Thursday, July 19, 2018

පාඩම් මතක හිටින්නෙ නැද්ද? විභාගෙ කෙළවෙයි කියල බයද? එහෙනම් මේ උපදෙස් අනිවා ට්‍රයි කරන්න... කිව්වෙත් අනිවා

පාඩම් කරන්න කියල පොත අතට ගත්තට හිත පොතට යන්නෙ නැද්ද? පාඩම් කරන්න කම්මැලිද? නැත්නම් කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නෙ නැද්ද? විභාගේ ඇණගන්න වෙයි කියල බයයිද? මොකක්ද මේකට කරන්න ඕනෙ? ගුරුකමක්ද?
අපොයි නෑ. ඒකට තමයි අනිවා අපි ඉන්නෙ ඔයාලගෙ උදවුවට…
පහුගිය දවස් වල අපේ බ්‍රෝලා සිස්ලා කීප දෙනෙක්ගෙන්ම අපිට ඉල්ලීම් ඇවිත් තිබ්බා විභාගෙකට මතක හිටින විදිහට පාඩම් වැඩ කරගන්නේ කොහොමද කියල කියා දෙන්නය කියල. ඔන්න ඒ ඉල්ලීම ඉටුවෙන දවස තමයි අද (හුරේ!!! ජයවේවා!!!) අපි අද කියලා දෙන්න යන්නෙ විභාගෙකට යද්දි ෆුල් සූදානම් පිට සහ ෆුල් කන්ෆිඩන්ස් පිට ගිහින් ගේම ගොඩදාගන්නෙ කොහොමද කියලයි. එහෙනම් මේක කියවලා මීට පස්සෙ “විභාගේ තමයි අපේ අභාගේ” කිය කිය ඉන්නෙ නැතුව “බලාපොරොත්තුව දෝත දරා මග බලා ඉඳීමි ඔබ එන තුරා” කියල විභාගෙ ගැන සින්දු කියන්න ලෑස්ති වෙන්න.
මුලින්ම මේ දේ හොඳින් හිතට ගන්න නංගිලා මල්ලිලා
අපි එක එක්කෙනා පාඩම් කරන විදි, දේවල් මතක තියාගන්න යොදාගන්න උපක්‍රම එකිනෙකාට වෙනස්. උදාහරණයක් හැටියට කිවුවොත් කෙනෙක්ට පාඩම් කරන්න සම්පූර්ණ නිශ්ශබ්ද පරිසරයක් ඕනෙ වෙද්දි තවත් කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලාවට මියුසික් එකක් ප්ලේ වෙද්දි පාඩම් වැඩ වල නිරත වෙන්න. ඒ නිසා ඕගොල්ලො කරන්න ඕනෙ දේ තමයි අපි පහතින් කියල තියන එක එක සිස්ටම් ට්‍රයි කරල තමන්ට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද කියල තේරුම් ගන්න එකයි.
එහෙනම් පට්ටාන් ගමු…

1. මුලින්ම මන්තරයක් ජප කරල ඉමු
Learn Effectively
Source – playbuzz.com
“මට පුලුවන්. මම තමයි පොර!”
ඕනෙම විභාගයක් ගොඩ දාගන්න අත්‍යාවශ්‍යම මන්තරේ තමයි ඕක.  මේ මන්තරේ නිතර නිතර කියල හිතට ඒත්තු ගන්නවන්න ඕනෙ තමන්ට ඕනෙම බාධකයක් ජය ගන්න පුලුවන්ය කියන එක. තමන් ගැන විශ්වාසේ ඇති කරගන්නෙ නැතිව වෙන කිසිම දෙයක් කලාට ඒ දේවල් සාර්ථක වෙනව හොරයි නංගී මල්ලී. ඒ වගේම ඔයාල මතක තියාගන්න ඕනෙ තවත් වැදගත් දෙයක් තමයි අනිත් අය පාඩම් කරන ක්‍රම ගැන ඕනෑවට වඩා හිතන්න නොයන එක. ඔයා හිතන්න ඕනෙ ඔයාගෙ පන්තියේ පළවෙනියා පාඩම් කරන පැය ගාණවත් එයා රෑ කීය වෙනකම් පාඩම් කරනවද කියන එකවත් නෙමෙයි. ඔයාට වඩාත් සුදුසු පාඩම් රටාව මොකක්ද කියන එකයි. ඒ ගැන මේ ලිපියේ පසුවට කියවන්න ලැබෙයි.

2. කාල කළමනාකරණය
Learn Effectively
Source – prlog.org
විභාගෙ අත ළඟට ඇවිත් ෆුල් රශ් එකේ පාඩම් කරන අය අපි දැකලා තියනවා. සමහරුන්ට නම් විභාගේ අත ළඟට ආවාම පාඩම් කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබැයි හැමෝටම එහෙම අමාරුයි. අපේ අරමුණ වෙන්න ඕනෙ විභාගෙ ගොඩ දා ගැනීම විතරක් නෙමෙයි. අපි ඉගෙන ගන්න විෂයයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමකුත් ලබාගන්න එකයි. ඒ නිසා පාඩම් කරන එක අන්තිම මොහොත වෙනකම් කල් දාන්නෙ නැතිව පාඩම් සියල්ල කවර් කරගන්න යන දල කාල සීමාවක් ගැන අවබෝධයකට ඇවිත් කල් තියාම පාඩම පටන් ගන්න මතක තියාගන්න.

3. පාඩම් කරන තැන හදාගැනීම
Learn Effectively
Source – wikimedia.org
මෙන්න මේක ඔයාගෙ පාඩම් වැඩ සාර්ථක කරගන්න බොහොම වැදගත් වන සාධකයක්. දැන් සමහරු ඉන්නවා ඇඳේ ඉඳලත් පාඩම් කරන අය. මේ වැඩේ නරකම නරකයි කියල අපි නොකිවුවත් මේ වැඩෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට වගේම විවේකෙටත් අනවශ්‍ය බාධා ඇති වෙන්න පුලුවන් කියල මතක තියාගත්තොත් හොඳයි. මොකද නිදන කාමරයේ ඇඳ කියන්නෙ අපිට විවේකය දනවන තැනක්. ඒ වගේ තැනක ඉඳන් පාඩම් වැඩ කරද්දි ඉබේම අපිට අලස ගතියක් දැනෙන්න ඉඩ තියනවා. ඒ වගේම තමයි පාඩම් වැඩ වලට ඇඳ යොදාගන්න එකෙන් ඔයාගෙ රාත්‍රී නින්දට බාධා ඇතිවෙන්නත් පුලුවන් කියලයි කියන්නෙ.
මේ නිසා හොඳම දේ තමයි පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන පොත් පත් වල වැඩ කරන එක. මේ තැන සෙට් කරගනිද්දි පුලුවන් තරම් බාධාවන් අවම තැනක සෙට් කරගන්න මතක තියාගන්න. ගෙදර උදවියගෙන්, ටීවී එකෙන්, පාරේ වාහන සද්ද බද්ද වලින් බාධා නොවෙන තැනක් වඩාත් සුදුසු වෙයි (සමහර අයට නම් මේ ශබ්ද ගාණක්වත් නෑ. එහෙම අයට මේක අදාල නෑ). පාඩම් මේසයට ලැබෙන ආලෝකය ගැනත් හොඳට කල්පනා කරල බලන්න. ආලෝකය මදි තැනක ඉඳන් පාඩම් කරන එක ඔයාගෙ පාඩම් වැඩ කටයුතු වගේම පෙනීමත් දුර්වල කරන්න බලපායි.
*පාඩම් කරන්න සුදුසු තැනක් තීරණේ කරන්න අමාරුනම් ඔයාට පුලුවන් නිවසේ තැන් කීපයක පාඩම් වැඩ වල නිරත වෙලා බලන්න (සාලය, කාමරය, මිදුල). ඒ තැන් අතරින් ඔයාගෙ වැඩේ වඩාත් සාර්ථකව කරන්න පුලුවන් තැනක් අඳුරගන්න ලැබුනොත් එතන ඔයාගෙ ස්ථිර පාඩම් කරන ස්ථානෙ කරගන්න පුලුවන්.
4. අවශ්‍ය දේ ළඟට, අනවශ්‍ය දේ ඈතට
Learn Effectively
Source – theodysseyonline.com
පාඩම් කරද්දි වැදගත්ම දේ වෙන්නෙ ගොඩක් වෙලා පාඩම් කරන එක නෙමෙයි. පාඩම් කරන ටික වෙලාව හරි හොඳ අවධානයෙන් යුතුව ගත කරන එකයි. ඒ නිසා පාඩම් කරන්න ඉඳගනිද්දි පාඩම් වැඩ වලට අවශ්‍ය දේවල් සියල්ලම තමන්ගෙ අත ළඟින් තියාගන්න මතක තියාගන්න. ඒ කිවුවෙ කවකටු පෙට්ටි, කැල්කියුලේටර්, හයිලයිට් පෙන් ආදී එකී මෙකී නොකී සියල්ලම. නැත්නම් සැරින් සැරේ මේවා හොයන්න නැගිට නැගිට යද්දි පාඩමට ඉබේම බාධා සිද්ධ වෙනවා. මේ උපකරණ වලට අමතරව වතුර බෝතලයක්, සැරින් සැරේ තේ කෝපි තිබහ එනවනම් ෆ්ලාස්ක් එකකට තේ කෝපි ටිකක්, හපන්න මොනා හරි වගේත් ළඟින් තියාගත්තට වරදක් නෑ. ශරීර කෘත්‍යය කිරීම වගේ අවශ්‍යතාවයකදි ඇරෙන්න පාඩම් කරන තැනින් සැරින් සැරේ නැගිටින වැඩ තියාගන්න එපා.
ඒ වගේම තමයි අන්තර් ජංජාලේ සම්බන්ධ වැඩ. දැන් අපි කිවුවනෙ පාඩම් කරන ටික වෙලාව හරි හොඳ කොලිටියෙන් යුතුව කරන්න කියල. මේකට බාධා කරන්න පුලුවන් දෙයක් තමයි අපේ සමාජ ජාලා ජීවිතේ. ෆෝන් එකේ කැල්කියුලේටරේ පාචිච්චි කරන ගමන් අපිට හිතෙන්න පුලුවන් පොඩ්ඩක් ෆේස්බුක් පැත්තෙත් රවුමක් දාලා එන්න. එහෙම නැත්නම් පාඩම් වැඩකට ඉන්ටනෙට් රිසර්ච් එකක් දාන ගමන් හිතෙන්න පුලුවන් ක්‍රික්ඉන්ෆෝ පැත්තෙ ගිහින් මැච් එකේ ලකුණු ටික චෙක් කරන්න. මේ වගේ වැඩ නිසා තමන්ට පාඩම් කරන්න යන කාලෙත් වැඩිවෙලා, අවධානෙත් බිඳෙනව කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේ දේවල් නොකර ඉන්න බැරි තරම් හිත පාලනේකින් තොරයිනම් තමන්ව නිතර යැවෙන සයිට් ටික බ්ලොක් කරන ප්‍රෝග්‍රෑම් එකක පිහිටක් ලබාගන්නවත් බලන්න.

5. පාන්දර ඇහැරෙනවද? නැත්නම් නිදි මරාගෙන පාඩම් කරනවද?
Learn Effectively
Source – readmeindia.com
සමහරු අතර ජනප්‍රිය මතයක් තියනවා උදේ පාන්දර නැගිටලා පාඩම් වැඩ කලාම මතක තියනවා වැඩියි කියලා. උදේ පාන්දර කියන්නෙ සද්ද බද්ද සහ කලබලකාරී බව අඩු වේලාවක් නිසා ඒ කතාවේ යම්කිසි ඇත්තක් තියෙන්න පුලුවන්. ඒත් ඒ කතන්දරේ හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහරුන්ට උදේ නැගිටිනවා කියන්නෙ මරණවා වගේ වැඩක්නෙ.එහෙම කෙනෙක් අමාරුවෙන් නැගිටලා නිදිකිරා වැටි වැටී පොතක් දිහා බලන් හිටියට කිසිම දෙයක් ඔලුවට යන එකක් නැහැ. එහෙම කෙනෙක් තමන්ට ප්‍රබෝධයෙන් සහ වැඩි අවධානයකින් යුතුව පාඩමේ යෙදෙන්න පුලුවන් වෙනත් වෙලාවක් හොයාගන්න එක තමයි සුදුසු. අපි කලින් කිවුවා වගේ පාන්දර ඇහැරෙන්නවත්, රෑ නිදි මරන්නවත්, දවස තිස්සේ පාඩම් කරන එකවත් නෙමෙයි වඩාත් වැදගත්. පාඩම් කරන්න පහසු කොයියම්ම මොහොතකදි හරි අවධානය බිඳ නොගෙන පාඩම් කරන එකයි.
*හැමදාම දවසේ එකම වෙලාවට එකම තැන ඉගෙන පාඩම් කරන එක පාඩම් මතක හිටින්න උදවුවක් වෙනවා කියලත් කියන අය ඉන්නවා. මේ ක්‍රමයත් අත්හදා බලන්න ඔයාලට පුලුවන්.

