Thursday, February 15, 2018
වසරයි ඇත්තේ...
ජිම් එකේ කැන්ටිමේ....
කිරිහලේ බංකුවේ....
කාමරේ එක ඇදේ...
කෑවේ එක බත්පතේ....
කුප්පියේ අපි බංකුවේ...
කියූ රස කතාවේ...
මතක පමණයි මතක පොතේ....
නැත ලඟින්ම ඇසුරක් ...
නමුත් දනී හැම පුවත්...
සොයුරු සොයුරියන් අතර...
ආදරේ දුන් හිත්දෙකක්...
වෙන් ව යයි අද.....
ගෙවමු කාලය තුටින්....
එදා මෙන් අදත් සිනාසෙමු අාදරෙන්....
ගොතමු තව රස කතා...
බෙදා ගමු දුක වගේ වෙනදා....
ආවේ දුකින්....
ඒත් යන්නේ ඊටත් වඩා දුකින්...
ජීවිතය තුළ ඇත්තේ යාම් ඊම් පමණි....
නමුත්
තව වසරක් ගැන හිතෙන විට
දැනෙන දුක...
කොහොම යන්නද දාලා...
කොහොම ඉන්නද වෙනවුන් සමඟ....
අවුරුදු 4ක්...
ජීවිතයට කියා දුන් දේ...
ඇත්තේ තව වසරයි....
ඉන්නට එකට....
යයි ගෙවී කාලය නොදැනීම....
සරසවි ජීවිතේ.....
සෙල්ලක්කාරී
Wednesday, February 14, 2018
ආදරේද මේ....
සුරගන කතා පවසමින්
රවටයි සැනයෙන්...
මුසා බස් පවසයි...
නුඹ හට නගේ...
කියාවී සුදු අම්මී
නුඹ මයි මාගේ....
ගලවාවි ඇදුම්
එකිනෙක නුඹේ...
කොල්ලන්ද පමණක් නොවේ...
කෙල්ලන්ද රැවටුම් වෙස් ඇතේ....
මගේ සුදු අයියා...
ආදරේනම් මෙමට සැමදා
දෙනවද තෑගි මල්ලක්
ගෙනවිත් අදම කැන්දා...
අහිංසක ආදරේ..
කරන බොරු කෑදරේ...
කෙල්ලනද මායම්
දමා අල්ලති කොල්ලන්.....
නොවේ මෙය ආදරේ...
දවසක් වේනම් ආදරේ...
කියයි මෙයට කෑදරේ...
ලොවම රවටන ආදරේ...
-සෙල්ලක්කාරී-
Saturday, February 10, 2018
මැණික ගියා ඉගිල්ලී....
මගේ සිත ගත් රුවැත්තී...
ආලය දුන් මගේ ආලවන්තී...
තනිකම මැකූ මගේ කිරිල්ලී...
යන්න ගියා දමා ඉගිල්ලී...
කෑ ගසා හඬලන්නට...
සවිය නෑ මගේ හිතට...
ලඟින් හිඳ සනසවන්නට...
මැණිකේ නෑ මගෙ ලඟට...
තුරුල් කර පපු තුරට...
පොඩි පුතු නලවන්නට...
සෙනෙහෙ පා රැකගන්ට...
අම්මා නෑ දැන් මගෙ පුතුට...
තුරුළට වෙලා ආදරෙන් තනි මැකුව...
මාත් එක්කම අහස පුරා ඉඟිලී ගියපු...
ජීවිතේ මාත් එක්කම රසවිඳපු....
දමා ගියා අද මගෙ මැණිකේ ....
කුසට අහරක් සොයා...
උදෑසනම පිබිදිලා...
මගෙ පුතුත් මාවත් දමා...
ගියේ කැදැල්ලෙන් ඉගිලිලා....
තාත්තේ මගේ අම්මා...
තවම ආවේ නැත්ද..
පුතුනි මම කියන්නෙ කුමද...
