Friday, June 9, 2017

සිහිනයක්....

පිබිදුනා ආලයක්
විමසුවා සිහිනයක් 
මිමිනුවා පෙම් කවක්
බැඳුනා අපෙ දෙසිතක්...

කාලය ගෙවිණි
පස් වසරක් ගතවුණි
වෙන් වූ කල් මැකුණි
නමුත් දුෂ්ටියකට මැදිවිණි

ආවයි ගැටළු එකපිට
එක්වූවා අප එකිනෙකට
බිදළුවා ගැටළු එකිනෙක
⁣පින්කලා ගන්න⁣ට ඔය අත....

                                                        -
                                                                 
                                                                     සෙල්ලක්කාරී-

Sunday, June 4, 2017

පිණි බිඳුව...




අඳුරු රැය ගෙවෙනා තුරා
සොඳුරු සිතුවම් හද පුරා
තුරුළු කරගෙන - නුඹේ උරහිස
මා සුසුම් රැල් දැවටුණා 

තුෂර බිඳු තණ පියලි මත්තේ 
මුතු පබළු සේ දැවටුණා
හිරු කිරණ ඒ පබළු ඔස්සේ
සුසම් රැල් විහිදාලුවා...

සඳුට පමණක් පෙනෙන සෙනෙහස
හිතේ කොනකට සිරවුණා 
හිරුට හිමි ලොව පිණි බිඳුව මම
බලා ඉමි රැය එන තුරා..

                                -සෙල්ලක්කාරී -

ඇය....

තොල් සායම් ගෑ දෙතොලඟ සිනා තවරනා 
වැළපෙන සිත සිනාවකින් ලොවෙන් සඟවනා
මග යන එන සැම වෙත නෙතු බැලුම් හෙලමිනා
කවුරුන් එනතුරු දෝ මේ දෑස වෙහෙසනා

වීදි කොණක අඩ අඳුරක ලොවම දකින්නී
හීන අහුරු එකතු කරන් ගෙල පලදින්නී
හීන වලින් පාට අරන් ලොව සරසන්නි
දුක විකුණා කාසි සොයන් පුතුන් රකින්නී

බෝ සෙවණක බවුන් වඩන අනග කිරිල්ලි
අතින් අතට මාරු වෙමින් යමින් ඉගිල්ලී
සිර ගෙයි දුක වළඳන හිමි නිසා නොසෙල්ලී
දරුවන් කුස පුරවයි ඇය දුකෙහි ගැලී ගැලී
 

   
                                                                              -සෙල්ලක්කාරී-

ඔබග සෙවනැල්ල ...






පායනා හිරු වාගෙ තිරවම
ඔබේ ළග මම ඉන්න හැටි
දන්නවා නම් මේ හිතේ ඉඩ
පුදුමයකි නොතේරෙන හැටි...

ඇතැර මිතුදම් මකා දා මා
ගියත් නොඑනා ගමන්
පුරුදු විදිහට දිව රැයේ මම
ඉන්නවා ඉස්සර තරම්.....

කොයිතරම් දරදඩුම වුවත්
ඔබගෙ සෙවනැල්ල ....
                                                                       -සෙල්ලක්කාරී-

Saturday, June 3, 2017

සන්නාලිය....

පාන්දර පහේ සිට රෑ දහය වෙනකම්ම
අසංවේදී මැසිම කරන ඔච්චම් නුඹට
නුලටම දශමෙටම ඇඳුමේ හැඩ තල ගත්ත
නමුදු ජීවිතේ නෑ හැඩ පේන ඉසව්වක

සන්නාලියක් වෙලා ජීවිතේ මහ ගන්න
මල්ලිටයි නංගිටයි පොතක් පෑණක් ගන්න
අප්පච්චි ලෙඩ ඇඳේ බෑ වැඩක් කරගන්න
හිත කීරී ගැහෙනවා පඩි දවස ලන්වෙත්දී

මහන එක සළුවකින් මාසෙකට පඩි දෙන්න
හැකි උනත් කපා ඇත නුඹේ සොච්චම් පඩිය
හිනාවෙන හුඟ දෙනෙක් නුඹෙන් විලි වහගත්තු
එපා නුඹ දුක් වෙන්න ඒ ඉන්නේ නිරුවත්තු ..

