Friday, June 16, 2017

නාඹර හිත.



ඔබෙ අත
මගෙ අත
දැන් ඇත
දන් නැත....
මගෙ වත
ඔබෙ වත
කැත නැත
රිසි ඇත....
හඳ වත නලවන
මුව මත දඟලන
ඇඟ හිරි වට්ටන
ආලෙන් මත් වන...
ආදර හැඟුමකි
හිත තුල මෝරන
නාඹර තරුණෙකි
මගෙ සිත පිනවන... 
                                                        - ස්පර්ශ-

Thursday, June 15, 2017

වීදි කොනේ සැඟවුණු දරුවෝ....


වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.





මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන ලද  මතකයට නඟන්නේ විදීයේ සිටින අසරණ දරු පැටවුන්ය.  එක්සත් ජතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. නමුත් අප වීදි දරුවන් ලෙස හඳුනා ගන්නේ 'තම දෛනික අවශ්‍යතාවන් සහ තම දිවි පෙවෙත සඳහා මාවත නිවහන කර ගත් ළමුන්ය'. අව්ව,වැස්ස, වැනි සෑම දේශගුණික තත්වයකටම ඉතා දුෂ්කර ලෙස මුහුණ දෙන මොවුන්ට හිසට සෙවණක් දීමට හෝ පෞද්ගලිකව තම කටයුතු කර ගැනීමට නිවහනක් නැත. එසේම ඔවුන් ජීවත් වන වටපිටාව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හා ආරක්ෂාව කෙරෙහි දරුණු ලෙස බලපායි.වීදි දරුවන් පිළිබඳ වග කිව යුතු ආයතන සැළකිලිමත් නොවීම තුළ මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා සමාජ ප්‍රශ්නයක් බවට පරිණාමය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පවා සිදු කෙරී ඇත. මෙම සමහර පර්යේෂණවල අරමුණ සත්‍ය වශයෙන්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වුවත් සමහර රාජ්‍ය නොවන සංවිධානවලින් සිදු කරන සමීක්ෂණවල සත්‍ය අරමුණ වනුයේ මේ ප්‍රශ්නය විදේශයන්ට පෙන්වා තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමයි. වර්තමානය වන විට කොළඹ පමණක් නොව දුරබැහැර ප්‍රදේශවල පවා මෙම ප්‍රශ්නය ව්‍යාප්ත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන් මෙම තත්වයට ගොදුරු වන බව හාමේ අතර සිටින දරුවන් බහුතරයක් වයස අවරුදු 10-16 අතර වයස් පරාසයට අයත් බවයි. මෙම තත්වය වඩාත් සංකීර්ණ හා බිහිසුණු වන්නේ මේ වයස් පරාසයට අයත් දරුවන් වඩාත් බාහිර තත්වයන්ට සංවේදී නව යොවූන් වියේ හා නව යොවුන් වියට ආසන්න වයස්වල පසුවන්නන්වීමයි. මොවුන් විවිධ අපචාර හා අපරාධයන්ට ගොදුරු විය හැකි, නතු කර ගත හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. මේ දරුවන් බොහෝ දෙනෙකු මත් පැන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම, සොරකම් කිරීම, සම ලිංගික චර්යාවන්, ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී කටයුතු සම්බන්ධ කවර හෝ අත්දැකීමක් සහිතවුවන් බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා දුෂ්කර වූ තත්ත්වයක් තුළ ඉතාම සුළු ප්‍රතිලාභයක් වෙනුවෙන් පවා බරපතල සමාජ විරෝධී ක්‍රියාවන්ට ඉත්තන් ලෙස මෙම දරුවන් යොදා ගත