ගුප්ත ඇස්ගුප්ත සිනහව
නුඹ වටා රැඳි
සියල්ලක්ම
හරිම වෙනස්
මට හිතිලා ඇති මෙහෙම
සිය දහස් වතාවකට..
ගැලපෙන කිසිම දෙයක්
නෑ වගෙයි
ඒත් හිත කැමතියි
ගොඩාක්ම
නුඹට.
නුඹ කවියෙක්..
මමත් හරිම කැමතියි
කවි වලට
ඒක වෙන්නැති
එකම හේතුව
නුඹට මං
හිතින් යා වුණ.
මං ලියපු හැම කවියකම
රැඳවුනේ නුඹ
නුඹ නුඹ නුඹ
නුඹම පමණයි..
නුඹ ලියපු අමුතු කවි
කියවන්නට ඇති මං
සිය දහස් වර
කට පාඩම්වන තුරාවට
ඒ හැමදේකම
ලොකුම ලොකු වෙනසක්
අමුතුම ලස්සනක්
හරියට
නුඹගේ ප්‍රේමය
වාගේම.
කවි සිතුවිලි
-සෙල්ලක්කාරී-
No comments:
Post a Comment