හැමදාම නියං නෑ එයිද වැහි වලාවක්
හිත හදා ගන්නවත් හිතාගෙන ලං වෙච්ච
පෙම්වතත් හැමදාම විමසන්නේ දැවැද්ද
දුක දැනෙන මෘදු හිතට මැසිම බර වැඩි නැද්ද

                                                       
                                                         -සෙල්ලක්කාරී-


Friday, June 2, 2017

පර්යේෂණ යෝජනාවලිය.

01 .  පර්යේෂණ මාතෘකාව

      “  වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම "

02.  පර්යේෂණ ගැටලුව

          වර්තමාන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේද?


03  පර්යේෂණ හැදින්වීම

                              වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජමය වටිනාකමකින් යුතු කාලීන මාතෘකාවක් ලෙස ලිංගික සබදතා පිළිබද තරුණ ප්‍රජාව තුල පවත්නා අධ්‍යාපනික දැනුම ,අවබෝධය හදුන්වාදිය හැකිය.ලිංගික සබදතා යන කාරණය අද සමාජය තුල බොහෝ දෙනෙකු හුදෙක් වැරදි වූ ආකල්ප මත පිහිටා අවබෝධ කරගෙන තිබේ.එසේ වීමෙන් ඔවුන් සමාජය තුල නොයෙකුත් ආකාරයේ කායික මානසික පීඩාවන්ට ගොදුරු වෙති.එහෙයින්ලිංගික සබදතාවය පිළිබද අධ්‍යාපනික දැනුමක් වර්තමාන තරුණ ප්‍රජාවට අත්‍යවශ්‍යමය.
                                            එකී සමාජමය හා මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම රටේ බුද්ධිමත් පිරිසක් වන විශ්ව විද්‍යාල සිසුන් තුල කුමන ආකාරයේ ස්වභාවයකින් ගොඩනැගී තිබේද යන කාරණාවට පිළිතුරු සොයා ගැනීම උක්ත පර්යේෂණයේ අවසන් පරමාර්ථය බවට පත් විය.ඒ අනුව ප්‍රමාණාත්මක හා ගුණාත්මක නියැදියක් භාවිතා කරමින් නිසි පර්යේෂණ ක්‍රමවේදයක් අනුව යමින් විශ්ව විද්‍යාල සිසුන් තුල පවත්නා ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධව  අවබෝධයක් ලබා ගැනීමට උක්ත පර්යේෂණයෙන් බලාපොරොත්තු වෙමි .


04  පර්යේෂණ අරමුණු

ප්‍රධාන අරමුණ
                  වර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් තුල ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ දැ යි අවබෝධ කරගැනීම .

උප අරමුණු

විශ්ව විද්‍යාල සිසුන් ලිංගික සබදතා පිලිබදව අධ්‍යාපනික දැනුම ලබාගන්නා ආකාර සහ එසේ ලබාගන්නා දැනුම නිවැරදිද යන්න අධ්‍යනය කිරීම.
විශ්ව විද්‍යාල සිසුන් කුමන ආකාරයේ ලිංගික සබදතා සදහා යොමු වී තිබේද යන කාරණය සහ එහි අරමුණ කවර ස්වරූපයක් දරයි ද යන්න විමසා බැලීම.