හැක. මත් පැන් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම, පිට් පොකැට් ගැසීම හා ඔත්තු බැලීම යනාදිය ද මේ අතර වේ. පොලීසිය පවා මෙම දරුවන් සැක නොකිරීම ජාවාරම්කරුවන්ට මනා පිටුවහලක් වී තිබේ. මෙම දරුවන් ඉතාමත් සංවේදී වන අතර ඔවුන්ට නිසි හවුහරණක් හෝ නිසි අධ්‍යාපනයක් හිමි නොවේ. සුළු මුදලකට හෝ බත් පැකට් එකකට මොවුන් ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර ගත හැක. මෙම දරුවන් සියලුම අපචාර ක්‍රියා හා අපරාධ වීදියේදී අත්දකින අතර මේ පිරිස රටේ පාතාල ලෝකය සඳහා වන යටිතලය වේ. දැඩි පීඩනයට, දුෂ්කරතාවන්ට ඔරොත්තු දෙන, සැඟවීමට හැකි උපක්‍රම ඔවුන් සොයා ගන්නේ වීදියෙන්මය. විශේෂයෙන් මොවුන්ගේ නිවහන වීදියම වීම තුළ මෙම තත්ත්වය තවත් වැඩිවේ.මෙම දරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය, මත්පැන් සමලිංගිකත්වය, හා වීදියේ සිදුවන ලිංගික කටයුතුවලට ගොදුරු වී තිබෙන අතර මොවුන් බොහෝ දුරට ළමා වියේ අත්දැකීම්වලට වඩා වැඩිහිටි වියේ අත්දැකීම් අත් විඳ තිබේ.මේ බොහෝ දරුවන්ගේ යැපීම් මාර්ගය වී ඇත්තේ සිඟමන් යැදීමය. වැඩිහිටියන් සිඟමන් යදිනවාට වඩා දරුවන් සිඟමන් යැදීම තුළ අනුකම්පාව ඔවුන් වෙත යොමු වීමේ ප්‍රවණතාව වැඩි නිසා වීදිය තුළ යාචක වෘත්තිය සඳහා දරුවා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෙම දරුවන් සිය සමාජානුයෝජන අත්දැකීම් ලබන්නේ වීදිය ආශ්‍රයෙන්ම නිසා එබඳු දරුවන් වීදියේම රැඳෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එනිසා විවිධ සමාජ විරෝධී කටයුතු සඳහා සාමාජිකයන් පුහුණු කරන පුහුණු පාසලක් බවට නගරාශ්‍රිත වීදි පත්ව තිබෙන අතර එහිදී මෙම දරුවන් සමාජ විරෝධී කටයුතු සඳහා අත්පොත තබති. ඔවුන් සමාජානුයෝජනය ලබන්නේ වීදියෙන්ම නිසා මෙම තත්ත්වය කිසිසේත්ම සමාජයට හිතකර නොවන අතර ඇතැම් විට අනාගත පාතාල කණ්ඩායමක ක්‍රියාකාරිකයෙකුගේ සුහුඹුල් අවධිය ගෙවෙන්නේ වීදි දරුවෙකු ලෙසය.
විශේෂයෙන් මෙවැනි දරුවන්ට දීර්ඝ කාලීන පුනරුත්ථාපනයක් අත්‍යවශ්‍යය වේ. එනිසා පුනරුත්ථාපන කඳවුරුවල තිබෙන අකටයුතු හා අකාර්යක්ෂමතා මග හරවා එම ආයතන ක්‍රියාකාරී සංවිධාන බවට පත් කළ යුතුය. එසේම රජය වැනි වගකිවයුතු පාර්ශව ඒකාබද්ධ වී මෙම ප්‍රශ්නයට අප්‍රමාදව විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම වඩා වැදගත් කාරණය වන්නේ සමාජයේ ආකල්පවල සිදු විය යුතු වෙනස්කම්ය.'මගේ දරුවාය' යන ආකල්පය ඉක්මවා 'අපේ දරුවාය' යනුවෙන් ආකල්පයක් සමාජීයව ගොඩ නැගිය යුතුව තිබේ. එසේම ළමුන් සම්බන්ධව කටයුතු කරන ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු අතර සමස්තයක් ලෙස මෙම දරුවන් අපේම දරුවන් නිසා අපේ වගකීම වන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එසේ නොවුවහොත් සිදු වන්නේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය අනාගතය තුළ අර්බුදයකට ලක් වීමයි.   

