Saturday, May 20, 2017

රුහුණේ පුංචි සීගිරිය.





                        දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග‍්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ‍්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ. ක‍්‍රි.පූ. 2වන සහ 1වන සියවස්වලදී මෙම පර්වතයේ පිහිටා ඇති ලෙන් තුල ”භාණක” හිමිවරුන් වැඩසිටි බවට විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලාලේඛණ සාක්ෂී දරයි.  ”භාණක” හිමිවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ බුදු රදුන් වදාළ උතුම් සද්ධර්මය සියළු බාධක අභිමුව කට පාඩමින් සුරැුකිව පවත්වාගෙන ආ සැරියුත් මහරහතුන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටය. භාණක පරපුරේ මජ්ඣිම නිකාය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම හිමි ”මජ්ඣිම භාණක” නම් වූ හිමිවරුන් මෙහි වැඩසිට ඇති බවට ශිලා ලේඛණය සාක්ෂි සපයයි. මෙය ඇතුළු වෙනත් සාධක රාශියක්ම පදනම් කරගනිමින් මෙම අසිරිමත් පුදබිමෙහි අතීතයේදී රහතුන්වහන්සේලා වැඩ හිඳි බව විද්වත් විශ්වාසයයි.

ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල ද එක්කර ඇත. අව්‍යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත‍්‍ර වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය.

ජනප‍්‍රවාද සාධක අනුව සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137- 119) මෙකී ප‍්‍රදේශයේ දඩයමේ යන විට විහාරයක් ඉදි කිරීමට යෝග්‍ය භූමියක් බව වැද්දෙකු විසින් පෙන්වා දුන් නිසාවෙන් මූ කිවු ගල වූ භූමිය මුල්කිරිගල නම් වූ බව කියැවේ. එමෙන් ම මෙම විහාරය හක්මණ උමංගල හා උමගකින් සම්බන්ධ බවත් නා රජෙකු විසින් නිර්මාණය කළ බවටත් ජනප‍්‍රවාද වේ. හත්වන සියවසට අයත් මුල්කිරිගල ශිලා ලේඛන්‍යේ සාධක මත මෙම විහාරය එ කල සම්භාව්‍ය තත්ත්වයේ පැවති බව තහවුරු වේ. 12 වන සියවසට අයත් මානාභරණ රජුගේ කටගමුව ශිලා ලේඛන්‍යේ ”තලා මුහුද්ගිරි විහාරය” වශයෙන් හඳුන්වන විහාරය මෙකී විහාරය බව පිළිගැනේ. ක‍්‍රි.පූ. 2 වන සියවසේ දී කාවන්තිස්ස රජු කරවූ බවට වංශ කථාවේ සඳහන් සමුද්ගිරි විහාරය මෙය විය හැකි බවට ද අදහස් ඉදිරිපත් වී ඇත.
මුල්කිරිගල විහාරයේ ආරම්භය පිළිබඳව නිශ්චිත මත ඉදිරිපත් වී නැතත් අවට ලෙන් පද්ධතිය හා විහාරය ඉදි කිරීමට ගෙන ඇති පරිශ‍්‍රමය අනුව පැහැදිළි වන්නේ ඓතිහාසික යුගයේ සිට ම මහා රජ්‍ය අනුග‍්‍රහයක් ලද භූමියක් බව ය. මහනුවර කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍යය සමයේ දී මෙකී විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ලෙන් කිහිපයක් මහනුවර සම්ප‍්‍රදායේ පහතරට ශෛලියේ සිතුවමින් අලංකාර කර ඇත. ලන්දේසි අවධියේ මෙම විහාරය අඩම්ස් බර්ග් නමින් හැඳින් වූ බවට ද සාධක ද වේ. විහාරයේ පිහිටි ඉහල රජමහා විහාර මළුවෙහි වූ ක‍්‍රි. ව. 10 වන සියවසට අයත් ශිලා ලේඛනයෙහි මෙම විහාරස්ථානය මුහුදුන්ගිරි ලෙස හඳුන්වා තිබේ. පර්වතයට එක් පසෙකින් මුහුද දිස්වීම මීට හේතු සාදක වී ඇති බව විශ්වාස කෙරේ.