6. එක දිගට පාඩම් එපා
Learn Effectively
Source – 68.media.tumblr.com
පාඩම් කරද්දි පැය ගණන් එක දිගට පාඩමේ යෙදෙන්න එපා. සාමාන්‍යයෙන් පැය එකහමාරකට වඩා එකදිගට පාඩම් වැඩ වල නිරත වෙන්න එපා කියල තමයි පුරාණ පොත පතේ සඳහන් වෙලා තියෙන්නෙ. ඊට වඩා දිගු කාලයක් පාඩම් කරද්දි අවධානය බිඳීයන්නත් කියවන දේවල් මතකයේ නොරැඳී යන්නත් ඉඩ වැඩියිලු. හැබැයි අපි නම් රෙකමන්ඩ් කරන්නෙ මේ කාල සීමාව පැයකටත් අඩුවෙන් තියාගන්න කියලයි. විනාඩි 40 කට වරක් විනාඩි 10ක විවේකයක්, එහෙමත් නැත්නම් විනාඩි 50කට වරක් විනාඩි 10ක විවේකයක් වගේ ගත්තා නම් වඩාත් සුදුසු වෙයි. මේ විනාඩි 10 විවේකය ඇතුලතදී පුලුවන් තරම් මනස රිලැක්ස් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනෙ. පාඩම් වැඩ සහමුලින්ම අමතක කරල පොඩ්ඩක් ඇවිදින්න, ව්‍යායාම ටිකක යෙදෙන්න හරි ඇස් පියාගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න හරි මේ වෙලාව යොදාගන්න. එතකොට ඊළඟ පාඩම් වාරය එද්දි අලුත් ශක්තියකින් සහ වැඩි අවධානයකින් යුතුව වැඩ අරඹන්න පුලුවන්.
තවත් අනිවා මතක තියාගතයුතු කාරණයක් තමයි “හොඳ සුව නින්දක් ලබන එක“. වැඩිපුර රෑ වෙනකන් හරි පාන්දර නැගිටගෙන හරි පාඩම් කලාට කමක් නැහැ. හැබැයි තමන්ගේ සිරුරට අවශ්‍ය නින්ද ලබාගන්න එක නම් අඩු කරගන්න එපා. මොකද සුව නින්දක් කියන්නෙ ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වයට වගේම ශාරීරික ප්‍රබෝධයටත් අත්‍යාවශ්‍යම කාරණයක්.

7. කෙටි සටහන්, රූප සටහන් සහ ප්‍රශ්නෝත්තර
Learn Effectively
Source – medium.com
සමහරු කරන ලොකු වැරැද්දක් තමයි ඔන්න දැන් පාඩම් කරගෙන කරගෙන කරගෙන යනව. ඊට පස්සෙ පාඩම ඉවර කරපු ගමන් ඒකට අදාල ප්‍රශ්න වලට උත්තර දීගෙන දීගෙන යනව. මේක වැරදි වැඩක්. මොකක් හරි දෙයක් කියවපු විගස ඒක අපේ ඔලුවෙ රැඳිල තියෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පාඩම ඉවර කරපු ගමන් ප්‍රශ්න වලට උත්තර දීල වැඩේ ගොඩ කියල හිත හදාගන්න එක අසාර්ථක වැඩක් වෙන්න පුලුවන්. මේකට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි උදේ පාඩම් කරපු පාඩමක ප්‍රශ්න වලට හවස උත්තර දෙන එක. එහෙම නැත්නම් හවස පාඩම් කරපු එකකට පහුවදා උදේට උත්තර ලියන එක. එහෙම නැත්නම් පැය 24ක් වත් පහුවෙලා ප්‍රශ්න වලට උත්තර දෙන එක වඩා හොඳවෙයි. ඒ වගේම අපි පාඩම් කරපු පාඩමක් සම්බන්ධයෙන් අපිට මතක තියන දේවල් පිළිවෙලට කොලයක සටහන් කරගන්න එකත් සාර්ථක ක්‍රමවේදයක්. මේ සටහන් කිරීමෙන් පස්සෙ ආපහු පොතේ පාඩමත් එක්ක අපේ මතකය සන්සන්දනය කරල අපිට මගහැරිච්ච තැන් නැවත මතකයට නගාගන්නත් පුලුවන්.
රූපසටහන් කියන්නෙත් මේ වගේම පාඩම් මතක තියාගන්න තවත් වැදගත් වන දෙයක්. මොකක් හරි වීෂයකට සම්බන්ධ රූප සටහනක් හරි වගුවක් හරි මතකයෙන් සටහන් කරන්න උත්සාහ කරන්න. මේ රූප සටහන් 100%ක් නිවැරදිව මතකයෙන් සටහන් කරගන්න පුලුවන් වෙනකන් උත්සාහ කලත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට පුලුවන් ටිකක් අමාරුයි කියල හිතෙන ප්‍රස්ථාර සහ රූපසටහන් වගේ ඒව ඇඳල තමන්ට නිතර පෙනෙන, අවධානය යොමුවෙන තැනකින් ගහල තියන්න.
*පාඩම් මතක තියාගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි දේවල් දිහා නිර්මාණාත්මක ඇහැකින් බලන එක. අපිට මතක තියාගන්න ඕනෙ කරුණු ඇසුරින් කවියක් හදාගන්න, එහෙමත් නැත්නම් කතන්දරයක් ගොතාගන්න අපිට පුලුවන්. මතකනේ ඒකාලෙ දිශා පාඩම් කරගන්න “උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලල වරෙන්” කියපු හැටි.

8. මතක මන්දිර තනා – ලෝකී ටෙක්නික් එක
Learn Effectively
Source – interestingtechnology.net
දැන් අපි කලින් පොයින්ට් එකේ අන්තිමට කිවුවනෙ කතාවක් ඇසුරින් තමන්ගෙ පාඩම් වල කරුණු මතක තියාගන්න එකත් හොඳ ක්‍රමයක් කියල. අන්න ඒ විදිහට මතකය ශක්තිමත් කරගන්න උපයෝගී වන ඉතාම පැරණි ටෙක්නික් එකක් තියනවා ලෝකී මෙතඩ් එක (Loci method) කියල. මේකෙන් කරන්නෙ මතක මන්දිර, එහෙමත් නැත්නම් Memory palace හදාගන්න එකයි. මේ මතක මන්දිරය අපිට පුලුවන් අපි දන්න ඕනෑම ස්ථානයක් ඇසුරින් හදාගෙන අපිට පාඩම් කරන්න ඕනෙ කරුණු ඒකෙ තැන්පත් කරගන්න.
මෙහෙම කිවුවට තේරෙන එකක් නෑ නේද? අපි උදාහරණයකින්ම කියන්නම්.
අපි හිතමු ඔයාට විභාගෙකට ලංකාවෙ හිටපු ජනාධිපතිවරුන්ව පිළිවෙලින් මතක තියාගන්න වෙනවා කියල. ඔයාට පුලුවන් ඔයාගෙ නිවස ඇසුරින් මේ අයව පිළිවෙලට මතක තියාගන්න. ඒ මෙහෙමයි. ගෙදරට ඇතුලුවෙද්දි මුලින්ම ගොඩවෙන්නෙ ඉස්තෝප්පුවට කියල හිතමු. එතකොට ඔයා හිතින් මවාගන්න ඕනෙ අපේ පළවෙනි ජනාධිපතිතුමා වන ජේ. ආර් ජයවර්ධන මහතා ඉන්නෙ ඔයාගෙ ගෙදර ඉස්තෝප්පුවෙ කියල. ඊළඟට ඔයා පා තබන්නෙ සාලෙට නම් සාලෙන් ඉන්දවන්න අපේ දෙවැනි ජනාධිපති වෙච්ච ප්‍රේමදාස මහත්තයව, ඊළඟට ඩී.බී විජේතුංග මහතාව කාමරෙන්, චන්ද්‍රිකා මැතිණිව කුස්සියෙන් ආදී වශයෙන් ගෙදර ස්ථාන වල අනුපිලිවෙලට මේ අයව මතකයෙන් රඳවන් යන්න. මේ අය මේ ස්ථාන වල ඉඳන් කතා කරන හැටි, ඒ අයගෙ හැසිරීම් එහෙමත් හිතේ මවාගත්තොත් මේ මතකය වඩාත් රැඳී පවතියි. ඊට පස්සෙ විභාගෙට මේ අය ගැන ලියන්න ආවොත් හිතින් ඔයාගෙ ගෙදරට ගිහින්, ගෙදර රඳවපු මේ මතකය ටක් ගාල සිහිපත් කරගන්න තමයි තියෙන්නෙ.
මේ ලෝකී ක්‍රමය මීට වඩා බැරෑරුම් දේවල් මතකයේ රඳවගන්නත් භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේදයක්. හැබැයි මේක දවසින් දෙකෙන් නම් ප්‍රැක්ටිස් වෙන්න අමාරුයි. දේවල් මවාගන්න හොඳ ක්‍රියේටිව් මනසක් ඇතුව කාලයක් තිස්සේ උත්සාහ කලොත් තමයි මේ වැඩෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. අන්තර්ජාලය හරහා, යූටියුබ් වල එහෙම සෙවුමක් දැම්මොත් මේ ලෝකී මෙතඩ් එක ගැන තව ගොඩක් දේවල් ඔයාට ඉගෙනගන්න හම්බවේවි.

9. නැවත නැවත ආවර්ජනේ
Learn Effectively
Source – getcollegecredit.com
කොච්චර පාඩම් කලත්, මතකේ තියන් හිටියත් අපි මුලින් පාඩම් කරන ඒවා කල් යද්දි අපේ මතකෙන් ගිලිහිලා යන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා නිතර මේ දේවල් ආවර්ජනේ කරන්න මතක තියාගන්න. නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මේව ගැනම කල්පනා කරල එලෝ මෙලෝ නැතුව ඉන්න නෙමෙයි මේ කියන්නෙ. ඔය ශවර් එක යට හිටන් ඉන්න වෙලාවක, කෙල්ලගෙන් ඊළඟ එස්එම්එස් එක එනකන් උඩ බලන් ඉන්න වෙලාවක වගේ වෙලාවක විනාඩියක් දෙකක් අරන් මනසින් ආවර්ජනය කරල බලන්න කලින් දවසෙ දෙකෙ කරපු පාඩම් වල පිළිවෙල සහ අන්තර්ගත කරුණු ගැන එහෙම.
ඒ වගේම ගෙදර මල්ලි කෙනෙක් නංගි කෙනෙක් එහෙම ඉන්නවනම් ඔය චොකලට් පගාවක් එහෙම දීල තමන් පාඩම් කරපු පාඩම ඒ අයට උගන්නනකන් අහන් ඉන්න කියන එකත් හොඳ ට්‍රික් එකක්. මල්ලිට නංගිට මේ පාඩමින් කිසි වැඩක් නැති උනත් ඔයාගෙ මතකේ ආවර්ජනේ කරන්න හොඳ උපක්‍රමයක් මේක.
ඊළඟ තවත් කරන්න පුලුවන් දෙයක් තමයි ඔයා වගේම පාඩම් වැඩට උනන්දු යාලුවෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා පාඩම් ගැන පොඩි චැට් එකක් දාන එක. එක එක්කෙනාට පුලුවන් අනිත් අය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක් හදන් එන්න. ඊට පස්සෙ මේවා ගැන සාකච්ඡා කරන ගමන් තමන්ගෙ දැනුම තවත් ඔප මට්ටම් කරගන්න පුලුවන්.

10. දිගින් දිගටම අමාරු වැඩ එපා
Learn Effectively
Source – organizeandstudy.tumblr.com
අමාරු පාඩමක් ඉවර කරපු ගමන් තවත් අමාරු පාඩමක් පටන් ගන්න එපා. ගන්න පොඩි බ්රේක් එකක්. ඊට පස්සේ ටිකක් ලේසි විෂයක් හරි වෙනත් ලේසි පාඩමක් හරි දිග ඇරගෙන ඒක අධ්‍යයනය කරන්න පටන් ගන්න. නැත්නම් එක දිගට අමාරු දේවල් අධ්‍යයනය කරන් යද්දි පාඩම් කිරිල්ල ඔයාගෙ මනසට වදයක් වෙලා නිකම්ම ස්ට්‍රෙස් වෙන්න ඉඩ තියනවා.
මේ පාඩම් වැඩවලට තියන උනන්දුව තවත් වැඩි කරගන්න හොඳ ක්‍රමයක් තමයි ටාගට් තියාගෙන ඒවා සාර්ථක කරගන්නකොට තමන් තමන්ටම තෑග්ගක් දීගන්න එක. උදාහරණෙකට අමාරු ගණිත පාඩමක් ඉවර කරල සාර්ථකව ඒකෙ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔයාට පුලුවන් ඔයා කැමති කෑම වර්ගයක් හරි බීම වර්ගයක් හරි අරන් ඒක සමරන්න. හැබැයි මේ වැඩේදි තමන් තමන්ට අවංක වෙන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ.

