කීරි ගැහෙන මේ පපුවට
සවන් යොමා අහං ඉන්න
හැම හුස්මක් ගානේ නුඹ
නම කියවෙනවා...
නුඹ නොදන්න ගොඩක් රහස්
හිත මුමුණනවා...
කඳුළු පිරිණු මේ ඇස් යට
එක මොහොතක් සැඟව ඉන්න
නුඹේ නමින් ඇස් අද්දර
හීන පිරෙනවා...
කවදාවත් නුඹ නොදකින
පැතුම් මැවෙනවා...
ආලවන්ත පෙම් ගීයක
පද පෙළවී රැඳී ඉන්න
ඔබ නොදන්න කවි සහසක්
හිත ලියැවෙනවා...
ඔබෙ නාමෙන් ඒ පදවැල්
තොල් මුමුණනවා...
සෙල්ලක්කාරී
....කවී....

No comments:
Post a Comment