Sunday, May 20, 2018

දඟකාරී

නුඹේ වත රැඳි රත් කොපුල්
සියුමැලිද කෝමලියේ
මදෙස හොරැහින් බලනකොට නුඹ 
හරි දඟයි සමනලියේ

නුඹේ ලවන් මට නොකී කතන්දර
නෙතු අගින් පවසන්නේ
හොරෙන් මා දෙස දෙනෙත් දල්වා
මොනවදෝ විමසන්නේ

ලැජ්ජාවටදෝ නෙත් ගැටෙනා විට
විගසින් වෙනත බලන්නේ 
ආදරේට දෝ යළි යළි මා දෙස
හොරැහින් නෙත් දල්වන්නේ


                                                                      උපුටා ගන්නා ලදි.

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...