11. සැන් පවුඩර් ගාලා චුයින්ගම් කකා යන්න
Learn Effectively
Source – youtube.com/Polo romance Sri Lanka
දැන් ඔය ආදර කවි ගීත වල එහෙමත් කියනවනෙ ඔයාගෙ සුවඳ දැනිලා අතීත මතක ඇවිස්සුණා වගේ ඒව. ඉතින් ඇයි අපිට ඒ වගේ දෙයක් පාඩම් වැඩකටත් උපයෝගී කරගන්න බැරි? මෙහෙමයි, සමහරු කියනවා තමන්ට නුපුරුදු විලවුන් වර්ගයක් ඇඟ තවරගෙන පාඩම් කරලා, විභාගෙ ලියන දවසටත් ඒ සුවඳ විළවුන් තවරගෙන ගියොත් අර සුවඳ ඔස්සේ අපේ මතකයන් ආවර්ජනය වෙලා කරුණු මතකෙට නගාගන්න එක ලේසි වෙනවා කියල. මේක ඉතින් කොයිතරම් සාර්ථකද කියන්න නම් අපිට සාධක නෑ. මේ ක්‍රමේ මුලින්ම ඔය ටර්ම් ටෙස්ට් එකක් වගේ පොඩි විභාගෙකදි අත්හදා බලල තීරණේ කරන්න පුලුවන් ඔයාලට.
මේ වැඩේට අපිට හුරු නැති අලුත් රසකින් යුතු චුයින්ගම් එකකුත් යොදා ගන්න පුලුවන් කියලයි කියන්නෙ. හැබැයි ඉතින් චුයින්ගම් හප හප පාඩම් කලාට මොකද චුයින්ගම් හප හප විභාගෙට ලියන්න ඉඩ දේවිද කවුද දන්නෙ?

12. ව්‍යායාම සහ ආහාර
Learn Effectively
Source – opentraining.edu.au
පාඩම් කරන්න කලින් විනාඩි 10ක් වත් ඇවිදලා පොඩි ව්‍යායාම පාරක් දාල ඇවිත්ම පාඩම පටන් ගන්න එකවඩාත් සාර්ථකයි කියලා මතයක් තියනවා. මේ වැඩේ උත්සාහ කරල බලන්න. ඒ වගේම තමයි පාඩම් වැඩ අතරතුර තමන්ට දෛනිකව අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය පානය කරන්නත් අමතක කරන්න එපා. පැණිබීම සහ ක්ෂණික ආහාර වෙනුවට ශරීරයට ශක්තිය සපයන සමබර ආහාර වේල් ගැනීම ගැනත් අවධානය යොමු කරන එක වටිනවා. ධාන්‍ය වර්ග, සැමන් වැනි ඔමෙගා 3 සහිත මාලු, රටකජු වැනි ඇට වර්ග, ඩාක් චොකලට් කෑල්ලක් එහෙම කෑමට එකතු කරගන්න එකෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට අමතර ශක්තියක් ලැබේවි.



අනිවා තුලින් උපුටා ගන්නා ලද්දකි.

Friday, July 13, 2018

මා නොවේ ඒ රාවණා...





මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...

හිත බින්ද දුණු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා
තාම නාඩා ඉන්නේ ඇයි මා...

මා නොවේ ඒ රාවණා...

ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
සයණයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬුමොණරේ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඩා ඉන්නේ ඇයි ඈ...

කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලක්කනින් දලුලා ගිණිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඩා ඉන්නේ ඇයි මා...

මා නොවෙයි ඵ් රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා..

Blog එකක් හදන හැටි සහ වැඩ කෑලි...

කට්ටියට කොහොමද ඉතිං, කාලෙකිං මේ පැත්තෙ ආවෙ පෝස්ට් එකක් ලියන්න. ආගන්තුකයා එහෙනං යුනිවසිටි එකේ අන්තිම අවුරුද්දත් ඉවර කරා කියමු කො. (විභාග ඉවරයි තව අසයින්මන්ට් වගයක් ඉතුරු වෙලා තියනවා ඉතිං.) කොහොමිං කොහොම හරි දැං වෙනදා වගේ නෙමෙයි ටිකක් කල් තියනවා මොනවා හරි ලියන්න කියන්න එහෙම. ඒ කාලෙ කවි කතන්දර එහෙම ලියවුනාට අනේ මන්දා දැන් නං එවුවා ගැන අදහසක්වත් එන්නෙ නෑ නෙව. හරි ඒක පැත්තකිං තියමුකො. හාහාපුරා කියලා එහෙනං අපි දන්න කියන දෙයක් ගැනම පොඩ්ඩක් ඉගනගමු කො.

මගේ නම් බ්ලොග් එක කියවන අය ගොඩක් දෙනෙක් බ්ලොග් ලියන අය. ඒ නිසා මේ පෝස්ට් එකේ මුල් ටික නං වැඩිය වැදගත් වෙන එකක් නෑ මයෙ හිතේ. හැබැයි ඉතිං අන්තිමට කියන්නං 

* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

මේ පෝස්ට් එක ලියන්නෙ කවි කතන්දර එහෙම ලියන්න පුලුවන්, ඒත් ඒවා එක තැනක තමන්ට සහ අනිත් අයට තියාගන්න හරිහමන් විදිහක් දන්නෙ නැති අයට. හරි කතා ඇති, වැඩට බහිමු.


බ්ලොග් එකක් හදන්න නම් ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදන්න තැනක් හොයාගන්න ඕන. සාමාන්‍යෙයන් wordpress, blogger කියන්නෙ වැඩියෙන් පාවිච්චි වෙන සේවා දෙකක්. හැමෝටම ගූගල් අකවුන්ට් තියන නිසා සහ පහසුවෙන් හදාගන්න පුලුවන් නිසා අපි බලමු කොහොමද blogger එකෙන් blog එකක් හදන්නෙ කියලා. පියවර විදිහට කියන්නං කො ලේසි වෙන්නත් එක්ක.

පියවර 1

www.blogger.com එකට ගිහින් gmail ගිණුමෙන් log වෙන්න.

පියවර 2

ඉස්සෙල්ලාම පළවෙන් පින්තූරෙ තියන බොත්තම ඔබලා, ඔන්න ඕකෙ දෙවනි පින්තූරෙ 1 කියන තැනට තමන් කැමති නමක් දෙන්න. 2 කියන තැනට කැමති url එකක් දෙන්න. හැබැයි ඉතිං ඒ url එක කලිං පාවිච්චි වෙලා තියන එකක් නම් වෙනස්කමක් කරලා අර නිල් පාට හරි ළකුණ එනකං වෙනස් එවුවා දීලා බලන්න. සුදුසු නමක්, යූ ආර් ඇල් එකක් එහෙම තෝරගත්තාට පස්සේ..

පියවර 3





පළවෙනි පින්තූරෙ තියන බොත්තම ඔබලා, දෙවනි පින්තූරෙ තියන මෙවුවා එකට යන්න (පින්තූරෙ ඔබන්න ලොකු කරන්න නං). ඒකෙ ඔය සුදුපාට ලොකු හිස් ඉඩේ තමයි පෝස්ට් එක ලියන්නෙ. උඩ තියන එවුවා නිකං වර්ඩ් එකේ වගේ. වෙනස් කර කර හොද විදිහකට හදාගන්නයි තියෙන්නෙ. දකුණු පැත්තෙ උඩ කෙළවරේ පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න, සේවු කරලා තියාගන්න වගේම පබ්ලිශ් කරන්න කලිං කොහොමද කියලා බලාගන්න කෑලි ටිකක් තියනවා. ඔක්කොම දැම්මාට පස්සෙ පෝස්ට් එක මේ වගේ පේන්නෙ.

මේවා ඉතිං සාමාන්‍යෙයං කට්ටිය දන්න දේවල් නේ! අපි පොඩ්ඩක් බලමු ටිකක් වැඩි වැඩ. ලියනවා ට වඩා කියන එක ලේසියි. ඒ නිසා මං වීඩියෝ එකක් දාන්නං. මටත් ලේසියි ඉතිං.
වීඩියෝ එකේ අන්තර්ගත දේවල්
* බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි, ලේබල්ස් දාන හැටි
* Layout එක වෙනස් කරන හැටි
* Gadgets, Online users ලා බලන්න gadget එකක් දාන හැටි
* Themes වෙනස් කරන හැටි, default නැති Theme එකක් දාන හැටි
* Facebook Comments දාන හැටි

කවුරු හරි කෙනෙක්ට පෝස්ට් එක වැදගත් උනා නම් සතුටුයි. මොනවා හරි අහන්න එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. දන්න කියන විදිහට කියලා දෙන්නම්.




අන්තර්ජාලය ඇසුරින් උපුටා ගන්නා ලද ලිපියකි.

Saturday, June 16, 2018

වැදි ජනයා.

වැදි ජනයා ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රම‌යෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය ‌වෙමින් පවතියි.
01. සම්භවය...
වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි. උගතුන් විසින් ‌පෙන්වා දෙන්නේ විජයාගමනයට ‌පෙරාතුව පැවති ඉපැරණි ‌ගෝත්‍ර වන යක්ෂ, ‌නේසද, මිලක, ශබර වැනි ජන ‌කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ‌ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරී‌මේ දී, ඔවුන් ‌ප්‍රෝ‌ටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන ‌වේ.

පරීක්‍ෂණයන් මගින් ‌පෙනි ‌ගොස් ඇත්තේ, ඔවුන් ලංකා‌වේ ආදිවැසියන් වූ බලං‌ගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුග‌යේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරී‌මේ ජන ජීවිතයකට හුරු වූ ජන ‌කොට්ටාශයකට අයත් බව පෙ‌න්.
සිංහල සාහිත්‍ය‌යේ වැද්දන් හැඳින්වීමට ‌යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ‌ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වද‌නෙකයි වි.ජ.මූ. ‌ලොකුබණ්ඩාරයන් පවසයි. ‌ගොවිතැන් ‌නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට ‌යොදනු ලැ‌බේ. සිංහල ජාතකකතා ‌පො‌‌තහි ද ‌මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන ‌යෙඳුම භාවිතා ‌කොට ඇත. එහෙත් ‌හෙන් ‌ගොවිතැන් ක‌ළ, දඩයම් ‌කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණ‌යේ ලා ‌නොසැලකුණි.
මහාවංශය අනුව සිංහල ජාති‌යේ ආරම්භ‌යේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කු‌වේනි නම් ‌හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ‌ලෙස ජනප්‍රවාද‌යේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කු‌වෙණිය‌ගේ දරුවන් ‌දෙ‌දෙනා සම‌නොල අඩවියට පලා ‌ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව ‌මොවුන් 'පුලින්ද'යන නාම‌යෙන් ව්‍යවහාර වූ බව ‌පෙ‌නේ.වංසත්තප්පකාසිනිය පවසනේ වැද්දන් පැවත එන්නේ කුවේනියගේ දූ පුතුන් දෙදෙනාගෙන් බවයි.
මහා වංශ‌යේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කු‌වේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියා‌වෙන් ‌ගෙ‌නෙන ලදි. එහි දී කු‌වේණිය නැවත ලංකාපුර‌යෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව ‌වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇය‌ගේ බාල ‌සො‌හොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සම‌නොළ කන්ද)ට ‌ගොස් ‌ නැගණී දෙටු ‌සොයුරා හා වාසය ‌කොට, මලයා රට හෙවත් කදුකර ප්‍ර‌දේශ‌යේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ‌ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් ‌මේ‌‌ලේජ්‍ය ‌ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. ‌‌කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ‌යේ සිට කදුකරය දක්වා ප්‍ර‌දේශය ‘සබරගමුව’ ‌ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ ‌මගින් ය. ‌උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩා‌වේ ‌දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්ත‌යේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශ‌යෙන් ඍජුව ම දක්වා ඇත.
ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකා‌වේ ආදිවැසි‌යෝ ‌නො‌වෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්‍ර‌යෙන් බිහිවූවක් ‌ලෙසින් ‌පෙ‌නෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. ‌කෙ‌සේ‌වෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාර‌යෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් ‌නොමැති බව ය.
02. හෙලයන් සමග සබඳතාව....
මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණ, බලි, තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ගෝත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රෝහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහාවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්‍රවාදයන්හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද හෙළයින් සහ වැද්දන් අතර ඇති ඥාතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චායනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.
වැදි සමාජ සංවිධානය

