දමා හැම සැප...
මෙමා තනිකර...
ගියා දම් මඟ...
ලබා බුදු බව...
පියා නැති විට...දැනෙනා දුකට...
ඇසූ පැනයට...සිර වුනු මුවඟට...
නෙතඟ සඟවා...කඳුලු මුතුකැට...
සිනාසුනා මව්... රැගෙන තුරුළට...
මගෙ නෙත හැඬුවා...
හදවත ගිඟුම් දුන්නා...
බුදු ගුණ වැයුවා...
බුදු බව ලැබුනා...
අන් දරුවන් හට දැනෙනා
දුක මෙ මටත් දැනුනා
පිය සෙනෙහස අහිමි වුවා
දුක් කඳ ගුගුරා බිදුනා
සඟවා ගත් දුක ම සිතෙ
බුදු දහමයි සිත හැදුවේ
පිය සෙනෙහස සැමදාම පැතු
වෙමි මම රාහුල කුමරා...
- සෙල්ලක්කාරී-

No comments:
Post a Comment