොවන නීත්යානුකූල භාවයකින් තොරව පාලනය කරන ලද, 2008 දෙසැම්බර් 29 වන දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව තෝරා පත් කරගත් දේශපාලන පක්ෂයට ජාත්යන්තරව ලබා දුන් අසමත් වීම නිසාය.බංග්ලාදේශ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි ක්‍ඔඨ හි අවලංගු කිරීම (කලින් අවලංගු කිරීම* අනුව, ප්රධාන උපදේශක (ක්‍්* පත් කිරීම සඳහා විකල්ප 6 ක් විය. ක්‍් හි අවසන් විකල්පය වන්නේ ජනාධිපතිවරයායි.කන්තෝරුවට දින 90 ක් ඇතුලත මැතිවරණය පැවැත්විය යුතු අතර දින 120 ක් තුලදී තෝරා පත් කරගත් දේශපාලන පක්ෂයට බලය පැවරිය හැකි විය. එදිනෙදා කටයුතුවලට හෝ සාමාන්ය වැඩ කටයුතුවලට සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ක්‍ඔඨ වගකීම පැවරේ. ව්යවස්ථානුකූල විධිවිධානයකින් තොරව මිලිටරි පිටුබලය ලැබූ මිලිටරිය, ව්යවස්ථානුකූල විධිවිධාන නොමැතිව පිහිටුවන ලද අතර, ව්යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කරමින් සී.

යුද හමුදාපතිවරයා උපදේශන මණ්ඩල රැුස්වීම්වලට සහභාගි වී තමාට අවශ්ය පරිදි තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලයට බලපෑම් කළේය. ජනාධිපතිතුමාගේ උපදේශක එම්. මුඛ්ෂර් රහ්මාන් චෞද්රි (මුඛ්ල්ස් චෞද්රි* හමුදා ප්රහාරයෙන් විරුද්ධ වූ අතර ඉජුඩින් අහමඞ්ට තුවක්කුවේ ස්ථානයේ ජනාධිපති ධුරයට පත් විය. ලූ‍තිනන් ජෙනරාල් මොයෝන්, හමුදාවේ ප්රධානියාගේ නිලයට උසස් කර, ඒ අනුව, සෙසු හමුදාවල සෙබලූ‍න් ද ශේෂය පවත්වා ගෙන යාම. නීත්යානුකූල බලයක් නොමැතිව නිත්ය අවසරයකින් තොරව නීත්යානුකූල අධිකාරියකින් තොරව ඔහුගේ එක් අවුරුදු ව්යාප්තියක් ලබා ඇත.රජයේ ජ්යෙෂ්ඨ උපදේශක සහ රාජ්ය ඇමති මුඛ්ල්ස් චෞද්රි විසින් අතිශයින්ම දේශපාලන ගැටලූ‍ව විසඳා ගත් අතර එමගින් 2007 ජනවාරී 22 වන දින සැලසුම් කරන ලද පාර්ලිමේන්තු මැතිවරණයට ප්රතිවාදී දේශපාලන පක්ෂ ගෙන ආහ. එහෙත් එච්. එර්සාඞ්ගේ නාමයෝජනා අවලංගු කිරීම මගින් මොයීන් 2007 ජනවාරි 11 වැනි දින හමුදා කුමන්ත්රණයක් දියත් කලේය. හිටපු රාජ්ය ඇමති දේශීය කටයුතු සඳහා ලූ‍තෆූසාමාන් බාබාර් භාවිතා කරන ලදී.

1971 මාර්තු 25 දින බංග්ලාදේශයේ දේශීය ජනයා මත කෲර පාකිස්ථානු හමුදාව විසින් මර්දනය කිරීමෙන් අනතුරුව අවාමි ලීගය සහ විමුක්ති ව්යාපාරයේ නායකයා 1914 මාර්තු 26 දින චිත්තගං ගුවන් විදුලි විකාශනාගාරයෙන් විකාශනය කරන ලද විමුක්ති ව්යාපාරයේ නායක ෂෙයික් මුජිබූර් රහ්මාන් ප්රකාශයට පත් කරන ලදී. පළමුවෙන් චිත්තගොන්හි අවාමි ලීගයේ ලේකම් අබ්දුල් හැනන් සහ අනෙකුත් අවාමි ලීග් නායකයන් විසින් පසුව, මාර්තු 27 වන දින සෙයික් මුජිබර් රහ්මන් වෙනුවෙන් මේජර් ෂියුර් රහ්මන් විසිනි. චිත්තගොන් නැගෙනහිර පාකිස්තානයේ අණ දෙන නිළධාරී කපිතාන් රෆික් බීඑස්පී සංවිධානයේ අණදෙන නිළධාරීන් විසින් මුලින්ම කැරලි ගැසූ අතර ඉන් අනතුරුව සෙසු අණදෙන නිලධාරීන් විවිධ ස්ථානවලදීද: මේජර් ෂෆියුලා, මේජර් කදීල් මුෂාරෆ් සහ මේජර් සියායර් රහ්මාන් ඔවුන්ගේ හමුදාවන් සමඟ කැරලි ගැසූහ.1972 මාර්තු මස මුල් භාගයේ පාකිස්ථාන හමුදාව විසින් ෂෙයික් මුජිබර් රහ්මාන් නිදහස් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන බටහිර පකිස්ථානයට රැුගෙන ගොස් ඇත්තේ 1972 ජනවාරි මස මුලදීය.