වැදිසමාජය තුළ කැපී ‌පෙ‌නෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. ‌බො‌හෝ විට වැදි රැළක් වැදිනායකයකු යට‌තේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාර‌යේ, ‌ගෝත්‍ර අතර ‌වෛරයක් ‌හෝ ‌ගෝත්‍ර සටන් දක්නට ‌නොමැත. එක ම ප්‍ර‌දේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදාන‌යෙන් ජීවත් වුව ද, ප්‍ර‌දේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිග‌යෝ ගඟක් ‌හෝ කැළැ ‌පෙ‌දෙසක් හරහා ‌වෙනත් ප්‍ර‌දේශයන් වලට සංක්‍රමණය වූ හ. ‌මෙ‌සේ ප්‍ර‌දේශ‌යෙන් ප්‍ර‌දේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය.
03. වර්ග ‌බෙදීම....
වැද්දන් අතර වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, එය කෙ‌සේ ආරම්භ වූයේ ද, එහි ප්‍ර‌යෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එ‌හෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනී‌මේ දී, මෙකී වරුග ‌බෙදීම 'පෙළපතක්' වශ‌යෙන් භාවිතා කරනු ‌පෙ‌නේ. ප්‍රධාන වශ‌යෙන් වරුග හයක් වැද්දන් අතර පවති: ‌මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ වශ‌යෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීත‌යෙන් ද වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, ඒවා ‌මෙහි ලා දක්වනු ලැ‌බේ:‌හේ‌නෙ-බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ යනාදිය ය. [2] සමහර අවස්‍ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, ගරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරු‌ගෙන් පිට විවහයන් කරත්, බහිර්-‌වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි.
සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග ‌බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ‌ගෝත්‍ර‌යෙන් පිට විවහා වීම ‌හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ ‌මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍ර‌යෙන් ‌ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).
භූවිෂමතා ලක්ෂණ ඇසුරු ‌කොට ද වැද්දන් ප්‍රධාන වශ‌යෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු ‌කොට ජීවත් වන වැද්දන් සහ නැ‌ගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍ර‌දේශ‌යේ ජීවත් ‌වෙති ‌මොවුන් 'වෙතර්'වශ‌යෙන් හඳුන්වනු ලැ‌බේ.
දිවි‌පෙ‌වෙමුල් කාල‌යේ දී, වැදි ජනප්‍රජාව ගල්ලෙන් ඇසුරු ‌කොට ජීවත් වූ අතර, පසුව පැල්පත් ආශ්‍රීත ගම්මාන කරා සංක්‍රමණය වන්නට ඇත.

ඒවා වැදි ‌කොරටු ‌ලෙසින් හැඳින් වූ අතර, වරින් වර, ආහාර ‌සොයා ගත හැකි පමණට කොරටු‌වෙන් ‌කොරටුවට වැදි ප්‍රජාව සංක්‍රමණය වී‌මේ සිරිතක් විය. පසුකාලීනව ඇති වූ ගම්වැද්දන් ප්‍රධාන වශ‌යෙන් හේන් ‌ගොවිතැන ඇසුරු ‌‌කොට ජීවත් වූ නමුදු, ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි ‌පෙ‌වෙත සම්පුර්ණ‌යෙන් ම අත් ‌නොහැරිය හ.
වැද්දන් ප්‍රධාන වශ‌යෙන් දඩයම් කිරී‌මෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ මුලීක ප්‍රවනතාවය වූ‌යේ ‌ගොනා දඩයම් කිරීම ය. ‌ගොනා ගිරි ආශ්‍රිත ව වාසය කළ නිසා වැද්දන් ද ගිරි‌ලෙන් ආශ්‍රිත දිවි ‌පෙ‌වෙතකට හුරු වන්නට ඇති බව ‌බො‌හෝ විද්‍යාර්ථයින් විශ්වාස තරති. ‌මෙයට අමතර ව, ඔවුන් ඵල-අල ආහාරයට ගනිමින් ද, වන මී රැස්වන කාලයට මී කැඩි‌මෙන් ද දිවි ‌පෙ‌‌වෙත සරි කර ගත් හ. වැද්දන් ආහාර පුළුස්සා ගැනීම කරන අතර, අලවර්ග ‌‌බො‌හෝවිට උණු අළුපල්ලේ ලා තම්බා ගැනීම කරනු ලැ‌බේ. දඩයම් කිරීම හා ආහාර අනුභවය කණ්ඩායමක් වශ‌යෙන් එකට ම කරනු ලැ‌බේ. වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හිඟ කාලයන් සඳහා කල් තබා ගැනීමට මස් වර්ග වියලීම (හෙවත් කරවල කිරීම), එල්ලා දුම්ගැස්ස වීම ‌හෝ මීපැනිවල බහා තැබීම වැනි ක්‍රියාවන් කළ හ.
04. රැ‌‌හේ නායකයා....
වැදි‌ගෝත්‍රය සංවිධානය වන්නේ 'නායකයෙකු' වටා ය. එ‌හෙයින් විවිධ වූ වැදිජනප්‍රජාවන් සඳහා නායක‌යෝ සිටිය හ. එ‌හෙත් පසුකාලින වශ‌යෙන් වැදි ජනතාව‌ගේ ප්‍රාමාණාත්මක අඩුවීම නිසා සහ ආණ්ඩුව විසින් ඔවුන් වසන ප්‍ර‌දේශ පාලනය නායකයන්ගේ පැවැත්ම ක්‍රමයෙන් නැති ව ගි‌යේ ය. වැදි ප්‍රජා‌වේ කැපී ‌පෙ‌නෙන නායක‌යෙක් ‌‌ලෙස මෑත යුග‌යේ සිටි‌යේ දඹා‌නේ මහාවන්නියලැත්‌‌තෝ ‌හෙවත් තිසාහාමිලැත්‌තෝ ය.
05. පවුල් දිවිය....
වැදි ජනයා අතර ඥාතීත්වය සහ ඔවුන්ට ආමන්ත්‍රණය සිංහල ජන ප්‍රජාව ‌මෙන් ‌‌වෙයි. අප්පිලැත්‌තෝ (පියා), අම්මිලැත්‌තෝ (මව), ආදි වශ‌යෙන් 'ලැත්‌තෝ' යන පාඨය ඥාතිතවයට පසුව ‌යෙදී‌මෙන් ඔවුහු ආමන්ත්‍රණය තනා ගනිති. බිරිද(කුඩ්‌පෙත්ත)ට ‌බො‌හෝ විට, 'නංගිලැත්‌තෝ' යන ‌යෙඳුම ‌යොදනු‌යේ, වැදිජනප්‍රජා‌වේ දක්නට ඇති බෑණා සහ නැනා (ඇවැස්ස හුරා-නෑනා) විවාහයන් නිසා‌වෙන් ය. සිංහල සමාජ‌යේ ‌මෙන් ම, විවාහ සහ ලිංගික සම්බන්ධතා සම්බන්ධ‌යෙන් විවිධ වූ තහංචි පැන වී තිබිණි. නිදසුනක් ‌ලෙස, මාමා සහ නෑනැ අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන් ම, මවු-පිය පාර්ෂව‌යේ ස‌හෝදරයන් ‌හෝ වියපත් ස‌හෝදර ස‌හෝදරියන් අතරත් විවාහයන් තහනම් විණ. එ‌හෙත් මරණයක දී, මළ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිය එකී පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිඳු විම නිසා, නැවතත් දරුවන් හට ආරක්ෂාවක් ලැබිණ.
06. පවුල් සම්බන්ධතා...
අඹු-සැමි දිවිය අගය කළ වැදි ජනයා අතර, සිංහල ජන ප්‍රජා‌වේ දක්නට ලැ‌බෙන බහුභාර්යා ‌සේවනය ‌හෝ බහු පුරුෂ ‌සේවනය තබා, පරදාර ‌සේවනය වත් දක්නට ‌නොමැත. විවාහ‌යේ දී, වැදි ජනයා ස්වකීය භාර්යාවන්ට මනා ‌සේ ඇළුම් කළ අතර, එකි‌නෙකාට විශ්වාසවන්ත ‌ලෙස ද ජීවත් විය. එ‌හෙයින් වි‌දේශිය මිශනාරිවරුන් විසින් ‌කෙවල විවහා කුමය ලංකාවට හඳුන්වා දීමට පෙර සිට ම, වැද්දන් අතර ‌කේවල විවාහ ක්‍රමය තිබූ බව ‌පෙ‌නේ. වැදි ප්‍රජාව අත‌රේ ගැහැණිය හට මනා ආරක්ෂාවක් ලැබුණු අතර, ඇය පවු‌ලේ පළමු ‌කොට, ආහාර‌යෙන් ‌කොටස භුක්ති වින්ද හ. ‌මෙයින් ‌පෙ‌නෙන්නේ කාන්තාව වැදි ප්‍රජාව අත‌‌රේ ‌ගෞවරවයට පාත්‍ර වූ බවකි.
07. විවාහ චාරිත්‍රයන්......
වැදි දරු‌වෝ කල් ‌නොයවා ස්වකීය නෑන-හුරා විවාහයන්ට ඇතුළු ‌වෙති. ඔවුන් අතර ස‌හෝදර ස‌හොදරි ව්‍යවාහයන් ‌හෝ විවාහයට ‌පෙර ලිංගිත සම්බන්ධතාවන් සිදු ‌නො‌වේ. විවාහ චාරිත්‍රයන් ‌බො‌හෝ ‌සේ ලුහුඩු ය; සරල ය. තරුණ වැදි ‌කොළු‌වෙකු හිතගිය තරුණි‌ය‌ගේ ‌පියාගේ ගෙට පැණි මුලක් හා මස් රැ‌ගෙන ‌ගොස් ‌යොජනාව පියාට පවසන අතර, පියා විසින් ඇයට නියඳ පට්ටාවලින් ඇඹරූ රෑනක් ‌ගෙන ඔහු‌ගේ ඉණ වටා බඳිනු ලැ‌බේ. එතැන් සිට ‌‌දෙ‌දෙනා අඹු-සැමි‌යෝ ‌වෙති. ඒ රෑණ දිරා ගිය කල්හි, අලුත් නියඳ රෑණක් අඹරා බැඳී‌මේ කාර්යය භාර්ය්‍යාව සතු ‌වෙයි.
වැදි කාන්තාවන් (මූලාශය.සී.ජී සෙලිග්මාන්ගේ ද වැද්දාස් කෘතිය.1911)

