Sunday, May 20, 2018

මං මුලාව....???


එකිනෙකා හඹා යන -දෙනෝදාහක් පා සිඹින
ධූලි කූටය අතර සැඟවී -දෑත කළ අයැදුමක කෙඳිරිය
අහුරුවයි මා පියනගන මග

කාම ශාපය පිරුණු හිස් ලැම
කෙසෙඟ සිරුරට වෙහෙසකර ගැබ
කෙලෙස සඟවනු දුහුළු රෙදිකඩ

දුනිමි ඇත රැඳී එකම රන්මිල
සොයා යන්නට කුසට අහරක්
කිමද අරුමය අවට සිටිවුන්
විසුළු දෙනෙතින් මදෙස බැලුවේ

පා පූවරුවේ එල්ලී- ධන වැද්දකු කෑගසමින්
පතුරයි අණසක බසයේ- වනයේ නීතියක අරුම !

හැඩිදැඩි උරතල අතරේ – මිරිකී ගිය දුබල මවක්
හිඳුවා මා හුන් අසුනේ – සිටගත් සඳ උන් අභියස
කීම අරුමය හිඳ සිටිවුන් – සිනාසුනේ මුව කොනකින්

කොතැනක හෝ වැරදී ඇත
මෙතෙක් දුරක් ආ ගිය මග
යා යුතු ඉම නොදනිමි මම
රුදු වනයේ අඳුර අතර

බලා සිටිමි දෙනෙත අයා – වැටෙනා තුරු සඳ එළියක්

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...