Sunday, July 9, 2017

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස්
ගුප්ත ඇස්
ගුප්ත සිනහව
නුඹ වටා රැඳි
සියල්ලක්ම
හරිම වෙනස්
මට හිතිලා ඇති මෙහෙම
සිය දහස් වතාවකට..
ගැලපෙන කිසිම දෙයක්
නෑ වගෙයි
ඒත් හිත කැමතියි
ගොඩාක්ම
නුඹට.

නුඹ කවියෙක්..
මමත් හරිම කැමතියි
කවි වලට
ඒක වෙන්නැති
එකම හේතුව
නුඹට මං
හිතින් යා වුණ.

මං ලියපු හැම කවියකම             
රැඳවුනේ නුඹ
නුඹ නුඹ නුඹ
නුඹම පමණයි..
නුඹ ලියපු අමුතු කවි
කියවන්නට ඇති මං
සිය දහස් වර
කට පාඩම්වන තුරාවට
ඒ හැමදේකම
ලොකුම ලොකු වෙනසක්
අමුතුම ලස්සනක්
හරියට
නුඹගේ ප්‍රේමය
වාගේම.

                                                                               කවි සිතුවිලි
                                                                              -සෙල්ලක්කාරී-

බිඳුනු පෙම.

හදවිල කළඹා මියැදුන සිහිනේ
බොල් පිණි අහුරක් මත රැඳුනේ
තුන් වසරක පෙම් බැඳුනු අතීතය
අද ඇයි මේ විලසට බිඳුනේ..

පිපි තඹරුව දැක හිනැහෙන බිඟු ලෙස
ඇයි මා හද ගැඹුරට ඇදුනේ
ඒ බැඳි සෙනෙහේ වරපට ලෙහමින්
කිම ඔබ අද වෙනතක ඇදුනේ

මුවගින් ගිලිහුණු ආදර පද වැල්
දෝංකාර දේ මගෙ මනසේ
පන්හිද ගොලුවී සිතුවිලි සිරවී
ජීවිත ඟඟ මැදියම නැවතේ

සෙනෙහෙ තොටිල්ලක දිවි අරඹන්නට
පැතුවත් පෙරදින ඔබ හමුවේ
අද වෙන්වී ඇත අපේ පැතුම් මල්
විසිරී ඇත  හැමතැන දසතේ



                          කවි මුතුවැල්.
                          සෙල්ලක්කාරී 

මැෂිම....

ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම





                                                       සෙල්ලක්කාරී 
                                                      උපුටා ගැනීමකි.


Saturday, July 8, 2017

පෑන් තුඩින් යයි උතුරා ...

සිත සොයන ආදරය
ඔබ සොයන ආදරය
මං සොයන ආදරය
සැඟවුණිද අද කොතැන ...
තුරුළට පැන සුව විඳින්න
හිනාවෙලා ලඟ හිදින්න
ආදරයෙන් හිස තියාන
රස රහසක් මට කියන්න...
කන්පෙති මත තබා දෙතොල
තොල්පෙති අග රස තවරා
සිත් ගැබ තුල පෙම් හැඟුමන්
පෑන් තුඩින් යයි උතුරා ...

                               
                                                       -සෙල්ලක්කාරී -

Thursday, July 6, 2017

මිරිගුවයි ඔබ...



 දිගන්තයයි නුඹ
නෙතු මානයට ලංවුවද
කෂිතිජයයි නුඹ
කිසි දිනෙක ලංවිය නොහැකි
මිරිගුවයි නුඹ
මා සිත විඩා පත්කරන
මගේ සිහින මලයි නුඹ
අන්සතු අරණක පිපුන.


                                             -සෙල්ලක්කාරී-

මැරිලා ගියාදෙන්....

ගැලූ කදුළු  අතීතයක
සිඳී ගියා දෙන්
මගේ සුසුම් නුඹේ ලඟින්
පවන් සලද්දෙන්
කියූ කතා පපුවේ ඇති
පපුව රිදෙද්දෙන්
නුඹේ නමින් මා දුක් වි
මැරිලා ගියාදෙන්....




                                   _සෙල්ලක්කාරී _

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...