05   නියැදිය
               මෙම අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි .වර්තමානයේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් යනුවෙන් ගත් කළ එය විශාල ශේෂ්ත්‍රයක් නියෝජනය කරනු ලබයි. නමුත් මෙම පර්යේෂණය සිදු කිරීමේදී එම විශාල ශේෂ්ත්‍රයම නියෝයනය කිරීමට හැකියාවක් නොමැති හෙයින් නියැදියක් භාවිතා කළ යුතුව ඇත . මෙහිදී යොදා ගන්නාවූ නියැදිය මගින් උක්ත ශේෂ්ත්‍රයම නියෝජනය කරවයි.
                    මෙම  අධ්‍යනයේ ප්‍රධාන අරමුණ වෙත ළගා වීමට ලාංකීය විශ්ව විද්‍යාලිය සිසුන් මගින් ලිංගික සබදතා සම්බන්ධයෙන්  ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම  පිලිබද තොරතුරු ලබාගත යුතුය .මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින සිසුන් ඇසුරිනි .මෙහිදී නියැදිය ලෙස භාවිතා කරනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ 2016 වසර තුල අධ්‍යන කටයුතු වල නිරත වී සිටින දෙවන තෙවන හා සිව් වන සිසුන් අතරින් අහඹු ලෙස තෝරාගත් සිසුන් 30 දෙනෙකුගෙන් යුතු නියැදියකි .


06  පර්යේෂණ ක්‍රමවේදය

                            පර්යේෂණ දත්ත ලබා ගැනීමට භාවිතා කල හෙකි ක්‍රමවේද ගණනාවකි.එම ක්‍රමවේද එකක් හෝ කිහිපයක් භාවිතා කරන පර්යේෂකය ඉන් බලාපොරොත්තු වන්නේ පර්යේෂණයට අදාළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනීමටයි.පර්යේෂණයකදී දත්ත ලබා ගන්නා ආකාරය අනුව එය ප්‍රධාන ආකාර දෙකකි.
ප්‍රාථමික දත්ත
දත්ත ද්විතීක

ප්‍රථමික දත්ත.
                        මෙම පර්යේෂණයට අදාළ මුලික දත්ත ලබා ගැනීමට එනම් ප්‍රාථමික දත්ත ලබා ගැනීමට ප්‍රශ්න මාලා ක්‍රමය නම් ප්‍රාථමික දත්ත ක්‍රමවේදයයි .පර්යේෂණයෙන් ලබාගන්නට අපේක්ෂිත ප්‍රධාන අරමුණු සහ සෙසු අරමුණු නියෝජනය වන පරිදි සකසා ගන්නා ලද ප්‍රශ්න මාලාවක් අහඹු ලෙස තෝරාගන්නා ලද නියදියට ලබා දෙන ලදී.එහිදී මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කල අතර එමගින් අදාළ නිවැරදි දත්ත සපයා ගැනීමට කටයුතු කළෙමි.

ද්විතීක දත්ත .
                           අධ්‍යනයට අවශ්‍ය ද්විතීක දත්ත ලබා ගැනීම සදහා පර්යේෂණ මාතෘකාවට අදාළව රචිත කෘති ,සගරා පුවත්පත් වල පල වී ඇති ලිපි ලේඛන හා අන්තර්ජාල ලිපි මගින් තොරතුරු ලබා ගනිමින් ප්‍රධාන අරමුණ සහ සෙසු  අරමුණු වෙත ළගා වීමට උත්සාහ කළෙමි .

07  පර්යේෂණ වැදගත්කම

                          වර්තමාන සමාජය දෙස මදක් අවධානයෙන් බලන කල්හි මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත කාලීන මාතෘකාවක් වන  විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම සම්බන්ධයෙන් මෙම පර්යේෂණය ක්‍රියාත්මක වීම සුවිශේෂි වැදගත් කමයි. වත්මන් සමාජයේ බොහෝ  තරුණ පිරිස් ලිංගික සබදතා යන සංකල්පනාව වැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන තිබේ.ඒ සම්බන්ධ අධ්‍යාපනික දැනුමක් බොහෝ විට ඔවුන් තුල නොමැත.සමාජය තුල ඇතැම් අවස්ථා වල ඔවුන් අසරණ තත්වයන්ටද මුහුණ පාති.එවැනි වූ සමාජයක් තුල  බුද්ධිමත් විශ්ව විද්‍යාලිය  ශිෂ්‍ය ප්‍රජාව ලිංගික සබදතා සම්බන්ධයෙන් කවරමතයක් දරයිද යන වග පිළිබද යම් නිගමනයකට ඒමට හැකියාවක් ඇත.