සාමාන්‍ය‌යෙන් මාමලැත්‌තෝ විසින් බඹර වද ඇති තැනක් පවරා දීමත්, දඩ බල්ලන් සහ දුනු ඊතල දීමත් කරන ලදි. සමහර අවස්ථාවලදි මනමාලයා විසින් මනමාලියට ‌රෙදිපිලි දීම පසුකාලින ව ඇති වූ සිරිකත් බව ‌පෙනේ. විවාහ‌යෙන් පසුව බෑනා මාමා‌ගේ රෑණට එකතුවී, දඩයමට සහයවීම සිඳු ‌වෙයි. එබැවින් වැදි ජනයා අත‌රේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරැවන් ‌කෙ‌රෙහි ඇල්මක් ඇත.
08. දරුදැරි‌යෝ....
විවාහ‌යෙන් පසු, දරු ගැබක් පහළ වූ පසු, වැදි ජනයා අතර ආරක්ෂාවන් සඳහා විවිධ අභිචාර විධී භාවිතා කරයි. පුරාණ‌යෙදී 'පට්ටා යකා' පූජාවක් කරමින් ගැබ් ආරක්ෂා කළ බව ප්‍රකට ය. ප්‍රසූතිය ගල්‌ලෙනක ‌හෝ පැ‌ලේදී සිඳු විණ. ප්‍රසූති‌යෙන් පසු ව විවිධ මස්-මාශ වර්ග අනුභවය නුසුදුසුයයි පිළි ගැනීමක් විණ. එ‌සේ ම කිරී එරීම සඳහා ම ‌යොග්‍යයයි පිළිගත් අලවර්ග ආහාරයට දීම කරන ලදි.
දරුවා හට මසක් තුළ නමක් දුන් අතර, යකුන්‌ගේ ‌දොස් වලින් ආරක්ෂා කර ගැනීමට දරුවා ‌බො‌හෝ විට හඳුන්වනු ලැබු‌වේ විවිධ වූ හුරතල් නම් වලිනි. ඔවුන්‌ගේ නියම නමින් හඳුවන්නට පටන් ගන්‌නේ දරුවා වැඩුණු පසු ය. දරුවන් ‌ගේ වයස අවුරුදු හත පමණ වනතුරැත් ඔවුන් නිර්වස්ත්‍රව සිටිති. වයස අවුරුදු දහය-දො‌ළොහ පමණ වය‌සේ දී දරුවන් විසින් ගල්දුනු භාවිත‌යෙන් කුරුල්ලන් සහ කුඩා සතුන් දඩයම් කරති.
දරුවන් වැඩිවියට පැමි‌ණෙත් ම විවිධ දඩයම් කරන ශිල්පයත්, බඹර කැඩී‌මේ ආකාරයත් ඔවුනට කියා ‌දෙනු ලැබේ. ‌මෙ‌සේ වැඩුණු පිරිමි දරුවන් දඩයම් සහ බඹර කැඩී‌මේ දී හවුල් කර ගන්‌නේ එකී කුසලතා වර්ධනය කිරීමට ය.
වැදි දැරිවිය මල්වර වූ විට, ඇය නුග ගසක් ‌වෙතට ‌‌ගොස් ගල් කැටවලින් එයට ගැසීමත්, එය කන වැකුණු මව වතුර කළයක් ‌ගෙන ‌ගොස් ඇය නහවා, හිසිට පසුපසින් එය බිමට වැටී බිඳී සියලු ‌දොස් දුරු කිරීම හැර ‌වෙනත් වි‌ශේෂිත ‌කොටහළු සිරිත් නැත. පසුකාලින වශ‌යෙන් සිංහල මල්වර සිරිත් වැද්දන් අතර ප්‍රචලිත වීම නිසා, මල්වර දැරිය කිළි පැලක වැඩිමහළු කාන්තාවක් හා තැබීම හා ඒ ආශ්‍රිත අභිචාර විධි කිරීම දැන් අපට අසන්නට දක්නිනට ඇත.
මරණය වැද්දන් ‌කෙ‌රෙහි භිය උපදවන අවස්ථාවකි. එවැන් විට ඔවුහු ගල්‌ලෙන් අතැර යති. එ‌සේ කරනු‌යේ, මළ පුද්ගලයන් ඔවුන් හඹා එනු ඇතයි බි‌යෙනි. වැද්දන් විශ්වාස කරන පරිදි, මරණ‌යෙන් පසු ස්වකිය ඥාතියා නෑ ය‌කෙකු කිරීමට, දින කිහිපයක් මළ පුද්ගලයා ‌වෙනු‌වෙන් පුද පූජා පවත්වති.
09. බාහිර සම්බන්ධතා...
එකල සිටි වැදි නායකයෙකු රොබට් නොක්ස් දුටු අයුරු
‌රොබට් ‌‌‌නොක්ස් පවසන පරිදි, ඔවුන් මුව දඩය‌මෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුළින් වියලා ගැනීම කරනු ලැ‌බේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් ‌වෙත පැමිණිය හ. රජු‌ගේ කෑම ‌මේසයට සඩමස් සැපයීම කාර්‌යේ ද නිරිත විය. ඒවාට අමතර ව, රජු හට ඇත්දළ සැපයීම ද, මී පැණි සහ මී ඉටි සැපයීම ද කරන ලදි. රජු ද ඔවුන්ට ප්‍රත්‍යුපකාර වශ‌යෙන් වැද්දන් හට ‌රෙදිපිළි සහ ඊතල ආදිය දුන්‌නේ ය. ‌රොබට් ‌නොක්ස්‌ගේ වාර්තාවට අනුව වැද්‌දෝ වරක් රජුට එ‌රෙහිව පැමිණි යුද්ධවලදී සටන් කළ හ. එ‌සේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍ර‌දේශ ආරක්ෂා කරමින් රජුට ද වක්‍රාකාර ව ආරක්ෂාව සපයන ලදී.
10. වැදි බස...
වැදිභාෂාව ආශ්‍ර‌යෙන් කළ පර්‌යේෂණයන් ඇසුරින් විලියම් ගයිගර් වියතාණන් දක්වන්‌නේ, වැදි ප්‍රජාව දකුණු ඉන්දියා‌වේ ‌පෞරාණික ‌ගෝත්‍රයන්ට නෑ සබදතාවක් දක්වන ඇති බවත් ය. ආරියන් සංක්‍රමණයන්ට ‌පෙර පටන් ඔවුහු ශ්‍රී ලංකා‌වේ විසූ ආදිවාසින් වූ අතර, අනාර්ය භාෂාවක් කතා කළ බවකි (Indian Historical Quartely, XI. pp. 515-516).
වැද්දන් විසින් වනාතර‌යේ දඩයමට යන අතර භාවිතා කළ රහස් බසක් වශ‌යෙන් ඔවුන්‌ගේ භාෂාව වර්ධනය වන්නට ඇත. අදදු දඩයක්කරුවන් අතර ‌මෙවැනි ‘කැළැ බසක්’ භාවිතා කරන්‌නේ යක්ෂ ‌හෝ දේව බලපැම්වලින් ස්වකීය දඩයම ආරක්ෂා කරගැනීමට ය. මූලීක වශ‌යෙන් ආදිවැසියන් ‌ලෙස වර්ධනය වූ වැද්දන්‌ගේ අනාර්ය බස ක්‍රම‌යෙන් ආර්යන්ගේ පැමිණිම හා සිංහල භාෂාව හා සම්මිශ්‍රණය වි‌මෙන් දැන් භාවිතා කරන ආකෘතියට පරිවර්තනය වන්නට ඇත. ඒ ‌‌සේම, විවිධ අවශ්‍යතාවන්‌ගේ වර්ධනය සමග නව වචන තනා ගැනීම‌ට ‌හෝ ණයට ගැන්නට සිදු විය. ‌මෙ‌සේ විවිධ වූ බලපෑම් නිසාත්, පාසල් අධ්‍යපනය ව්‍යප්ත වීම නිසාත් ක්‍රම‌යෙන් පුරාණ වැදිබස අභාවයට යමින් පවති.
ආගමික ලැදියාවන්

වැදි ප්‍රජාව ප්‍රධාන වශ‌යෙන් ‌ලෝක‌යේ අ‌නෙකුත් ආදිවාසි ජන ප්‍රජාවන් ‌සේ, ප්‍රාණ වාදිහු ‌වෙති. වැද්දන්ගේ ඇදහිලි රටාව මළ ඥාති වන්දනාවකි (Obesekera, 'G. Sinhal religion.' In M. Eliade ed. The encylopedia of religion, Vol 13. New York: Macmillan, 1987.).
11. විශ්වාස....
වෑද්දන්‌ගේ විශ්වාසයන් සංකිර්ණ ය. ප්‍රධාන වශ‌යෙන් නෑ යකුන් ඇදහිම, විවිධ ‌වෙනත් යක්කු සහ ‌දෙවිවරුන් ඇදහම හා ‌බෞද්ධ පුදපූජාවන් ‌මේවාට ඇතුලත් ‌වෙති. ‌‌බොහෝවිට යාදිනි සහ කිරි‌කොරහ වැනි අබිචාරයන් මගින් සශ්‍රීකත්වය උ‌දෙසා කටයුතු කරයි. ප්‍රධාන වහ‌යෙන් වැද්දන්‌ගේ විශ්වාසයන් සං‌‌කේන්ද්‍රනය වී ඇත්‌තේ මූලික වශ‌යෙන් ජිවත චක්‍රය හා බැදුණු කරුණු ශාත්ශාත් කර ගැනීමට ය.
-අන්තර්ජාලයේ පල වූ ලිපියක් ඇසුරෙනි...-