Wednesday, June 14, 2017

පොර වෙන්නට ගොස් පර වීම.




මිනිස්සු කියන්නේ මහ අමුතුම ජාතියක්. කොයි වගේද කියලා හිතන්න පුළුවන්ද?  අපි හිතන් ඉන්න විදිය වැරදි කියලා කාලයා කියලා දෙනවා. ඇත්තටම මේ කතාව කොතනින්  පටන් ගන්න ඕනද කියලා හිතාගන්නත් අපහසුයි. මොකද පටන් ගන්න තැනින් නෙමෙයි අවසන් කරන්න වෙන්නේ. කෙහොමහරි මේ කතාව සරලවම කිව යුත්තක්. 
බලන්න අපි වැඩක් කරන්න ගියාම කොයිතරම් පණ්ඩිතයෝ ඉන්නවද කියලා. උපදෙස් දෙන්න මඟ පෙන්නන්න යම් පුදුගලයෙක් සිටිය යුතුයි. ඒ පුදුගලයා වැඩේ දිහා බලන්න ඉන්නේ නෑ. පිස්සෙක් වගේ ඒ වැඩේ පස්සෙන් දුවනවා.අනිත් අයගෙන් උදව් ඇතිව ඔහුත් ඒ වැඩේට සම්බන්ධ වෙනවා. . හැබැයි උපදෙස් දි දී මහත්තයෙක් වගේ ඉන්න පොරක්  ඔබ අතරෙත් ඇති. ඔහු හෝ ඇය අණ කරන්නාගේ ස්වරූපයක් ගන්නවා. කවුරැත් ඉස්සරහ උජාරුවට වටපිට බල බල පොළවට වඩා අඟල් කිහිපයක් මත ගොඬ නගපු පාරක් දිගේ ඇවිදිනවා. කරන වැඩේ අඩුපාඩු කියමින් තමන් සියල්ල දන්නවා වාගේ කටයුතු කරනවා. ඔන්න ඕක තමා ඇත්ත. 
ඒ විතරක් නෙමෙයි තව පිරිසක් වැඩේ කරන පැත්ත පළාතකවත් නෑ. හැබැයි අවසාන මොහොතෙ ඇවිත් ලකුණු දා ගන්නවා. කොහොම වුණත් අපූරුවට ඒ හැකියාව පිහිටලා තියෙනවා. අනික් මිනස්සුන්ව කපලා කැපිලා පේන්න ගන්නේ පුදුම උත්සහයක්. ඒ උත්සහය හොඳ වැඩකට යෙදෙව්වනම් අද වෙනකොට දහසක් හොඳ වැඩ කරලා.
තව ජාතියක් ඉන්නවා. ඉපදේනේ දුෂ්කර ගමක.එහෙම නැත්තම් හැදෙන්නේ වැඩෙන්නේ සීමිත පහසුකම් එක්ක. මෙහෙම ආපු මනුස්සයා කොළඹ ඇවිත් මාසයක් දෙකක් යනකොට ගමකියන වචනෙවත් දන්නේ නැතිගානට වැඩ. ගමනබිමන කතාව විතරක් නෙමෙයි දැන් හිතන්නෙත් කොළඹ විදියට.මාරම පොශ්. පොලෙන් බඩු කන්න කැමතිම නෑ. සීතල ගුහාව ඒ කියන්නේ food city  නැත්තම් කන්න බෑ. සන්ලයිට් ගාලා සූණ හෝදපු උන්ට face wash නැතුව ජීවත් වෙන්න බෑ. මේකයි අද වෙලා තියෙන්නෙ. මෙහෙම කාලයක් යද්දි බලෙන් ඇඟට දා ගනිපු posh ගතිය ඉබේම නැතිවෙලා. 
කාට කියන්නද මේවා. වෙන දේ බලා ඉන්නවා මිස මොනවා කරන්නද. වෙලාවකට හිතෙනවා මේවා බලන් ඉන්න අපි මෝඩයෝ කියලා. හැබැයි වෙන දේ බලන් ඉන්න එක තමයි ඇඟට ගුණ. මොකද නැත්තම් ඔක්කොම කුණු බේරි වැවට කියලා කැරකිලා කැරකිලා නතර වෙන්නේ පාඩුවෙ ඉන්න එකෙක් ලඟ. මේ මිනිස්සු බොරුවෙන් රජ වෙන්න හදන්නේ. හැබැයි ටික කාලයයි ඒ හැමදේම. මෙහෙම කැපී පේන්න යන අය ඉබේටම කැපිලා යනවා. ඕකට තමයි කියන්නේ පොර වෙනින ගිහින් පර වෙනවා කියලා.
                                                                                                                                                          -සෙල්ලක්කාරී-

Tuesday, June 13, 2017

මාරයාට අත වනන්න එපා.




මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි. උසස් මනසක් අප සතු වුනත් අප කරන්නේ ඇතැම් විට එකී මනසට ඔබින දෙයක්දැයි යන්න ගැටළුවක්. මිනිස් ජීවිතය ගලන ගඟක් වැනිය. විටක සිනාසෙයි.විටෙක හඬයි. ගලන ගඟට එන බාධක සේ එකපිට එක ප්‍රශ්න ගලා එයි.  මේ අපේ ජීවිතයේ ස්වභාවයයි. මෙය ඇතමුන් නොදන්නා කරුණකි.
කෙසේ නමුත් වාසනාවට හෝ අවාසනාවට මිනිසුන්ට ජීවිතයෙන් සමුගන්නට හෝ සමු ගැනීමට සිදුවෙයි. මෑත කාලය තුළදී රට තුළ කතා බහට ලක් වූයේ යකඩ යකා සමඟ මාරයා සොයා යන ගමන්ය. ආදරය,විරහව,විනෝදය,කුතුහලය තුළ ජීවත් වන මිනිසා මෙකී කරැණු සොයා යාම තුළම ජීවිතයට තිත තබන්නට විය. පසුගිය  13 වනදා කොල්ලුපිටියේ සිදු වූ සිදු වීමද එවැන්නකි.
මව් රටින් එපිටට ගොස් වසර ගණණාවකින් තම මාතෘ භූමියට එන්නේ  කොතරම් බලාපොරොත්තු ගණනාවක් සිතෙ තබා ගෙනද? .මව් පියන්ගෙන්,සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව දහසක් බලාපොරොත්තු පොඳි බැඳගෙන නැවත එන්නේ  තමන්ටම කියලා දෙයක් ගොඬ  නඟා ගන්නට. කොළඹින් එපිට අනුරාධපුරයේ ජීවත් වන මොහු එදා කොළඹට එද්දී හිතන්නේ නැතුව ඇති මෙච්චර ඉක්මනින් හැම බලාපොරොත්තුවක්ම දාලා යන්නම වෙයි කියලා. කොළඹින් තම සහෝදරයා සමඟ අත් බැඳ ගත්තේ සහොදර ප්රේමය උතුරා ගියූ නිසා කොළඹ වටේ රවුමක් යන්නයි. විනෝද වෙන්න හිතා ගෙන ගිය ගමනෙදි ගොල්ෆේස් ගිහින් සතුටු වුණේ ලෙකු කතාවක් කියා දීලා. 
ජංගම දුරකථනය එක්ක බැඳුණු තුරුණු හිත ඒ මොහොතෙත් ඒ මේ අත සෙල්ලම් කලේ ඡායාරූප කිහිපයක් ගනිමින්. සෙල්ෆි ගැසීම පිස්සුවක් කරගත් කොල්ලෙක් රේල් පාරදිගේ ගියේ ඈතින්එන දුම්රියත් එක්කම සෙල්ෆියක් ගන්න. ගත්ත ඡායාරූපය පමණක් ඉතුරුවුණේ අයියවත් මාරයා ලඟට රැගෙනයි. තම සහෝදරයා බේරා ගන්නට ගිය තරුණයා ද එම මොහොතේම සුසුම් හෙලුවේ මෙලොවට බිහි කරපු දෙමව්පියන් ඉදිරියේ. 
මෙය එක් කතාවක් පමණයි. මෙවැනි සිදුවීම් බොහොයක්ම රටෙහි සිව් දෙසින්ම වාර්තා වූයේ හැමෝටම දහසක් කතා කියා දෙමින්. වචනයෙන් කියා ගත නොහැකි ලොකු කතාවක් මේ සිදුවීම් තුළින් කියාපාන්නට විය. 
මාරයා අත වනයි දිනක ඔබ හට. එපා ඔබ මාරයාට අත වනන්නට. මෙය ඔබ තරයේම මතක තබා ගන්න.
       
                                  _සෙල්ලක්කාරී_

කුහුඹුවා ....

සීනි බෝතලෙක
සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ
                                     -සෙල්ලක්කාරී-

Monday, June 12, 2017

තනිකම...


ඔය සුරතේ දැවටිලා 
පියමැන්නා මං දිගේ 
හිනැහුනා ඔබ එක්ක 
තුරුළු වී හුරතලෙන් 

වැව් තාවුල්ලේ හිද එදා
අපි හැදුව සිහින මල්
පරවෙලා ගිහින් අද
වැව් දියේ පිපි නෙලුම් මෙන්

වැහිලිහිණි ඉගිලිලා
වැව් දියබ කැලබිලා
ජිවන හබල ගිලිහිලා
තනිවෙලා මා තනිවෙලා

පියබන්න ආසයි මං
ආදරෙන් හිනැහිලා
පියාපත් සිඳ ඔයා
මා දිවිය අළු කළා....

                                                                  -සෙල්ලක්කාරී-

අතීතය..


ලාහිරු පින්නේ නිල්ල නෙලා
සීතල සුළඟ ඇවිත්
තරුමල් යායට සඳ දිය වැහලා
හැඩවූ වසන්තයත්
කෙතරම් මිහිරිද සොඳුරුද සොඳුරියෙ
පෙර අප දුටුව හැටිත්


සියොළඟ දරනා සෙනෙහස උතුරා
කුළුඳුල් සිත සියවර හැඬුවා
පෙම්බර ඔබ ගැන සිත්හි තබාගෙන
ඔබම පතා පියවර තැබුවා


තුන්සිත් පිවිතුරු විසිතුරු සිහිනෙකි
විෂකුරු මිනිසුන් නොම දුටුවා
ලස්සන ඒ ලොව සමුගෙන ඇති බව
අසරණ ඔබ මා සිත නැතුවා


                                  
                                                                                                       ⁣-සෙල්ලක්කාරී-

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...