Monday, July 3, 2017
කිරි සිනහව....
කිරි ඉද්ද පිපී හිනැහෙන හැටි බලන්න එන්න
නා දල්ල දිගේ බේරෙන පිනිකැට අහුලන්න
සියපතක දිලෙන මුදු ගුණ දෑසක තවරන්න
මගෙ පුංචි දුවේ ගහ කොළ දියවැල් ය බලන්න
නිල් අහස දිගේ පියඹන සියොතුනි මෙහෙ එන්න
කිරි ගොයම පැසී එක කවියක් කියලා යන්න
මහපොළොව හිඳී නොසැළී නුඹලා සනසන්න
මගෙ පුංචි පුතේ පුන් පෝ දා අහස බලන්න
දයා දියෙන් තෙමෙනා හදවතක් තියෙන්න
ආදරයෙන් සොබා දහම දිහා බලන්න
මගෙ පුංචි දරුවනේ වසවිස ගැනත් හිතන්න
ගන අඳුරු රැයට පහණක් සේ රැස් විහිදන්න
පුංචි ලොවක පුංචි එවුන් වගේම ඉන්න
කුරුළු පැටවුනේ පියඹා ලෝකෙ දකින්න
අකුර අකුර එකතු කරලා නැණස වඩන්න
සොඳුරු ලොවක් තැනුමට නම් නුඹලට ඉන්න
නිල් මැණික පරද්දන එළියකි දැනුම කියන්නේ
ඒ එළියෙනි මිනිසත්කම පාට වැටෙන්නේ
කිරි හිනාවකින් කලතා ලෝකෙට කියපන්නේ
ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ
උපුටා ගැනීමකි ...
Saturday, July 1, 2017
සැඟවුණු දුක...
දමා හැම සැප...
මෙමා තනිකර...
ගියා දම් මඟ...
ලබා බුදු බව...
පියා නැති විට...දැනෙනා දුකට...
ඇසූ පැනයට...සිර වුනු මුවඟට...
නෙතඟ සඟවා...කඳුලු මුතුකැට...
සිනාසුනා මව්... රැගෙන තුරුළට...
මගෙ නෙත හැඬුවා...
හදවත ගිඟුම් දුන්නා...
බුදු ගුණ වැයුවා...
බුදු බව ලැබුනා...
අන් දරුවන් හට දැනෙනා
දුක මෙ මටත් දැනුනා
පිය සෙනෙහස අහිමි වුවා
දුක් කඳ ගුගුරා බිදුනා
සඟවා ගත් දුක ම සිතෙ
බුදු දහමයි සිත හැදුවේ
පිය සෙනෙහස සැමදාම පැතු
වෙමි මම රාහුල කුමරා...
- සෙල්ලක්කාරී-
මෙමා තනිකර...
ගියා දම් මඟ...
ලබා බුදු බව...
පියා නැති විට...දැනෙනා දුකට...
ඇසූ පැනයට...සිර වුනු මුවඟට...
නෙතඟ සඟවා...කඳුලු මුතුකැට...
සිනාසුනා මව්... රැගෙන තුරුළට...
මගෙ නෙත හැඬුවා...
හදවත ගිඟුම් දුන්නා...
බුදු ගුණ වැයුවා...
බුදු බව ලැබුනා...
අන් දරුවන් හට දැනෙනා
දුක මෙ මටත් දැනුනා
පිය සෙනෙහස අහිමි වුවා
දුක් කඳ ගුගුරා බිදුනා
සඟවා ගත් දුක ම සිතෙ
බුදු දහමයි සිත හැදුවේ
පිය සෙනෙහස සැමදාම පැතු
වෙමි මම රාහුල කුමරා...
- සෙල්ලක්කාරී-
ගංඟාවේ ශෝකය.
අනෝරා වැහි කඳු ඉරාගෙන වැටෙන කල
ගංඟාව සරුපරුෂ වී....
දෙගොඩ තලා, සැම සුනුවිසුනු කරමින්
සයුර වෙත ඇදුණේ යක්ෂාවේෂයෙනි..