බෝධිවංශයට අනූව මෙම විහාරය ගිරිබා විහාරය ලෙසත්, එසේම සමහර ස්ථානයන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසත්, යුරෝපීය වාර්ථාවන්හී දැක්වෙන අයුරින් මෙම විහාරය ඇඩැම්බර්ක් ලෙසත් හඳුන්වා තිබේ. මහනුවර යුගයේදී මෙම විහාරස්ථානය මූලගිරි විහාරය යනුවෙන් විස්තර කොට ඇත.එසේම සද්ධාතිස්ස රජ විසින් මෙම විහාරය වෙනුවෙන් සුදුසු භූමියක් සොයනා කාලයේ, වැද්දෙකු විසින් මෙම ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරු අනූව, රජු පිරිස සමග මූ කිවු ගල (වැද්දා කියූ ගල* බැලීමට පැමිණ සතුටු සිත් ඇතිව විහාරය කරවූ බව පැවසෙයි. එතැන් පටන් විහාරය මූ කිව් ගල විහාරය ලෙස හැඳින්වූ බව විස්තර වේ.


මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැුණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැුකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි. එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්ප‍්‍රදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. ඒ අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. ඒ අතර වන බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය ද විහාර මැදුරු විචිත‍්‍රවත් කරවයි. විහාරයේ පිහිටි ඉහල රජමහා විහාර මළුවෙහි වූ ක‍්‍රි. ව. 10 වන සියවසට අයත් ශිලා ලේඛනයෙහි මෙම විහාරස්ථානය මුහුදුන්ගිරි ලෙස හඳුන්වා තිබේ. පර්වතයට එක් පසෙකින් මුහුද දිස්වීම මීට හේතු සාධක වී ඇති බව විශ්වාස කෙරේ.

ඊට අමතරව පර්වත විහාරයේ උඩහ මළුවේ පිහිටා ඇති බෝධිය දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් බව සනාථ වී හමාරය. බෝධි වංශයට අනුව එකළ මෙම විහාරය ”ගිරිබා විහාරය” නමින් හඳුන්වන ලද බව පැහැදිලිය. මෙම ප‍්‍රදේශයට ”ගිරුවාපත්තුව” යන නම යෙදෙන්නට මෙම විහාරස්ථානය ප‍්‍රධාන හේතු කාරණාවක් වූ බව ප‍්‍රකට අදහසකි. මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහානාග, කාවන්තිස්ස, සද්ධාතිස්ස, වළගම්බා (වට්ටගාමිණී අභය*, දප්පුල යනාදී රජවරුන් මෙන්ම මහනුවර යුගයේදී රාජ්‍යත්වය දැරූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාද වෙහෙස වී ඇති බැව් ඉතිහාසයේ සඳහන්ය.
මෙම විහාරස්ථානයේ සැබෑ නාමය මුල්කිරිගලද, මුල්ගිරිගලද යන්න සමහරුන් ප‍්‍රශ්න කරති. ශාස්ත‍්‍රපති මැදගොඩ සිරිනිවාස ස්වාමීන්වහන්සේ අර්ථ දක්වන පරිදි මෙම විහාරස්ථානයේ නියම නාමය විය යුත්තේ ”මුල්කිරිගල” යන්නයි. කෙසේ වෙතත් අතීතයේදී එය ”මූලගිරි විහාරය” යන නමින්ද හඳුන්වා ඇත. බෝධිවංශයට අනූව මෙම විහාරය ගිරිබා විහාරය ලෙසත්, එසේම සමහර ස්ථානයන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසත්, යුරෝපීය වාර්ථාවන්හී දැක්වෙන අයුරින් මෙම විහාරය ඇඩැම්බර්ක් ලෙසත් හඳුන්වා තිබේ. මහනුවර යුගයේදී මෙම විහාරස්ථානය මූලගිරි විහාරය යනුවෙන් විස්තර කොට ඇත.