08  පර්යේෂණ සීමා

                       මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ වාර්තමාන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම කවර මට්ටමක පවතින්නේ ද යන කාරණය පිලිබදව විමසා බැලීමයි.එහිදී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුන් පිලිබදව අධ්‍යනය කල යුතු වුවත් දත්ත ලබා ගැනීම සදහා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා කිරීමට සිදු විය. එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේද විශාල සිසුන් පිරිසක් සිටින නිසා අහඹු ලෙස තෝරාගත් සිසුන් 50 ක ටපමණක්  නියැදිය සීමා කරන්නට සිදු විය.
                                 පර්යේෂණය සදහා විශාල කාලයක් වැය කල යුතු අතර මෙම පර්යේෂණය සදහා ලැබී තිබූ  කාලය මාසයකටත් අඩු කාලයක් වන නිසා දත්ත රස් කිරීමේ කාරය ඉතා ඉක්මනින් සිදු කර පර්යේෂණ කටයුතු සති තුනකට පමණ සීමා කිරීමට සිදු විය.



                                   -සෙල්ලක්කාරී-



ජනමතය හා ජනමාධ්‍ය භූමිකාව.


ජනමතය හා සබැඳි ජනමාධ්‍ය භූමිකාව විග‍්‍රහයේ දී ජන මතය යනු කුමක්දැයි අර්ථකථනය කිරීම වැදගත්ය. ජනමතය පිළිබඳ ශාස්ත‍්‍රීය විග‍්‍රහයක් මුල්වරට ඉදිරිපත් කරනු ලැබුවේ වෝල්ටර් ලිප්මන් විසිනි. එ් 1922 වර්ෂයේ ඔහු විසින් රචිත ඡුමඉකසජ දචසබසදබ කෘතියෙනි.
වෝල්ටර් ලිප්මන් (1889-1974*ඇමරිකානු ජාතික පුවත්පත් කලාවේදියෙකි. හෙතෙම දේශපාලන දර්ශනවාදියෙකි. බොස්ටම් පුවත්පතේ සැමගේ සඟරාවේ ලේඛකයෙකු වූ හෙතෙම නව රිපබ්ලිකය  (බැඅ රුචමඉකජ* සඟරාවේ කතුවරයා ද විය. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු හිතවාදී ප‍්‍රචාරක ලිපි ලියූ ඔහු කපිතාන්වරයකු වශයෙන්ද සේවය කළ අයෙකි. නිවි යෝර්ක් වර්ල්ඞ් (භැඅශදරන උදරා* පුවත්පතට කතුවැකි 1300කට අධික ප‍්‍රමාණයක් ලියා ඇති ඔහු කොලොම් රචකයකු ලෙස ප‍්‍රසාදයට පත් වූවෙකි. තියඩෝර් රූස්වෙල්ට්, වුඞ්රෝ විල්සන්, ප‍්‍රෑන්ක් ලීන් ඞී රූස්වෙල්, ජෝන්කෙනඩි ඇතුළු ඇමරිකානු ජනාධිපතිවරු, දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ හෙතෙම ඔවුනට දේශපාලන උපදෙස් සැපයීමටද වාසනාවන්ත විය. අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ ලිප්මන්ගේ දැනුම මේ සඳහා හේතු වූ කරුණකි. මහජනයාගේ මතය හැසිරෙන ආකාරය, පාලකයන් විසින් ස්වකීය මතවාද ඔස්සේ ජනතාව හසුරුවන බව ප‍්‍රායෝගිකව නිරික්ෂණය කිරීමට ලිප්මන්ට හැකිවිය.