එහෙත් ඈ එන මඟ දෙපස
සැමදා ගොඩ මඩ සරු කලේ
සරතැස නිවා දැමුවේ
ඉටු දෙවඟනක මෙනි...
ගං කොමලිය
නපුරු වූයේ, රුදුරු වූයේ
ඈ අප අතින් ම
අසංවේදීව අකාරුණික ලෙස
කෙලසුනු බැවිනි...
උපුටා ගැනීමකි.
ගංඟාව සරුපරුෂ වී....
දෙගොඩ තලා, සැම සුනුවිසුනු කරමින්
සයුර වෙත ඇදුණේ යක්ෂාවේෂයෙනි..
එහෙත් ඈ එන මඟ දෙපස
සැමදා ගොඩ මඩ සරු කලේ
සරතැස නිවා දැමුවේ
ඉටු දෙවඟනක මෙනි...
ගං කොමලිය
නපුරු වූයේ, රුදුරු වූයේ
ඈ අප අතින් ම
අසංවේදීව අකාරුණික ලෙස
කෙලසුනු බැවිනි...
උපුටා ගැනීමකි.
Wednesday, June 28, 2017
ආදර පැටලිල්ල...
පිරිමි හිත්...
නිදහස හොයනවා...
අලුත් දේ හොයනවා...
වෙනසක් හොයනවා...
වටින දේවල් අමිහි කර ගන්නවා....
පසු තැවෙනවා...
ගැහැණු හිත්...
දරා ගන්නවා...
විඳ ගන්නවා...
ඉවසනවා...
රැඳෙන්න උත්සාහ කරනවා...
අවසානයේ ඔවුන් හැර යනවා...
පසු නොබලාම...
සෙල්ලක්කාරී.
Monday, June 19, 2017
මනමාලි...
හැඩකාරි කටකාරි හරි වැඩ කාරි
මනලෝලි පෙම පේලි ඈ මනමාලි
සුදු දෝණි අහිංසකි මල්සර දෝණි
අද දීගෙන කැනදන් යයි කුමරෙක් දෝණි....
සුදු මූනේ සිනා සේල හංගන්න එපා
තුරු හිස ලග තනියෙන්නම් තනිවෙන්න එපා
පෙම් මදහස වෙන සිතකට යලි පුදන්නපා
කවදාවත් මනමාලිය දුරට යන්න එපා
උපුටා ගැනීමකි.
උපුටා ගැනීමකි.
Friday, June 16, 2017
තරිනිගේ අදෝනාව....
දිව එන්න තුරුළට
මගෙ මැණික සැනසෙන්න
හිස තියාන ලය මතට
පෙම් ගීයක් මුමුනන්න...
මුසා බස් කොඳුරයි
සොඳුර මා රවටයි
යළි නොයෙන්නම යයි...
දඟලන්න නුඹේ යහනේ
හිනහෙන්න නුඹේ තුරුලේ
හීන මැවු නුඹේ මැණිකේ
සැතපුවා පොඩි මැණිකේ...
සිහිනෙන් දිව එන්නේ
ආත්මය සැරිසරන්නේ
දැක මහඳ පැලෙන්නේ
විලාපය නැතිද ඇසෙන්නේ....
-සෙල්ලක්කාරී-
Subscribe to:
Posts (Atom)
සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....
කවියෙකුට පෙම් බැඳ...
අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...
-
01 . පර්යේෂණ මාතෘකාව “ වර්තමාන විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම " 02. පර්යේෂණ ගැටලුව ...
-
භාෂාව යනු කුමක්ද? “අදහස් ප්‍රකාශ කිරිමේ ප්රබලතම මාධ්‍ය භාෂාවයි” භාෂාවේ ස්වභාවය කවරේ ද? “භාෂාව මගින් මිනිසා අද්විතිය ජ...
-
භාෂාව හා මිනිස් ජන වහර. මානව වර්ගයා අන්‍ය සත්වයන්ගෙන් වෙනස්වන ප්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහ...