එසේම සද්ධාතිස්ස රජ විසින් මෙම විහාරය වෙනුවෙන් සුදුසු භූමියක් සොයනා කාලයේ, වැද්දෙකු විසින් මෙම ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරු අනූව, රජු පිරිස සමග මූ කිවු ගල (වැද්දා කියූ ගල* බැලීමට පැමිණ සතුටු සිත් ඇතිව විහාරය කරවූ බව පැවසෙයි. එතැන් පටන් විහාරය මූ කිව් ගල විහාරය ලෙස හැඳින්වූ බව විස්තර වේ. මුල්කිරිගල විහාර සිතුවම් පෙළ මහනුවර සම්ප‍්‍රදායට අයත් රුහුණු ආභාෂයේ කලා කෘතීන් වන අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගනී. බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද විශිෂ්ට ගණයේ සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේණික වූ මකර තොරණ, දොරටුපාල රූප මෙහි දක්නට හැකිය. දක්ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන මෙහි සිතුවම් ප‍්‍රතිසංස්කරණයට දායක කරගෙන ඇති බව කලා විචාරකයන්ගේ මතයයි.

කාලයාගේ ඇවැමෙන් පරසතුරු උවදුරු හමුවේ ජරාජිර්ණව කාලයේ වල් වැදී  පැවති මේ පිං බිම පසු යළි සොයාගෙන ප‍්‍රතිසංස්කරණය කර ඇත්තේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. මෙකී ඓතිහාසික වූත් අතිශය දනවන්නාවුත් මුල්ගිරි විහාරය සතු සංකීර්ණ ලක්ෂණයන් පෙර කීවාක් මෙන් මෙරට කිසිදු තැනක දක්නට නොලැබේ. එය සාක්ෂාත් කරන්නේ මුල්ගිරිගල විහාරය වැඳ පුදා ගන්නට එහි ඓතිහාසික බව අත් විඳින්නට පැමිණෙන දේශීය වන්දනාකරුවන්ටත් වඩා විදේශීය සංචාරකයන්ය. මුල්ගිරිගල විහාරයෙහි චිත‍්‍ර එකී පිරිසගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ පවා අවධානයට යොමුව ඇත්තකි. මෙහි ආරම්භයේ සඳහන් කළාක් මෙන් මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත‍්‍ර වන බෞද්ධ සිද්ධස්ථානයකි. දකුණේ රුහුණු පුරවරයේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් මුල්ගිරිගල රජ මහා විහාරය ආරක්ෂා කර ගැනීම  සතු වගකීමකිx
                                                               

                                                                                        -සෙල්ලක්කාරී -
 


Friday, May 19, 2017

ආදර කිරිල්ලී...




නෙත් දෙකම තෙත්වුණු...
කඳුළු බිඳු ගිලිහුණු.....
සිත් අහස කැළඹුණු...
 එක් දිනකි තනිවුණු...

ජීවිතය අහිමි ව....
තටු සිඳී මඟ බලන...
කිරිල්ලියකි...
හදවතින්ම  තනිවුණු....

ආදරේ....  අරුත් සොයා...
මාරුතේ.. ඇවිදගෙන..
ජිවිතේ....  මඟ හැරී...
පාළුවේ....තනිවුණා..
                                                                                            -සෙල්ලක්කාරී-



කුහකයා...


මිනිස්සු හැමදාමත් හිතන්නෙ තමන් ගැනම විතරයි.....
තමන් වගේම අනිත් මිනිස්සුත් තමන්ට හොඳක් වෙනවට කැමති කියල මේ මිනිස්සුන්ට මේ තරම් නොතේරෙන්නේ.....???

කුහකකම හිත පොරෝගෙන...
වයිරයෙන් බලාගෙන....
ඊර්සියවෙන් අනුන්ට ලංවෙන ...
මිනිසුනේ......

තොප මෙන්ම උනුත්
ආසයිලු නැඟිටින්න...
ආසයිලු හිනැහෙන්න....
තමන්ගේම ලොවක් හදන්නට....

උනුන් මෙතරම්ම පසු උනේ...
ඔබ මෙන් අනුන් පාගා දමා  නොව..
නැඟිටින්න වෙර දරණ උන්ට....
දුන්නා වෙර නැඟිටින්නට....