හඬනවා මිස ඉකිගසා....
තනිකම මට නොදැනේවා...
පුතුට පාලු නොදැනේවා...
මගේ මැණිකේ යලි ඒවා....
මතු මතුත් මගෙම වේවා....
Wednesday, December 27, 2017
දැන්වීම් ප්‍රචාරණයේ ඉතිහාසය
දැන්වීම් ප්‍රචාරණයේ ඉතිහාසය

දැන්වීම් ප්‍රචාරණයේ ඉතිහාසය
වෙළඳ දැන්වීම්කරණය නැතහොත් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යනු අදහස් භාණ්ඩ හෝ සේවා පිළිබඳ පණිවිඩයක් මාධ්‍ය තුළින් බෙදාහැරීමේ ක්‍රියාවලිය යි. එම දැන්වීම් ප්‍රචාරණයේ ඉතිහාසය පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරේ.
ලෝකයේ කලාව නුහුරු ඊටත් පැරණි සමාජයේ ප්‍රචාරණ කාර්යය කටවචනයෙන් සිදු වී ඇත. ඒ සඳහා වෘත්තීය නගර ඝෝෂකයන් යොදාගෙන තිබේ. මෙහි පැරණිතම සාක්ෂිය බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් හමුවේ. එකල වෙළඳ ව්‍යාපාරිකයන් ඝෝෂකයන් මාර්ගයෙන් ඒ අසළින් ගමන්කළ වුන් තම ව්‍යාපාරය වෙත අද්දවා ගැනීමට කටයුතු කර ඇත. ඊජීප්තුවේ වරායන්ට පැමිණෙන නැව් හා එහි ගෙන යන භාණ්ඩ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කටවහරින් සිදුවිය. ග්‍රීසියේ නගර ඝෝෂකයන් සංගීතකරුවන් සමඟ වීථි සංචාරය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
කටහඬේ ඇති ශ්‍රවණ භංගූරත්වය නිසා කාලයාගේ ඇවෑමෙන් මුද්‍රිත මාධ්‍ය විකාශනයත් සමඟ අවශ්‍ය දැන්වීම් එමගින් ප්‍රචාරයට පත් කිරීම ඊට හොඳම විසඳුම විය.
අතීතයේ දැන්වීම් ප්‍රචාරණය.
á ලැස්කෝ , අලිටමීරා ගුහා බිත්ති මතවූ රූපසටහන් කියාපෑවේ ප්‍රචාරණයේ මෙන් ම දැන්විම් කලාවේ ද මුලකුරු ය.
á භාණ්ඩ හුවමාරු යුගයට පැමිණීමත් සමඟ විවිධ සංකේත භාවිතයෙන් දැන්වීම් ප්‍රචාරණය සිදුකරන ලදි.
(නිදසුන් - ගල් කැට, පොලු මුගුරු, ලී ආකෘති සහ රූ සටහන්)
මෙය ප්‍රාථමික වෙළඳ ප්‍රචාරණය නම් වේ.
á මුල්ම වෙළඳ දැන්වීම ලෙස වාර්තාගත වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ඊජීප්තුව හා රෝමය වැනි රටවලින් වහල් වෙළඳාමට අදාළ දැන්වීම් ය. ඊජිප්තුවේ හමු වූ එවැනි දැන්විමක හපු නම් වෙළඳ හිමියා විසින් ෂෙම් නම් වහලා විකුණන බව දැන්වීය. පසුව මෙය තවදුරටත් වර්ධනය වූයේ මුද්‍රණය සොයා ගැනීමත් සමග ය.
