තොල් සායම් ගෑ දෙතොලඟ සිනා තවරනා
වැළපෙන සිත සිනාවකින් ලොවෙන් සඟවනා
මග යන එන සැම වෙත නෙතු බැලුම් හෙලමිනාකවුරුන් එනතුරු දෝ මේ දෑස වෙහෙසනා
වීදි කොණක අඩ අඳුරක ලොවම දකින්නී
හීන අහුරු එකතු කරන් ගෙල පලදින්නී
හීන වලින් පාට අරන් ලොව සරසන්නි
දුක විකුණා කාසි සොයන් පුතුන් රකින්නී
බෝ සෙවණක බවුන් වඩන අනග කිරිල්ලි
අතින් අතට මාරු වෙමින් යමින් ඉගිල්ලී
සිර ගෙයි දුක වළඳන හිමි නිසා නොසෙල්ලී
දරුවන් කුස පුරවයි ඇය දුකෙහි ගැලී ගැලී

-සෙල්ලක්කාරී-
kamathe
ReplyDelete