කුහකකමට තිත   ...
මනුසත්කමට ඇරඹුම ....
                                                                                                -සෙල්ලක්කාරී-


Tuesday, May 16, 2017

ආදරේ එවන්නද මං ඔබ වෙතට හොරෙන් ...........



මාරුතේ ..පුරා ගවසා හාදු වැස්සකින්
ආදරේ ... එවන්නද මං ඔබ වෙතට හොරෙන්
පාළුවේ ... තනිව ලතැවෙන ජිවිතේ නුඹෙන්
ස්නේහයේ .. සතපවන්නට සොඳුරු ඇස් යටින්

ආදරේ ...කිමැයි නොදන්න ළදරුවෙකු ලෙසින්
ජිවිතේ ...සොයා නැවතුනෙ ඔබ ලඟයි සැනින්
වේදනා ..සයුර කළඹා කොපුල් තල මතින්
සීරුවේ ...ගලන කඳුලට වැට බඳිමු ඉතින්

තාරකා ...පවා නිදියන රැක සීරුවෙන්
භාවනා ....කරන්නම් හිස තියා ලය මතින්
පායනා ....හිරුට කලියෙන් දෙතොල් ආදරෙන්
පාරලා ....නිදමු තුරුලෙම උණුහුමට සොඳින්

                                                                                                 -g.k-

රථ වාහන පොලිස් නිලධාරියා

 
 
ගිනි ගෙන දැවෙන විට සැඩ හිරු රකුසු වෙසින්
මහ මග හිදන් දැවෙමින් සැඩ හිරුගේ රැසින්
රිය පෙළ හසුරනා කල  විදුලියක ලෙසින්  
දුටුවෙමි රවනු ඔබ දෙස තෙත නොමැති ඇසින් 
අව් වැසි නොතකමින් ඔබ කරනා සේවේ 
නොදකින දෙනෝදාහක් ඇස් මග පාවේ
ගැරහුම් මිසක පැසසුම් නැතිවද ආවේ 
කවුරුද කවදාද ඔබ ගැන හොඳ කීවේ
කාකි ඇඳුම තෙත රැඳී හිත වසාගෙන
විමසුම් ඇසින් මුව සිනහා සගෝගෙන 
තුන් තිස් පැයේ මහ මග නෙත් යොමාගෙන 
දිනයක් ඒද කවදා නුඹ සිනාසෙන
                                                                            -g.k-

Friday, May 12, 2017

චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර ) -අස්න තුළින්-


චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර )

යථාර්ථය යනු අසම්පූර්ණ විශ්වයකි. යථාර්ථයේ ඇති සංඝටක අතර ඇත්තේ කවරාකාර සම්බන්ධයක් ද,වෙනසක් ද යන්න පිළිබඳව අපට යම් නිශ්චිත අර්ථ ලෝකයක් ඇත. සිනමාව කරනුයේ අපගේ දෛනික යථාර්ථ ජීවිතයේ සංවිධානය වූ මෙම සංඝටක ඒවායේ පිළිවෙළගත අර්ථයන්ගෙන් ගලවා යළි සකසමින් අප වෙත සංජානනය කිරීමයි. ඒ අනුව යථාර්ථයේ සිටින අපගේ අර්ථ ලෝකය සිනමා තිරයෙන් දෙදරීමකට ලක් වන අතර එනයින් ම අපගේ දෛනික යථාර්ථය ප‍්‍රබන්ධයක් බව (මිනිස් ගොඩනැංවීමක් බව) ද සිනමා තිරය විසින් අපට උගන්වයි. ඒ යථාර්ථයට වඩා යථාර්ථයක් සිනමාත්මක ප‍්‍රබන්ධය විසින්අපට අභිමුඛ කරන බැවිනි. එබැවින් සිනමාව කලා කෘතියක් ලෙස අධ්‍යනය වැදගත් වෙයි¡

‘Gener’’යන පදය ප්‍රංශ භාෂාවෙන් පැමිණි වචනයකි.එහි අර්ථය වන්නේ  ඛාණ්ඩවලට වෙන් කළ හැකි එසේත් නැතිනම් ප්‍රවර්ග , ප්‍රභේද යන්නයි.මහා දාර්ශනික ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය තුළ නාට්‍ය වර්ග ප්‍රවර්ග කරයි.දුකාන්තය,සුඛාන්ත මෙන්ම වීර කාව්‍ය ලෙස වර්ග එම නිරමාණ ද ශෝනර ලෙස දැක්විය හැකිය. නමුත් ශෝනර යන්න නාට්‍යට හෝ චිත්‍රපටයට  සීමා නොවන්නකි. චිත්‍ර කලාව තුලද ශෝනර දක්නට ලැබෙයි.