බිලි පූජා




"සෑම මානව සමාජයකටම ආගමක්‌ තිබේ, මොන තරම් ප්‍රාථමික වුවත් ආගමික හෝ අභිචාර විධියක්‌ නැති ජනතාවක්‌ නොමැත. විද්‍යාත්මක ආකල්පයක්‌, විද්‍යාවක්‌ නැති ජනතාවක්‌ ද නැත. හැම ප්‍රාථමික ජනතාවක්‌ ම ශුද්ධ හා ලෞකික යන ක්‌ෂේත්‍ර දෙක වෙන් කර ගනිති. වෙන විධියකින් විස්‌තර කරන්නේ නම් මේ දෙක ආගම හා අභිචාර විධි බලපාන ක්‌ෂේත්‍රය හා විද්‍යාව බලපාන ක්‌ෂේත්‍රයයි. දේශීය ජනයා විසින් ශුද්ධ සේ සලකනු ලබන පාරම්පරික සංස්‌කාර හා පිළිවෙත් පිපිරීම් එක්‌ පැත්තක වෙයි. අනික්‌ පැත්තෙහි ස්‌වභාව ධර්මයෙහි ක්‍රියාදාමය දෙස පරීක්‌ෂාකාරී ලෙස කරනු ලබන නිරීක්‌ෂණ හා එහි අනුක්‍රමිකතාව පිළිබඳව ඇති තිරසාර විශ්වාසයෝ වෙති" (බ්‍රොනිස්‌ලාව් මලිනොව්ස්‌කි) (බෞද්ධ ශිෂ්ටාචාරය ( මූලධර්ම සහ වංශකථාව, මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර, ආචාර්ය එච්.එම්. මොරටුවගම, 1990, ගොඩගේ)
ලෝකයේ ආදිම ශිෂ්ටාචාරය වශයෙන් ගැනෙන සූමේරියන් ශිෂ්ටාචාරය ටයිග්‍රීස්‌ සහ යුප්‍රටීස්‌ යන ගංගා දෙකට මැදි වූ නිම්න භූමියේ පහළ දක්‌ෂිණ අර්ධයෙහි පහළ වූ බවත්, මේ කාල පරිච්ඡේදය ක්‍රිස්‌තු පූර්ව 3000 ටත් 4500 ටත් අතර කාලය ලෙසත්, එය අදින් වසර 5500 ට ක පමණ පූර්ව යුගයකට අප කැඳවන බවත්, පුරා හා මානව විද්‍යාඥයින් ගේ අධ්‍යයන වාර්තා තහවුරු කරයි. නයිල් මිටියාවතේ ඇති වූ මිසර ශිෂ්ටාචාරය ද ක්‍රිස්‌තු පූර්ව 2000 ටත් 4000 ටත් අතර කාලයකට උරුමකම් දක්‌වන බවද ඔවුන් හෙළි කර ඇති බව සඳහන් කළ යුතු අතර මේ වාසභූමීන්ට මැදිවූ යුදෙව් ජනයා ගේ ශිෂ්ටාචාරය මේ සමානම කාල නිර්ණයකට සබඳකම් දක්‌වන බව අනාවරණය වී ඇත. තවද, මෙයට පසු කාලීනව එන අරාබි, බැබිලෝනියානු ග්‍රීක හා පර්සියානු සංස්‌කෘතියේ බලපෑම පෙරදිගට ගලා ගිය බවත්, ඉතිහාස සටහන් මනාව ප්‍රකට කරයි. මාතෘකා ගත කරුණට අනුව සෘජුවම බලපාන්නා වූ හින්දු ආගම ඉන්දු නිම්න හෙවත් මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ සිට පැවත එන ඇදහිලි හා විශ්වාස ද කේන්ද්‍ර කරගෙන මෙම ලිපිය ඉදිරියට විකාශය කරමි.
ඕනෑම රටක ඉතිහාසය වනාහි ඒ රටෙහි සමාජ ආර්ථික දේශපාලනික ජීවිතය හෙවත් එහි ජීවත්වන ජනයා ගේ සංස්‌කෘතිය වෙනස්‌ වීමට හේතු වූ සමස්‌ථ කාරණාවන් වන්නේය. මාතෘකාගත කරුණ පිළිබඳ විමසීමේ දී විවිධ ශිෂ්ටාචාර අවධීන් සැකෙවින් විමසන්නට හේතු වූයේ මානව සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් හා ඔවුන් ගේ ඇදහිලි හා විශ්වාසාදිය පිළිබඳ සිය අත්දැකීම් පෙරට ඒමේ ස්‌වභාවය මද විමසුමකට ලක්‌ කිරීමේ අදහසින් බව කිවයුතුය.
භාරතීය හින්දු සංස්‌කෘතිය නිතැතින්ම අප එහි වේද යුගය කරා රැගෙන යන්නකි. ආර්ය සහ අනාර්ය වශයෙන් ඉන්දීය ජන ව්‍යාප්තිය විමසුවහොත් වේද සාහිත්‍යය තුළින් ප්‍රකට වන්නේ අනාර්ය ගෝත්‍රිකයන් ගෙන් වැද්දගත් විවිධ සංස්‌කෘතික ලක්‌ෂණ ගුප්ත දේවත්වයකින් ආවරණය කර ගෙන ඇති බවය. මෙම අනාර්ය ගෝත්‍ර විමසීමේ දී මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයාට විරුද්ධව නැගී සිටි රණකාමී ගෝත්‍රයක්‌ වූ මාලව වැනි යුදකාමී ගෝත්‍ර ඇතු`ඵව තක්‌ක, අභිරාජ, සාවරි, පහාඩි, විරාව, කුරු ආදී ගෝත්‍ර රාශියක්‌ පිළිබඳ තතු ඉතිහාස සටහන් හුවා දක්‌වයි. පංචාල ගෝත්‍රය පිළිබඳ ශතපථ බ්‍රාහ්මණයේ එන්නේ සෘග් වේද යුගයේ ත්‍රිවි ගෝත්‍රය මුල් කොට ගෙන එය ඇති වූ බවය. කුරු පංචාල ගෝත්‍ර සෘග් වෛදික යුගයේ පාලනයේ වැදගත් වූ බව සඳහන් වේ. ඔවුන් විජයග්‍රාහී කටයුතුවල යෙදුණ බවත් මේ රජුන් අශ්වමේධ යාගය පැවැත්වූ බවත් බ්‍රාහ්මණ ග්‍රන්ථ සඳහන් කරයි. ක්‍රි. ව. 320 380 කාලය ගුප්ත යුගයේ හා පශ්චාත් ගුප්ත යුගයේ ලියෑවුණ බවට විශ්වාසිත දශකුමාර චරිත, හර්ෂ චරිත හා කාදම්බරි ආදි කෘතීන්හි ද ස්‌වදේශික ජනයා ඉන්දු ආර්යයන් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කළ බව සඳහන්වන අතර පුලින්ද, සබර, කිරාත, මුතිබ වැනි ගෝත්‍රික ජන පිරිස්‌ වින්ධ්‍යා අඩවිය නිජබිම් කරගෙන සිටි බවත් වනගත කඳුකරය තුළ ජීවත්වූ ඔවුන් සිය භක්‌තිවන්ත දෙවිවරුන් උදෙසා මිනී මස්‌ පිදූ බවත් 'කාදම්බරි'ග්‍රන්ථ කර්තෘ සඳහන් කරයි.
දේව යනු බැබළීම ලෙස ගැනෙන අතර තේජසින් යුක්‌ත වීම වශයෙන් ද, පාලියෙහි දේව ශබ්දය 'දිවි' ධාතුවෙන් උපන් අතර දේවා යනු බැබළීම නැතහොත් ප්‍රීතියෙන් යුක්‌තවීම වශයෙන් විග්‍රහ කෙරෙයි. භාරතීය ඇදහිලි හා විශ්වාස ගැන කරුණු දක්‌වන මහාචාර්ය බෂාම් පවසන්නේ ආදිම කාලයේ ජනයා වාසුදේව නමින් දෙවිකෙනකු බටහිර ඉන්දියාවෙහි විශේෂයෙන් වන්දනා කළ බවත්, බෙස්‌නගර් කු`ඵණු ලිපිය අනුව ක්‍රිස්‌තු පූර්ව 2 වැනි ශත වර්ෂය වන විට රටේ පාලක පන්තිය පවා මෙම දෙවියන්ට ගරු බුහුමන් කළ බවත්ය. මේ සමග බටහිරින් පැමිණි ආක්‍රමණිකයින් ද මෙම දෙවියන් පිළිගත් බවත් විෂ්ණු නම් වෛදික දෙවියනුත් වාසුදේවත් එකම දේවත්වයක ලා සැලකීමට හුරු පුරුදු වූ බවත් වැඩිදුරටත් පෙන්වා දෙන අතර දෙවිවරු සංයෝග කිරීම මානව සමාජය වෙනස්‌ වීමත් සමග සිදුව ඇති ආකාරය මනාව ප්‍රකට කරයි. නිදසුනක්‌ ලෙස භාරතීයයන් අතර මුඛ පරම්පරාගත සංග්‍රාමික දෙවියකු වූ කෘෂ්ණ දෙවියන්, අවසානයේ විෂ්ණු දෙවියන් හා සමීප වූ බව ද පවසයි (බෂාම්) (අවලෝකිතේස්‌වර සහ නාථ දේව සංකල්පය ද ඊට නිදසුනකි).
බිලි පූජාව වැනි සංකල්ප ආදි අනාර්ය ජනයා තුළින් සමාජගතව ප්‍රකට වූ බවත් මෙම අභිචාරවිධි භාරතීය දේශ සීමාවෙන් ඔබ්බට ගිය ආකාරයත් විමසීමට කලින් බිහිවී වැඩී ගිය දේශයේ තතු විමසා බැලිය යුතු වෙයි. ක්‍රි. පූ. 1500 ට ආසන්නයේ ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නේ ගෝත්‍රික කණ්‌ඩායම් වශයෙනි. ඉන් භරත ගෝත්‍රය මුල්කර ගෙන භාරතය යන නාමය පටබැඳුණ බවත් ආර්යයන් ගේ ස්‌ථාවර සමාජ රටාව පිළිබඳ ඇගයීමකුත් ඒ සමග ඉතිහාසගතව ඇති බව සඳහන් කළ යුතුය. ආර්යයන් තම සෑම කටයුත්තක්‌ම උසස්‌ ආකාරයකටත් අනෙකුත් ජනයා පහත් ලෙස සැලකීමටත් පුරුදු විය. මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ය සමාජය තුළ වර්ණ බේදය මගින් බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර වශයෙන් වර්ගීකරණයට ලක්‌විය. සර්ව බලධාරී වූ සියල්ලටම අධිපති වූ මහා බ්‍රහ්මයා ගේ නියෝජිතයන් ලෙස භාරතීය සමාජයේ උසස්‌ම ස්‌ථානය හිමි වූයේ බමුණන්ටය. සෘග්, යජුර්, සාමන්, අථර්ව යන වේදයන් ගේ සමස්‌ත දැනුමින් සන්නද්ධව සිටි ඔවුන් වේදය ගුරු කොට ගෙන සමස්‌ත සමාජය මෙහෙයවන ලදී. ඒ අනුව උසස්‌ හිමිකම් තමුන් වෙත පවරා ගත් අතර යාග පැවැත්වීමේ බලය ද ඒ අතර වැදගත් ලෙස සැලකූහ. මනුස්‌මෘතියට අනුව වේදය ඉගෙනීම උතුම් ආගමික ඉගෙනීම බව සමාජගතව පැවැතුණි.
පැරණි භාරතීය සමාජයේ සෙසු කුලයන් වූ ක්‌ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර ජනයා ට බ්‍රාහ්මණයින් අඩු අයිතිවාසිකම් ලබා දුන් අතර අනුශාසකත්වය හා සංවිධානය මෙහෙයවීම ඇතිව යාග හෝම සමාජ ගත කළ ඔවුන් අශ්වමේධ යාගය, පුරුෂ මේධ යාගය, වාජ පේය හා නිරක්‌ගල ආදී වශයෙන් නාමකරණයෙන් යාගයන් අරුත් ගන්වා ශාන්ති කර්ම විශේෂයක්‌ ලෙස දෙවියන් උදෙසා පවත්වන ලදී. මෙම යාගයන් හි දී සිය දහස්‌ ගණන් තිරිසන් සතුන් ද මිනිසුන් ද මරා බිලි දුන් හ. චතුර් වර්ණ ගත මෙම සමාජයෙහි එකිනෙකාට සමාජයෙහි උසස්‌ , පහත් සහ පහත්ම (පංචම ජනයාට) වශයෙන් විවිධ ස්‌ථාන පැවතුණි. ඒ අනුව සැමට සමාන වරප්‍රසාද, හිමිකම් අයිතීන් හා යුතුකම් සමාජගත ව නොපැවති බව මනාව පැහැදිළි වෙයි.
උසස්‌ම ආකාරයෙනුත් චිත්ත පාරිශුද්ධියෙනුත් යුතුව වත් පිළිවෙත් පවත්වන හින්දූන් ගේ ආගම කාලයත් සමග දර්ශනය සමග වැඩී ගොස්‌ බ්‍රහ්ම විෂ්ණු, ශිව යන දේව ත්‍රිත්වය මත පදනම්ව විකාශනය විය. මේ ඔස්‌සේ සමාජගතවූ ක්‍රියාකාරකම් ජන සංස්‌කෘතිය හා බද්ධවී ඇතැම් කරුණු තුරන්වී නව ක්‍රම බද්ධ වී පැවත එන්නේ මස්‌ සිඳ ඇට මිදුළු දක්‌වා දිව ගොස්‌ සැඟව ඇති මූලික විශේෂයන් සමග බව ඇතැම් සංසිද්ධි අනුව පැහැදිලි වෙයි. පොළොවේ සිටින දෙවියන් බමුණන් බව පැවැසූ ඔවුන් 'භූ සූර' නාමයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්විය. භාරතීය යුග විකාශයත් සමග ගුප්ත යුගය වන විට බ්‍රාහ්මණ ආගම හින්දු ආගම බවට පරිවර්තනය විය. හින්දු කෝවිලක ආදිම ස්‌වරූපය පිළිමයක්‌ හෝ පූජාර්හ වස්‌තුවක්‌ සහිත මඩුවක්‌ වූ බව පවසන මහාචාර්ය බෂාම්, ගුප්ත යුගය වන විට දියුණු තත්ත්වයකින් පැවතුණ බව සඳහන් කරන අතර හින්දු පිළිවෙත් ගැන හෙතෙම මෙසේ පවසයි(