ඡුමඉකසජ ධචසබසදබ කෘතියෙන් ඔහු ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ තමාගේ දේශපාලන සහ සමාජ අත්දැකීම ආශ‍්‍රයකර ගනිමිනි. ”ජනමතය කියා දෙයක් නැත. ඇත්තේ හැ¥ මතයකි” යන්න ඔහු විසින් ඉදිරිපත් කර ඇති සංකල්පයයි. 1925 දී රචිත පැන්ටම් පබ්ලික ඔයැ චය්බඑදප චමඉකසජ කෘතිය මගින් ජනමතය පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන යයි. සංජානනය, දේශපාලන ප‍්‍රචාරණය, ජනමත නායකත්වය, පුවත්පත් කලාව ආශ‍්‍රය කර ගනිමින් ස්වකීය සංකල්පය සමාජ ගත කරයි.
ජනමතය, බලය, අධිකාරිත්වය හිමි පිරිසක් විසින් නිර්මාණය කොට ප‍්‍රචාරය කරනු ලබන්නකි. එය තම මතය ලෙස පිළිගත් ජනතාව නිසා ජනමතය ලෙස එය හැඳින්වීම සිදු කර තිබේ. ද පැන්ටම් පබ්ලික් කෘතියේ ලිප්මන් ප‍්‍රශ්න කරන්නේ දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ බුද්ධිමත් අදහස් ඇතිකර ගැනීමට බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාවක් ඇතැයි ජනතාව නොසිතන බවයි. ඔවුන් තමා වෙත ඉදිරිපත් කරඇති මත කෙරෙහි අනුගත වෙමින් එ්වාට අවනත වන බවයි. දේශපාලන දැනුම ලැබීමට කාලය හා ශ‍්‍රමය වැයකිරීම කෙරෙහි පොදු ජනතාව උදාසීන වනබවද සඳහන් කරන ලිප්මන් නිර්මාණය කරන ලද මත ජනගත කිරීමට දේශපාලන පදනම හේතු වන බව අර්ථ දක්වයි.
ජනමතය පිළිබඳ සංකල්පය පරිණාමය තුළ බහුතරයක් දරණ මතය ජනමතය ලෙසද සංකල්ප බිහි වී තිබේ. මෙහිදී ගොඩනැගෙන විකල්පීය තර්කය වන්නේ සුළුතරයක් දරන මතය ජනමතය නොවන්නේද යන්නයි. මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට ජනාධිපතිවරයා ලෙෂ පත්වන්නේ ප‍්‍රකාශිත ඡුන්දවලින් 62%ක ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙහිදී ඔහුට එරෙහිව ලැබෙන ඡුන්ද ප‍්‍රතිඵලය 38%කි. 62%ක බහුතර මතය ජනමතය වන්නේනම් 38%ක් වූ සුළුතරය මතයද ජනමතයකි. ප‍්‍රකාශ නොවූ නිහඬ ඡුන්දවලට ද මතයක් තිබේ. මේ අනුව ජනමතය යන්න නිශ්චිතවම අර්ථකථනය කිරීම අපහසු වන්නේය.
ජනමත විවරණ ක‍්‍රමවේද විමසීමේදී ඉදිරිපත් වන මත සැබෑ ජනමතද යන්න පිළිබඳව ගැටලූවකි. නිදසුනක් ලෙස ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්තියට හේතුව ජනතාවගේ නොදැනුවත්කමද නැතහොත් රජයේ නොසැලකීම ද යන මත ඉදිරිපත් වී තිබේ. මෙම මත විචාරය සඳහා තෝරා ගන්නා ආකාරය අනුව මහජන මතය ස්ථාපිත වන්නේය. මතයක් ස්ථාපිත වන්නේ විචාරයට තෝරා ගන්නා නිර්ණායක මත බව අවබෝධකර ගත හැකි සත්‍යයකි.