මුද්‍රණ යන්ත්‍රය බිහිවීම හා දැන්වීම් ප්‍රචාරණය
1438 දී ජර්මනියේ ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීමත් සමඟ ම වෙළඳ ප්‍රචාරණය නව මගක් ගත්තේ ය. මෙයින් වසර 40කට පමණ පසු එංගලන්තයේ මුද්‍රණ ශිල්පය ඇරඹීම සිදුවිය. ඒ විලියම් කැක්ස්ටන් විසිනි. ලන්ඩන් නගරයේ දී ප්‍රථම මුද්‍රිත දැන්වීම ඔහු නිර්මාණය කළේ ය. එය දේවස්ථානයක දොරටුවේ ඇලවීම සඳහා සකස්කරන ලද්දකි. එය ඉංග්‍රීසියෙන් මුද්‍රිත ප්‍රථම බාහිර ප්‍රචාරණ දැන්වීම යි.
á සතිපතා ප්‍රවෘත්ති පත්‍ර ආරම්භ වීමත් සමග භාණ්ඩ සහ ද්‍රව්‍ය පිළිබඳ ක්‍රමවත් කාල රටාවකට අනුව දැන්වීම් පළවිය.
එංගලන්ත පුවත්පතෙහි,
1. 1657 සිට තේ පිළිබඳ දැන්වීම්
2. 1658 සිට කෝපි පිළීබඳ දැන්වීම් ද මෙසේ පළවිය.
á 1666 දී දෙවන ලන්ඩන් ගැසට් පත්‍රය සම්පූර්ණ පුවත්පතක් ලෙස නිකුත්වීම ආරම්භවීමෙන් පසු මුල් වතාවට දැන්වීම් සඳහා විශේෂ පිටු ද දැන්විම් අතිරේක ද පළකරනු ලැබීය.
á පුවත්පත වර්ධනයත් සමග දැන්වීම් කලාවත් ප්‍රචාරණ කලාවත් දියුණු විය.
á 1666 දී ම ලන්ඩනයේ පළ වූ 94 වන ගැසට් පත්‍රය දැන්වීම් පළකිරීම පිළිබඳ සැලකිය යුතු වටිනාකමක් විදහා දැක්වීය. මුල්වරට පුළුල් ලෙස දැන්විම පළ වූයේ මෙහි බව බොහෝ දෙනාගේ විශ්වාසය යි.
මෙහි දැන්වීම් අතිරේක වල රාජ්‍යමය දැන්වීම් නොමිලේ පළකළ අතර පෞද්ගලික අංශයේ දැන්වීම්වලට මුදල් අයකරනු ලැබී ය.
á 1970 සැප්තැම්බර් 14 වන දින ටැට්ලරි නම් පුවත්පත මහජනයාට කියාපාන්නට ප්‍රවෘත්තියක් නැතිනම් මා එක්කළ දැන්වීම්වලින් වත් පාඨකයා සන්තෝෂ කරවමි යන්න ප්‍රකාශ කළේ ය.
එහෙත් මෙම දැන්වීම් පළවීම සීමාව ඉක්මවා ගිය අවස්ථාවල දී මිනිසුන් ඊට විරෝධය පාන ලදි. මේ නිසා ඒවා සිත්ගන්නා සුළු ලෙස නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය.
දැන්වීම් කලාවේ පියා ලෙස සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ය. ඔහු 1729 දී ඉතා ක්‍රමානුකූල සැලසුම් අනුගමනය තරමින් දැන්වීම් පළ කර ඇත. 18 වන සියවසේ මුල් භාගයේ පටන් මෙම නිර්මාණාත්මක ගුණය පුවත්පත් දැන්වීම්වල දක්නට ලැබිණි. ඒ සඳහා චිත්‍ර හා රූප සටහන් ද යොදාගන්නා ලදි.
á ප්‍රංශයේ La press පුවත් පතේ 1836 ජුනි මාසයේ දී මුල්ම මුදල් ගෙවන ලද දැන්වීම පළකරන ලදි. වෙළඳ දැන්විම පළකිරීම නිසා පුවත්පතේ මිල පහළ හෙළීමට හැකි විය.එසේම එහි පාඨක පිරිස ඉහළ යාම ද ලාභය වැඩිවිමට ද හේතු විය. මෙම ක්‍රමය පසුව සියලු පුවත්පත් විසින් අනුකරණය කරන ලදි.