"හෝමය (යාගය) වෛදිකාගමේ ප්‍රධාන වතාවත වූ නමුත් හින්දු ආගමේ ප්‍රධාන වතාවත වූයේ පූජාවයි, දෙවියකුට සාමාන්‍යයෙන් වන්දනා කරනු ලබන්නේ විශේෂ වතාවත්වලින් පරිශුද්ධ වස්‌තුවක්‌ බවට පත් කරනු ලැබූ ප්‍රතිමාවක ස්‌වරූපයෙනි. ප්‍රතිමාව ශුද්ධ වස්‌තුවක්‌ වූ පසු දෙවියා කිසියම් ආකාරයකින් එහි වාසයට යන බව විශ්වාස වී ය. ප්‍රතිමාවට පසඟ පිහිටුවා වඳින භක්‌තිමතා බොහෝවිට නොයෙක්‌ වර ඉල්ලන නමුත්, පූජාව යාච්ඤාවක්‌ නොව ගරු බුහුමන් හා සැලකිලි දැක්‌වීමකි. සම්භාවනීය අමුත්තකුට මෙන්ම දෙවියන්ට ද පා සේදීමට පැන් වඩවා, මල් බුලත් ආදිය පුදනු ලැබේ. ගැයුම්, වැයුම් සහිතව ඝණ්‌ටා නාද කොට, සක්‌ පිඹ අලුයම දෙවියන් උත්සවාකාරයෙන් අවදි කරනු ලැබේ. ඉක්‌බිතිව උන්වහන්සේ දෝවනය කොට දිය පිස දමා, ස`ඵ වඩනු ලැබේ. ඊට පසු මල් මාලා, සුවඳ දුම් හා පැද්දෙන පහන් ආදියෙන් පුදා ගරු බුහුමන් දැක්‌වේ. ඊට පසු සාමාන්‍යයෙන් බත් හා පලතුරු සහිත භෝජනයකින් මේ වඩනු ලැබේ. ඒ ආහාරයේ රසය උරා ගත් දෙවියා තමන් වඳින්නන්ට හා දිළින්දන්ට දෙනු සඳහා එහි ද්‍රව්‍යමය කොටස ඉතිරි කරයි. බොහෝ දේවාලවල දී රාත්‍රියට ඔහු තම බිසව හෝ බිසොවුන් වසන සයනාගාරයට වැඩම කරවනු ලැබේ. විශාල කෝවිල් සිද්ධස්‌ථානවල දී පරිවාර ජනයා ඔහුට පවන් සලති. නාටිකාංගනාවෝ විනෝදය සපයති. මේ අතින් දෙවියකුට සැලකූයේ ඉන්දීය නරපතියකුට සැලකුව ආකාරයටය. උත්සව වලදී දෙවියා ද රථයක නැගී නගර සංචාරයෙහි යෙදෙයි. මේ රථය බොහෝවිට භක්‌තිමතුන් විසින් අදිනු ලැබේ. පෙරහැරේ පසු භාගයෙහි සිය රථවලට නැගී ගත් වෙන දෙවිවරු ද, ගැයුම් වැයුම් කරුවෝ ද, චාමර ඡත්‍ර හා විජිනි පත් දැරුවෝ ද, නැට්‌ටුවෝ ද ගමන් කරති. (අසිරිමත් ඉන්දියාව, බෂාම් )
හින්දු ත්‍රි මූර්තියෙහි ඇතුළත්, නිල් පැහැති දෙවියකු වශයෙන් ප්‍රකට විෂ්ණු දෙවියන් හක්‌ගෙඩිය, ජයකොන්තය, චක්‍රායුධය, නෝඵම්මල යන වස්‌තු සතර අතින් දරා කෞස්‌තුභ පාෂාණය ගෙල පැළඳ ගරුඬ වාහනය ද සහිතව සිය පතිනිය වශයෙන් ලක්‌ෂ්මී හෙවත් ශ්‍රියා කාන්තාව කැටුව වෙසෙන අතර භාරතයෙන් ලක්‌දිව වැඩම කරන්නේ සියලු සතුන් යහ මගට ගැනීමට බව විශ්වාසිතය. ඔහු විවිධාකාරයෙන් පෙනීසිටීම හෙවත් දස අවතාර වශයෙන්ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නරසිංහ, වාමන, පරශු රාම, කෘෂ්ණ, කල්කින් මෙන්ම බුදුන් වහන්සේට ද ඔවුන් එවැනි අරුතක්‌ සම්පාදනය කරති. සසුන රක්‌නා ලෙසින් මෙරට වඩින මෙම දෙවියන් බෞද්ධ විහාරය තුළ ලැගුම් ගැනීමට අවසරය ඉන් නිතැතින්ම ලබා ගත්තද, ත්‍රි මූර්තියෙහි ශිව ට ලැබී ඇත්තේ වෙනත් විධියේ අවසරයකි. එහෙත් මෙරට බෞද්ධයින් ගේ ද, ගෞරවයට පාත්‍රවී ඇති ශිව දෙවියන් ද ලක්‌දිව දේවාලයන්හි විරාජමාන වන්නේ භාරතීය සංස්‌කෘතිය විවිධ ආකාරයෙන් විසරණයවීමේ හේතුව නිසාය.
ප්‍රචණ්‌ඩත්වයෙන් ඈත්ව මිනිසා ශිෂ්ටාචාරගත වීමත් සමග දෙවියන්ද ශිෂ්ට සම්පන්න වූ බව සෑම ආගමක්‌ම සාක්‌ෂි සපයති. අශෝක අධිරාජයා සිය 1 වැනි සෙල් ලිපියෙන් මිනිසුන්ටත් සතුන්ටත් එකසේ දයාව, මෛත්‍රිය දැක්‌විය යුතු බව පවසන්නේ එකම පණ ඇති සතකු වත් නොමැරිය යුතු යෑයි ද, බිලි නොදිය යුතු යෑයි ද නියම කිරීමෙනි. එසේම සිය 5 වැනි ටැම් ලිපියෙන් අධිරාජ්‍යය පුරාම සියලු සතුන්ට අභය දානය දිය යුතු බවත්, රජවාසල බොජුන් සඳහා සත්ව ඝාතනය වහාම තහනම් කළ බවත්, සතුන් කර ඇඹීම හා හංවඩු ගැසීම ද තහනම් කර ලේඛන ගත කර තිබිණි. ඔහුගේ 7 වැනි ටැම් ලිපියෙන් පණ ඇති සතුන් සිටින ලෙලි පවා දැවිය යුතු නොවේය. යනුවෙනුත් ඔවුනට වධ හිංසා කිරීමට කැලෑ ගිනි නොතැබිය යුතු බව ද ගවයින්ට හා මිනිසුන්ට සෙවණ සැපයීමට මංමාවත්වල ගස්‌ සිටුවන ලෙසත් අණ කොට තිබුණ බව සඳහන් වෙයි.
වෛදික යුගයෙන් පසුව එන ගුප්ත යුගයේ භාරතීය සමාජය තුළ මානව හා සත්ව රූ සම්බන්ධකර තම දෙවියන් නිර්මාණය කර ගත් අතර තත් යුගය හමාර වෙත්දී දේවතාවියන් ද වන්දනයට පාත්‍ර වන්නට වූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නැගෙනහිර මලාවාහි වරාහ (සූකර) දේවතාවකුත් එඩේර ජනයා අතර එඩේර ලක්‌ෂණ ගත් දේවතාවකුත් පසුකාලයේ විෂ්ණු දෙවියන්ට සමීපවන කෘෂ්ණ දෙවියන්ට සංයෝගවන ආකාරයත් ඉතිහාසය විමසීමෙන් ප්‍රත්‍යක්‌ෂ වෙයි.
එමෙන්ම සශ්‍රීකත්වය පිළිබඳව එන දේවත්වයක්‌ හරප්පා සංස්‌කෘතියේ පටන් සමාජගතව පැවැති අතර වෛදික යුගයේ මෙම දෙවියා ශිව වශයෙනුත් මුලින් රුද්‍ර හා බැඳෙන මෙම දෙවියන් කඳ කුමරු මෙන්ම ඇත් හිසක්‌ හා බැඳෙන ගණ දෙවියන්ද ශිව දෙවියන් හා සබැඳෙන ආකාරය අනුව මෙම ස්‌වභාවය අවබෝධ කරවනු ඇත. ගුප්ත යුගයේ අවසානයේ දේවතාවියෝ වැදගත් තැනක්‌ උසුලන්නට වූ බවත් එසේම යන්ත්‍ර, මන්ත්‍ර ඇදහීම හා ආගම නමින් ලිංගික කටයුතුවල යෙදීම ද අමුතු ස්‌වරූපයේ සත්ව බිලි පූජා විධි ද මධ්‍යකාලීන ඉන්දීය සමාජය තුළ වැදගත් කමකින් යුතුව ඉදිරියට සපැමිණි බව මහාචාර්ය බෂාම් පෙන්වා දෙයි.
මේ අතර දකුණු ඉන්දීය ද්‍රවිඩ සමාජය වෙත බලපාන ආර්ය සමාජයේ පුරුෂාර්ථ විසින් ඔවුන් තුළ ප්‍රබල ශ්‍රද්ධාවක්‌ ජනිත කරන්නට හේතු විනැයි පවසන විද්වත්හු එම ඇදහිලි හා බලපෑම් විසින් විවිධ ඊශ්වර වාද පහළ කළ බවත් නිරීක්‌ෂණය කරති. මධ්‍ය යුගයේ භාරතීය සමාජය තුළ පහළ වූ සංචාරක ධර්ම දේශකයින් හා දේව ස්‌ත්‍රොaත්‍ර ගායනා කරන්නන් හේතු කොට ගෙන භාරතීය සමාජය තුළ ප්‍රකට වූ භක්‌තිවාදී හින්දු ආගම වත්මන් හින්දු ආගමේ උපතට හේතු වන්නට ඇතැයි බෂාම් වැඩිදුරටත් සඳහන් කරයි.
කුමන ජන සමූහයක්‌ අතර වුවද, වත් පිළිවෙත් ආරම්භ වී වෙනස්‌ වෙමින් ඉදිරියට පැමිණීමට හේතු වී ඇත්තේ අවශ්‍යතාවය ප්‍රමුඛ වීම මත බව පෙනේ, වෛදික යුගයේත්, ප්‍රාග් බෞද්ධ යුගයේත් බ්‍රහ්මවාදය ජනප්‍රියව පැවතුණි. ජන්මයෙන් හා අභ්‍යාස කිරීමෙන් තමුන්ට සෘද්ධි බලය ඇතැයි කී බමුණන් කවර නර පතියකුටත් වඩා ප්‍රබල යෑයි පවසමින්, ඔවුහු යාග හෝම සිදු කොට තම බලය තහවුරු කරගත්හ. යාග පූජා පැවැත්වීමේ ඥන ශක්‌තිය බ්‍රහ්ම ගෙන් ලැබුණ විශේෂ වරප්‍රසාදයක්‌ බව තහවුරුව පැවතුණි. යාග හෝම මගින් තමාට එරෙහි වන්නන් විනාශ කිරීමේ බලය ද ඔවුන් තුළ ඇතැයි යන අදහස තත්කාලීන සමාජය තුළ මැනවින් සමාජගතව පැවතීම යාග හෝම උත්සන්නව පැතිරයාමට තවත් හේතුවක්‌ විය.
ප්‍රාථමික මිනිසා ගස්‌ ගල් අඳුරු වනාන්තර ඇදහැලෙන දිය දහරා සුළඟ අකුණු වැනි සොබා දහමේ විවිධ තත්ත්වයන් කිසියම් භූත බලවේගයක්‌ ලෙස ඇදහූ බව පුරා හා මානව විද්‍යාඥයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ගේ ද විමසීම් තුළින් ලොවට හෙළි කර ඇත. වත් පිළිවෙත් පිළිබඳ අතීත මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන පුරාවිද්‍යාඥයින් හෙළි කර ඇති, විවිධ වර්ණ භාවිත මෙවලම් මෙන්ම වර්ණ ගැන්වූ මානව හා සත්ත්ව අවශේෂ ගැන සඳහන් වන අපූර්ව තොරතුරු ඊට ප්‍රබල සාක්‌ෂි වෙති.
සමාජගත විවිධ අභිචාරවිධි සමග බැඳී ඇති මානව ක්‍රියාකාරකම්හි ද මෙන්ම වාස්‌තු විද්‍යාවේදීත් චිත්‍ර කලාවේදීත් ඇගයීමට ලක්‌වන වර්ණ භාවිතය, බලි සහ බිලි පූජා වන්හි දී ද සැලකිල්ලට ගනී. (විෂ්ණු පුරාණයට අනුව) වෛදික දෙවියකු වූ කෘෂ්ණ නිරූපණය වන්නේ කාල වර්ණ හෙවත් ක`ඵ පැහැ අනාර්ය දෙවියකු ලෙසය. අඳුරත් නරකයත් ක`ඵ වර්ණයට භාර කරන අතර අනතුරු, නරක, උෂ්ණ, ආදී වශයෙන් විග්‍රහ කෙරෙන රතු සහ පවිත්‍රත්වයේ සංකේතය වශයෙන් සලකන සුදු පැහැය ද විශේෂත්වයක්‌ ගන්නා අතර යකුන් යක්‌ෂණියන් අමනුෂ්‍යයන් උදෙසා කෙරෙන ශාන්තිකර්මවලදී පංච වර්ණ ද ඒ සමග භාවිත වෙයි. ශාන්තිකර්මවලදී යකැදුරන්, බලි ඇදුරන් මෙන්ම කපුරාල ද සුදු පිරුවට භාවිත කරයි. ග්‍රහ අපල උදෙසා නවග්‍රහ මණ්‌ඩලයටම පුද පූජා පවත්වන අතර දෙවියන් යකුන් ප්‍රේතයින් මෙන්ම ඒ උදෙසා පවත්වන තොවිල් පවිල් වලදී නියමිත වර්ණ භාවිත කරමින් යකුන් ගේ රූ තැනීම සමාජගත පැරණි සම්ප්‍රදායකි. බලි යාගයන් හි දී පමණක්‌ රූප ඇඹීම සිදු කරනු ලබයි.
පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ ලක්‌දිව විසූ ජනයා ගැන කරුණු දක්‌වන විද්වත්හු එකල ලක්‌දිව ද ජගන්මාතා පිදීම වැනි තම අස්‌වනු වැඩි කර ගැනීම සඳහා පිදූ දුරාචාර පුද පූජා සහිත ආගමක්‌ පවතින්නට ඇතැයි විශ්වාස කරන අතර හියුංත්සාන් ගේ වාර්තාවක්‌ උපුටා දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ද පෙන්වා දෙන්නේ සිංහල රාජධානිය දුරාචාර පිදූ ආගමක පූර්වයේ ඇලී සිටියේය යන පුවත, මහාවංශයෙහි එන එකල ජනයා තම මියගිය ඥතීන් දේවත්වයට හා යක්‌ෂ ආත්මයන්ට පත්වන බවට පැවති විශ්වාසයන් අනුව පිළිගත හැකි බවය. බ්‍රාහ්මණ හා හින්දු ඇදහිලි හා විශ්වාස පිළිබඳ ලංකා ඉතිහාසය විමසීමේදී මහායාන බුදු සමයේ බලපෑම (ක්‍රි. ව. 5-10) ඊට ලබා දෙන අනුබලය අමතක කළ නොහැක. බෝධිසත්ත්ව හා දේව සංකල්ප තත්යුගයේ, මෙරට පැමිණිය ද ස්‌වරූපයන් හා ආචාර විධිවල මෙන්ම පැවතුම්වල වෙනසක්‌ සමග ථෙරවාදය හා සම්මිශ්‍රව ඉදිරියට පැමිණ විසංවාදයකින් තොරව ක්‍රමයෙන් මහායාන බලය පිරිහී ගිය බව ද පැහැදිලි කරුණකි. එහෙත් බුදුසමය පිටු දකින බටහිර ලෝකය තුළ අන්‍ය ආගමකට හෝ වෙනස්‌ ඇදහීමකට ඉඩක්‌ නොතිබුණි, එහි සිදු වන්නේ මීට වෙනස්‌ තත්ත්වයකි.
බටහිර ලෝකයේ කිතු දහම පැතිර යාමට ක්‍රි. ව. 312 දී පමණ කොන්ස්‌තන්තීනු කිතු දහම වැළඳ ගැනීම රුකුලක්‌ වී ඇතැයි පවසන ඒ.එල්. නිට්‌සූඡ් සඳහන් කරන්නේ යුරෝපයේ සහ මැද පෙරදිග කලාපය තුළ අන්‍යාගම් වැළඳගත් පොදු ජනයාට අනුකම්පා විරහිත සටන් මෙහෙයුවා පමණක්‌ නොව සිතිවිලි පාලනය කිරීමට ද කටයුතු කළ බවයි. තියොඩීසියස්‌ ගේ නීති ග්‍රන්ථයක්‌ උපුටා දක්‌වන හෙතෙම එහි ව්‍යවස්‌ථාවක සඳහනක්‌ තුළින් තත් යුගයේ කිතු දහම හැර අන්‍ය ඇදහීම් සමාජයෙන් තුරන් කරන්නට ගත් පියවරෙහි තරම පිළිබඳ සිතාගත හැකිය. "හැම නගර ග්‍රාම ආදී ස්‌ථානවල පිහිටි දේවස්‌ථාන වසා දමා ඒවාට ඇතු`ඵවීමට අවසර ඉල්ලු කල්හි සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව අපේ කැමැත්තයි. බිලි පූජා ආදිය පැවැත්වීමෙන් සියලු දෙනාම වැළකී සිටිය යුතු බව ද අපේ මතය වේ. යම් කිසි කෙනෙක්‌ මෙබඳු දෙයක්‌ කළොත් ඔහු ගේ ගෙල කඩු පහරින් සිඳනු ලැබේවා"
"බිලි පූජා පවත්වන හෝ පිළිම වඳින කවරකු නමුත් මරණීය දඬුවමට පත් කළ යුතු බවට අපි අණ දෙමු" (තියොඩීසියස්‌ ගේ නීති ග්‍රන්ථයේ සඳහන්, 356 හි අංක 6 දරන ආඥවයි)
එහෙත් බුදුසමය විසින් හික්‌මවු ජාතියක නරපතියන් මෙන්ම පොදු ජනකාය ද අන්‍ය ආගම් හා සංස්‌කෘතීන් දෙස විපරම් කළේ ඊට වෙනස්‌ ආකාරයෙනි. පොළොන්නරු ශිව දේවාලය අසල වූ නිශ්ශංකමල්ල රජතුමා සිය ග්‍රහ අපල දුරු කර ගැනීමට හිඳ ගත් ස්‌ථානය බවට විශ්වාසිත තැන පවතින ලිපිය එකල බලි යාග පැවති බවට සාක්‌ෂියක්‌ මෙන්ම මෙරට උඩරට පහත රට දෙරටේම සංගීතයටත් නැටුමටත් දෙකටම බලි යාගය බලපාන ලද බව ප්‍රකට සංගීතඥයෙකු වූ සී. ද එස්‌. කුලතිලක මහතා සිය අධ්‍යයනයන් තුළින් හෙළි කර ඇත.(සිරස පාද නැමැති යාග කවි ලංකාව් අදටත් ප්‍රකටය) හෙතෙම පවසන්නේ බලි පූජාව කෝට්‌ටේ යුගයේ ඇරඹි බවයි.
"බලි යනු පූජාව සඳහා වූ පදයකි. එහෙත් එම පූජා විශේෂය අනෙක්‌ පූජාවන්ට වඩා වෙනස්‌ වන්නේ එය කිසියම් රූපයක්‌ මගින් කරන පූජාවක්‌ හෙයිනි. බලි පූජා වර්ග 35 ක්‌ පැරණි පොත පතෙහි සඳහන් වේ. ග්‍රහ අපල දුරු කරවා ගැනීම සඳහා මැටි රූප අඹා කරන ලද පූජා විශේෂය කෝට්‌ටේ යුගයේ ආරම්භ වී යෑයි සිතේ." (ලංකාවේ සංගීත සම්භවය, සී ද එස්‌ කුලතිලක, 1974, ගොඩගේ).
බලි යාගයන් පිළිබඳ නවකේන්ද්‍ර බලි උපත උපුටා දක්‌වන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සඳහන් කරන්නේ, 'බලි රූපය කහ දියරෙන් අනාගත් මැටියෙන් අඹාගන්නා බවත් හිරු ගේ රූපය රන්වන් පැහැ (කහ) සහ සඳු, අඟහරු, සුදු සහ රතු පැහැයෙනුත් නිම කර ගන්නා බවයි (ජනශ්‍රැතිය හා පුරා කථාව, පිටු 73, 74,)
මිනිසා තමාට එරෙහිව ආ බොහෝ දේ නපුරු යක්‌ෂ හා භූතයින් ගේ බලපෑමකැයි විශ්වාස කළ නිසා බලි සහ බිලි දීමෙන් ඔවුන් සතුටු කර ප්‍රිය ජනක දිවියක්‌ ගත කිරීමත් භෞතික සැප සම්පත් ළඟා කර ගත හැකි බවත්, විවිධ ආකාරයන් ගෙන් ආදිම යුගයේ සිට සිතන්නට ඇතැයි ද විශ්වාසිත වන නමුදු වෛදික යුගයේ ප්‍රධාන දෙවිවරු අතර බ්‍රහ්ම, විෂ්ණු, අග්නි සූර්ය චන්ද්‍ර වායු මෙන්ම රුද්‍ර, ශිව ආදීන් හින්දු දේව මණ්‌ඩල ගත වීම සමග ද බලය ඒකරාශි වී ඇති ආකාරයත් දේව, යක්‌ෂ, අසුර යන විශ්වාසයනුත් බහුතරයක්‌ හින්දු ජනයා බිලි පූජාව අනුමත නොකරන බවත් බොහෝ පර්යේෂකයින් පෙන්වා දෙන කරුණකි.
ලක්‌දිව මුලින් පදිංචි වූ ආර්යයන් තම ඉන්දීය ඥතීන්ගෙන් මු`ඵමනින්ම වෙනස්‌ නොවූ බව පැහැදිලි කරුණක්‌ වෙයි. මේ පිළිබඳව සඳහනක්‌ කරන මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් පවසන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික හෝ ආගමික අතින් මහා දේශයෙහි හටගත් හැම විපර්යාසයක්‌ම ලාංකීය ජන ජීවිතය කෙරෙහි තරමක බලපෑමක්‌ ඇති කළ නමුදු භාරතය සිය දරුවෙකුට සළකන සෙනෙහෙබර මවක්‌ මෙන් ලංකාවට පිහිටට සිටි බවය (ලක්‌දිව බුදු සමයේ ඉතිහාසය, පිටු අංක 34, නව වැනි මුද්‍රණය, 2006, චතුර).
ලක්‌දිව පැරණි සන්දේශ සමයේ සමාජ තොරතුරු විමසීමේ දී විවිධ ශබ්ද පූජා පවත්වද්දී නානාවිධ සුවඳ දූපයන් මැද දමිළ ගීතිකා ගයන කෝවිල් පැවති බව තහවුරු කරයි.
කඵවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙ ළ
සුවිසල් විහිඟු සක්‌ සන් මිණි හඬ පත ළ
කරලොල් සතන් පවසන කියු ගී දෙම ළ
වනකල් ඉසුරු කෝවිල ලගිනේ ලක ළ (සැල 22)
සැලළිහිණියා පළමු දිනයේ ලැගිය යුත්තේ ඉසුරු කෝවිලේ ය. එහි දේව පූජාවට ක`ඵවැල් කපුරු පු`ඵස්‌සා දුම් ගස්‌වයි, දුම ඇතුලේ කොඩි ද ලෙළ දෙයි. දෙමළ බෙර හඬ, හක්‌ගෙඩි නාද, මිණි ගෙඩි නාද ද වෙයි. එහි ස්‌ත්‍රොත්‍ර සඳහා පැවසෙන්නේ දෙමළ ගීතිකාවෝය.
ලක්‌දිව කෝට්‌ටේ යුගයේ පැවති ද්‍රවිඩ ආභාසය මින් ප්‍රකටවන අතර කෝවිල යනුවෙන් ඇමතීමෙන්ම ද්‍රවිඩ දේවාලයක්‌ බව සනාථ කෙරෙන අතර තුති ගී ගයා තිබෙන්නේ දෙමළෙන් වන බැවින් රැස්‌ව ඇති පිරිස ද්‍රවිඩයෝ බව ද තහවුරු වෙයි. මේ දෙවොල දියවන්නා ඔයෙන් මෙගොඩ තිබෙන්නට ඇත. කෝවිල ළඟට කයිකාවිල සඳහන් වීමෙන් මෙය දුරින් පිහිටියක්‌ නොවන බව පෙන්වා දෙන අතර ඒ මුරපළ පසු කරන විට හමු වන්නේ 'වල්අම්බලම' බව පවසයි, මෙය ද පිහිටියේ කෝට්‌ටේ අසල වල්පොළය. මේ අනුව හංසයෙහි ද සඳහන් තොට වීදිය ආසන්නයේම ඉසුරු කෝවිල පැවති බව අදහස්‌ කෙරෙයි.
මයුර සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, කව්සි`ඵමිණෙහි එන සුරාපානෝත්සව, හංස සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, සැලළිහිණි අස්‌නෙහි දක්‌වන දේව භක්‌ති ප්‍රණාමය, ආදි වශයෙන් විවිධ සාහිත්‍ය කෘතීන් දක්‌වන ලක්‌දිව ඊශ්වර, ශිව වන්දනය පිළිබඳ අපමණ සාක්‌ෂි තුළින් භාරතීය සමාජ ආභාෂය හෙවත් සංස්‌කෘතිය විසරණය සිදුව ඇති ආකාරය මෙන්ම තත්කාලීන සමාජය අපූර්වත්වයකින් ප්‍රකට කරනු ලබයි. ලක්‌දිව සතුන් මරා බිලි දුන් දේවාලයක්‌ වශයෙන් හලාවත මුන්නේශ්වරමෙහි දේවාලය ප්‍රසිද්ධය. භාරතීය දුර්ගා දෙවඟන ගේ අවතාරයක්‌ ලෙස ද විශ්වාසිත වූ මෙම දෙවඟන වෙනුවෙන් විවිධ ප්‍රදේශයන්හි දේවාල පවත්වා ගෙන යන නමුදු ඒවායෙහි බිලි පූජා පවත්වන බවක්‌ වාර්තා වී නොමැත. සෙනසුරාදා සහ බදාදා දිනවල පූජාවන් පවත්වන අතර ඊට පු`ඵටු වර්ග 5ක්‌ එකතු කරමින් අතීත සම්ප්‍රදාය රකින බව විශ්වාස කළ හැක. දඩයම් හා මී කැඩීමට යන විට දී නෙලුන්ගොල්ලෑව, කුකුල්කොටුව ගම් වැසියන් මෙම දෙවඟන සිහිපත් කර මගට බසින අතර රඹෑව, හොරොව්පතාන වැසියන් වසංගත රෝග පිළිබඳව ඇති බිය නිසා මැය අදහන බවත් තලාව ප්‍රදේශයේ සශ්‍රීකත්වය පතා අදහන බවත් පැවසිය හැකිය. ඇතැමෙක්‌ කාලිමෑණියන් වශයෙනුත් ඇය යක්‌ෂණියක ලෙසත් විශ්වාස කරමින් අන වින සඳහා සරණ පතන බව ද නිරීක්‌ෂණය වූ අවස්‌ථා එමටය.කෙසේ වුවද, ලක්‌දිව දේව මණ්‌ඩලයේ ද ඇය නපුරට කැමති කෙනෙක්‌ වශයෙන් හැඳින්වෙයි. ඉතිහාසයේ එක්‌තරා යුගයක, වර්තමානයේ නපුරක්‌ වශයෙන් දකින බිලි පූජාව ශේෂවී ගොස්‌ ඇති ම්ලේච්ඡ ක්‍රියාවක්‌ වශයෙන් සඳහන් කරද්දී, ආගමික නිදහස යෑයි කෙනෙක්‌ නගන චෝදනාව වර්තමානයට කොතෙක්‌ ප්‍රඥගෝචර ද යන්න විමසිය යුතු කරුණකි.


උපුටා ගැනීමකි....
සුනිල් කුමාරසිංහ අතුකෝරල

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...