ජනමතය සමාජීය සාධක මත විපර්යාසයට ලක්වන විචල්‍යයකි. මෙය රටක පවතින සංස්කෘතික, දේශපාලන, ආර්ථික කරුණු සමග බැඳී පවතී. ජනමත හා ජනමාධ්‍ය අතර පවතින සබඳතාව වටහා ගැනීමේ දී මෙම පදනම වැදගත්ය. ජනමත නිර්මාණය කරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි. ජනමත නිර්මාණය ජනමාධ්‍යයේ මෙහෙවරකි.
ශ‍්‍රී ලංකාවේ උතුරේ යුද්ධය පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතර එකඟතාවක් නොවීය. රාජ්‍ය මාධ්‍ය යුද්ධයට පක්ෂ වාර්තාකරණයක නියැලූණ අතර බොහෝ පෞද්ගලික මාධ්‍ය විවේචනශීලී විය. එහෙත් මානුෂීය මෙහෙයුම යන එ්කමතික රාජ්‍ය මතවාදය ජනතාගත කිරීමට සමස්ත මාධ්‍ය පද්ධතියම කටයුතු කළේය. යුද හමුදාවේ මානුෂිය ක‍්‍රියාකාරකම් ඉදිරිපත් කරමින් මානුෂික මෙහෙයුම් පිළිබඳ සංකල්පය ජනමතයක් බවට පත්කරනු ලැබුවේ ජනමාධ්‍ය පලිහක් ලෙස යොදා ගනිමිනි. ද්‍රවිඩ ජාතික ජනතාව බේරා ගැනීමට ගත් උත්සාහයක් ලෙස අර්ථ ගැන්වූ මතය ජාත්‍යන්තර මතයක් බවට පත් විය.
එක් වරම විශාල ජන කොටසකට ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව, ක්‍ෂණික බව, සමාකාරව තොරතුරු ගලා යාම, කේන්ද්‍රයේ සිට පර්යන්තය ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව ජනමාධ්‍යයේ වාර්තා වන්නකි.
ජනමත නිර්මාණයට ජනමාධ්‍ය අත්‍යවශ්‍ය වේ. එහිදී මාධ්‍ය උපක‍්‍රමණශීලීව යොදා ගත්තකි. පුවත්පතේ දායකත්වය මෙහිදී සුවිශේෂී වන්නකි. ඡුායාරූප, ශීර්ෂ පාඨ, විවරණ, ලිපි විශේෂාංග, ප‍්‍රවෘත්ති ආකෘති මගින් ජනමත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත ගොඩනැගීමේ දී ඉදිරිපත් වී ඇති මතවලට පහර දීමටද ජනමාධ්‍ය කටයුතු කරයි. එයට හේතුව වන්නේ ජනමත ගොඩනැගීමේදී එයට සමානුපාතිකව මත බිඳ දැමීමට සිදුවන බැවිනි. මවුබිම පුවත්පතේ ආර්යා අතිරේකය උදාහරණ ලෙස දැක්විය හැකිය. රටක ජනප‍්‍රිය චරිත පිළිබඳව විවරණය කෙරෙන අන්තර්ගතයක් එහි පවතින අතර ජනප‍්‍රිය චරිත උපයෝගී කර ගනිමින් කරන විවරණ මගින් චරිත බිඳ දැමීමටද සියුම් ලෙස කටයුතු කරයි.
මාධ්‍ය භෞලීකරණය වීම නිසා ජනමතයක් ගොඩ නැගීමට මාධ්‍යයට ඇති අවකාශය වර්තමානය වනවිට අභියෝගයට ලක්ව තිබේ. මෙය පහත ආකෘතිය තුලින් පැහැදිලි කළ හැකිය.

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...