මුල්කාලින පුවත්පත් වෙළඳ දැන්වීම්වල අන්තර්ගත වූයේ,
· ග්‍රන්ථ එළිදැක්වීම්
· මංගල යොජනා
· විවිධ බීම වර්ග
· සංචාර මූලික කරගත් දැන්වීම්
විය.
පුවත්පත් හිමිකරුවන් වෙළඳ ප්‍රචාරණය මුදල් ඉපැයීමේ ඉල්ලමක් ලෙස හඳුනාගන්නා ලදි. ඒ අනුව පුවත්පත්වල . ඒ අනුව පුවත්පත්වල වෙළඳ දැන්වීම් සඳහා ඉඩ වෙන්කිරීම, එම ඉඩ අලෙවිකිරිම (space selling) නව ව්‍යාපාරික මතයක් ලෙස වර්ධනය විය.
1840 පමණ වන විට නිව්යෝර්ක් ෆිලඩෙලපියා අනෙකුත් ප්‍රධාන වාණිජ අගනගරවල මෙම වෙළඳ දැන්වීම් සඳහා පුවත්පත් ඉඩ අවකාශයන් වෙන්කිරීම සිදුකරනු ලැබීය. ඒ අනුව ඉඩ වෙන්කිරීමේ තැරැව්කරුවන් (space brokers) නමින් වෘත්තිමය තත්ත්වයක් ඇතිවිය. කෙසේ වෙතත් මුල්කාලීන පුවත්පත් දැන්විම් මහජන නිවේදන ලෙසත් පළකිරිම සිදුවිය.
කාර්මික විප්ලවය හා වෙළඳ ප්‍රචාරණය
කාර්මික විප්ලවය සමග මහා පරිමාණ කර්මාන්ත ශාලා හා නිෂ්පාදන බිහිවිය. ධනවාදය වර්ධනය විය. ජනගහනය වර්ධනය විය. මෙම කරුණුවෙළඳ ප්‍රචාරණය පුළුල්විමට බලපාන ලදි.
එකම භාණ්ඩය විවිධ කර්මාන්තකරුවන් අතින් නිෂ්පාදනය වන්නට පටන්ගත්තේ ය. මේ නිසා වෙළඳාපොළ තරඟය ද බිහි විය. භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම පරිභෝජනය ද හොඳ මට්ටමක පවත්වා ගැනීමට ජනතාව ඒ ගැන දැනුවත් විය යුතු විය. කාර්මික විප්ලව යුගයේ නිර්මිත වෙළඳ දැන්වීම් එතරම් ආකර්ෂණිය ඒවා නොවීය. ඒවා රළු පෙනුමකින් යුතු විය. එක දැන්වීමක් තුළ තොරතුරු රාශියක් අඩංගු විය. කාර්මික විප්ලවය නිසා brand name ලොව පුරා වර්ධනය වන්නට විය. මෙලෙස යම් භාණ්ඩයක් විවිධ වෙළඳ නම්වලින් විවිධ පුද්ගලයන් අතින් නිපදවන්නට විම නිසා ප්‍රචාරණය අත්‍යවශ්‍ය විය. එක් සබන් වර්ගයක් වෙළඳපොළට පැමිණියාට වඩා සබන් වර්ග 04 ක් තිබීමේ දී පාරිභෝගිකයාට ගැටලු මතුවිය. මා ගත යුත්තේ කුමන භාණ්ඩය ද යන්නට පිළිතුරක් ලබා දුන්නේ දැන්විම් ය.
දැනටත් හොඳින් වැඩකරන උපකරණ විසිකර දමා අලුතින්ම එකක් හෝ සමහර විටෙක වැඩි දියුණ කළ එකක් මිල දී ගැනීමට මිනිසුන් පෙළඹුණේ දැන්විම්කරණය හේතුවෙනි.