සිනමා කලාව ගත් කල්හි එහිද ශෝනර ඛාණ්ඩ කර දැක්වෙයි.චිත්‍රපට නිර්මාණය, නිෂ්පාදනය ,ප්‍රදර්ශනය මෙන්ම බෙදා හැරීමද එක් ප්‍රධාන ප්‍රභේදයක අනුකොටස් ලෙස දැක්විය හැකිය.



ලෝක සිනමාවට විශේෂිත වූ ශෝනර හඳුන්වා දෙන ලද්දේ ඇමෙරිකාව විසිනි.ඔවුන්ගේ චිත්‍රපට සමාගම්වල බලපෑම හේතුවෙන් නිශ්චිත නිෂ්පාදනයන් සමඟ ශෝනර බිහි විය. මේ නිසා සිනමා නිෂ්පාදනය තුල යම් පහසුවක් ඇති විය.නිෂ්පාදනය යම් ක්‍රමවේදයකට අනුව එනිසා සිදු වූ බව කිව හැක.සමාගම්වලට අනුව සිනමාවේ හැඩය ,තාක්ෂණය,රංගනය ,ආදිය සමාන වට්ටෝරුවකින් ,සංකල්පයකින්,තේමවකින් සිදු වූ බව කිව හැකිය.

නිහඬ සිනමාවේ අවසානයේ කතානාද සිනමාව සමඟ මෙම ශෝනර ක්‍රමවේදය බිහි විය.මෙහිදී ශෝනර නිසා ප්‍රේක්ශකයාටත් සිනමාකරුවාටත් යම් පහසුවක් ඇති වූ බව කිව යුතුය. මෙය එක් අතකින් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ලෙස දැක්විය හැකිය.විචාරකයන්ට ද පහසුවකි.නමුත් චිත්‍රපටයක් ශෝනර ලෙස
එක හෙලා වෙන්කර දැක්වීම අපහසුය. මන්ද යත් එක් සිනමා කෘතියක ශෝනර කිහිපයක ලක්ෂණ දක්නට ලැබෙයි. 

නිදසුනක් ලෙස  - ටයිටැනික්, සිනමා කෘතිය romantic/ action/ sciencitific යන්නෙන් කුමකට අයත් ද යන්න වටහා ගැනීමට අපහසුය. 

පහතින් දැක්වෙන්න සිනමාව ශෝනර ලෙස වර්ගීකරණයට ලක් කල ආකාරයයි

music film(සංගීත චිත්‍රපට )
western (cow boy)

noir(අඳුරු සිනමාව )
commady(හාස්‍ය  චිත්‍රපට)
epics ( වීර කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වූ  චිත්‍රපට)
war( යුද සිනමාව)
adventure(වික්‍රමාන්විත  චිත්‍රපට)
action( නක්‍රියාදාම  චිත්‍රපට)
mello(කාන්තාවන් පිළිබඳව වූ / භාවාතිෂය   චිත්‍රපට)
romants(අරුමැසිවාදී  චිත්‍රපට)
ganstor( පාතාල චිත්‍රපට)
fantazy(සිහිනමය/මායාමය   චිත්‍රපට)
sciencefiction(විද්‍යාත්මක  චිත්‍රපට)
horro(හොල්මන්  චිත්‍රපට)
thriller(ත්‍රාසයෙන් උපරිම වූ  චිත්‍රපට)
martial arts(සටන්  චිත්‍රපට)
drama (නාට්‍යමය  චිත්‍රපට)
coming of age(අනාගතය පෙන්වන   චිත්‍රපට)

-තාරිකා තත්සරණි- අස්න-

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...