1971 අප්රියෙල් මස 10 වන දින බංග්ලාදේශයේ ප්රථම ආන්ඩුව පිහිටුවන ලද අතර, 1971 අප්රේල් 17 වන දින කුෂාතියෙහි මාහර්පූර්හි දී දිවුරුම් දුන්හ. බංග්ලාදේශයේ තාවකාලික ආන්ඩුවේ සභාපති ලෙස සයිඞ් නස්රුල් ඉස්ලාම් උප සභාපති වශයෙන් තේරී පත් වූ ෂෙයික් මුජිබර් රහ්මාන් තේරී පත්විය. පළමු අග්රාමාත්යවරයා ලෙස ටාජ්ඞ්ඞීන් අහමඞ් පත් විය. අනෙකුත් ප්රධාන කැබිනට් මන්ඩල සාමාජිකයන් වුයේ කැරුරම‘සමාන්, මොන්ශර් අලි සහ හොඞ්කොඩර් මුස්ටාක් අහමඞ් යන සියලූ‍ම ජ්යෙෂ්ඨ අවාමි ලීග නායකයන්ය. බංග්ලාදේශයේ ජනාධිපති ධුරය දැරූ ෂෙයික් මුජිබූර් රහ්මාන් යනු විමුක්ති හමුදාවේ ශ්රේෂ්ඨාධිකරණ තනතුරට පත්වූ අතර, විමුක්ති හමුදාවේ ප්රධානියා ලෙස තාවකාලික ආන්ඩුව තානාපති මැග් ඔස්මානි පත් කරන ලදී. ඉන්පසුව, තාවකාලික ආන්ඩුව එහි ලේකම් කාර්යාලය පිහිටුවා, ප්රධාන ලේකම් කාර්යාලවල ප්රධානීන් ලෙස උසස් නිලධරයන් පත් කර ඇත. තාවකාලික රජය විසින් බංග්ලාදේශය යුද්ධයෙන් කාර්යක්ෂමව සහ සංවිධානාත්මක ලෙස මෙහෙයවීම සඳහා බංග්ලාදේශයේ අංශ 11 කට බෙදනු ලැබීය.බංග්ලාදේශයේ සටන්කාමී ජනතාව වෙනුවෙන් මෙම නීති රජයේ ප්රථම නීතිමය බලමණ්ඩලය බවට පත්විය. තාවකාලික අහමඞ් අගමැති තාවකාලික අහමඞ් තාවකාලික ආන්ඩුව පිහිටුවීමෙන් ඉක්බිතිව ඉන්දියානු රජය සමඟ අන්තර් රාජ්ය සංවාද ආරම්භ කළේය. බංග්ලාදේශය 1971 දෙසැම්බර් 16 දින ජයග්රහණය අත්කර ගත්තේය.

පකිස්ථානයෙන් නිදහස ලැබීමේදී මෙම රජය පිහිටුවන ලද බැවින් එහි අර්ථභ්ාරය බෙහෙවින් කැපී පෙනේ. එහි තාවකාලික මූලස්ථානය ඉක්වදෝරයේ කල්කටාවේ පිහිටි තියටර් පාරේ 8 වනදා පිහිටුවන ලදී.

දඟකාරී

නුඹේ වත රැඳි රත් කොපුල්
සියුමැලිද කෝමලියේ
මදෙස හොරැහින් බලනකොට නුඹ 
හරි දඟයි සමනලියේ

නුඹේ ලවන් මට නොකී කතන්දර
නෙතු අගින් පවසන්නේ
හොරෙන් මා දෙස දෙනෙත් දල්වා
මොනවදෝ විමසන්නේ

ලැජ්ජාවටදෝ නෙත් ගැටෙනා විට
විගසින් වෙනත බලන්නේ 
ආදරේට දෝ යළි යළි මා දෙස
හොරැහින් නෙත් දල්වන්නේ


                                                                      උපුටා ගන්නා ලදි.

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...