කාර්මිකවිප්ලවයේ කාර්මීකරණයත් සමගම නගර සංඛ්‍යාව ද නගරයක විශාලත්වය ද වර්ධනය විය. ඒ අනුව,
· කාර්මීකරණය සමග නගර බිහිවිම
· එහි ශ්‍රමිකයන් හා ව්‍යාපාර හිමියන් කර්මාන්තශාලා අසළ පදිංචි වීම.
· එම ප්‍රදේශය ජනාකීර්ණ වීම.
· ජනයාගේ අවශ්‍යතා සංකීර්ණ විම
· ජනගහනය ඉහළ යාම නිසා විලාසිතා බිහිවීම
· විලාසිතා වර්ධනයට දැන්වීම්කරණය අවශ්‍ය වීම.
යන සාධක මත කාර්මික විප්ලව යුගයේ දී දැන්විම්කරණය වර්ධනය විය.
උපුටා ගැනීමකි.
Sunday, October 1, 2017
Saturday, August 19, 2017
Monday, July 17, 2017
මන්ද්‍රි දේවී මා ....
කුලගෙයි බැඳුම් බිඳිණු නොහැකි
පතිදම් පුරන්න කැපවී
නුඹ හා පෙමින්ම නික්මී ආ
මන්ද්‍රි දේවි මා..
පතිදම් පුරන්න කැපවී
නුඹ හා පෙමින්ම නික්මී ආ
මන්ද්‍රි දේවි මා..
දුක සැප ද එකම ලෙසිනී
විඳ ගන්න දිරිය ලදිමී
නුඹ පෙමට දිවිය කැප කර ආ
මන්ද්‍රි දේවි මා..
දරු සෙනේ පිරුණු ලයෙහි
කකියනා රිදුම් නුඹෙනි
සඟවලා නුඹට දිරි වූ
මන්ද්‍රි දේවි මා..
සරා සසර මගදී
නුඹ ගියා කියා දුක දී
නැති සෙනේ බිඳක් අඩු වී
මන්ද්‍රි දේවි මා..
යළි ඔබේ සෙවනෙ සැනහී
හිනැහෙනා දිනක් සොයමි
ඔබ නමින් පෙම් පුරා වැළපෙන
මන්ද්‍රි දේවි මා
විඳ ගන්න දිරිය ලදිමී
නුඹ පෙමට දිවිය කැප කර ආ
මන්ද්‍රි දේවි මා..
දරු සෙනේ පිරුණු ලයෙහි
කකියනා රිදුම් නුඹෙනි
සඟවලා නුඹට දිරි වූ
මන්ද්‍රි දේවි මා..
සරා සසර මගදී
නුඹ ගියා කියා දුක දී
නැති සෙනේ බිඳක් අඩු වී
මන්ද්‍රි දේවි මා..
යළි ඔබේ සෙවනෙ සැනහී
හිනැහෙනා දිනක් සොයමි
ඔබ නමින් පෙම් පුරා වැළපෙන
මන්ද්‍රි දේවි මා
Subscribe to:
Posts (Atom)
සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....
කවියෙකුට පෙම් බැඳ...
අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...
-
01 . පර්යේෂණ මාතෘකාව “ වර්තමාන විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම " 02. පර්යේෂණ ගැටලුව ...
-
භාෂාව යනු කුමක්ද? “අදහස් ප්‍රකාශ කිරිමේ ප්රබලතම මාධ්‍ය භාෂාවයි” භාෂාවේ ස්වභාවය කවරේ ද? “භාෂාව මගින් මිනිසා අද්විතිය ජ...
-
භාෂාව හා මිනිස් ජන වහර. මානව වර්ගයා අන්‍ය සත්වයන්ගෙන් වෙනස්වන ප්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහ...





